අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්තය

විකිපීඩියා වෙතින්

ශුද්ධ වූ අල් - කුර්ආනය පහළවීමේ පරමාර්තය ගැන ෂියා මුස්ලිම්වරු මෙන්ම යු‍ෆි මුස්ලිම්වරු විවිධ අදහස් පළ කර ඇත. එය පහළවීම සම්බන්ධ මුහම්මද් නබිතුමාගේ රුවන් වැකියක් පහත දැක්වේ.

අල් - කුර්ආනය එහි බාහිර පෙනුමෙන් මෙන්ම එහි අන්තර්ගතයෙහි ගැඹුරු අර්ථය එයටම ආවේණික වූවකි. එය කියවා අවබෝධ කරගැනීමට හැකියාව ඇත්තේ අරාබි භාෂාව ගැන මනා අවබෝධයක් හා නිපුණත්වයක් ඇති සුළු පිරිසකට පමණි. මෙහි භාෂා ශෛලිය හා සැගවුණු අර්ථය ගැඹුරෙන් ගැඹුරට තවදුරටත් උසස් අදහස් රාශියක් සමග සංකලනය වී ඇත. මෙහි සැගවුණු අර්ථය හා සැබෑ අර්ථය බාහිරම පැතිකඩ හතකින් විග්‍රහ කළ හැකිය.

මේ අනුව බලන කළ අපට පැහැදිලිවන සත්‍යය වන්නේ එය පාරායනය කිරීමේ දී අපට බාහිරව දැනෙන අවබෝධයට වඩා සැඟවුණු සත්‍යයන් රාශියක් මෙහි අන්තර්ගත වී ඇති බවද , ඒවා ඉතාමත් ගැඹුරු අර්ථවලින් පෝෂිත බව ද වේ. එය කෙසේද යත් ශරීරයට ජීවය ලබා දෙන ආත්මය වැනිය.

මෙම අදහස් මුල් කරගෙන හෙන්රි කෝබින් යන විද්වතා පවසන්නේ ශුද්ධ වූ අල් - කුර්ආනය ඉස්ලාමයේ නීති රීති හා ප්‍රතිපත්තීන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බවයි. එයට හේතුව නබිතුමාගේ ජීව පිළිවෙත පරම්පරාවෙන් පරම්පරාවට කිසිම වෙනසකින් තොරව ලබා දී ඇති බවය. කෙසේ නමුත් ශුද්ධ වූ අල් - කුර්ආනයේ අපූර්වත්වය හා සම්භවය විශ්වාස නොකරන ජනතාවට එය අභියෝගයක්ව පවතියි.