ඖෂධ විද්‍යාව (භිෂග්වේදය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Pharmacologyprism1.jpg

ඖෂධ වේදය යනු ජීවීන් තුළ ඖෂධයක් ක්‍රියාකාරී වීමෙන් ඔවුනගේ කෘත්‍යයෙහි වෙනස්කමක් සිදු කිරීම පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. යම් කිසි ද්‍රව්‍යයකට වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් සහ ගුණාංග සහිත නම් ඒවා ඖෂධ ලෙස හැදින්වේ. මෙම ක්ෂේත්‍රයෙහි දී ඖෂධවල සංයුතිය සහ ගුණාංග, අන්තර්ක්‍රියා, ධූලක වේදය, ප්‍රතිකාර ක්‍රම, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් සහ ඖෂධ ද්‍රව්‍ය මගින් ව්‍යාධි ජනකයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. ඖෂධ විද්‍යාව යනු ඖෂධ සෑදීමේ විද්‍යාව සදහා සමාන තේරුම් දෙන්නක් නොවේ. නමුත් පොදු වහරයේදී මෙම යෙදුම් දෙක ඇතැම් අවස්ථාවල දී පැටළිලි සහගත වේ. ඖෂධ විද්‍යාවේ දී ඖෂධ මගින් ජීවී පද්ධති සමග අන්තර්ක්‍රියා කරන ආකාරය සහ එමගින් ඒවායෙහි කෘත්‍ය සදහා බලපෑම් ඇති කරන ආකාරය පිළිබදව හදාරනු ලබන අතර ඖෂධ සෑදීමේ විද්‍යාවෙ දී භාවිතා කරන ඖෂධවල සුරක්ෂිත සහ ඵලදායි භාවිතය පිළිබදව හදාරනු ලබයි.

සායනික ඖෂධ වේදයෙහි උපත ඇවිසෙනා විසූ මධ්‍යම යුගය දක්වාම ඈතට දිවෙයි. ඖෂධ වේදය විද්‍යාත්මක ක්‍ෂ්ත්‍රයක් ලෙස 19 වන ශත වර්ෂයේ මැද භාගයේදී ජෛව වෛද්‍ය ක්ෂේත්‍රයන්හි පුණර්ජීවයක් ඇති වන තෙක් වැඩි දියුණු වීමක් සිදු නොවුණි. 19 වන ශත වර්ෂයේ දෙවන භාගයට ප්‍රථම මෝෆින් , ක්වීනීන් සහ ඩිජිටාලිස් යන ඇතැම් අවයව සහ පටක කෙරෙහි අසාමාන්‍ය ආකර්ශනයක් සහ රසායනික ශක්තියක් හිමි ඖෂධවල විශේෂ කෘත්‍ය සහ විභවය පිළිබදව වඩා හොදින් විස්තර කර ‍ෙනාතිබුණි. ප්‍රථම භිෂග් වේද දෙපාර්තමේන්තුව 1847 දී Buchheim විසින් පිහිටුවන ලද්දේ ඖෂධ සහ විෂ වර්ග ඒවායෙහි කෘත්‍ය සිදු කරන ආකාරය හදුනා ගැනීම පිණිසය.

භිෂග්වේදය හෙවත් Pharmacology යන වදන බිහිවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් ඖෂධ යන තේරුම සහිත Pharmakon යන වදනින් සහ දැනුම යන තේරුම ඇති Logos යන වචන වලිනි. මුල් යුගයේ දී විසූ ඖෂධ වේදීන් ශාක වලින් නිස්සාරණය කරගත් ඖෂධ වැනි ස්වාභාවික ද්‍රව්‍ය පිළිබදව අවධානය යොමු කළහ. ඖෂධ වේදය 19 වැනි ශත වර්ෂයේදී විද්‍යාත්මක පර්යේෂණවලින් ලබාගන්නා මූලධර්මයන් ප්‍රතිකාර කිරීම පිණිස භාවිතාවන නවීන ජෛව වෛද්‍ය විද්‍යාවක් ලෙසට සංවර්ධනය වුණි.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ඖෂධ සංයෝජනය