ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: ඇම්ෆිබියා
ගෝත්‍රය: ඒනුරා
කුලය: හයිලිඩී
ගණය: 'ලෙටෝරියා'
විශේෂය: ලෙ. සෙරූලියා
ද්වීපද නාමය
ලෙටෝරියා සෙරූලියා
(වයිට්, 1790)

ඕස්ට්‍රේලියාව තුලදී සරල වශයෙන් කොළ පැහැති ගස් ගෙම්බා ලෙසින් හැඳින්වෙන, ඕස්ට්‍රේලියානු කොළ පැහැති ගස් ගෙම්බා, වයිට්ගේ ගස් ගෙම්බා, හෝ තරබාරු ගස් ගෙම්බා (ලෙටෝරියා සෙරූලියා) යනු, ඕස්ට්‍රේලියාවේ සහ නව ගිනියාවේ දේශීය විශේෂයක් වන හා, නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේ ආගන්තුක ගහණයන් සහිතවූ, ගස් ගෙඹි විශේෂයකි. මෙම විශේෂය අයත් වන්නේ ලෙටෝරියා ගණයටය. ගණයෙහි සමහරක් විශේෂයන් හා සමගින්, විශේෂයෙන් ප්‍රතාපවත් ගස් ගෙම්බා (ලෙ. ස්ප්ලෙන්ඩිඩා) සහ යෝධ ගස් ගෙම්බා (ලෙ. ඉන්ෆ්‍රාෆ්‍රෙනාටා) හා සමගින්, කායික විද්‍යාත්මක සමානත්වයක් දක්වයි.

කොළ පැහැති ගස් ගෙම්බා, බොහෝ ඕස්ට්‍රේලියානු ගෙම්බන්ට වඩා විශාල වන අතර, උගේ දිග 10 සෙමී (4 අඟල්) තෙක් විය හැකිය. මෙම ගෙම්බන්ගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 16 ක් පමණවේ, එය අනිකුත් බහුතරයක් ගෙම්බන්ට සාපේක්ෂව දීර්ඝ කාලයක්වේ. කොළ පැහැති ගෙම්බන් හීලෑ සතෙක් වන අතර මිනිස් වාසස්ථාන අසල ජීවත් වීමට ඉතා සුදුසුය. මෙම සතුන් අලෝකයට ඇදී එන කෘමි සතුන් ආහාරයට ගන්නා අයුරු නොයෙක් විට ජනෙල් සහ නිවාස ඇතුලත දැකගත හැකිය. තවද අනතුරකට පත්වූ විට සතුරාව තැති ගැන්වීමට කෑගසන අතර සතුරා ස්පර්ශ කළවිට හීන් හඩක් නංවයි.

මෙම සතාගේ භෞතික සහ චරිත ලක්ෂණ හේතුවෙන් කොළ පැහැති ගස් ගෙම්බා ප්‍රාන්තයේ සිටින අතිශය හදුනගතහැකි ගෙම්බන් බවට පත්වී ඇත, තවද ලොව පුර සිටින ජනප්‍රිය විදේශීය සුරතල් සතෙකි. ඖෂධ නිෂ්පාදනයේදී ගෙම්බාගේ සමේ ස්‍රාවය ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස උපයෝගී කරගතහැකි බව සනාථවේ.

වර්ගීකරණය[සංස්කරණය]

කොළ පැහැති ගස් ගෙම්බා සහ​ ඔස්ට්‍රලේසියාවට ආවේණික සතුන් දුසිමක පමණ ලෙටෝරියා ගණය ට​ අයත් වේ[2] The common name of the species, "White's tree frog", is in honour of John White's first description in 1790.[3]. මෙම සතුන්ගේ සාමාන්‍ය නාමය වන " සුදු පැහැති ගස් ගෙම්බා " යන්න 1790 දී John White ට ගෞරව කිරීම පිණිසය. විද්‍යාත්මකව වර්ගීකරණය කරන ලද පළමු ඕස්ට්‍රේලියානු ගෙම්බා කොළ පැහැති ගස් ගෙම්බාය.මෙම විශේෂය පිලිබද තොරතුරු Sir Joseph Banks ගේ සටහන් වල හමු වුවද​ දෙවන ලෝක යුධ සමයේ දී ජර්මානුවන්ගේ විසින් ලන්ඩන් හී Royal College of Surgeons හී පිහිටි Hunterian කෞතුකාගාරය ට බෝම්බ හෙලීම නිසා විනාශය ට පත්විය​.[4]

John White ගේ Journal of a Voyage to New South Wales හි පළවුණු කොළ පැහැති ගස් ගෙම්බාගේ ප්‍රථම මුද්‍රිත ඡායාරූපයයි. චිත්‍ර ශිල්පියා: එස්. ස්ටෝන්

ගෙම්බාගේ කොළ පැහැති වර්ණය නොසලකා මුලින් හදුන්වා ඇත්තේ "නිල් ගෙම්බා " ලෙසය. White එංගලන්තයට යැවූ ප්‍රථම නිදර්ශකය සංරක්ෂණ ද්‍රව්‍යය නිසා හානි වූ අතර එය නිල් පැහැවී තිබුණි[3]ගෙම්බාගේ එම වර්ණයට හේතු වූයේ සංරක්ෂණ ද්‍රව්‍යය මගින් කොළ සහ නිල් වර්ණක ආවරණය කර තිබූ කහ පැහති තට්ටුව විනාශවීමයි, එම නිසා ගෙම්බා නිල් පැහැයෙන් දිස්විය[5]. ලතින් භාෂාවෙන් නිල් පැහැය යන අර්ථය විශේෂ විරුද නාමයක් වන caerulea ලෙස නැවත නම්කරන ලදී. මෙම ගෙම්බා ඉතා සරළව කොළ පැහැති ගස් ගෙම්බා ලෙසද හදුන්වන නමුත්, එම නම බොහෝවිට එම පළාතේ සිටිනා සාමාන්‍ය කොළ පැහැති ගෙම්බට ලබාදී ඇත. උදාහරණයක් ලෙස ඇමරිකානු කොළ පැහැති ගස් ගෙම්බා හැදින්විය හැකිය(Hyla cinerea).

සටහන[සංස්කරණය]

කොළ පැහැති ගෙම්බාහට දිග සෙන්ටිමීටර් 10 (අගල් 4) දක්වා වර්දනය විය හැකිය[3]. ගෙම්බාගේ වර්ණය උෂ්ණත්වය සහ පරිසරයේ ඇති වර්ණය මත රදාපවතී. දුඹුරු සිට කොළ පැහැය දක්වා පෙළගැන්වූ විට, උදරයේ මතුපිට වර්ණය සුදු පැහැවේ[6]. ගෙම්බාහට සමහරවිට පිටුපස කුඩා, සුදු, අවිදිමත් හැඩති ලප ඇත[6]. ගෙම්බාගේ ඇඟිලි කෙලවර ඇති විශාල තැටිය ඉහළට යාමේදී තදින් අල්ලා ගැනීමට උපකාරවේ[6]. ඇස් රන්පැහැ වන අතර තිරස් කළු ඉංගිරියාවක් ඇත, මෙය නියම Litoria genus ට අයත්වේ[7][8].අතැඟිලි තුනෙන් එකක් පමණ දැලකින් වැසි ඇති අතර, පයේ ඇඟිලි ආසන්නව හතරෙන් තුනක් පමණ දැලකින් වැසි ඇත[6] . කන් අඩිය (සම් පටලය කන් බෙරයට සමානවේ) දෘශ්‍යමාන වේ.[6]

උත්තර-බටහිර ඕස්ට්‍රේලියාවේ වාසය කරන කොළ පැහැති ගස් ගෙම්බා ප්‍රතාපවත් ගස් ගෙම්බාට (L. splendida) සමානව පෙනුනද හිස මතුපිට ඇති විශාල පැරටොයිඩ් හා රෝස්ටල් ග්‍රන්ථි නිසා ප්‍රතාපවත් ගස් ගෙම්බා වෙනකොට හදුනා ගත හැක[7]. යෝධ ගස් ගෙම්බාද (L. infrafrenata) සමහරවිට කොළ පැහැති ගස් ගෙම්බා සමග පැටලිය හැක. ප්‍රධාන වෙනස වනුයේ කොළ පැහැති ගස් ගෙම්බාගේ නොමැති, නමුත් යෝධ ගස් ගෙම්බාගේ ඇති යටි හක්කේ දාරය තෙක් දිවෙන වෙනස් වයිරමයි.

වම්පස දිස්වන්නේ වයිට්ගේ ගැටයක් සහිත ගස් ගෙම්බාය,යටි හක්කේ දාරය තෙක් දිවෙන සුදු වයිරම. මැද දිස්වන්නේ කොළ පැහැති ගස් ගෙම්බාය.දකුණු පස දිස්වන්නේ ප්‍රතාපවත් ගස් ගෙම්බාය.

ගෙම්බන් හට පෙනහළු තිබුනද , ඔක්සිජන් අවශෝෂණය කරනු ලබන්නේ සමෙනි.මෙය කාර්යක්‍ෂමව සිදුවීමට සම තෙත සහිත විය යුතුය. මෙහි අවාසිය වනුයේ ලෙඩ බෝවීමට හේතුවන රෝගකාරක බීජ සම මතුපිට දියුණු වීමයි.මෙයට ප්‍රතික්‍රියා දැක්වීමට ගෙම්බාගේ රහසිගත අමිනෝ අම්ල රෝගකාරක බීජ විනාශ කර දමයි. කොළ පැහැති ගස් ගෙම්බාගේ සමේ ශ්‍රාවයේ Caerins අඩංගුවේ, ප්‍රතිබැක්ටීරිය සහ ප්‍රතිවයිරස සහිත අමිනෝ අම්ල කාණ්ඩයකි. තවද එහි CCK-8 වලට සමාන කායකර්ම ප්‍රතිපල ඇති ජීර්ණ හෝර්මෝනයක් හා කුසගිනි නිවාරකයක් වන caerulins අඩංගුය[9] . T-cells වලට හානි නොකර කොළ පැහැති ගස් ගෙම්බාගේ සමේ ශ්‍රාවයේ සමහරක් අමිනෝ අම්ල මගින් HIV විනාශ කල හැකි බව සොයාගෙන ඇත.[10]

ඉස්ගෙඩියා[සංස්කරණය]

ඉස්ගෙඩියා
ඡායාරුපය : ජීන්-මැක්‍රෝ හීරො

ඉස්ගෙඩියාගේ මුහුණුවර සංවර්ධනය මුළුල්ලෙහි වෙනස්වේ.මෙම ඉස්ගෙඩි විශේෂයේ දිග 8mm (වරක් බිත්තර රැක්කාට පසු) සිට 44mm දක්වා පරාසයේවේ. ඔවුන් ආරම්භයේ දුඹුරු පැහැ ලප හෝ පැල්ලම් සහිත වේ, සංවර්ධනය අතරතුර සිවියෙහි පාට (කොළ පාට සිට දුඹුරු පාට දක්වා) වර්ධනයවේ. ඔවුන්ගේ යටිපැත්ත අඳුරු පැහැයෙන් ආරම්භකර එක්බිති ආලෝකමත්වේ, අවසානයේදී වැඩිහිටියන් සුදු පැහැවේ.ජල්ලි තුල විෂ්කම්භය 1.1–1.4mm වන දුඹුරු පැහැති බිත්තර වේ[6][11].

පැතිරීම[සංස්කරණය]

An outline of Australia with the North and NorthEast marked in black
ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ Litoria caerulea හි (කළුපැහැයෙන්) පැතිරීම

කොළ පැහැති ගෙම්බා ඕස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට සහ දකුණු නිව් ගිනියාවට ආවේණික සතෙකි.[6] වැඩි වශයෙන් උෂ්ණ සහ නිවර්තන දේශගුණික ප්‍රදේශයන්හි ව්‍යාප්තිය අඩුය. කොළ පැහැති ගස් ගෙම්බා නිව් ගිනියාවෙහි වියළි දකුණු කලාපයට පමණක් සීමා වී ඇත. එහි පරාසය Irian Jaya සිට Port Moresby දක්වා පැතිරේ, තවද Daru Island වල බහුලව ඇත. වෙන්වූ විශේෂ උතුරු නිව් ජිනියාවෙන් වාර්තා වුවද එය මිනිසාගේ මැදිහත් වීමෙන් විය හැකිය. International Conservation Union(IUCN) විසින් නව ගිනියාව හා ඉන්දුනීසියා වේ සංරක්ෂණ ස්ථාන යෝජනා කර ඇත. [1]

මෙම විශේෂය ඇමරිකාවට සහ නවසීලන්තයට ද පැතිරී ඇති අතර එක්සත් ජනපදයේ, එය ෆ්ලොරිඩා හී පෙදෙස් දෙකකට සීමා වී ඇත​, බොහෝ දුරට එය සුරතල් සතුන් හුවමාරුව නිසා විය හැක​.ෆ්ලොරිඩා හී ඉතා කුඩා ගහනයක් පමණක් වාර්තා වී ඇති අතර මොවුන් ආක්‍රමණික විශේෂයක් ලෙස පරිසරයට හානියක් සිදු වුවා ද යන්න තවම සොයාගෙන නොමැත​.[12].නවසීලන්තය එක්වරක් ගහනය ඉදිරිපත් කළේය, නමුත් 1950 සිට මේ දක්වා කිසිදු දර්ශණ ගත කිරීමක් වාර්තා වී නොමැත.[13]

පරිසර විද්‍යාව, චර්යාව, ජෛව ඉතිහාසය[සංස්කරණය]

මකුළුවෙකු ආහාරයට ගැනීමෙන් පසු මකුළු දැලක සිරවී සිටින කොළ පැහැති ගස් ගෙම්බා. ගෙම්බාගේ දිවිගැලවුණි.

කොළ පැහැති ගස් ගෙම්බන් ඉතා හීලෑය[8]. මොවුන් නිශාචර සතුන්ය[3], සවස් කාලයේ එළියට පැමිණෙන අතර අහාර සදහා දඩයම් කරයි. දහවල් කාලයේදී නිදාගැනීම සඳහා ගස් බෙන හෝ ගල් කුහර වැනි සීතල, අඳුරු සහ තෙතමනය සහිත ස්ථානයක් සොයා ගනී. සිසිර කාලයේදී කොළ පැහැති ගස් ගෙම්බන් සාමාන්‍යයෙන් දක්නට නොලැබේ.

වසන ස්ථානය මත, කොළ පැහැති ගස් ගෙම්බා ගේ පුරුදු , චර්යාවන් වෙනස් වේ. මොවුන් සාමාන්‍යයෙන් නිශ්චල ජල මුලාශ්‍ර අසල වන වියන් වල දැකගත හැකිය. කෙසේ වුවද මෙම ගෙම්බන් හට වගුරු(බට අතර) හෝ තණබිම් තුල ශීත කාලයේ ජිවත් විය හැක. කොළ පැහැති ගස් ගෙම්බා නිවෙස් වල සොරොවු බේසම්, වැසිකිළි වැනි ජල මුලාශ්‍ර වල ජිවත් වන බවට ප්‍රකටය[3]. ජනේල වල කෘමි සතුන් ද ආහාරයට ගන්නා ආකාරය දැකගත හැක. ඉහළ ආර්ද්‍රතාවය හා බාහිර පරිසරයට වඩා ශිත තත්වය නිසා මොවුන් ටැංකි(ජල ටැංකි)[3], වැහි පීලී, වැසි ජල බසින නල වල වාසය කරයි. තිරවුරු මගින් ඔවුන්ගේ ඇරයුම් හඩ තීව්‍ර කරන නිසා, සංසර්ගයේ යෙදෙන කාල වලදී ගෙම්බන් වැසි ජලය බසින නල, ටැංකි වලට ආකර්ෂණය වේ[6][8].

මෙම විශේෂයේ හඬ දුර්වල, මන්දගාමී "බ්රෝක්, බ්රෝක්, බ්රෝක්" කීප වාරයක් වේ[6]. වසරේ වැඩි කාලයක් වැහි පීලි, වෘක්ෂ වැනී උස් ස්ථාන වල සිට හඬ නංවයි. උස් ස්ථාන වල රැදුනද සංසර්ග කාලයෙදී මදක් පහතට පැමිණ නිසල ජල මුලාශ්‍ර(තාවකාලික හෝ ස්ථීර) අසල ශබ්ද කරයි. බොහෝ ගෙම්බන් සේම, කොළ පැහැති ගස් ගෙම්බා ශබ්ද කරන්නේ තම සහකරු සොයාගැනීමට පමණක් නොව, ඔවුන්ගේ ස්ථානය දැන්වීමට ද සංසර්ග කාල හැර වෙනත් කාල වලදී ද ශබ්ද කරයි. බොහෝ විට වර්ෂාවකින් පසු, ගෙම්බන් මෙසේ ශබ්ද කරන අතර ඊට හේතුව තවම පර්යේෂකයන්ට ද පැහැදිලි නැත. විලෝපිකයකු අසලට පැමිණි විට, මිනිස් පාද ඔවුන්ගේ අඩවියට පැමිණි විට ගෙම්බන් ආතතිය සහිත ශබ්දයක් නංවයි.[8]

මෙම විශේෂයේ ආහාරයට ප්‍රධාන වශයෙන් කෘමින් හා මකුළුවන්[8] අඩංගු වන අතර සමහර විට කුඩා ගෙම්බන්, කුඩා ක්‍ෂිරපායින් අයත් විය හැක[6]. ගෙම්බාගේ දත් ගොදුර කපා ගැනීමට සුසුසු නැත, එනිසා ගොදුර ගෙම්බාගේ මුඛ්‍ය අභ්‍යන්තරයට ගැලපිය යුතුය. බොහෝ ගෙම්බන් තම ඇලෙන සුළු දිව ගොදුර වෙත දිගාහරියි. ගොදුර ඇලුන පසු ආහාරයට ගනියි. කොළ පැහැති ගස් ගෙම්බා කුඩා කෘමින් සදහා මෙම උපක්‍රමය භාවිතා කරන අතර විශාල ගොදුරු සදහා, ඔවුන් පැන ගියද, තම දෑත් යොදා මුඛය තුලට ඔබා ගනියි.

ගෙම්බාට සහජ විලෝපිකයන් කිහිප දෙනෙකි, ඔවුන් අතරින් සර්පයන් සහ කටුස්සන් හා කුරුල්ලන් විශේෂ කීපයක් වේ[තහවුරු කර නොමැත]. ඔස්ට්‍රලියාවේ යුරෝපිකයන් ගේ සංක්‍රමනය සමග, බල්ලන්, බළලුන් වැනි සහජ නොවන විලෝපිකයන් නිර්මාණය වී ඇත. මෙම විශේෂයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 16 ක් පමණ වන නමුත් සමහරුන් අවුරුදු 20 ඉක්මවා ජිවත් ව සිට ඇත[8].

සුරතල් සතෙක් වශයෙන්[සංස්කරණය]

කොළ පැහැති ගස් ගෙම්බා යනු ලෝකය පුරා සිටිනා වඩාත්ම ජනප්‍රියම ගෙම්බන් විශේෂයකි. ගෙම්බාගේ හීලෑ ස්වභාවය,බොහෝ විට විකට ස්වරූපය සහ දිගු ආයු අපේක්ෂාව හේතුවෙන් මෙම ගෙම්බා විදේශීය සතුන් හිමිකරුවන්ට ආකර්ශනීය තේරීමක් බවට පත්වී ඇත. කොළ පැහැති ගස් ගෙම්බා ආහාරය පුළුල් නිසා, සහ රෝග සඳහා ප්‍රතිශක්තිය වැඩි බැවින් නඩත්තු කිරිමට පහසු ගෙම්බන් විශේෂයකි. මෙම ගෙම්බන් සුරතල් සතෙකු ලෙස ඇති කිරීමේදී ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දීමයි. අධික ලෙස ආහාර ලබාදීමෙන් කොළ පැහැති ගස් ගෙම්බා තරබාරු වේ. වනයෙදී, ගෙම්බෙකුට අතිරික්ත ශක්තියක් වැය වන්නේ ගොදුරු ඇල්ලිමටය. කෙසේවුවත්, වහල් භාවයේදී, ඔවුන්ට සජීවී ආහාර සිමා සහිත ඉඩ තුල ලබා දේ. එමගින් ආහාර ලබා ගැනීම සදහා කරන ක්‍රියාකාරකම් අවම වී බර වැඩි වීමට හේතු වේ. බර ඉක්මවා ගිය මෙම වර්ගයේ ගෙඹි විශේෂ වල, මේද පටල හිස මතුපිට හා ශරීරය මතුපිට තැන්පත් වීමෙන් "කොට තරබාරු" පෙනුමක් ලැබේ.එමනිසා කොට "තරබාරු ගෙම්බා" ලෙස හදුන්වයි[8].

Litoria caerulea in Darwin, Northern Territory

සංරක්ෂණය[සංස්කරණය]

ඔස්ට්‍රලියානු නිතිය මගින් කොළ පැහැති ගස් ගෙම්බා ට නීතිමය රැකවරණය සපයයි(ෆෙඩරල් පාරිසරික ආරක්ෂණ සහ ජෛය්ව විවිධත්ව ආරක්ෂණ පනත 1999)[14]. පුළුල් ව්‍යාප්තිය හා ගහනය, සමබර පුරුදු, සහා සංඛ්‍යාව අඩු විමේ ප්‍රවනතාව අඩු බැවින් IUCN විසින් අඩු සැලකිල්ලට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරනය කර ඇත[1].

සමහර කොළ පැහැති ගස් ගෙම්බන්ගේ ස්වාභාවික පුරුදු විනාශ වී ඇත. තවද, සමහර ගෙම්බන් ට chytrid දිලීරය(chytridiomycosis හේතුවන) හේතුවෙන් රෝග වැළදී ඇති බව හදුනාගෙන ඇත. වෙනත් ගෙම්බන්ටද බලපාන මෙම හේතුන් දෙක නිසා, ඔස්ට්‍රේලියාව තුල කොළ පැහැති ගස් ගෙම්බන් ගහනය අඩු විමේ අවදානමක් ඇති වී ඇත[1]. කෙසේවුවද, දිගු කාලින ආයු අපේක්ෂාව නිසා, ප්‍රජනන ප්‍රතිශතයේ අඩු වීමක් හදුනා ගැනීමට කෙටි කාලින ආයු අපේක්ෂිත විශේෂ වලට වඩා වැඩි කාලයක් ගත වේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 Hero et al. (2004). Litoria caerulea. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a range map and justification for why this species is of least concern
  2. Egerton, pp. 379–388.
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 Egerton, p. 383.
  4. Tyler, Michael J (1994). "Family Hylidae" (PDF). Fauna of Australia. Department of the Environment, Water, Heritage and the Arts, Australia. සම්ප්‍රවේශය 2007-12-11. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  5. "White's Tree Frog (Litoria caerulea)". The Children's Museum, Hartford, CT. සම්ප්‍රවේශය 2007-12-11.
  6. 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 Vincent, L. (2001). "Litoria caerulea" (PDF). James Cook University. සම්ප්‍රවේශය 2005-06-12.
  7. 7.0 7.1 Frogsaustralia.net.au
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 "Fact Sheet: White's Tree Frog". National Zoological Park. Smithsonian. 16 December 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-12-12. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. Salmon, AL (2000). "Isolation, Structural Characterization, and Bio activity of a Novel Neuromedin U Analog from the Defensive Skin Secretion of the Australasian Tree Frog, Litoria caerulea". Journal of Biological Chemistry. 275 (7): 4549–54. doi:10.1074/jbc.275.7.4549. PMID 10671478. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  10. "Frog secretions block HIV". Vanderbilt University. 27 November 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-12-12. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  11. Umich.edu
  12. "Litoria caerulea (White, 1790)". Nonindigenous Aquatic Species. U.S. Geological Survey. 2002. 18 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-12-11. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help); Unknown parameter |month= ignored (help)
  13. "Introduced frogs". New Zealand Frog Research Group. 2006. 24 December 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-12-11. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  14. "Environment Protection and Biodiversity Conservation Act 1999". Australian Government. සම්ප්‍රවේශය 2005-12-12.

ලේඛන නාමාවලිය[සංස්කරණය]

  • Bruin, T. "ADW: Litoria caerulea: Information". 12 June 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-06-12. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  • Cogger, HG (1979). Reptiles & Amphibians of Australia. A. H. & A.W. REED PTY LTS. ISBN 0-589-50108-9.
  • Egerton, L. ed. (2005). Encyclopedia of Australian wildlife. Reader's Digest ISBN 1-876689-34-X
  • Menzies, JI (1976). Handbook of Common New Guinea Frogs. Wau Ecology Institute.
  • Tyler, MJ (1994). Australian Frogs A Natural History. Reed Books. ISBN 0-7301-0468-0.

බාහිර සබැඳි[සංස්කරණය]