හරිත විප්ලවය

විකිපීඩියා වෙතින්

හරිත විප්ලවයේ ඉතිහාසය[සංස්කරණය]

මෙක්සිකානු ආරම්භය[සංස්කරණය]

මෙක්සිකෝවේ ජනාධිපති මැනුවල් ඇවිලා කැමර්චෝ පාලනය සහ රොක්ෆෙලර් පදනම අතර ඇති වු සහයෝගිතාවය මත විශේෂ අධ්‍යයනයන් සදහා වු ආයතනය පිහිටු වීමත් සමග 1943 වසරේදී හරිත විප්ලවය ආරම්භ විය. කැමර්චෝට ප්‍රථම ජනාධිපති ධුරය දැරු කාඩිනාස් යැපුම් ගොවිතැන් කටයුතු වලට සහයෝගය දැක්වුවෙකු වු අතර ඒ සදහා ඔහු භූමි ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තීන් හදුන්වාදෙන ලදී. කෙසේ නමුත් කැමර්චෝගේ අරමුණ වුයේ කෘෂිකර්මාන්තය හරහා තම දේශයෙන් කාර්මික දියුණුව සහ ආර්ථික වර්ධනයට සහයෝගය ලාබාදීමයි. රොක්ෆෙලර් පදනමට මැක්සිකානු රජය සමග කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියාකිරීමට උනන්දුකරවීම සදහා එවකට එක්සත් ජනපදයේ උප ජනාධිපතිව සිටි හෙන්රි වොලස් විශාල කාර්යය භාර්යයක් ඉටු කරන ලදී. ඔහුගේ මතය වුයේ මෙක්සිකෝව තුළ සාගතයක් ඇති වීම වැළැක්වීම ඇමරිකානු ආර්ථිකය කෙරෙහි වාසිදායක වන බවයි.

පසු කාලීනව රොක්ෆෙලර් පදනමෙහි සභාපතිත්වයට පත් වු J. ජෝර්ජ් හැරර් විශේෂ අධ්‍යයන සදහා වු ආයතනයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. එහි සේවය කළ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් අතරට නෝර්මන් බෝලැග්, එඩ්වින් වෙල්හුසන් සහ විලියම් කොල්වේ යන අය අයත් වෙති. මෙම වැඩ සටහනට එක්සත් ජනපද මෙන්ම මෙක්සිකානු පර්යේෂකයන් ද සම්බන්ධ විය. 1962 වසරේ මෙම වැඩ සටහන අවසන් කිරීමෙන් අනතුරුව පරේෂණාත්මක කටයුතු සදහා රැදී සිටින ලෙස මෙක්සිකානු රජය මගින් කුඩා විද්‍යාඥයන් කණ්ඩායමකට ආරාධනා කරන ලදී. ඒ අනුව බෝලැග් ආචාර්යය ඩෙල්බට්. T. මයිරන් (සන්නිවේදන විශේෂඥ), ජෝන් S. නයිඩර්හුසර් (අර්ථාපල් පිළිබද විශේෂඥ), එඩ්වින් J. වෙල්හුසන් (තිරිඟු ප්‍රජනන ශිල්පි), එල්මර් ජොන්සන් (තිරිඟු ප්‍රජනන ශිල්පීන්) සහ රෙජි ලේයාර්ඩ් (කෘෂි විශේෂඥ) යන අයයි. තවදුරටත් මෙක්සිකෝවේ රැදි සිටිමින් cimmyt ආයතනයේ කාර්යය මණ්ඩලයේ හරය බවට පත්විය. මෙම ආයතනය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මිටි, ශක්තිමත්, පොහොර වලට වඩාත් හොදින් ප්‍රතිචාර දක්වන ලෙඩ රෝග වලට ප්‍රතිරෝධි තිරිඟු විශේෂ නිර්මාණය කිරීම සම්බන්ධයෙනි. මෙම නිර්මාණය මෙක්සිකෝව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ රාශියක තිරිඟු අස්වැන්න ඉහළ නැංවීම සදහා හේතු විය. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් 1970 වසරේදී බෝලැග් හට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. එම වසරේදීම යුනෙස්කෝ විද්‍යා සම්මානය CIMMYT සහ IRRI යන ආයතන වලට පොදුවේ පිරිනමන ලදී. නොර්මන් බොලැග් මිලියනයකට අධික ජනතාවක් සාගතයෙන් බේරා ගන්නා ලදැයි සැකකෙයි.

මෙක්සිකානු රජය ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා විශාල වශයෙන් මුදල් යෙදවු අතර නව බීජ විශේෂ භාවිතයෙන් ක්‍රමයෙන් වඩාත් ප්‍රචලිත විය. 1951 වසරේදී මෙක්සිකෝව තිරිඟු නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයං පෝෂිත තත්ත්වයට පත් වු අතර ඉන්පසු අතිරික්ත නිෂ්පාදන අපනයන කරන තත්ත්වය දක්වා දියුණු විය. 1901 වසර වන විට මෙක්සිකානු ජනගහනය මිලියන 13.6 ක් වු අතර 2005 වන විට එය මිලියන 103.3 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන්දියානු සාර්ථකත්වය රොක්ෆෙලර් පදනම කෘෂිකාර්මික සංවර්ධනය සාර්ථක ක්‍රියාවලියක් බව තේරුම් ගැනීමත් සමග තම හරිත විප්ලවය අනෙකුත් රටවල් දක්වා පතුරුවා හැරීමට උනන්දු විය. මෙක්සිකෝවේ පිහිටි විශේෂ අධ්‍යයන ආයතනය 1959 වසරේදී නිළ නොවන අන්තර් ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වු අතර 1963 වසරේදි එය නිළ වශයෙන් CIMMYT හෙවත් අන්තර් ජාතික තිරිඟු සහ බඩ ඉරිඟු සංවර්ධන මධ්‍යස්ථානය බවට පත්විය.

1961 වසර වන විට ඉන්දියාව සාගතයකට ඉතා ආසන්න තත්ත්වයක පැවතියේය. මේ අතරතුර ඉන්දියානු කෘෂිකර්ම අමාත්‍ය අංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ m.s. ස්වාමීනාදන් විසින් නෝර්මන් බෝලැග් හට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. ඉන්දියානු පාලන යාන්ත්‍රණය තුළ ඉන්දියානු බීජ ඒකාධිකාරය හේතුවෙන් පැවති බාධක මග හරවා ගනිමින් CIMMYT ආයතනයෙන් තිරිඟු බීජ ගෙන්වීම සදහා ෆෝඩ් පදනම සහ ඉන්දියානු රජය එකතුව ක්‍රියා කළේය.

කෘෂිකාර්මික නිෂ්පාදනය හා ආහාර ආරක්ෂණය[සංස්කරණය]

තාක්ෂණික ක්‍රම[සංස්කරණය]

හරිත විප්ලවය තුළ වු ව්‍යාපෘති එවකට පැවති තාක්ෂණික ක්‍රම විසුරුවා හැරි නමුත් කාර්මික කරණයට ලක්වු ජාතීන්ගෙන් බාහිරව බහුලව භාවිතා නොවීය. මෙම තාක්ෂණික ක්‍රම අතරට පලිබෝධ නාශක, වාරිමාර්ග ව්‍යාපෘති හා කෘතිම නයිට්‍රජන් පොහොර ඇතුළත් වෙයි.

හරිත විප්ලවයේ නව තාක්ෂණික දියුණු වීමක් වුයේ විශ්මිත බීජ ලෙස හදුන්වන දේයහි නිෂ්පාදනයයි.

කෘෂිකාර්මික යන් විසින් විවිධ මාදිලි වල ඉරිඟු, තිරිඟු හා සහල් නිෂ්පාදනය කළ අතර ඒවා HYV හෝ අධි ඵල ‍ප්‍රභේද ලෙස හැදින්විණි. අනෙකුත් ප්‍රභේද හා සසදන කළ HYV වලට වැඩි දියුණු කරන ලද නයිට්‍රජන් අවශෝෂණය කිරීමේ විභවයක් පවතියි. වැඩිපුර නයිට්‍රජන් අවහෝෂණය කර ගන්නා ධාන්‍ය සාමාන්‍යයෙන් ඵලදාව නෙලීමට පෙර ඇද වැටෙන නිසා ඔවුන්ගේ ජේනෝම තුළට අර්ධ කුරු කිරීමේ ජාන ඇතුළත් කරන ලදී. ඔරිවිල් වොගෙල් විසින් ජපාන කුලු තිරිගු ප්‍රබවයකින් නිපද වන ලද නොරීන් 10 තිරිඟු ප්‍රභේදය හරිත විප්ලවයේ තිරිගු වගා සංවර්ධනය කිරීමට අතිශයින් වැදගත් විය. IRRI මගින් දියුණු කර බහුලව ව්‍යාප්ත වු ප්‍රථම HYV සහල් විශේෂය වු IR8 නිර්මාණය කරන ලද්දේ පෙටා ලෙස හැදින්වු ඉන්දුනිසියානු ප්‍රභේදයක් හා ඩී ජියෝ වු ජෙන් නම් වු චීන ප්‍රභේදයක් එකිනෙක එකතු කිරීමෙනි.

අනුක ජාන විද්‍යාවේ දියුණූ වීම් සමග සහල් වල අඩුඋස (rht), ජිබර්ලින් අචේතන (gibberellin insensitive, gail) හා සිහින් සහල් (slrl) වලට හේතු වන විකෘති ජාන ජිබර්ලික් අම්ලයේ (සෛල විභේදනය මත එහි බලපෑම මගින් කද වැඩීම පාලනය කරන ශාක හෝමෝනයක්) සෛලික සංඥා කිරීමේ සංරචක ලෙස හදුනාගත් අතර ඉන්පසු එය ක්ලෝනිකරණයට භාජනය කරනු ලැබේ. විකෘති වටපිටාවක් තුළ කද වැඩීම සැලකිය යුතු ලෙස අඩුවු අතර එමගින් කුරු ශාක වර්ග බිහිවිය. කුරු ශාක යාන්ත්‍රිකව වඩාත් ස්ථායි වු නිසා කදෙහි ප්‍රභා සංස්ලේෂණ ආයෝජනය සැලකිය යුතු ලෙස අඩුවිය. උරාගැනීම, ධාන්‍ය ඵලදාව සදහා යොමු කළ අතර එමගින් වානිජ්‍ය ඵලදාව මත රසායනික පෙහොර වල බලපෑම වැඩි දියුණු විය.

අවශ්‍යතරම් ජල පහසුකම්, පලිබෝධ නාශක හා පෙහොර වල පැවතීමත් සමග HYV මගින් සාම්ප්‍රදායික ප්‍රභේද අබිභවා යන අතර ඉහත සදහන් කරන ලද ඒවා නොමැති විට සාම්ප්‍රදායික ප්‍රභේද මගින් සමහරක් විය HYV ප්‍රබේද අභිබවා යෑම සිදු විය හැක.

නිෂ්පාදනය ඉහළ යයි

1961 හා 1985 වසර අතරතුරදි දියුණු වන ජාතීන්ගේ ධාන්‍ය නිෂ්පාදනය දෙගුණයකට වඩා වැඩිවිය. සහල්, ඉරිඟු හා තිරිඟු ඵලදාව මෙම කාලය තුලදී අතිශයින් වැඩිවිය. නිෂ්පාදනය ඉහළයාම දළ වශයෙන් සමානව වාරිමාර්ග, පෙහොර හා බීජ වැඩි දියුණූ වීම් වල ආරෝපණය කල හැක. (අවම තරමින් ආසියානු සහල් වලදී වත්)

හරිත විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික ප්‍රතිදාන ඉහළ නැංවෙන අතර ක්‍රියාවලිය සදහා ශක්ති ආදානය (බෝගයන් නිෂ්පාදනය සදහා වැය කළ යුතු ශක්තිය) ආදානය ද වැඩි ශීඝ්‍රතාවයකින් ඉහළ නැංවුණි. එමනිසා බෝග නිෂ්පාදනයට ශක්ති ආදානයේ අනුපාතය කාලයත් සමග අඩුවිය. හරිත විප්ලවයේ තාක්ෂණික ක්‍රම රසායනික පොහොර හා පලිබෝධනාශක මත අතිශයින් රදා පැවතුන අතර ඉන් සමහරක් පොසිල ඉන්ධන මගින් නිෂ්පාදනය කළ යුතු වේ. එනිසා කෘෂීකර්මාන්තය ක්‍රමක්‍රමයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදනමත පදනම් වීම සිදු වෙයි. පීක් ඔයිල් සිද්ධාන්තයේ යෝජකයන් බිය ඵලකර සිටින්නේ තෙල් හා වායු නිෂ්පාදනයේ අනාගත මන්දනය වීම් ආහාර නිෂ්පාදනය අඩුවීම හෝ මැල්තුසියානු වසංගතයක් ඇතිවීම සිදු විය හැකිබවයි.

ආහාර ආරක්ෂණය මත බලපෑම[සංස්කරණය]

ගෝලීය ආහාර ආරක්ෂණය මත හරිත විප්ලවයේ බලපෑම, ආහාර පද්ධති තුළ අන්තර්ගත සංකිර්ණතා නිසා හදුනා ගැනීමට අතපසු වෙයි.

හරිත විප්ලවයේ ආරම්භයේ සිට මේ දක්වා ලෝක ජනගහනය බිලියන 4 කින් පමණ වැඩි වී ඇති අතර බොහෝමයක් දෙනා විශ්වාස කරන්නේ විප්ලවය නොතිබිණි නම් ලෝකයේ අදික ආහාර අර්බුදයක් ඇතිවනු ඇති බවයි. 1960 දශකයේ ටොන් මිලියන 10 ක් වු ඉන්දියාවේ වාර්සික තිරිගු පිටි නිෂ්පාදනය ටොන් මිලියන 73 දක්වා ඉහළ නගින ලදී. දියුණු වන ලෝකයේ සාමාන්‍ය මිනිසෙක් හරිත විප්ලවයට පෙර සිටි මිනිසෙකුට වඩා දිනකට 25% ක පමණ කැලරි පරිභෝජනය කරයි. 1950 – 1984 අතරතුරදි හරිත විප්ලවය විසින් ලෝකය වටා කෘෂිකර්මාන්තය පරිවර්තනයට ලක්කළ අතර ලෝකයේ ධාන්‍ය නිෂ්පාදනය 250% කින් ඉහළ නැංවෙන ලදී.

හරිත විප්ලවය මගින් සිදුවු නිෂ්පාදනයේ වැඩිවීම නිසා ලොවපුරා සාගතයක් පැතිරීම වැළැක්වු අතර මනුෂ්‍යයන් බිලියන ගණනකට අවශ්‍ය ආහාර පාන ලැබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=හරිත_විප්ලවය&oldid=472432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි