අවසාන දේශනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජේසුතුමාගේ අවසාන දේශනය සමග වරදවා වටහා ගන්න එපා.

සමුගැනීමේ දේශනය (අරාබි: خطبة الوداع‎, කුත්බතුල් වදා), මුහම්මද්ගේ අවසාන දේශනය හෝ අවසාන දේශනය, මුහම්මද් විසින් 9වැනි දු අල්-හිජ්ජා, 10 හිජ්රි වර්ෂ (632 මාර්තු 9වැනිදා) අරෆාත් කන්දේ උරන්-ආහ් භූමියේදේශනා කරන ලදී.[1]

මෙම සමුගැනීමේ දේශනය සෑම හදීස් ග්‍රන්ථ වලම සඳහන වේ.[තහවුරු කරන්න] සහීහ් අල්-බුහාරි දේශනය යොදාගෙන එහි කොටසක් උපුටා දක්වනවා.[තහවුරු කරන්න] අහ්මද් ඉබ්නු හන්බල් ඔහුගේ මුස්නාද් හි මෙම දේශනයේ දීර්ඝතම සටහන සඳහන් කරයි..[තහවුරු කරන්න]

දේශනය[සංස්කරණය]

ඉංග්‍රීසි සංස්කරණ කිහිපයක් ඇතුළු දේශනය පිලිබඳ විවධ සංස්කරණ පලවී තිබෙනවා.[2][3] මෙම දේශනයේ සාමාන්‍ය උපදෙස් මාලාවක් කුරානයේ හා සුන්නාහ් වල උපදෙස් මත ඇතුලත් වේ.

දේශනයේ ස්වභාවය[සංස්කරණය]

නබිතුමා මුළු මිනිස් සංහතියටම මෙම දේශනයෙහි ඇමතුවේය. ඔහු "ජනතාවනි" ලෙස 7 වතාවක් ඇමතුවේය. "මිනිසුනි" ලෙස එක් වතාවක් ඇමතුවේය. ඔහු සමුගැනීමේ දේශනයේ "මුස්ලිම්වරුනි" හෝ "විශ්වාසවන්තයිනි" යන වචන භාවිතා කලේ නැත. ඔහුගේ අරමුණ වූයේ ආගම්, වර්ණ හෝ කාල භේදයකින්(ඔහුගේ හා ඔහුගෙන් පසු විනිශ්චය දිනය දක්වා කාලය) තොරව සියලු ජනතාව ඇමතීමයි. ඔහුගේ පණිවිඩය ඉදිරියට එන සෑම කලකදීම සෑම මිනිසෙකුටමය.

අවසාන දේශනය ගැන විශලේෂණයක්[සංස්කරණය]

දෙවියන්ට ප්‍රශංසා කිරීමෙන් පසු මුහම්මද් නබි තුමා ජනතාව ඇමතීම ආරම්භ කලේය.

පණිවිඩය හුවමාරු කරගන්න[සංස්කරණය]

—"ජනතාවනි, මට පැහැදිලිව කන් දෙන්න, මෙම වර්ෂයෙන් පසු මා ඔබ සමග සිටීදැයි නොදනිමි. එමනිසා මම කියන දේ හොඳින් අසා අද මෙතන නැති අයට මෙම පණිවිඩය දෙන්න".

ඇමතීම ආරම්භ කිරීමේදී, නබිතුමා ඔහු කියන දේ ගැන හොඳින් ඇහුම්කන් දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. ඔහු සියලු මිනිසුන්ට ස්ථානයෙන් ස්ථානයට සහ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයාමට මෙම පණිවිඩය දෙන්න යැයි ඉල්ලීමක් කරනවා. එම වගකීම සහභාගී වූවන්ට පැවරුනා. එම වගකීම මක්කමෙහි ගෝත්‍ර වල වාණිජ හා ගමන් බිමන් හැකියාව නිසා ඉටු වුනා. මෙම කාලයේ මක්කමෙහි ප්‍රධාන ව්‍යාපාරය වන්නේ වෙළඳාමයි. මුස්ලිම් වෙළදුන් වාණිජ කටයුතු වලට හා ඉස්ලාමයේ පණිවිඩය ලබා දීමට භූමියෙන් භූමියට ගමන් කළා. ඔවුන් මක්කමේ දුර පළාත් සමගද ගනුදෙනු කළා.

—"ජනතාවනි, ඔබ ආදරය කරන මෙම මාසය, මෙම දවස, සහ මෙම නගරය පූජනීයයි. එම නිසා සෑම මුස්ලිම්වරයෙකුගේම ජීවිතයට හා දේපලවලට පූජනීයත්වයෙන් ආදරය කරන්න. ඔබට දී ඇති භාණ්ඩ නැවත එහි නියම හිමිකරු වෙත ලබා දෙන්න. කාවවත් රිදවන්න එපා, එවිට කවුරුත් ඔබව රිදවන්නේ නැත. ඔබේ ස්වාමියා හමුවන බව ඔබ මතක තබා ගන්න. එහිදී ඔබගේ ගනුදෙනු ගණන් බලයි. ඔබට දෙවියන් පොළී ගැනීම තහනම් කළා. , එම නිසා පොළිය සම්බන්ධ සෑම දෙයක්ම අත් හරිය යුතුයි. නමුත් ඔබේ ධනය ඔබ සතුයි. ඔබ හිංසා කරන්න හෝ අයුක්තියක් විඳින්නේ නැත. මින් මතු දෙවියන් සියළු පොළී තහනම් කළා. "අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ්"ට (නබිතුමාගේ මාමා) ගෙවිය යුතු පොළියද අත් හැරිය යුතුයි."

සහබාගී වූ පිරිස දන්නා දේවල් වලට නබිතුමා උදාහරණ ලබා දුන්නා. "මෙම මාසය" (දුල් හිජ්ජා), "මෙම දවස" (අරෆා දවස), සහ "මෙම නගරය" (මක්කා නගරය) කෙතරම් පූජනීයදැයි සියලු දෙනා දන්නවා, . එමනිසා එම ජනතාවගේ ජීවිත හා දේපලද පූජනීයයි.

Sජීවිතයක පිවිතුරු බව දෙවියන් කුරානයේ සඳහන් කරයි. ජනතාව ආරක්ෂා කල යුතු අතර ඔවුන්ගේ ජීවිත රැකිය යුතුයි. ජනතාවට ගරු කල යුතුයි. ඔවුන්ගේ දේපල රැකගත යුතුයි. ජීවිතයේ පිවිතුරු බව විනිශ්චය දිනය දක්වා රැකේ.

ආර්ථිකය සඳහා සුරා කෑම ඉස්ලාමයේ තහනම් කර ඇත. පොළිය යනු ධනපතිවාදයෙහි එක්තරා ආකාරයක ආර්ථික එකාධිපත්‍යක් හා සුරා කෑමක් වේ, පොහොසත් කෙනා තවත් පොහොසත් වේ. දුප්පත් කෙනා තවත් දුප්පත් වේ. නබිතුමා ඔහුගේ අවසාන දේශනයේ ඔහු සියලුම ආර්ථික සුරා කෑම් ඉවත් කළා. පොළිය තහනම් කල අතර ඉස්ලාම් ආගම එම ප්‍රදේශයට පැමිණීමට පෙර යම්කිසි අයෙකු පොළී ගිවිසුමක් ඇතිකරගත්තද ඒවාද අත් හරිය යුතුයි. මෙම නියෝගය යටතේ කිසිවෙකු නීතියට ඉහලින් නොමැත, නබිතුමාට ආසන්න සමාන වයසින් යුතු ඔහුගේ මාමා "අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ්" හා ඔහු සමග සිටි අයට ගෙවිය යුතු සියලු පොළී ඔහු අවලංගු කළා. මෙයින් ඔහු පවසන්නේ ඔහුගේ නෑදෑයින් හා නෑදෑයින් නොවන අය අතර මෙම නියෝගයේ වෙනසක් නොමැති බවයි.

—"ඉස්ලාමයට පෙර අවධියේ ඝාතනය තුලින් එන සෑම අයිතිවාසිකමක්ම මින් ඉදිරියට අහෝසි කල යුතුයි. "රබියා ඉබ්නි අල්-හරිදියා"ගේ ඝාතනය මම අහෝසි කරන මුල්ම අයිතිවාසිකම වේ."

මෙම කියමනත් සමග නබිතුමා ඉස්ලාමයේ දේව නීතියට සහයට ඉස්ලාමයට පෙර අවධියේ තිබූ ගෝත්‍ර අතර ගැටුම්වල පලිගැනීම් වලට නැවතීමේ තිත තැබුවා. නැවතත් ඔහු තම ඥාතියෙකුගේ ඝාතනය අහෝසි කරමින් එම නීතිය ඔහුගේ නෑදෑයින් හා නෑදෑයින් නොවන අය අතර වෙනසක් නොමැති බව පෙන්වා දුන්නේය.

—"මිනිසුනි!දෙවියන් තහනම් කල දේ අනුමත කිරීමට හා අනුමත කල දේ තහනම් කිරීමට විශ්වාස නොකරන්නන් දින දර්ශනය වෙනස් කිරීමට ඉඩ දයි. දෙවියන් ඉදිරියේදී මාස ගණන 12කි. එයින් 4ක් පූජනීයයි, 3ක් සාර්ථකයි, හා එක් මාසයක් ජුමාදා හා ශහ්බාන් අතර තනිව පවතිනවා."

මෙම කියමනත් සමග නබිතුමා ඒ වනවිට බිඳ දැමී තිබූ සාමාන්‍ය කරුණක් වන සූර්‍ය හා චන්ද්‍ර වර්ෂයකට මාස 12 යන්න මතක් කරනවා. මුස්ලිම්වරුන්ට පූජනීයත්වය නිරීක්ෂණය කිරීමේ අයිතිය වෙනස් කිරීමට හෝ දින දර්ශනයට ඇත තැබීමට කිසිවෙකුටත් අයිතියක් නැත. මෙහිදී නබිතුමා සඳහන් කල පූජනීය මාස හතර වන්නේ සුල්-කිදා, සුල්-හිජ්ජා, මුහර්රම් හා රජබ් වේ.

—"ආගමේ ආරක්ෂාව සඳහා සාතන්ගෙන්(සමහර අය යක්ෂයා ලෙසත් හඳුන්වයි) ප්‍රවේසම් වන්න. ඔබව විශාල ලෙස නොමග යැවීමට ඇති ඔහුගේ සියලු බලාපොරොත්තු බිඳ වැටී ඇත. එම නිසා කුඩා දේවල්වල ඔහුව අනුගමනය නොකරන්න."

දෙවියන් පමණක් නැමදීමට හා කුරානයේ සඳහන් පරඳි නීති රීති අනුගමනය කරන්න යැයි නබිතුමා මිනිසුන්ට උපදෙස් දෙයි. මෙහි දෙවියන් නැමදීම වැළැක්වීමට සාතන්ගේ බලාපොරොත්තුව බිඳ වැටී ඇති නමුත් මිනිසා සුළු නොමග යැවීම් වලදී ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටී නැති බව නබිතුමා ප්‍රකාශ කරයි. සාතන් ඔබ තුල ද්වේශය ඇති කරයි, දෙවියන් ලබාදුන් මිනිසාව හරි පාදයෙන් දිශාව වෙනස් කිරීමට සාතන්ගේ උත්සාහය පිළිබඳව නබිතුමා සඳහන් කරයි. මිනිසුන්ට සාතන්ගේ පාදයේ නොයන ලෙස නබිතුමා අවවාද කරයි.

ගැහැණියගේ අයිතිවාසිකම්[සංස්කරණය]

—"ජනතාවනි, ඔබට ඔබේ ස්ත්‍රිය මත අයිතිවාසිකමක් ඇති බව සත්‍යයකි. එමෙන්ම ඔවුන්ටද ඔබගෙන් අයිතිවාසිකම් ඇත. ඔබ ඔවුන් ඔබගේ බිරින්දෑවරු ලෙස පත් කරගත්තේ දෙවියන්ගේ විශ්වාසය සහ අනුමැතිය මත පමණි. ඇය ඔබගේ අයිතිවාසිකම්වලට සලකයි නම් ඔබ කරුණාවෙන් ඇයට ආහාර සහ ඇඳුම් ලබා දෙන්න. ඔබ ඔබගේ බිරිඳට කරුණාවෙන් සලකන්න. ඇය ඔබගේ සහකරුය, ඔබගේ භාරවූ උදවුකරුය. ඔබ කැමති නැති අය සමග ඇය මිතුරුකම් ඇති නොකිරීම ඔබගේ අයිතියකි. එසේම දුරාචාරයේ නොහැසිරිය යුතුයි."

නබිතුමා ඔහුගේ සමුගැනීමේ කතාවේ ගැහැණියගේ අයිතිවාසිකම් ගැන හොඳම ප්‍රකාශය සඳහන් කරනවා. එයින් බොහොමයක් පෙර සඳහන් කල දේවල් නවත සඳහන් කරයි. මෙම කොටස සඳහන් වන්නේ ඉබන් ඉෂාක් ගේ ජීවන චරිතයෙහි නොපිළිගත් ප්‍රකාශවල පමණි. මෙය පිළිගත් ප්‍රකාශයක් හදීස් ග්‍රන්ථ එකකවත් සඳහන් නොවේ. මෙහි ඉතිහාසමය වලංගුභාවය සුන්නි හා ශියා යන දෙගොල්ලන්ම පිළිගන්නේ නැත.

—"ජනතාවනි, මට හොඳින් සවන් දෙන්න, දෙවියන් නමදින්න, පස්වේල් නැමදීම ඉටු කරන්න(සලාතය), රාමදාන්(රාමසාන්) මාසයේ උපවාසයේ යෙදෙන්න, ඔබගේ ධනය සකාත්හි යොදන්න(දුප්පත් අයට දිය යුතු බද්ද), හැකියාවක් ඇති අය හජ් ඉටු කරන්න."

නබිතුමා හොඳින් සවන් දෙන ලෙස ඉල්ලා ඉස්ලාමයේ මූලික නියමයන් 5 නැවත මතක් කරයි.

1. අල්ලාහ්(දෙවියන් යන්නෙහි අරාබි වචනය) හැර වෙනත් දෙවියෙක් නොමැති බවත්, මුහම්මද් ඔහුගේ පණිවිඩකරු(ශාස්තෘවරයා) බව පිළිගැනීම.

2. දිනකට 5 වතාවක් නැමදීම.

3. රාමදාන්(රාමසාන්) මාසයේ උපවාසයෙහි යෙදීම.

4. සකාත් ගෙවීම (ධනයෙන් යම් ප්‍රතිශතයක් දුගීන්ට ලබා දීම)

5. පහසුකම් ඇති කෙනෙක් ජීවිතේ එක් වතාවක් හෝ මක්කමෙහි හජ් ඉටුකිරීම.

මිනිසුන්ගේ සමානාත්මතාවය[සංස්කරණය]

සමහර පසුකාලීන මූලාශ්‍ර වලට අනුව (මුහම්මද් ඉබ්නු යඃකුබ් අල්-කුල්යානි ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ හා ඝුයත් අල්-මිරාම්ගේ 12 වන සියවසේ ලියමන්) මුහම්මද් මිනිසුන්ගේ සමානාත්මතාවය පිළිබඳවද එම දේශනයේ සඳහන් කර ඇත. පහත එම සටහන දැක්වේ.

—"සියලු මිනිසුන් ආදම් සහ ඒවා ගෙනි. අරාබි ජාතිකයින් අරාබි නොවන අයට වඩා හෝ අරාබි නොවන අය අරාබි ජාතිකයින්ට වඩා උසස් නොවේ. සෑම මුස්ලිම් අයෙක්ම එකිනෙකාගේ සහෝදරයන් හා එකම සහෝදරත්වයට අයත් වේ. එක මුස්ලිම් අයෙකුගේ දෙයක් ඔහු නොමිලේ හෝ ඔහුගේ දැනුවත්කමින් ප්‍රධානය කලොත් මිස තවත් මුස්ලිම් අයෙකුට නීත්‍යානුකූල නොවේ. එම නිසා ඔබ ඔබටම අයුක්තිය ඇති නොකරගන්න"

බ්නු ඉශාක් සහ අල්-තබාරි වැනි පූර්ව කාලීන මූලාශ්‍රවල මෙම කොටස සඳහන් නොවේ. කෙසේ වෙතත් ඉස්ලාමීය සම්ප්‍රදාය මෙම මූලාශ්‍ර නොපිළිගන්නා නමුත් හදීස් වල සඳහන් දේ පිළිගනී.

මෙය අවසාන දේශනයේ බහුලව උපුටා දක්වන කොටස වේ. නබිතුමා දෙවියන්ගේ හා නීතිය ඉදිරියේ මිනිස්වර්ගයාගේ සමානාත්මතාවය ගැන ප්‍රකාශ කළා. මිනිසා ඉපදුනේ ආදම් සහ ඒවාගෙනි. සියලු මිනිසුන්ගේ දෙමාපියන් වන මොවුන් දෙදෙනා දූවිල්ලෙන් මැවූ බව හා කිසිම පුද්ගලයෙක් තවත් කෙනෙකුට වඩා උසස් නොවන බව නබිතුමා ප්‍රකාශ කරයි.

සමානාත්මතාවය යන සංකල්පය යුක්තිය මත රඳා පවතී: සියලුදෙනා සමාන වේ. කිසිම කෙනෙකුට තමා අනෙකාට වඩා භක්තිමත් හෝ යහපත් යැයි කිව නොහැක.

ඉස්ලාමීය සහෝදරත්වය[සංස්කරණය]

ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


—"ඔබ ඔබටම අසාධාරණය ඉටු නොකරගන්න. දිනක ඔබ දෙවියන් හමුවේ ඔබේ ක්‍රියාවන්වලට පිළිතුරු දිය යුතුය. මා ගිය පසු නිවැරදි මාර්ගයෙන් පිටතට නොයන්න."

නබිතුමා සියලු මට්ටමේ අපරාධ තහනම් කරන ලදී. ඉහත කියමනත් සමග නබිතුමා ප්‍රකාශ කරන්නේ යමෙකු අසාධාරණයක් හෝ අපරාධයක් කල විට එහි දඬුවම හිමි වන්නේ ඔහුට පමණයි යන්න වේ. දෙවියන් අසාධාරණයේ නියුතු අයට කැමති නැති බව නබිතුමා ප්‍රකාශ කළා. ඔහු එම සමාජය නිවැරදි මාර්ගයේ හැමදාම සිටීමට ඔහු අවවාද කළා.

ශාස්තෘවරුන්ගේ මුද්‍රාව[සංස්කරණය]

—"ජනතාවනි! මගෙන් පසු කිසිම ශාස්තෘවරයෙක් හෝ දූතයෙකු පැමිණෙන්නේ නැත. නව ආගමක්(ඇදහිල්ලක්) ඇතිවන්නේ නැත. එමනිසා මා කියන දේ හොඳින් තේරුම් ගන්න. මාගේ පසුපස ඇති දේවල් දෙකකි. එය කුරානය හා හදීස් වේ. ඔබ එය අනුගමනය කලේ නම් කිසිවිටක ඔබ නොමග යන්නේ නැත."

ඔහුගෙන් පසු අලුත් ආගමක් හෝ ශාස්තෘවරයෙක් නොපැමිණෙන බව නබිතුමා ප්‍රකාශ කළා. මුස්ලිම්වරුන්ට කුරානය හා හදීස් පමණක් යොදාගෙන එකමුතු වන්නට උපදෙස් දුන්නේය.

මෙම හදීසයේ වෙනස් පිටපතක් පහත ආකාරයට සහීහ් මුස්ලිම්හි 7වැනි පොතෙහි 2803වන හදීසයේ සඳහන් වේ.

—"මම ඔබට දෙවියන්ගේ ග්‍රන්ථය තැබුවෙමි. ඔබ එය හොඳින් රඳවාගන්න. ඔබ නොමග යන්නේ නැත.."[4]

මෙම හදීස් පිටපත මගින් නබිතුමාගේ මරණයෙන් පසු විශ්වාසවන්තයින්ට කුරානය පමණක් උපදේශයක් ලෙස සෑහෙන බව කියවේ. මෙය කුරානයේ 7:170 හි සඳහන් වන "පොත හොඳින් රඳවාගෙන, දිනපතා නමදීම් කරන කෙනෙකු නිවැරදි මග නැතිවීමෙන් පෙළෙන්නේ නැත." යන්න සනාථ කරයි.[5]

අන් අයට පණිවිඩය ලබා දීමට නියෝගය[සංස්කරණය]

—"මට අහුම්කන්දෙන සියලුදෙනා අනිත් අය වෙතත්, ඔවුන් අනිත් අයටත් මගේ පණිවිඩය දෙන්න; මට කෙලින්ම සවන්දෙන අයට වඩා හොඳ අය වන්නේ මගේ වචන අවසානයේ ලබාගෙන තේරුම් ගන්නා අය වේ. දෙවිඳුනි, ඔබ ඉදිරියේ මා ඔබේ පණිවිඩය ජනතාවට දුන්නෙමි."

එදා දේශනයට පැමිණි අයට මෙම පණිවිඩය ලබාදීමේ වගකීම පැවරුවේය. පසුකාලීනව ඔහුගේ පණිවිඩය ලබා ගන්න අය ගැන නබිතුමා සඳහන් කරනවා. ඔහුට කෙලින්ම සවන්දෙන අයට වඩා පසුකාලීනව එයට සවන් දෙන අය බුද්ධිමත් හා එහි තේරුම තෙරුම්ගතහැකි අය විය හැක.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. ටර්නර්, කොලින් (2006). ඉස්ලාම්: මූලික කරුණු. නිව්යෝක්: රවුට්ලෙජ්. pp. 35–36. ISBN 978-0-415-34106-6. 
  2. "අවසාන දේශනය". Islami City. සම්ප්‍රවේශය July 2011. 
  3. "නබිතුමාගේ අවසාන දේශනය: අවසාන අනුශාසනය". Religion of Islam. සම්ප්‍රවේශය 30 January 2012. 
  4. http://www.sahihmuslim.com/sps/smm/
  5. http://tanzil.net/#7:170
"http://si.wikipedia.org/w/index.php?title=අවසාන_දේශනය&oldid=272891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි