කුර්ආන්
|
|||||||
පාරායනය කිරීම, පරිවර්තනය යන අර්ථයන් ලබා දෙන “අල් කුර්ආන්” යන අරාබි වචනය ඉස්ලාමයේ මූලිකම ආගමික ග්‍රන්ථයයි. එය මිනිස් සංහතියටම මඟ පෙන්වන මඟ පෙන්වීමක්, ආදර්ශයක් වන අතර මිනිසා මවපු අල්ලාහ්ගෙන්ම අවසාන වරට අරාබි භාෂාවෙන් පහල වූ අංග සම්පූර්ණ වූ ජීවන සැලැස්මකි. මෙය පුරා අවුරුදු 23ක කාලයක් අල්ලාහ‍්ගෙන් සුරදූත ජිබ්රීල්ගේ මාර්ගයෙන් ශුද්ධ වූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛනිවසල්ලම් තුමාට පහළ වූ බව ඉස්ලාමයේ පිළිගැනීමයි.
මෙලොවට පහල වූ මුල්ම මිනිසා වන ආදම් අලෛහිස්සලාම් තම දෙවියා වන අල්ලාහ්තආලාගේ වක්තෘවරයා ලෙස තමාට පහල වු දේව සුභාරංචි තම පරපුරට දේශනා කර අල්ලාහ්ගේ ඒකීයත්වය පැහැදිලි කර දුන්නේය. ඉන්පසු ඉබ්‍රාහීම් නබිතුමා තමාට දෙවියන්ගෙන් ලැබුණු අණපනත් මඟින් තම පරපුරට ඒක දේව ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතු බව පැහැදිලි කළේය. මෙලෙස ආදම් අලෛහිස්සලාම් පටන් අවසාන නබි මුහම්මද් තුමා දක්වා ලොව පහල වූ සෑම නබි වරයෙක්ම ජනතාවට දේශනා කළේ ඉස්ලාම් ආගමයි. එසේම අල්ලාහ්ගෙන් පහළ වූ ආගම් වන පරණ ගිවිසුම (තව්රාත්), ගීතාවලිය (සබුර්), ක්‍රිස්තු දහම (ඉන්ජීල්) යන ආගම් සත්‍ය බව පිළි ගන්නා අතර පෙර නබිවරුන්ට අනාවරණය වූ සියලු කරුණු ඒ ඒ ආකාරයෙන්ම ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් වන්නේ නැත. නමුත් පසු කාලීනව වෙනස්කම්වලට භාජනය වූ එම අනාවරණයන් නිවැරදි කර පැහැදිලි කර ශුද්ධ වූ අල් කුර්ආනයේ නැවත නැවතත් නිවැරදි සඳහන් කර ඇත.
ශුද්ධ වූ අල් කුර් ආනයේ එහි අන්තර්ගත තොරතුරුවලින් අනාවරණය කරන්නේ එය නිවැරදි මඟ පෙන්වීමක් බවය. එම නිසා අතීතයේ සිදුවීම් සම්බන්ධ නිවැරදි තොරතුරු හා එකල ජනයාගේ ජීවන රටාවන් හා සම්බන්ධ කරුණු පෙන්වා දී අදාල සිදුවීම් ගැන විස්තර කිරීමකට අමතරව එම සිදුවීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරිපත් කර නැත. ස්වාභාවික සිදුවීම් සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමට වඩා ස්වාභාවික හා එයට ඔබ්බෙන් ඇති සුවිශේෂී සිදුවීම් සම්බන්ධ තොරතුරු දෙවියන්ගේ බලය විදහා දැක්වීමක් වශයෙන් ඉදිරිපත් කර ඇත.
ශුද්ධ වූ අල්කුර්ආන් අනාවරණයන් මුහම්මද් නබි තුමා ජීවත්ව ඉන්නා කාලයේ දී එතුමාගේ අනුගාමිකයන් විසින් ලියාගත් අතර එය මුලින්ම ප්‍රචාරය කරන ලද්දේ වාචිකවය. මුල්වරට අල් කුර්ආන් පිටපත සකස් කරන ලද්දේ ඉස්ලාමයේ මුල්ම පාලකයා වන අබුබක්කර් රලියල්ලාහු අන්හු තුමාගේ පාලන සමයේය. පසුව තුන්වන පාලකයා වන උස්මාන් රලියල්ලාහු අන්හු තුමාගේ පාලන සමයේ එය විධිමත් අයුරින් පිටපත් කරන ලදී. ශුද්ධ වූ අල් කුර් ආනය එය පහල වූ ආකාරයෙන්ම වන පොත් කර ආරක්ෂා කරන අතර එය මුහම්මද් නබි තුමා පෙන්වා දුන් ආකාරයටම කිසිම වෙනසකට භාජනය නොවී පෙරදිග හා අපරදිග සියලුම ජනයා පාරායනය කරයි. එහි කිසිම කරුණක් සම්බන්ධයෙන් හෝ ගැටළු මතු නොවී ආරක්ෂා වීම නිසා මුස්ලිම්වරු, සුන්නි හා ෂියා යනුවෙන් වෙන් නොවී සියලු දෙනාම අනුගමනය කර පිළිපදින්නේ එකම අල් කුර්ආනයයි.
පටුන |
[සංස්කරණය] ශුද්ධ වූ අල් - කුර්ආනය - ආශ්චර්යයකි
ඉස්ලාමීය විද්වතුන්ගේ විශ්වාසය වන්නේ ශුද්ධ වූ අල් කුර්-ආනයක් ආශ්චර්යක් වන අතර එය පහළ වූ කෘතියක් බවත් මිනිසා කෙතරම් උත්සාහ කළද ඒ හා සමාන කෘතියක් නිර්මාණය කළ නොහැකි බවත්ය. එහි භාෂා ශෛලිය මෙන්ම එහි අඩංගු විද්‍යාත්මක කරුණු සත්‍ය බවට පසු කාලීනව සොයාගත් සාධක එහි ආශ්චර්යජනක භාවය විදහා දක්වයි.
ශුද්ධ වූ අල් කුර්ආනය මිනිසාට අභියෝග කරන්නේ හැකි නම් ශුද්ධ වූ අල් - කුර්ආනය වැන්නක් එහි සුරාවන් කිහිපයක් වැනි හෝ එසේත් නැතිනම් වාක්‍ය කිහිපයක් හෝ නිර්මාණය කරන ලෙසටය. ඒ හා සමාන කෘතියක් කෙතරම් උත්සාහ කළ ද මිනිසාට නිර්මාණය කළ නොහැකි වීමෙනුත් එහි භාෂා ශෛලියන් ආශ්චර්ය ජනක බව විදහා දැක්වෙයි.
[සංස්කරණය] ශුද්ධ වූ කුර්ආනයේ මූලික අක්ෂරයන්
කුර්ආනයේ සුරාවන් 29 ක ප්‍රාරම්භක අක්ෂර ලෙස ඇති විවිධ වූ අක්ෂරයන් 14ක් යුගල 14ක් ලෙස ශුද්ධ වූ කුර්ආනයටම ආවේණික වූ භාෂා විලාසයකින් සටහන් වී ඇත. උදා- අලිෆ්, ලාට්, රා, (සුරා 2:1) මෙම අක්ෂරයන්වල තේරුම් සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවබෝධ කරගත නොහැක. එම අක්ෂරයන්වලට විවිධ වූ අදහස් හා තේරුම් රාශියක් අන්තර්ගත වී ඇත. ඊජිප්තුවේ ජීව විද්‍යාඥයකු හා පාලකයකු වන රෂාද් සඳහන් කරන්නේ අංක 19 කින් සමන්විත ගණිත සංඛ්‍යාව ගැන දැන ගැනීමට සුරා 74 හි 30 වන වාක්‍ය ඉවහල් වූ බවය.
[සංස්කරණය] පරිවර්තන
ශුද්ධ වු අල් කුර් ආන් පරිවර්තනය කිරීම සෑම අවස්ථාවක දීම ගැටළු සහගත සහ අපහසු කාර්යයක් විය. මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම හා විශ්වාසය වන්නේ එය මිනිසුන් ඇති කරන නීති රීතිවලට වඩා පරිවර්තනය කිරීම හෝ එහි අදහස අර්ථ කථනය කිරීම හෝ කළ නොහැකි කාර්යයන් බවයි. තවද අරාබි භාෂාවේ එක් අක්ෂරයකට එය යොදා ගන්නා අවස්ථාවට අනුකූලව වෙනස් වෙනස් අර්ථ රාශියක් ගැබ් වන නිසා නිවැරදි පරිවර්තනයක් නිකුත් කිරීම තවත් අපහසු කාර්යයක් වී ඇත. කෙසේ නමුත් ශුද්ධ වූ අල්කුර් ආනයේ පරිවර්තන රාශියක් අප්‍රිකානු, ආසියානු හා යුරෝපීය භාෂාවලට පරිවර්තනය කර ඇත. කුර් ආනය මුල් වරට පරිවර්තනය කරන ලද පරිවර්තකයා පර්සියානු ජාතික සල්මාන් නැමැත්තෙකි. ඔහු 7 වන සියවසේ දී අල් කුර් ආනය ෆටිහා භාෂාවෙන් පර්සියානු භාෂාවට පරිවර්තනය කළේය. ඉස්ලාමිය ඉතිහාසයේ පරිවර්තන නිකුත් කරන ලද අවස්ථා කිහිපයක් ඇත. ඇබීසිනියානු පාලක නේගුස් හා බයිසැන්ටීන් පාලක හිරුක්ලීඩ් යන රජවරුන්ට අල් කුර් ආන් වාක්‍ය අඩංගු ලිපි ශුද්ධ වූ මුහම්මද් නබි තුමා යවා ඇත. මුල් සියවස් ආරම්භක කාලයේ දී පරිවර්තන උපයෝගී කර ගෙන සලාතය ඉටු කිරිමට අනුමැතිය නොදුන්න ද පසුව අනුමැතිය ලබා දී ඇත. 1936 වන විට අල් - කුර් ආන් පරිවර්තන 102 ක් නිකුත් කර ඇත. අල් කුර් ආන් පිටපත බටහිර භාෂාවක් වන ලතින් භාෂාවෙන් 1143 දී මුල්වරට පරිවර්තනය කරන ලද්දේ රොබර්ට් කෙට්න් නම් පුද්ගලයෙකි. වර්ෂ 1649 දී ඇලෙක්සැන්ඩර් රොස් විසින් මුල්ම ඉංග්‍රීසි පරිවර්තනය එලි දක්වා ඇත. 1734 දී ජෝර්ජ් සේල් නැමැත්තා මුල්ම විස්තරාත්මක කුර් ආනය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර රිචර්ඩ් බෙල් තවත් පරිවර්තනයක් 1937 දී නිකුත් කර ඇත. තවත් අල් කුර් ආන් පිටපතක් 1955 දී ආතර් ජෝන් නැමැත්තා පරිවර්තනය කර ඇත. මෙම කුර් ආන් ග්‍රන්ථ පරිවර්තනය කරන ලද සෑම පුද්ගලයෙක්ම මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන්ය. මුස්ලිම්වරුන් විසින් ද ශුද්ධ වූ අල් කුර් ආනයේ පරිවර්තන රාශියක් එලි දක්වා ඇත. විශාරද මුහම්මද් මුසීන් කාන් සහ විශාරද මුහම්මද් තාකි - උද් - දීන් අල් හිලාලි, මෞලතා මුහම්මද් අලි, අබ්දුල්ලා යුසුන් අලි, එම්. එච්. ෂාකිර්, මුහම්මද් අසාද් සහ මර්මදුක් පිතාලි යන අයගේ පරිවර්තන කෘතීන් ඉතාමත් ප්‍රසිද්ධය. ඉංග්‍රීසි පරිවර්තකයන් සමහර අවස්ථාවලදී පැරණි ඉංග්‍රීසි වචන යොදා ගෙන නිකුත් කරන ලද කෘති ද නව පරිවර්තන ද උසස් තත්වයේ පවතී. උදාහරණයක් ලෙස බොහෝ ප්‍රසිද්ධ පරිවර්තන දෙකක් වන යුසුෆ් අලි සහ මර්වදුකේ පික්තාලි යන අයගේ කෘතිවල බහු වචන හා ඒක වචන "ye" හා "thou" වෙනුවට සුලබ වචනය "you” යන්න ද අරාබි භාෂාවේ “අල්ලාහ්” යන වචනය සාහිත්‍යමය අගයක් සහිතව “The God" යන්න ඉංග්‍රීසි භාෂාවේ සුලභ වචනයක් ලෙස "God." යනුවෙන් ද භාවිතා වේ. වර්තමාන පරිවර්තන කෘතිවල මෙම උපුටා ගැනීම් බොහෝ විට වෙනස් විය හැකිය.
[සංස්කරණය] අංග සම්පූර්ණ බව
ශුද්ධ වූ අල් කුර්ආනය අංග සම්පූර්ණ නැති බවට යෝජනා වී ඇති වාද විවාද තුන් ආකාරයකට ඇත. මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනෙක් වන සුන්නි මුස්ලිම්වරු මෙන්ම ෂියා මුස්ලිම්වරු එකමතිකව පිළිගන්නේ ශුද්ධ වූ අල් කුර්ආනය වෙනත් දෙයකින් උපුටා ගන්නා ලද එකක් නොවන බවයි. නමුත් ඒ වෙනුවට මුහුම්මද් නබි තුමා දේශනා කළ කුර් ආන් පාඨ සලකා බැලීමේදී තව්රාන් හා ඉන්ජීල්වල සඳහන් තොරතුරුවල නිවැරදි කරුණු ඇතුළත්ය. මෙය පහත කුර් ආන් පාඨයෙන් පැහැදිලි වෙයි. කුර්ආන් (5:15)
“පුස්තලය හිමි අයවලුනි! ඇත්තෙන්ම තොප වෙත අපගේ රසුල්වරයා පැමිණියේය. පුස්තකයෙහි තොප සැඟවු දැයින් බොහෝ කරුණු දැය තොපට පැහැදිලි කරන්නේය. තවද ඔහු බොහෝ දැය ක්ෂමා කරන්නේය. ඇත්තෙන්ම අල්ලාහුගේ සන්නිදානයෙන් ආලෝකය ද පැහැදිලි පුස්තකය ද (අල්කුර්ආන්) පහල වී ඇත.” (5:15)
මෙම වාක්‍ය පැහැදිලිව යොමු වන්නේ “අහ්ලුල් කිතාබ්” හෙවත් පුස්තකය හිමි අය වන “ක්‍රිස්තියානි හා යුදෙව් භක්තිකයන්ටය. මෙයින් වාක්‍යයෙන් එලි දක්වන්නේ යුදෙව්වරු හා ක්‍රිස්තු භක්තිකයන් සඟවන ලද හෝ හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වන පරිදි නැති වී ඇති සත්‍ය තොරතුරු පිළිබඳ සැබෑ පුවත හෙලි කර නිරාකරණය කිරීමට කුර් ආන් වාක්‍යය පහක කර ඇති බවයි. මුස්ලිම් බහුතරයකගේ පිළිගැනීම වන්නේ කුර්ආන් පාඨ කාලීනව වෙනස් වී නැති බවත් සමහර කුර්ආන් පාඨ ඉවත් කර යහපත උදෙසා සංශෝදනය කර පසුව එම පාඨ සකස් කර දීර්ඝ වශයෙන් පහළ වී ඇති බවයි. උදාහරණයක් ලෙස නබි තුමාට නබිත්වයේ මුල්කාලවල එනම් මදීනා සංක්‍රමණයට පෙර මක්කාවේදී පහල වූ කුර්ආන් පාඨව මිනිසාගේ මැවීම සම්බන්ධ තොරතුරු ඇතුළත් වී ඇති අතර මදීනා සංක්‍රමණයට පසු පහල වූ වාක්‍යවල පෙර තොරතුරු සනාථ කරමින් තවත් බොහෝ ජීවන සැලැස්මට අදාල කරුණු උපයෝගී කරගෙන සමස්ථයක් වශයෙන් සියල්ල ගැන පැහැදිලි කර ඇත.
මිර්සියා එලීඩේගේ අදහසට අනුව පහළ වූ සමහර කුර්ආන් පාඨ අස්ථානගත වී ඇති බවට අදාල රුවන් වැකි කිහිපයක් ඇති බවයි. එනමුත් සුන්නි මුස්ලිම්වරුන්ගේ ඒකමතික පිළිගැනීම වන්නේ ඒවා සනාථ කිරීමට අදාල සාධක නොමැතිව උපුටා ගන්නා ලද වැරදි තොරතුරු බවයි. කුර් ආන් පාඨ අංග සම්පූර්ණ නැති බවට ඉදිරිපත් කර ඇති එම තර්කවලට අදාල වාක්‍යයන් පහත පරිදි වේ.
ශුද්ධ වූ මුහම්මද් නබි තුමා ද සාමාන්‍යය මිනිසකු වන නිසා මුලින්ම පහල වූ අල් කුර්ආන් වාක්‍යන් අමතක වී හෝ නියම තොරතුරු අනාවරණය කර ගැනීමට අපහසු වී හෝ තිබෙන්නට පුළුවන් බවයි. මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම වන්නේ එය කිසිම පදනමක් යටතේ හෝ පිළිගැනීම වන්නේ එය කිසිම පදනමක් යටතේ හෝ පිළිගැනීමට නොහැකි මිනිසුන් විසින් අනුමාන වශයෙන් සිතා ගොතන ලද අසත්‍ය තොරතුරක් බවත්, මුහම්මද් නබි තුමාට පෙර යම් පුද්ගලයෙකුට අනාවරණය වූ “තොරතුරක් විය හැකි බවයි. සුරා 96 හෝ 74 මුහම්මද් නබි තුමාට මුලින්ම පහල වු ආයත් හැටියට පිළිගෙන ඇත.
මේ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට අදාල කුර්ආන් පාඨ උපුටා දක්වා ඇත. පහල වූ අනාවරණයන් අමතකවීම ගැන 87:6-7 , නැවත සකස් කිරීම ගැන 2:106, 16:101, හාස්කම් ගැන 22:52 යන පාඨ සඳහන් කළ හැක. අක්බර් අලි මෙහෙරලි නම් වූ වෙනස් ආගම් ගැන සමීක්ෂණ කළ මුස්ලිම්වරයෙක් ප්‍රතිචාරයක් වශයෙන් තම අදහස ඉදිරිපත් කරන්නේ 2:106 කුර් ආන් පාඨය වැරදි විදියට අර්ථ කථනය කර මෙසේ ඉදිරිපත් කර ඇති බවයි.
“අප අස් කරන හෝ අමතක කරවන හෝ ආසාවෝ මෙන් ද ඒ වෙනුවට ඊට වඩා ශේෂ්ඨ වු හෝ එබඳු වූ හෝ අසාවන් ඵලවන්නෙමු. ඇත්තෙන්ම අල්ලාහු සියලු දැය කෙරෙහි බලසම්පන්න යැයි තොපි නොදන්නෙහු ද? ඔහු පවසන්නේ මෙම වාක්‍යය ආරම්භ කර ඇත්තේ යම් අර්ථයකින් එලි දක්වන අයුරින් බවයි. එහි ආරම්භය අනෙකුත් වාක්‍ය ඛණ්ඩවලට උක්තයක් ලෙස සඳහන් වී ඇත.
එකක් වෙනුවට තවත් දෙයක් ආදේශ කිරීම මෙහිදී දැකගත හැකි විය. එම නිසා එයින් ඉදිරිපත් කරන තොරතුරු වැරදි විය හැකි අතර එය අමතක වීමට අවස්ථාව ඇති බවයි.
අල් කුර්ආනයේ සඳහන් තොරතුරුවලට අනුව ෂෙයිතාන්ගේ පෙළඹවීම ගැන සඳහන් අල් කුර්ආන් පාඨය (22:52) නැවත වතාවක් අනෙක් වාක්‍යය කොටස ගැන තොරතුරු ඉදිරිපත් කර ඇති නිසා එය වැරදි ලෙස අර්ථ කථනය කර ඇති බවයි.
අපි රසුල්වරයෙකු හෝ නබිවරයෙකු හෝ එවූ සෑම විටකම ඔහු ප්‍රකාශ කරන කල්හි ඔහුගේ ප්‍රකාශයෙහි ෂෙයිතාන් බහා මිස නැත. එහෙත් ෂෙයිතාන බැහු දැය අල්ලාහ් පහ කරන්නේය. පැසුළු අල්ලාහ් ඔහුගේ ආසාවන් ස්ථිර කරන්නේය. අල්ලාහු සියල්ල දන්නේය. නුවණැතිය.” (22:52)
මුස්ලිම්වරුන්ගේ පිළිගැනීම හා විශ්වාසය වන්නේ ෂෙයිතාන්ගේ පෙළඹවීම සැම රසුල්වරයෙක් කෙරෙහිම පොදු වූවක් වන අතර එය මුහම්මද් නබි (සල්) තුමාට පමණක් සීමා වූ දෙයක් නොවන බවයි. එහෙත් මෙම බලපැම් කිසිවකින් ශුද්ධ වූ අල් කුර්ආනයට බලපෑම් එල්ල කළ නොහැකි වූ බව ඒ. සුසුන් අලිගේ පරිවර්තනයේ සඳහන් තොරතුරුවලින් හෙලි වේ.