එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි ඕස්ට්‍රේලියානු සංචාරය, 1882-83

විකිපීඩියා වෙතින්
පූජිත අළුබඳුන1883 පුවත්පත් වල විස්තර කෙරුනු අයුරු

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1882-83 කාලසීමාවෙහිදී ඕස්ට්‍රේලියාවෙහි සහ ලංකාවෙහි සංචාරයක යෙදුනහ .

අයිවෝ බ්ලයිගේ නායකත්වය දැරූ කණ්ඩායම වෙත ආයාචනය කරනු ලැබුනේ, "එම භෂ්මාවශේෂ (අළු) යළි අත්පත් කරගෙන පැමිණෙන" ලෙසට වූ අතර, මෙම ඉල්ලාසිටීම පූර්ව එංගලන්ත ක්‍රීඩා වාරයෙහිදී එංගලන්තය ඕවල් ක්‍රීඩාංගනයෙහිදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව පුවත්පත් වල පලකෙරුනු ජනප්‍රිය "සමාදානයේ සැතපේවා" (මරණ) දැන්වීම හා බැඳුනක් විය.

ආරම්භයෙහිදී, ටෙස්ට් තරග තුනක් ක්‍රීඩා කිරීමට කටයුතු සූදානම් කර තිබූ අතර එංගලන්තය විසින් පළමු තරගය පරාජය වීමෙන් අනතුරුව ඊළඟ තරග දෙක දිනාගන්නා ලදි. සිද්ධීන් සිදුවු නියමාකාරය කිසිවෙකු විසින් සහතික කොට ප්‍රකාශ කොට නොමැති වුවද, එංගලන්තය විසින් තුන්වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිළිස්සූ බේල් එකක අළු අඩංගු යැයි විශ්වාස කෙරෙන කුබා බඳුනක් අයිවෝ බ්ලයි වෙත ප්‍රදානය කර තිබේ. ඔහු විසින් මෙය එංගලන්තය වෙත ගෙන එන ලද අතර වර්තමානයෙහි එය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටියෙහි පිහිටි කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති අතිශයින්ම ජනප්‍රිය ප්‍රදර්ශන භාණ්ඩය වෙයි. එතැන් පටන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව මෙම පුරාවෘත්තීය අළු බඳුන සඳහා තරග වදිති.

මෙම සංචාරයෙහි "සතරවන ටෙස්ට් තරගය" සඳහා පිළිවෙල කෙරුනේ මූලික තරග මාලාව අවසන් වූ පසුව හිටි අඩියේ ය.

තරග[සංස්කරණය]

පළමු ටෙස්ට් තරගය[සංස්කරණය]

30 දෙසැම්බර 1882 – 2 ජනවාරි 1883
ලකුණුපුවරුව
ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කලේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්

විනිසුරුවන්: ඊ. එච්. එලියට් සහ ජේ. එස්. ස්විෆ්ට්
  • 31 දෙසැම්බර 1882 වි‍වේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි

දෙවන ටෙස්ට් තරගය[සංස්කරණය]

19 – 22 ජනවාරි 1883
ලකුණුපුවරුව
එංගලන්තය ඉනිමකින් හා ලකුණු 27 කින් ජයග්‍රහණය කලේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්

විනිසුරුවන්: ඊ. එච්. එලියට් සහ ජේ. එස්. ස්විෆ්ට්
  • 21 ජනවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි

තෙවන ටෙස්ට් තරගය[සංස්කරණය]

26 – 30 ජනවාරි 1883
ලකුණුපුවරුව
එංගලන්තය ලකුණු 69 කින් ජයග්‍රහණය කලේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි

විනිසුරුවන්: ඊ. එච්. එලියට් සහ ජේ. එස්. ස්විෆ්ට්
  • 28 ජනවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි

"අමතර" ටෙස්ට් තරගය[සංස්කරණය]

17 – 21 පෙබරවාරි 1883
ලකුණුපුවරුව
ඕස්ට්‍රේලියාව කඩුලු 4 කින් ජයග්‍රහණය කලේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි

විනිසුරුවන්: ඊ. එච්. එලියට් සහ ජේ. එස්. ස්විෆ්ට්
  • 18 පෙබරවාරි විවේක දිනයක් ලෙසින් භාවිතා කරන ලදි

ක්‍රීඩකයන්[සංස්කරණය]

අයිවෝ බ්ලයි ගේ නායකත්වය ලැබූ එංගලන්ත කණ්ඩායමෙහි විශේෂිත කඩුලු-රකින්නා ලෙසින් එඩ්වඩ් ටයිල්කෝට් ක්‍රියා කල අතර, අනෙකුත් ක්‍රීඩකයන් ලෙසින් බිලී බේට්ස්, ඩික් බාලෝ, ඇලන් ස්ටීල්, චාල්ස් ලෙස්ලී, වෝල්ටර් රීඩ්, චාල්ස් ස්ටඩ්, ෆ්‍රෙඩ් මෝර්ලි, බිලී බාන්ස්, ජෝර්ජ් වර්නන් සහ ජෝර්ජ් ස්ටඩ් ක්‍රියා කලහ.

බිලී මර්ඩොක් ගේ නායකත්වය ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙහි කඩුලු-රකින්නා ලෙසින් ජැක් බ්ලැක්හැම් ක්‍රියා කලේය. ඕස්ට්‍රේලියාව නියෝජනය කල අනෙකුත් ක්‍රීඩකයන් වූයේ බිලී මිඩ්වින්ටර්, ඇලෙක් බැනර්මන්, ජෝර්ජ් බොනර්, ටොම් හොරාන්, පර්සි මැක්ඩොනල්, ජෝර්ජ් ගිෆෙන්, හැරී බොයිල්, එඩ්වින් ඉවාන්ස්, හියු මැසී, ඉයුජින් පාමර්, ටොම් ගැරට් සහ අළු බඳුන සංකල්පය මූර්තිමත් කල, "යක්ෂ පන්දු යවන්නා" ලෙසින් දැක්වුනු, ෆ්‍රෙඩ් ස්පොෆෝත් ක්‍රියා කලහ.

ලංකාව[සංස්කරණය]

දිගු මුහුදු ගමන මැද නැවතුම්-විරාමයක් ලෙසින් කොළඹ භාවිතා කිරීමට ක්‍රීඩා කණ්ඩායම උත්සුක වූ අතර දේශීය කණ්ඩායම් හා සමගින් පළමු-පෙළ නොවන ක්‍රිකට් තරග ක්‍රීඩා කලහ. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවෙහි සංචාරයක යෙදුනු පළමු වතාව මෙය විය.

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

තවත් කියවීම් සඳහා[සංස්කරණය]

  • Bill Frindall ගේ The Wisden Book of Test Cricket 1877-1978
  • Chris Harte, A History of Australian Cricket, Andre Deutsch, 1993