කුරානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කුරානයෙ පිටුවක්('Umar-i Aqta'). ඉරානය, ඇෆ්ඝනිස්තානය, ටිමුරිඩ් අධිරාජ්යයය, circa 1400. Opaque දිය සායම්, තීන්ත සහ රන් ආලෙපිත පත්‍ර භාවිත කර ඇත. 170 x 109cm (66 15/16 x 42 15/16in)පුරාවිද්‍යාත්මක කලාපය: උස්බකිස්ථාන්.

කුරානය - නිරුක්ති ශාස්ත්‍රය සහ අර්ථය[සංස්කරණය]

"කුර් - ආන්" යන වචනයේ විවිධ අර්ථ සලකා බැලු විට, එහි මුල්ම භාවිතය දැකගත හැක්කේ කුර් - ආනයේ මය. එහි "කුර් - ආන්" වචනය 70 වාරයක් පමණක් සඳහන් වේ. කුර් - ආන්" යනු "කියවීම " හෝ "පාරායනය කිරීම" වැනි අදහසක් දෙන "කර’ආ” යන අරාබි ක්රියා පදයේ ආශ්රයෙන් එන ක්රියා නාමයකි (මසදර්). මෙය සිරියානු භාෂා වේ එන "කෙර්යානා" හෙවත් ආගමික ග්රන්ථ කියවීම/පාඩම නැමැති වචනයටද සමානවේ. බොහෝ බටහිර විද්වතුන් "කුර් - ආන්" යන වචනයට සිරියානු සම්භවයක් ඇති බවට විශ්වාස කරන අතර, මුස්ලිම්වරු බහුතරයක් විශ්වාස කරන්නේ එය අරාබි වචනයකින් සැදුණු බවටයි. කෙසේ වෙතත් මුහම්මද් නබිතුමාගේ කාලය වන විට එය අරාබි වචනයක් බවට පත් වී ඇත.

"කුර් - ආන්" යන්නෙන් "ගායනය කිරීම / පාරායනය කිරීම" යන මුලික අර්ථය ගෙනදේ. කුර් - ආනයේ දැක්වෙන බොහෝ ප්රකරණ වල , එම වචනය විවිධ අවස්ථාවන් වලදී සිදු වු හෙලිදරව් කිරීම ගැන පවසයි. කුර් - ආනයේ බොහෝ පරිච්ඡේදයන් වල "කුර් - ආන්" වචනය දේව මෙහෙයක් හා සම්බන්ධ කර ඇත. බොහෝ විට "අල්" නැමැති ඛණ්ඩය එහි පෙරට සම්බන්ධ කර භාවිතා වේ. ටොරාව සහ ක්‍රිස්තියානි ග්රන්ට් සමඟ යෙදෙන විට එය සංගෘහිත ලේඛනයක ආරම්භය ගනී.

මෙම වචනයට සමානාර්ථ ඇති විවිධ වචන කුර් - ආනය පුරාවටම භාවිතා වේ. මේ සෑම වචනයකටම සුවිශේෂි අර්ථ තිබුණද, යම් ප්‍රකරණයන් තුළ ඒවායේ භාවිතය කුර්-ආනයේ අර්ථයත් සමඟ සමපාත වේ. එවැනි වචන කිහිපයක් නම් කිතාබ්, ආයාහ්, සුරාහ්ත්ය.ඊට අමතරව දිකීර් හෙවත් "මතක් කිරීම" හා හික්මා හෙවත් "ඥානය"යන වචනද මේ යටතට ගැනේ.

කුර් - ආනයට තවත් නම් බොහෝමයක් ඇත. ඒවා අතර අල් - ෆුර්තාන් (අවබෝධය හෝ නිර්ණායකය) , උම් අර් - කිතාබ් ( මවු ග්‍රන්ථය හෝ පුරාකෘතිය) , අල් - හුදා (මාර්ගෝපදේශනය), දික්රල්ලාහ් (දෙවියන් අනුස්මරණය), අල්හික්මා (ඥානය) සහ කලාමල්ලාහ් (දෙවියන්ගේ වදන) යන වචන අල් කුර් -ආනයේම දැකගත හැක. අල් කිතාබ් (ග්‍රන්ථය) යන වචනය කුර් - ආනය මෙන්ම වෙනත් ධර්ම ග්‍රන්ථ හැඳින්විමේදී ද භාවිතා වේ. මුස්’හාෆ් (ලියවිල්ල) යන්න බොහෝ විට කුර් - ආනීය අත්පිටපත් හැඳින්වීමට භාවිතා කරන අතර කලින් හෙළිදරව් කළ ග්‍රන්ථ හැඳින්වීමටද යොදා ගනී.


ශුද්ධ වූ අල් කුර් - ආනයේ මුලාරම්භය සහ විකාශය[සංස්කරණය]

ශුද්ධ වූ අල් කුර් - ආනයේ මුලාරම්භය සහ විකාශය ගැන කෙරෙන අධ්‍යයනයන්, ප්‍රධාන මතවාද දෙකක් ලෙස සැලකිය හැකිය. එකක් නම් සම්ප්‍රදානුකූල මුස්ලිම් මතවාදයක් වන අතර අනෙක සම්ප්‍රදානුකූල නොවන මතවාදයකි.

සම්ප්‍රදායවාදී මතවාදයට අනුව , ශුද්ධ වූ අල් කුර් - ආනයේ ආරම්භය සිදුවූයේ ක්‍රි.ව. 610 දී, මුහම්මද් නබ් (සල්) තුමාගේ ප්‍රකාශයත් සමඟ ය. දිව්‍යමය හෙලිදරව් කිරීම පිළිබඳ එතුමාගේ ජිවිත කාලය තුළදී අල් කුර් - ආනයේ වැකි ලේඛනගත කිරීමෙන් සහ මතකයේ තබා ගැනීමෙන් පැවතී ඇත. මුහම්මද් නබි (සල්) තුමාගේ වියෝවෙන් සහ ක්‍රි.ව. 632 දී දෙසැම්බර් මාසයේ දී පැවති කෘර වූ යමාමා යුද්ධයෙන් පසුව, අල් කුර් - ආනයේ ලේඛනගත කළ වැකි සමූහයන් වශයෙන් පළකර ඇත. උස්මාන් කලීෆාවරයා ක්‍රි.ව. 653/654 කාලය තුළ අල් කුර් - ආනයේ සුවිශේෂ ලේඛනයන් ප්‍රමිතිකරණයට ලක් කරන ලදි. පසුව හත්වෙනි සහ අටවෙනි සියවස් වලදීද අල් කුර් - ආනයට ස්වර ලක්ෂ්‍යයන් සහ විරාම ලකුණු යෙදීම සිදු කර ඇත.

සම්ප්‍රදායවාදී නොවන මතවාදයට මුලිකවම දායක වී ඇත්තේ බටහිර විද්වතුන් වන අතර, ඔවුන් උස්මාන් කලීෆාවරයා සැකසූ ලේඛනයන් හා එක්ව තිබුණු අනෙකුත් අනුවාද වලට වඩා ඉහළ අධිකාරියක් තිබිම ගැන විවාද කරති. මෙම විද්වතුන් ගෙනෙන තවත් තර්කයක් නම්, ඉස්ලාමීය ඉතිහාසය සම්බන්ධයෙන් මුස්ලිම් ඉතිහාසඥයන්ගේ වාර්තා පමණක්ම සත්‍ය ලෙස භාර ගත හැකි ද යන්නයි.

මොන්ට්ගෝමරි වොට් (එඩ්න්බර්ග් සරසවියේ අරාබි සහ ඉස්ලාමිය අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්යවරයා ක්‍රි.ව.1964 -75), ක්‍රිස්ටොෆ් ලක්සෙන්බර්ග් (ජර්මනියේ ආදි සැමිටික් භාෂා පිළිබඳ විද්වතා) සහ ජොන් මන්ස්බ්‍රෝහ් (ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන කේන්ද්‍රිය) යනු ඉතා වැදගත් කොට සැලකෙන ඉතිහාස‍ ප්‍රතිශෝධනවාදීන් වේ.

අල් - කුර්ආන් එහි ගැඹුරු අර්ථකථනය හා එය පහළවීමේ පරමාර්ථය[සංස්කරණය]

ශුද්ධ වූ අල් - කුර්ආනය පහළවීමේ පරමාර්ථය ගැන ෂියා මුස්ලිම්වරු මෙන්ම යුෆි මුස්ලිම්වරු විවිධ අදහස් පළ කර ඇත. එය පහළවීම සම්බන්ධ මුහම්මද් නබිතුමාගේ රුවන් වැකියක් පහත දැක්වේ.

අල් - කුර්ආනය එහි බාහිර පෙනුමෙන් මෙන්ම එහි අන්තර්ගතයෙහි ගැඹුරු අර්ථය එයටම ආවේණික වූවකි. එය කියවා අවබෝධ කරගැනීමට හැකියාව ඇත්තේ අරාබි භාෂාව ගැන මනා අවබෝධයක් හා නිපුණත්වයක් ඇති සුළු පිරිසකට පමණි. මෙහි භාෂා ශෛලිය හා සැගවුණු අර්ථය ගැඹුරෙන් ගැඹුරට අධ්‍යයනය කරන විට තවදුරටත් උසස් අදහස් රාශියක් සමග සංකලනය වී ඇති බව පෙනේ. මෙහි සැගවුණු අර්ථය හා සැබෑ අර්ථය බාහිර පැතිකඩ හතකින් විග්‍රහ කළ හැකිය.

මේ අනුව බලන කළ අපට පැහැදිලිවන සත්‍යය වන්නේ එය පාරායනය කිරීමේ දී අපට බාහිරව දැනෙන අවබෝධයට වඩා සැඟවුණු සත්‍යයන් රාශියක් මෙහි අන්තර්ගත වී ඇති බවද , ඒවා ඉතාමත් ගැඹුරු අර්ථවලින් පෝෂිත බව ද වේ. එය කෙසේද යත් ශරීරයට ජීවය ලබා දෙන ආත්මය වැනිය.

මෙම අදහස් මුල් කරගෙන හෙන්රි කෝබින් යන විද්වතා පවසන්නේ ශුද්ධ වූ අල් - කුර්ආනය ඉස්ලාමයේ නීති රීති හා ප්‍රතිපත්තීන් ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බවයි. එයට හේතුව නබිතුමාගේ ජීව පිළිවෙත පරම්පරාවෙන් පරම්පරාවට කිසිම වෙනසකින් තොරව ලබා දී ඇති බවය. කෙසේ නමුත් ශුද්ධ වූ අල් - කුර්ආනයේ අපූර්වත්වය හා සම්භවය විශ්වාස නොකරන ජනතාවට එය අභියෝගයක්ව පවතියි.

කුර්-ආනයේ ඉතිහාසය[සංස්කරණය]

අනාගත වක්තෘවරයාගේ යුගය


9 වැනි සියවසට අයත් කුරානයේ පිටපත

ෂියා සහ සුන්ති විද්වතුන්ට අනුව මුහම්මද් නබි තුමගේ වියෝවෙන් කෙටි කලකට පසු අලි විසින් කුරාන් මුස්හාෆ් අනුවාදයක් සම්පුර්ණයෙන් ම සම්පාදනය කර ඇත. මෙම මුස්හාෆ් හි අනුපිළිවෙල, උස්මාන් අවධියේ සම්පාදනය කළ අල්-කුරානයට වඩා වෙනස් විය. එසේ වුවද අලි විසින් ප්‍රමිතිකරණයට ලක් කරන ලද අල්-කුරානය පිළිගන්නා ලදි.

යමාමා යුද්ධය නිසා අල්-කුරානය කටපාඩමින් දැන සිටි අය හැත්තෑවක් පමණ මියගිය පසු, අබු බකර් කාලිෆ් වරයා අල්-කුරානයේ විවිධ පද්‍යයන් හා පරිච්ඡේද එක් රැස් කර එක් ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට තීරණය කළේය. එම නිසා සයීද් ඉබ්නු තාබිත් සහ තවත් අල්-කුරානය කට පාඩමින් දැන සිටි පිරිසක් විසින් පද්‍යයන් හා පරිච්ඡේද එකතු කර අතින් ලියන ලද පිටපත් කිහිපයක් සකසන ලදි.

650 වන විට, තුන්වන කාලිෆ් වරයා වන උස්මාන් වන උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමා අල්-කුරානයේ පවිත්‍ර බව සුරැකීමත්, රෂිදුන් අධිරාජ්‍යය එක්සේසත් කිරීමත් අරමුණු කරගෙන නිල වශයෙන් ප්‍රමිතිකරණය කළ අල්-කුරානයේ අනුවාදයක් පිළියෙල කිරීමට අණ කළේය. මෙහිදී අනුගාමිකයන් පස් දෙනෙක් හෆ්සා බින්ත් උමාර් තුමිය භාරයේ තිබු අල්-කුරානය, අබු බකර් තුමාගේ නායකත්වය යටතේ අනුවාදය සකස් කළ හ. මුස්ලිම්වරු අතර තිබු වෙනත් පිටපත් සියල්ලම පාහේ කාලිෆ් වරයාගේ අණ යටතේ මදීනාවේදී විනාශ කරන ලදී. මෙසේ සම්පාදනය කළ ග්‍රන්ථ අදටත් අල්-කුරානය ලෙස නිල වශයෙන් පිළිගනී.

වර්තමාන අල්-කුරානය, බොහෝ ශාස්ත්‍රඥ විද්වතුන් විසින් මුහම්මද් නබි (සල්) තුමාගේ කියමන් වල වාර්තාවක් ලෙස සලකයි. මෙයට හේතුවක් වන්නේ මීට පෙර අල්-කුරානයේ අඩංගු කරුණු තුල විවාද කළ හැකි ආකාරයේ කරුණු කිසිවක් සොයාගෙන නොමැති වීමයි. මෙයින් උස්මාන් කලිෆා වරයාගේ වාරණයේ ප්‍රබලත්වද හැඟවේ යැයි පිළිගත හැකිය.

හදීස් සහ මුස්ලිම් ඉතිහාසයට අනුව මුහම්මද් නබි (සල්) තුමා මදීනාවට ගිය පසු එහිදී ස්වාධීන මුස්ලිම් සමාජයක් බිහි කළහ. ඔහුගේ අනුගාමිකයින් විසින් (සහාබා) විශාල පිරිසකට කුර් - ආනය කියවා, එය ඉගෙනගෙන, අන් අයටද උගන්වන ලෙස නියෝග කරන ලදි. එසේ කුර්- ආනය ගායනා කළ අනුගාමිකයින් "කුර්රා" ලෙස හඳුන්වයි. ඒ වන විට බොහෝ සහාබාවරුන්ට ලිවීමට හෝ කියවීමට හැකියාව නොතිබුණු නිසා ඔවුහූ එකළ විසු යුධ සිරකරුවන්ගෙන් අකුරු කියවීමට ඉගෙන ගත්හ. මුල් කාලයේදී කුර් - ආනයේ කොටස් ගල් පුවරුවල, සත්ත්ව ඇටකටු වල සහ රට ඉඳි ගස්වල පත්‍රවල ලියා තැබිණි. සුන්නි සහ ෂියා මුලාශ්‍ර වල දැක්වෙන අන්දමට මුහම්මද් තුමාගේ කුර් - ආන භාවිත කිරීමෙන් ඉස්ලාමයට හැඩගැසීමටත්, යාඥා කිරීමටත්, එය කියවීමේ පිළිවෙල දැනගැනීමටත් ආදිය සඳහා උපකාරී වේ. කුර් - ආනය මුහම්මද් නබි (සල්) තුමාගේ කාලය තුළ ග්‍රන්ථයක් ලෙස නොපැවතුණි.

ඉස්ලාමීය අධ්‍යනයන් පිළිබඳ විද්වතෙක් වන වෙල්ච්, ඉස්ලාමීය විශ්ව කෝෂයේ සඳහන් කරන ආකාරයට හෙළිදරව් කිරීම් වලින් අනතුරුව මුහම්මද් නබි (සල්) තුමා සිටි කැළඹුණු තත්ත්වය විස්තර කර ඇති ආකාරය සැබෑ ලෙස ගත හැක. එම අවස්ථාව වලදී මුහම්මද් නබි (සල්) තුමා සිටි පරිග්‍රාහී තත්ත්වය, හෙළිදරව් කිරීම්වල අධිමානුෂික මුලය ඔප්පු කළ හැකි සාක්ෂියක් බව වෙල්ච් පවසයි. එහෙත් මුහම්මද් නබි තුමා ආදී අරාබියේ විසු ශාස්තෘවරුන් ඉන්ද්‍රජාලිකයින් සේ යක්ෂාවශේෂ වී ඇතැයි ඇතැම් විචාරකයෝ පවසති. වෙල්ච් පවසන තවත් කරුණක් නම් මුහම්මද් නබි තුමාගේ එම හැසිරීම, ඔහු අනාගත ශාස්තෘවරයෙක් ලෙස හඳුනා ගැනීමට පෙර සිටම පැවතියක්ද, නැතහොත් ඉන්පසු ඇති වු දෙයක්ද යන්න අපැහැදිලි බවයි.

කුර් - ආනය සඳහන් කරන අන්දමට මුහම්මද් (සල්) තුමා "උම්මි" හෙවත් "සාක්ෂර නොවු" පුද්ගලයෙකි. එහෙත් වේල්ච් පෙන්වා දෙන අන්දමට "උම්මි" යන වචනය “ධර්ම ග්‍රන්ථ කියවා නැති” යන අර්ථය ගෙන දෙන්නකි. මුහම්මද් නබිතුමාට ඔහුගේ වෙළෙඳාම් කටයුතු කරගෙන යාම සඳහා යම් තරමකින් හෝ ලීවීමේ හා කියවීමේ හැකියාවක් තිබෙන්නට ඇති බව ඔහුගේ තර්කයයි.

කුරානයේ ඉතිහාසය - මුස්හාෆ් සම්පාදනය

කුර්ආන් - එහි සැකැස්ම[සංස්කරණය]

ශුද්ධ වූ අල් කුරානය නොයෙකුත් දිග ප්‍රමාණයෙන් යුත් සුරාවන් වන පරිච්ඡේද 114 කින් සමන්විතය. ඒවා මක්කියා සහ මදනීයා ලෙස වර්ග කර ඇත්තේ එය පහළ වීම අනුවය.එයද එම පරිච්ඡේදවලට ආවේණික අක්ෂරවලට අනුවය. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ අණට අනුව අල් කුරානයේ පරිච්ඡේද නම් කර ඇති බවයි. අල් කුරානයේ ආරම්භයේ ඇති සුරාවන් දීර්ඝ සුරාවන් වන අතර අවසානයට ඇති සුරාවන් කෙටි ඒවා වෙයි. පරිච්ඡේද පෙළ ගස්වා ඇති අනුපිළිවෙල, පහළ වූ අනුපිළිවෙල හා සම්බන්ධ නොවේ. එක සුරාවන් හැර එනම් 9 වැනි පරිච්ඡේදය හැර ඉතිරි සියල්ලම ආරම්භ වන්නේ “බිස්මිල්ලාහිරිරන්මාහිරිරහීම්” යනුවෙනි.

ෂිකස්ටහ් ආකාරයෙන් ලියා ඇති කුරානයේ පළමු වැනි සහ අවසාන පරිච්ඡේදය.

සෑම සුරාවක්ම වාක්‍යය හෙවත් ආයත්වලින් සමන්විතය. සෑම වාක්‍යයක්ම අල්ලාහ්ගෙන් පහළ වී ඇත. සුරතයක ඇති ආයත් සංඛ්‍යාව තවත් සුරතයක ආයත් සංඛ්‍යාවට වඩා වෙනස්ය. තනි ආයතයක් හෙවත් වාක්‍යයක් අකුරු කිහිපයක් හෝ පේළි කිහිපයක් විය හැකිය. ඉස්ලාමයට පෙර විසූ අරාබිවරුන්ගේ සාහිත්‍යය පද්‍ය තාලය හා තනුව ආදිය කුර්ආන් ආයතයකින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඒවා බොහෝ දුරට සමාන වන්නේ යුදෙව්වරුන්ගේ හා කිතුණුවන්ගේ ධර්මයෙහි අඩංගු ශුද්ධ වූ වචනවලටය. ඉස්ලාමයේ ආරම්භක කාලයේ සිටම ශුද්ධ අල් කුරානයේ අඩංගු සම්පූර්ණ ආයත් සංඛ්‍යාව ගැන ඇති අදහස් මුස්ලිම් විද්වතුන්ගේ මතහේදයට තුඩු දී ඇත. සමහරු එය 6,00ද, සමහරු 6,204, සමහරු 6,219, තවත් සමහරු 6,236 ලෙසත් හඳුන්වා දී ඇත. එනමුත් අක්ෂර සංඛ්‍යාව සමානය. කුෆාහී ඉතාමත් ප්‍රසිද්ධ පැරණි අල්කුරාන් ග්‍රන්ථයේ පිටපතක ඇති ආයත් සංඛ්‍යාව 6,236කි.

එහි (අජ්සා) කුඩා කොටසක් කොටස් තිහකින් සමන්විතය එය අහසාබ් නම් ප්‍රධාන කොටස් 2 කින් ද (ජුක්උ භාගය - නග්බු) වශයෙන් ජුස්උ කාල (රුබ්උ) හෙවත් රුබ්බුල් අහ්සාබ් යන තවත් කොටස් 4 කින් ද මන්සීල් හෙවත් විශාල කොටස් 7 කින් ද සමන්විතය. ශුද්ධ වූ අල් කුරාන් වාක්‍ය ආරම්භයක්, ගර්භයක් අවසානයක් හෝ නොමැති අතර එය එකක් අනිකට සම්බන්ධව ජාලයකට හෝ දැලකට සමාන වේ. නොයෙකුත් මතධාරීන් මෙහි සැකැස්ම සම්බන්ධව විවේචන ඉදිරිපත් කර ඇත. එනම් එහි නැවතීමක් පහළ වූ අනුපිළිවෙලින් ගායනය කරන පිළිවෙලක් හෝ නැවත නැවත සඳහන් කිරීමක් හෝ දක්නට නොමැති බවයි.


කුර්-ආනය ආගමික ලේඛනයක් ලෙස[සංස්කරණය]

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති 11 වෙනි සියවසට අයත් දකුණු අප්‍රිකානු කුර්-ආනය

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය යනු මානව වර්ගයා සඳහා දිව්‍යමය මඟ පෙන්වීම සහ උපදේශනය ලබා දෙන පුස්තකයකි. පුරා අවුරුදු විසිතුනක කාලයක් තුළ ජිබ්රීල් දේව දූතයා විසින් මුහම්මද් නබි (සල්) තුමාට හෙළිදරව් කරනලද ‍දේව වාක්‍යයන් හැටියට මුස්ලිම්වරු සලකන්නේ කුර්-ආනයේ ප්‍රකෘති අරාබි පදගතාර්ථයයි. ඔවුන්ගේ අදහස අනුව කුර්-ආනය යනු මනුෂ්‍ය ප්‍රජාව සඳහා දෙවියන් වහන්සේ විසින් සිදුකළ අවසාන හෙළිදරව් කිරීමයි. හෙළිදරව් කිරීම පිළිබදව වූ ක්‍රිස්තියානි සංකල්පය වන්නේ, දෙවියන් වහන්සේ මිනිස් කනට ඇසෙන සේත්, මිනිස් ඇසට නොපෙනෙන සේත් ජීවමාන ආත්මභාවයක් ලබා පෙනීසිටී යන්නයි.මෙම සංකල්පය ඉස්ලාම් ධර්මයට ආගන්තුක වූ සංකල්පයකි. ඉස්ලාමීය සහ කුර්-ආනීය සංකල්පයක් වන වාහියි මඟින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ යම් පුද්ගලයෙකු අමතා ඔහු තුළින් තවත් විශාල පිරිසකට දේව පණිවිඩය දැනගැනීමට සලස්වන බවයි. ‍දේව පණිවිඩය අදාළ පණිවුඩකරුවා කරා පැමිණීමේ ක්‍රියාවලිය තන්සීල් (පහළට එවීම) හෝ නූසැල් (පහළට ඒම) යනුවෙන් හඳුන්වනු ලැබේ. කුර්-ආනය දක්වන අන්දමට, සත්‍යයත් සමඟම අප (දෙවියන් වහන්සේ) විසින් එය එවා ඇත. සත්‍යයත් සමඟ එය පැමිණ ඇත. එය දේව දූතයා විසින් අනාගත වක්තෘ වරයාට සැළ කර සිටි වැනි ධනාත්මක ධර්මයක් ලෙස නම් කරයි. මෙමඟින් අදහස් වන්නේ දේව වාක්‍යය වඩා ඉහළ භවයක සිට ලබා ගැනීමට සිදු වී ඇති බවයි.

හදීසයන්ට අනුව කුර්-ආනයේ පැදි පහළට එවා ඇත්තේ සුවිශේෂ තත්ත්වයන් ඇති අවස්ථාවලදීය. මෙවැනි තත්ත්වයන් අබාබ් අල් - නුසල් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම දැක්ම තුළින් පිළිබිඹු වන්නේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ විසින්ම දේව වාක්‍ය නොගෙනෙන බවයි.

මුස්ලිම්වරුන් තරයේ පිළිගන්නා කරුණක් නම් කුර්-ආනය දිව්‍යමයෙන් ප්‍රවර්ජිත බවයි.‍කුර්-ආනයේ ද එහි ඇති පාඨවලින්ද මෙම කරුණු තහවුරු කරයි. කුර්-ආනය බොහෝ අවස්ථාවල දී එහි දැක්වෙන පාඨ පිළිබඳව අවධානය යොමු කරමින් එහි දිව්‍යමය මුලාරම්භය පිළිබඳව නිරතුරුවම ආවර්ජනය කරයි.එබැවින් සියලුම ආගමික ලේඛන අතරින් වඩාත්ම ස්වයං අවධානයක් දක්වන ලේඛනයක් ලෙස කුර්-ආනය හැඳින්විය හැකිය. දේව වාක්‍ය මෙලොව පහළ වීමට පෙර සිටම ඒවා ගැන වාර්තා වෙන සුළු ලේඛන පිළිබඳව ද කුර්-ආනයෙන් අවධානය යොමු කරයි.

කුර්-ආනය සර්වකාලීන ද, එසේත් නැතිනම් එය නිර්මාණය කරන ලද්දක් ද යන මතභේදය ආදිකාලීන මුස්ලිම් දේවධර්මයන්ට තීරණාත්මක එකක් විය. මුතාසිලිවරු විශ්වාස කරන ආකාරයට කුර්-ආනය නිර්මිත වස්තුවක් වන අතර, වෙනත් බොහෝ මුස්ලිම් දේවධර්මධරයන්ගේ විශ්වාසය අනුව කුර්-ආනය නිර්මාණය නොවූ සර්වකාලීන වස්තුවකි. සුෆි දර්ශනවාදීන් මෙම මතභේදය දකින්නේ කෘතිමව මවා ගත් දෙයක් හැටියටය.

කුර්-ආනයේ වර්තමාන විග්‍රහය දක්වන පරිදි, මුහම්මද් නබි (සල්) තුමාට හෙළි කල ‍දේව වාක්‍යයන්ට අනුරූපී බවටද මුස්ලිම්වරුන් විසින් මතයක් දරනු ලබයි. එය දෙවියන් වහන්සේ විසින් ජිබිරීල් දේව දූතයා හරහා මුහම්මද් නබි (සල්) තුමාට එවනු ලැබූ ‍දේව වාක්‍යයි. කුර්-ආනය මාර්ගෝපදේශනයක් බවත්, මුහම්මද් නබි (සල්) තුමා‍ගේ අනාගත වක්තෘභාවය පිළිබඳ නිමිත්තක් බවත්, ධර්මයේ සත්‍යය වන බවටත් මුස්ලිම්වරු සලකනු ලබයි. ඔවුන් තර්ක කරන්නේ, කුර්-ආනය සඳහන් කරන අන්දමට මනුෂ්‍යයෙකුට කුර්-ආනය වැනි පුස්තකයක් නිර්මාණය කළ නොහැකි බවයි. මෙම හේතූන් නිසා ඉස්ලාමීය දර්ශනවාදීයෙකු විසින් දේව වාක්‍ය මනුෂ්‍ය උච්චාරණයක් දක්වා යන ආකාරය විස්තර කර දීම සඳහා ශාස්තෘවාදයක් ඉදිරිපත් කරයි. මෙයින් මුහම්මද් නබි (සල්) තුමා සහ එතුමාගේ කාලය අතර ඇති සම්බන්ධතාවය කෙරේ අවධානය යොමු කර නොමැත.එමගින් එතුමා සහ දේව වාක්‍යයන් උපදින බාහිර ප්‍රභවය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රකාරතාවයට මැදිහත් වෙමින්, මුහම්මද් නබි (සල්) තුමා‍ගේ තත්ත්වය වටහා ගැනීම කරා යන ගුප්ත අර්ථ විවරණ ශාස්ත්‍රයකට මඟ පාදයි. බටහිර විද්වතුන්ගේ ඵෙතිහාසික විවරණයක් වන, මුහම්මද් නබි (සල්) තුමා ඔහු විසූ තත්ත්වයන්, ඔහුගේ අධ්‍යාපන මට්ටම සහ බුද්ධිය ආශ්‍රයෙන් වටහා ගැනීම සමඟ ප්‍රතිවීරෝධී අදහසක් ඉහත සඳහන් කළ ශාස්තෘවාදයේ ගැබ් වී ඇත.

කුර්ආන් - අර්ථ විවරණය හා එහි වැදගත්කම[සංස්කරණය]

ශුද්ධ වූ අල්කුරානයේ සම්පූර්ණයෙන්ම අඩංගු වන්නේ සර්ව බලධාරී අල්ලාහ් හා අල්ලාහ්ගේ ශුද්ධ වූ වචනය. මෙය අරාබි භාෂාවෙන් පහළ කරන ලද දේව ග්‍රන්ථයයි. ලොව පුරා පැතිර පවතින ශුද්ධ වු අල්කුරානයේ පැහැදිලි අර්ථකථනය විග්‍රහ කිරීම “හෆ්සීර්” යනුවෙන් හැදින්වේ. මෙම පැහැදිලි අර්ථකථනය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශුද්ධ වූ දේව වාක්‍යවල අදහස පැහැදිලි කිරීමත් , එහි වැදගත්කම පුළුල්ව අවබෝධ කර ගැනීමත් එහි තේරුම වටහා ගෙන සර්ව සම්පූර්ණ වූ ජීවන සැලැස්ම පිළිපැදීමත් වේ.

මුල් කාලයේ දී ඉස්ලාමයට පිවිසුණු මුස්ලිම්වරුන්ගේ ජීවන පිළිවෙත ශුද්ධ වු අල් කුරානයට අනුව හැඩ ගැසී තිබුණි. මුහම්මද් නබි තුමා ශුද්ධ වූ අල් කුරානය මිනිසුන්ට දේශනා කර පැහැදිලි කර දී තමා ද ඒ අනුව ආදර්ශමත් ජීවිතයක් ගත කළහ. මුල් කාලයේ එය අනුගමනය කර කටයුතු කළ සුළු පිරිස අතර අලි ඉබ්නු අබීතාලිබ්, අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් , අබ්දුල්ලාහ් ඉබ්නු ඌර් , සහ උබෙයි ඉබ්නු කාබ් යන අය ද වූහ.

මුල් කාලයේ දී ශුද්ධ වූ අල් කුරාන් පාඨවලට අර්ථ විවරණය සැපයූ අය එහි භාෂා ශෛලිය, එය පහළ වූ අවස්ථාව, පහළ වූ පසුබිම , භාෂාව නැවත නැවත උපයෝගී කර ගැනීම සම්බන්ධ සියලු තොරතුරු පිළිබදව නිවැරදිතාවය තහවුරු කිරීමට මුහම්මද් නබි තුමාගේ රුවන් වැකි උපයෝගී කර ගන්නා ලදී.

ශුද්ධ වූ අල් කුරාන් පාඨ පහළ වී ඇත්තේ ඉතාමත් සරල අරාබි භාෂාවෙනි. අරාබි භාෂාව ගැන මනා දැනුමක් හා නිපුණත්වයක් තිබුණු එකල අරාබිවරුන්ට එය කියවා තේරුම් ගෙන පිළිපැදීම පහසු විය. නමුත් පසුව ඉස්ලාමය ගැන පැහැදී ඉස්ලාම් තම ජීවන මාර්ගය ලෙස පිළිගෙන ඉස්ලාමය වැළදගත් විශේෂයෙන් අරාබි නොවන අනුගාමිකයන්ට එය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීම තරමක් අසීරු සහගත විය. ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ කාලයේ අනුගාමිකයන් නබිතුමා දේශනා කළ කුරාන් වාක්‍යය හදාරා තේරුම් ගෙන පිළිපැද්ද ආකාරයට නබිතුමාගේ පසු එසේ පැහැදිලි අර්ථකථනයක් ඉදිරිපත් කිරීම අසීරු සහගත වීම නිසා පසු කාලයේ දී දේව ග්‍රන්ථ අනාවරණ ලේඛකයන් විසින් ලියන ලද කුර්ආන් පිටපත් එක්රැස් කරන ලදී. කුර් ආන් පාඨ පහළ කෙරුණේ අවස්ථාවට හා අවශ්‍යතාවයට අනුකූලවය. මෙසේ පහළ කෙරුණු අනුපිළිවෙල තර්නීබ් අන් නුසුල් ලෙස හැදින්වේ. අල් කුරානයේ පරිච්ඡේද පෙළගස්වා ඇත්තේ පහළ වූ අනුපිළිවෙලට නොවන නිසා එහි අවස්ථා සම්බන්ධය විග්‍රහ කරන විද්වතුන් වෙනස් ආකාරවලට අර්ථකථනය කිරීම වැළැක්වීම සදහා තොරතුරු රැස් කර නිවැරදි තොරතුරු ග්‍රන්ථාරූඪ කරන ලදී.

කුර්ආන් - එහි අර්ථ විග්‍රහය (“හෆ්සීර්”)

ශුද්ධ වූ අල්කුරානයේ සම්පූර්ණයෙන්ම අඩංගු වන්නේ සර්ව බලධාරී අල්ලාහ් හා අල්ලාහ්ගේ ශුද්ධ වූ වචනය. මෙය අරාබි භාෂාවෙන් පහළ කරන ලද දේව ග්‍රන්ථයයි. ලොව පුරා පැතිර පවතින ශුද්ධ වු අල්කුරානයේ පැහැදිලි අර්ථකථනය විග්‍රහ කිරීම “හෆ්සීර්” යනුවෙන් හැදින්වේ. මෙම පැහැදිලි අර්ථකථනය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශුද්ධ වූ දේව වාක්‍යවල අදහස පැහැදිලි කිරීමත් , එහි වැදගත්කම පුළුල්ව අවබෝධ කර ගැනීමත් එහි තේරුම වටහා ගෙන සර්ව සම්පූර්ණ වූ ජීවන සැලැස්ම පිළිපැදීමත් වේ. මුල් කාලයේ දී ඉස්ලාමයට පිවිසුණු මුස්ලිම්වරුන්ගේ ජීවන පිළිවෙත ශුද්ධ වු අල් කුරානයට අනුව හැඩ ගැසී තිබුණි. මුහම්මද් නබි තුමා ශුද්ධ වූ අල් කුරානය මිනිසුන්ට දේශනා කර පැහැදිලි කර දී තමා ද ඒ අනුව ආදර්ශමත් ජීවිතයක් ගත කළහ. මුල් කාලයේ එය අනුගමනය කර කටයුතු කළ සුළු පිරිස අතර අලි ඉබ්නු අබීතාලිබ්, අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් , අබ්දුල්ලාහ් ඉබ්නු ඌර් , සහ උබෙයි ඉබ්නු කාබ් යන අය ද වූහ. මුල් කාලයේ දී ශුද්ධ වූ අල් කුරාන් පාඨවලට අර්ථ විවරණය සැපයූ අය එහි භාෂා ශෛලිය, එය පහළ වූ අවස්ථාව, පහළ වූ පසුබිම , භාෂාව නැවත නැවත උපයෝගී කර ගැනීම සම්බන්ධ සියලු තොරතුරු පිළිබදව නිවැරදිතාවය තහවුරු කිරීමට මුහම්මද් නබි තුමාගේ රුවන් වැකි උපයෝගී කර ගන්නා ලදී. ශුද්ධ වූ අල් කුරාන් පාඨ පහළ වී ඇත්තේ ඉතාමත් සරල අරාබි භාෂාවෙනි. අරාබි භාෂාව ගැන මනා දැනුමක් හා නිපුණත්වයක් තිබුණු එකල අරාබිවරුන්ට එය කියවා තේරුම් ගෙන පිළිපැදීම පහසු විය. නමුත් පසුව ඉස්ලාමය ගැන පැහැදී ඉස්ලාම් තම ජීවන මාර්ගය ලෙස පිළිගෙන ඉස්ලාමය වැළදගත් විශේෂයෙන් අරාබි නොවන අනුගාමිකයන්ට එය වටහාගෙන ඒ අනුව කටයුතු කිරීම තරමක් අසීරු සහගත විය. ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ කාලයේ අනුගාමිකයන් නබිතුමා දේශනා කළ කුරාන් වාක්‍යය හදාරා තේරුම් ගෙන පිළිපැද්ද ආකාරයට නබිතුමාගේ පසු එසේ පැහැදිලි අර්ථකථනයක් ඉදිරිපත් කිරීම අසීරු සහගත වීම නිසා පසු කාලයේ දී දේව ග්‍රන්ථ අනාවරණ ලේඛකයන් විසින් ලියන ලද කුර්ආන් පිටපත් එක්රැස් කරන ලදී. කුර් ආන් පාඨ පහළ කෙරුණේ අවස්ථාවට හා අවශ්‍යතාවයට අනුකූලවය. මෙසේ පහළ කෙරුණු අනුපිළිවෙල තර්නීබ් අන් නුසුල් ලෙස හැදින්වේ. අල් කුරානයේ පරිච්ඡේද පෙළගස්වා ඇත්තේ පහළ වූ අනුපිළිවෙලට නොවන නිසා එහි අවස්ථා සම්බන්ධය විග්‍රහ කරන විද්වතුන් වෙනස් ආකාරවලට අර්ථකථනය කිරීම වැළැක්වීම සදහා තොරතුරු රැස් කර නිවැරදි තොරතුරු ග්‍රන්ථාරූඪ කරන ලදී.

කුර්ආන් - එහි අර්ථ විග්‍රහය (“තඃවීල්”)

ජැෆර් කුෂ්නි අර්ථ දක්වා ඇති ආකාරයට තඃවීල් යනු පසුපසට යෑම හෝ දෙයක් එහි මූලික සම්භවය දක්වා ආපසු හැරවීමයි. නොහොත් එහි මූලික ආකෘතියකට උදාහරණයක් ලෙස එහි අදහස වන්නේ ආත්මීය මඟ පෙන්වීමක් වන අතර එය හාස්‍යයක් හා ක්ෂණිකව පහළ වූ අගනා අදහස් ගොන්නක් බවයි. එසේම තෆ්සීර් යනු සාහිත්‍යමය වචනාර්ථය නිවැරදිව පිළිගත හැකි ඉස්ලාමීය විද්‍යාත්මක කෘතියකි. අල්ලාවා තබතාබී පවසන ආකාරයට තඃවීල් යන්නට ප්‍රසිද්ධ අර්ථ විවරණය ලෙස සැලකෙන්නේ යම් වචනයකින් හෙළි දක්වන නිවැරදි අදහසකි. “තන්සීල්” යනු තඃවීල් හි විරුද්ධ අර්ථයයි. වචනවල නිවැරදි අදහස එය පහළ වූ ස්වරූපයෙන්ම පවතී. නමුත් මෙම අර්ථ විග්‍රහය පුළුල් ලෙස වර්තමානයේ ව්‍යාප්තව පවතින්නේ තඃවීල් යන පදයට නියම අර්ථය ලෙසය. එය අදාළ වචනයේ සම්භවය ලෙස “ආපසු හැරීම”, ආපසු හැරෙන ස්ථානය යනුවෙනි.

ඔහුගේ අදහසට අනුව තඃවීල් යන්නට නිවැරදි තේරුම හෝ අධ්‍යාත්මික මඟ පෙන්වීම ගැන පැහැදිලි කිරීමක් ශුද්ධ වූ කුර්ආන් වචනවල සරලව ගැබ් වී ඇත. තවද එහි සත්‍ය සිදුවීම් හා ස්වභාවික තත්ත්වයන් මෙන්ම මිනිසාගේ එදිනෙදා ජීවිතයේ තොරතුරු ගැන ද පැහැදිලිව සඳහන් වී ඇත. මෙම මූලික සත්‍යන්ට අමතරව පහළ වූ ආගම් පිළිබඳ තොරතුරු හා අල්ලාහ්ගේ ආඥාවන් ගැන තොරතුරු ද පැහැදිලිව සඳහන් වී ඇත. වචනයක අර්ථය පැහැදිලි කිරීම යනු එම වචනයේ තේරුම නොවේ. එම තේරුම ගැන දැනුවත් කිරීමක් වන අතර එය විශේෂ ආකාරයක අර්ථය පැහැදිලි කිරීමක් වේ. එහි අධ්‍යාත්මික සත්‍යතාවයන් මූලික කරගෙන දේව ආඥා නිකුත් කිරීමක් හෝ හාස්‍යජනක වූ මූලික සත්‍යයන් පැහැදිලි කිරීම අරමුණු කරගත් සත්‍ය සිදුවීම් විස්තර කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. කෙසේ නමුත් එක් පැත්තකින් ෂියාවරු හා සුෆිවරුද , අනෙක් පැත්තෙන් සුන්නිවරුන් ද එහි නීති රීති අතින් ප්‍රතිවිරුද්ධ අදහස් දරති. අල් කුර් ආන් වාක්‍යයකින් යම් අර්ථයක් එළි දක්වන නමුත් එය පාරායනය කළ යුතු ආකාරය ගැන ෂියා හා සුන්නිවරු අතර එකඟතාවයක් නොමැත. ෂියාවරුන්ගේ මතයට අනුව දැනුමෙන් අග තැන්පත් නබිවරු හා ඉමාම්වරු ශුද්ධ වූ අල් කුර්ආන් හි රහස් තොරතුරු සියල්ලම දනී. නමුත් සුන්නිවරු විශ්වාස කරන්නේ ඒවා සියල්ලම දෙවියන් වහන්සේ දන්නා බවයි. අල්ලාම් තබතබීවරුන්ට අනුව නම් අල් කුර්ආනය විග්‍රහ කිරීම සම්බන්ධ විස්තර දන්නේ අල්ලාහ් තආලා පමණක්ම වන අතර එහි කිසිම සැකයක් නැත. එම නිසා අල් කුර් ආන් වචනවලට අර්ථ කථනය ලබා දීමේ දී එහි අල්ලාහ්ගේ අදහසට මුල් තැන ලබා දිය යුතුය. තවද අල්ලාහ් විසින් තෝරා ගන්නා ලද සමහර උසස් පුද්ගලයන්ට යම් තරමකට එහි විස්තර විග්‍රහය ඉදිරිපත් කළ හැකිය. ඉතාමත් පැරණි අල් කුර් ආන් විග්‍රහයක ෂියා ඉස්ලාම්වරුන්ගේ අදහස් ගැබ්වී ඇති අතර එය ආත්මීය හා අධ්‍යාත්මීය තොරතුරුවල එකතුවක් සුෆිවරු සමඟ එකඟතාවයකට පැමිණ ඉදිරිපත් කර ඇත. ඉමාම් අලි සහ ජඃෆර් අල් සාදික් ෂියාවරුන්ගේ සහ සුන්නිවරුන්ගේ ග්‍රන්ථ වශයෙන් එළි දක්වා ඇත. කෝබින්ගේ ප්‍රබන්ධයට අනුව ෂියාවරුන්ගේ මත ගැන අලි (රලි) තුමා තම අදහස් මෙසේ සඳහන් කරයි.

ශුද්ධ වූ අල් කුර් ආනයේ සෑම වචනයක්ම දෙවියන්ගේ වක්තෘතුමාට පහළ වූ ඒවා වන අතර එතුමා කිසිවිටෙකත් එය පිටපත් කිරීමට හෝ පාරායනය කිරීමට හෝ පවසා මට බල කළේ නැත. මම එය මගේ කැමැත්තෙන් මගේ අතින්ම පිටපත් කරනු දුටු එතුමා එය පිටපත් කළයුතු ආකාරය ගැන මට අවබෝධයක් ලබා දුන්නේ මෙසේය. එහි තෆ්සීර් හෙවත් සාහිත්‍යමය අර්ථ කථනය, තඃවීල් එහි අධ්‍යාත්මීය විවරය, නාසිඃ, වාක්‍යයක අවසානය, මන්සුඃ, අවසනාය වාක්‍යය, මුහ්කම් එක සමාන තේරුම් 2 ක් නැති අවස්ථාව, මුතසාබිඃ, එක සමාන තේරුම් දෙකක් ඇති අවස්ථාව ආදී වශයෙන් කරුණු රාශියක් ඇති අතර ඒ සම්බන්ධව පුද්ගලිකව හා පොදුවේ මට උපදෙස් දී ඇත.අල්ලාව් තබතාබීවරුන්ට අනුව සමහර වාක්‍යවල තේරුම් විශේෂ දැනුමක් සහිතව සුළු පිරිසකගේ අවශ්‍යතාවය අනුව සැකසී ඇති අතර ඒවා සමහර අවස්ථාවල පිළිගත හැකි හා පිළිගත නොහැකි මට්ටම්වල පවතී. වාක්‍යයක තේරුම පිළිගත හැකි අර්ථ විග්‍රහය එහි සාහිත්‍යමය අර්ථයට එපිටින් පවතී. තවද එහි නිවැරදි විග්‍රහය දෙවියන් වහන්සේ පමණක් දන්නා අතර මිනිසාට එහි සෘජු අදහස් ඉදිරිපත් කළ නොහැකිය. මෙහි ප්‍රශ්ණයට තුඩු දෙන වාක්‍යවලට අදාල මිනිස් ගුණාංගයන් වන්නේ ඒම, යෑම, වාඩි වීම, සෑහීමකට පත්වීම, තරහ, දුක, ආදියයි. ගුණාංගයන් ගැන තීරණය කරන්නේ අල්ලාහ් තආලා පමණි. “තඃවීල්” යන්නට පිළිගත නොහැකි අර්ථය ලෙස “මාරු කිරීම” යනුවෙන් බාහිරින් අර්ථ කථනය කළ ද එය තර්කානුකූලව වෙනස් අදහස් සහිත බවට තහවුරු වී ඇත. මෙම ක්‍රමය එතරම් ඵලදායක නොවේ.

එනමුත් මෙම ක්‍රමයෙහි පිළිගැනීම් තිබුණ ද එය කුර් ආන් වාක්‍යවලට අදාළව යොදා ගැනීම වැරදිය. වාක්‍යයක සැබෑ ස්වරූපය සෑම වාක්‍යයකින්ම හෙළිවන අතර ඉක්මණින් හා නිවැරදිව අර්ථ දැක්විය හැකි අතර ඒක හා සමාන තේරුම් 2 ක් ද තිබිය හැකිය. එය තනි වචනයක අර්ථය පමණක්ම නොවේ. එහි නිවැරදි තත්වය නම් එම වචන ඉතාමත් ඉහළ අගයක් හා අලංකාරයක් ඇති බවයි. අල්ලාහ් තආලා ඒවා අපගේ හදවත්වලට සමීපවීම උදෙසා එම වචන සරසා ඇත. එය කෙසේද යත් අපගේ සිත්සතන්වල රූප රාමුවක් මවා ගැනීම උදෙසා සහ එය පාරායනය කරන්නාට එහි අර්ථය පැහැදිලිව ග්‍රහණය කර ගැනීම උදෙසාය. එම නිසා සුෆිවරුන්ගේ අදහස් දැක්වීම ඉස්ලාමීය විද්වතුන් පිළිගන්නා අතර එය නිවැරදි අර්ථ විග්‍රහය ලෙස පිළිගැනීමට සමහර කොන්දේසි බලපා ඇත.

සුෆිවරුන්ගේ ඉතිහාසයේ මෙම අර්ථකථනය තුළද සමහර අවස්ථාවල දී ආගමට පටහැනි තොරතුරු ගැබ් වී ඇති බව සුෆිවරු අද විශ්වාස කරති. එසේම ෂියාවරු අතර ද තඃවීල් හෙවත් විස්තර විග්‍රහය පිළිබඳව විරුද්ධ මත පවතී. උදාහරණයක් ලෙස ඉස්ලාමීය විප්ලවීය නායක අයතුල්ලා රූහුල්ලා කුමේනි 1979 දෙසැම්බර් හා 1980 ජනවාරි මාසවල සුරතුල් ෆතිහාව ගැන දේශන ඉදිරිපත් කළ අවස්ථාවේ පළමු වාක්‍ය දෙක ඉදිරිපත් කිරීමට පෙර සමහරු එය තරයේ ප්‍රතික්ෂේප කර තහනම් කර ඇත.

කුර්ආන් - සාහිත්‍යමය සැකැස්ම

ශුද්ධ වූ අල් -කුර්ආනයේ සුභ පණිවිඩය ලොවට විදහා දැක්වීමට නොයෙකුත් ආකාරයේ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ගෙන ඇත. කුර්ආනයේ අභ්‍යන්තර හරය පැහැදිලි කර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දින ගැනීම සඳහා එකල ජනයා භාවිතා කළ ආවේණික අරාබි භාෂාව උපයෝගී කරගෙන වාක්‍ය හා පරිච්ඡේද පෙළ ගන්වා ඇත. වචන උච්ඡාරණය කළ යුතු ආකාරය හා ලිවීමට සරල භාෂා ශෛලියක් උපයෝගී කර ගනිමින් ජනයාගේ සිත් ඇද ගන්නා ස්වරූපයෙන් මෙය නිමාන වී ඇත. අරාබි විද්වතුන්ගේ සම්මත පිළිගැනීමක් වන්නේ අල් කුර්ආන් ග්‍රන්ථයන් අනෙකුත් සාහිත්‍ය කෘති ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. නමුත් මුස්ලිම්වරුන් ස්ථිර ලෙස පවසන්නේ ශුද්ධ වූ අල්-කුර්ආනයේ විස්තරය හා විලාසය අනුකරණය කළ නොහැකි බවයි. රිචඩ් ගොතෙයිල් සහ සිග්මන්ඩ් ෆ්රෑන්කල් යන දෙදෙනා යුදෙව් විශ්වකෝෂයේ සඳහන් කරන ආකාරයට පැරණිතම අල් කුර්ආන් කොටසක් එහි වැදගත් තොරතුරුවලින් එහි භාෂාව වැරදි ලෙස හසුරුවා කෙටියෙන්, අහඹු ලෙස හා එකකට පසු තවකෙක් යන ක්‍රියාදාමයට අනුකූලව ක්ෂණිකව වෙනස් කර ඇත. ශුද්ධ අල්කුර්ආනය ඉතාමත් සූක්ෂම අයුරින් පැහැදිලිව හා නිවැරදිව සැලකිල්ලට ගනිමින් එහි එලිසමය නිරවුල්ව පවත්වා ගෙන ඇත. පසුව පහළ වූ කුර්ආන් පාඨවල ද මෙම තත්ත්වය ඉහළ මට්ටමක පැවතුණ ද එහි නිහඬ බව හා එය හසුරුවා ඇති විලාසය ගැන වාද විවාද පවතී. ඉස්ලාමයේ මුල්ම කාල වකවානුවේ පහළ වූ මක්කියා පරිච්ඡේදවලින් හෙළි දක්වන තොරතුරු නැවත නැවතත් ප්‍රශ්නයක් යොමු කරයි. “මිනිස් ජීවිතයක අවසානය කෙසේ ප්‍රයෝජනවත් වෙයිද?” මයිකල් සෙල්ස් නැමැත්තා නෝමන් ඕ. බ්‍රවුන් සමඟ වාද කළ අතර බ්‍රවුන්ස් එළිදක්වා ඇති තොරතුරු වන්නේ අල් කුර්ආනයේ කලාව ක්‍රමවත් නොවීම හේතුවෙන් එය විසිරී පැතිර පවතින කෘතියක ස්වරූපයක් ගන්නා බවයි. සෝල්ස් මහතාගේ තොරතුරුවලින් එළි කරන්නේත් එය සාහිත්‍යමය කලාවක් බවත්, එය සිත් ගන්නා සුළු සංවේදී අනාවරණයක් වන අතර එකල අරාබිවරුන් භාවිතා කළ ආවේණික මව් භාෂාවෙන්ම පහළ වී ඇති බවත්ය. සෙල්ස් මහතා තවදුරටත් සඳහන් කරන්නේ එය නැවත නැවත තොරතුරු එළි කරමින් එක්තරා සාහිත්‍යමය කලාවකට අනුව සකස් කර ඇති බවයි.

සාහිත්‍යමය උපයෝගීතාවය[සංස්කරණය]

සාහිත්‍යමය උපයෝගීතාවය ශුද්ධ වූ අල් කුර්ආනය පාරායනය කිරීම, ගායනා කිරීම හා වන පොත් කිරීම පහසු කිරීම සඳහා එය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කොටස්වලට බෙදා වෙන් කර ඇත. එය නොයෙකුත් දිග ප්‍රමාණයෙන් යුත් පරිච්ඡේදවලට වඩා වෙනස් හා අමතර වූවකි. එක සතියකින් හෝ මාසයකින් කියවා නිම කිරීමට හැකිවන සේ සම්පූර්ණ අල්කුර්ආනයම අජිසා හෙවත් ජුස්උ තිහකට බෙදා වෙන්කර ඇත. එහි සමහර කොටස්වලට නම් යොදා ඇති අතර ඒවාට එම පරිච්ඡේද ආරම්භ කරන මුල් අක්ෂරයන් උපයෝගී කරගෙන ඇත. එය නැවත කොටස් දෙකකට බෙදා ඇති අතර ඒවා අහ්සාබ් නම් වේ. එක් හිසාබයක් නැවත කොටස් 4 කටද බෙදා ඇති අතර ඒවා රුබ්උල් අහ්සාබ් යනුවෙන්ද හඳුන්වා ඇත. එහි වෙනස් සැලැස්මක් රුකුලක් ලෙස සපයා ඇති අතර ඒවා තවත් කුඩා කොටස් ලෙස වාක්‍යය දහයක් පමණ අඩංගු ඡේද වශයෙන් දක්වා ඇත. තවත් අයුරකින් ශුද්ධ කුර්ආනයම මන්සීල් නමැති කොටස් 7 ට බෙදා ඒවා එක සතියකින් පාරායනය කර නිම කිරීමට හැකි සේ පහසු කර ඇත.

පාරායනය කිරීම අල්කුආන් යන පදයට පාරායනය කිරීම යන තේරුම දී ඇත්තේ එය සාමාන්‍ය අයුරින් කෙසේ පාරායනය කළ යුතුද යන්න පැහැදිලි කර ඇති නිසාය. එහි අර්ථය පැහැදිලි වන සේ සෙමින් ලාලිත්‍යමය ස්වරූපයකට පැහැදිලි උච්චාරණය සහිතව පාරායනය කළ යුතුය. එය පාරායනය කිරීමේ නිවැරදි පිළිවෙත “තජ්වීද්” යනුවෙන් හැඳින්වෙන අතර එහි භාෂාමය අගය තීව්ර වී ඉස්මතුවන සේ පාරායනය කළ යුතුය. තවද, එහි අභ්‍යන්තර අගය වචනවලින් හෙළි කර දැක්විය යුතුය. “එයට ටිකක් වැඩියෙන් හෝ ( අඩකට ටිකක් වැඩියෙන් හෝ ) කුර්ආනය සමපද පාතයෙන් හදාරව”. (අක්ෂර භේදය, උච්චාරණ භේදය නොමැතිව, නවත්ව නවත්වා තොර නැතිව උස්පහත් ප්‍රමාණයෙන් හදාරව) (කුර්ආන් 73:4) නැමඳුම ඉටු කිරීම ඉස්ලාමයේ අනිවාර්ය වගකීමක්වන නිසා එක මුස්ලිමයෙක් අඩුම තරමින් මුල්ම පරිච්ඡේදය වන “ සුරතුල් ෆාතිහා” ඇතුළුව තවත් සුරතයන් හෙවත් පරිච්ඡේද කිහිපයක් දැන සිටිය යුතුය. “සුරතුල් ෆාතිහාව”නිතර නිතර පාරායනය කරන වාක්‍ය 7 ලෙස හැඳින්වෙන අතර ඉන්පසු අවසානයට කෙටි පරිච්ඡේද පාරායනය කරන අනුපිළිවෙලට අවසන් විය යුතුය.

නැමදීමේදී “ඔබම නමදිමු” යන පාඨය පාරායනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ මුස්ලිම්වරයෙක් “ෆාතිහාව වන පොත් කළ විට පමණි. යම් පුද්ගලයෙක් ශුද්ධ වූ අල් කුර්ආනය මිහිරිව පාරායනය කරන්නේ නම් ඔහුට “කාරී” යනුවෙන් ගෞරව නාමයක් ලැබෙන අතර ශුද්ධ වූ කුර් ආනය කටපාඩම් කළ අයට ලැබෙන ගෞරව නාමය “හාෆිස්” නම් වේ. එහි ස්ත්‍රී ලිංග පදය “හාෆොස්” නම් වේ. මෙහි තේරුම පාරායනය කරන්නා හෝ ආරක්ෂා කරන්නා වෙයි. ශුද්ධ වූ මුහම්මද් නබි (සල්) තුමා මුල්ම කාරි ලෙස නම් ලබන අතර මුලින්ම අල් කුර්ආන් පාඨ මිහිරිව පාරායනය කළේ ශුද්ධ වූ මුහම්මද් නබි තුමාය. මුස්ලිම් ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ කලාවක් ලෙස පිළිගැනෙන්නේ අල් කුර්ආනය පාරායනය කිරීමයි.

අල් කුර්ආන් පාරායනය කරන පාසල් හෙවත් මද්‍රසාවන

13 වැනි සියවසට අදාළ කුරාන් ග්‍රන්ථයක සුරා 33.73 පිටුවෙන් උපුටා ගන්නා ලදී. කුරානය පරායනය කරන පාසල් හෙවත් මද්‍රසාවන් බොහෝමයක අනුගමනය කරන්නේ උස්මාන් (රලි) තුමාගේ අනුකරණයන්ය. එයින් 7ක් සුදුසුය. 3 ක් අනුමැතිය සහිත වන අතර අඩු තරමින් 4 ක් ගැටලු සහගතය. 8ක් උප පරම්පරාවෙන් පැවති අතර මෙය වෙනස් ආකාර 80 කින් පාරායනය කළ හැකිය. තවද එහි ගැටලු සහගත ස්වරූපයෙන් පාරායනා කිරීමේ දී සෑහීමකට පත්විය හැකි අවස්ථා 3ක් ඇත.

1. අක්ෂරයෙන් ආකාරයට ගලපා අනුකරණය කිරීම.
2. අරාබි භාෂාවේ අක්ෂර ගලපා වාක්‍ය ඛණ්ඩ හා සම්පූර්ණ වාක්‍යය තැනීමේ නීති රීතිවලට අනුකූල විය යුතුය.
3. එය මුහම්මද් නබි තුමාගෙන් පැමිණි බවට දැනුම් දෙන්නන්ගේ විශ්වාසවන්ත නාමාවලිය අඛණ්ඩව පවතින “තවාතූර්” හෙවත් නිවැරදි සැකයෙන් තොර දීර්ඝ අඛණ්ඩ නාමාවලියක් පැවතීම අනිවාර්යය වේ.

අරාබි භාෂාවේ භාෂා ව්‍යාකරණයට අනුව සමහර වාක්‍ය පාරායනයේ දී එය උච්ඡාරණය කරන ආකාරය (තෂ්කිල්) ගැටළු සහගතය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රියා පදයක වචන උච්ඡාරණය කිරීමේ දී එය සිදු වෙමින් පවතින හෝ සිදුවී අවසන් වූ ක්‍රියාවක් ලෙස වෙනස් විය හැකිය. එසේම වචනයක් උච්ඡාරණය කිරීමේ දී හුස්ම ගෙන නතර නොකර එය දීර්ඝ ලෙස හෝ කෙටියෙන් පාරායනය කර නැවැත්වීමට නියමිත ස්ථානවල නැවැත්වීම හෝ දිගටම පාරායනය කිරීමේ නීති රීතිවලට එකඟව පිළිපැදිය යුතුය. උදාහරණයක් ලෙස දේව දූතයන්ගේ උසස් “ජීබ්රීල්” (අලෛ) තුමාගේ නම උච්ඡාරණය කරන ආකාර කිහිපයක් ඇත. “ජිබ්රිල්” “ජබ්රිල්” ජිබ්රිඉල්, ජිබ්රඊල් යනුවෙනි. “කුර්ආන්” යන නම උච්ඡාරණය කළ යුත්තේ “හම්ස්” යන අක්ෂරය උපයෝගී කර නොගෙනය. එසේම නබි “ආබ්‍රහම්” නම උච්ඡාණය කිරීමේ දී ඉබ්‍රාහීච් ලෙසය. තවද බොහෝ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘන් වන “හෆ්ස්” “වර්ෂ්”, “කලුෆ්” , සහ “අල්දුර්” යන අය විසින් සඳහන් කරන ලදයැයි යන්න අබු අම්ර් ගේ අදහසයි. ඒ අනුව මුස්ලිම්වරු තරයේ විශ්වාස කර පිළිගන්නේ මේ හැම ආකාරයකම උච්චාරණ ස්වරූපයද මුහම්මද් නබි (සල්) තුමා උච්චාරණය කළ ඉස්ලාමීය නීති රීතිවලට අනුකූල බවය.එමෙන්ම මුහම්මද් නබි (සල්) තුමාගේ රුවන් වැකි පොත් කර පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් ව්‍යාප්ත කිරීමට දායකවූ විශ්වාසවන්ත අයගේ නාමාවලිය අඛණ්ඩව පැවති බවට පිළිගත් හා පිලිපැදී ක්‍රමයන් ඉස්ලාමීය නීතිරීතිවලට එකඟ හා අනුකූලද වේ.

13 වැනි ශත වර්ෂයේ කුරානයේ පිටුවක්

මෙම භය භක්තියෙන් පිරුණු විශ්වය ජනක පාරායනාවන් සරලව පැහැදිලි කර ඇත.එම වාක්‍ය ආයත් නම් වේ. අද බොහෝමයක් ජනයා අනුගමනය කරන අනුකරණ ක්‍රමය වන්නේ දස පනතයි. මෙය මුස්ලිම්වරු අතර විශාල ආන්දෝලනයකට තුඩු දී ඇති බව නොරහසකි. මාලික් බින් අකස් සඳහන් කරන පරිදි වෙනස් උච්චාරණ විධි අනුගමනය කරන පිළිවෙත ගැන ශුද්ධ නබි තුමා ගෙන හැර දක්වා ඇති ආකාරය පිළිබඳව අබ්දුර්රහ්මාන් ඉබ්න් අබ්දි අල්කාරි මෙසේ පවසයි. මා ඉදිරියේ උමර් ඉබ්නු කන්තාබ් මෙසේ කීය. හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් සුරා ෆර්කාන් කියවූ ආකාරය මම අසා සිටියෙමි. එය මම කියවන ආකාරයට වඩා වෙනස් විය. තවද මුහම්මද් නබි තුමා එම සුරාව මා ඉදිරියේ පාරායනය කළේය. නබි තුමා එය පාරායනය කිරීම ඇසූ විගස එය කියවූ විලාසය ග්‍රහණය කර ගැනීම මට අවශ්‍ය විය. කෙසේ වෙතත් නබි තුමා නැමදීම අවසන් කරන තුරු ඉවත සිට කබායෙන් අල්ලා නතරකර මෙසේ ඇසුවෙමි. හිෂාව් ඉබ්නු හකීම් ඉබ්න් හිසාම් සුරා ෆුර්කානය ඔබ මට පාරායනය කර පෙන්වූ ආකාරයට වඩා වෙනස් ආකාරයකට පාරායනය කළේය. එවිට ඔහුට නිදහසේ සිටීමට ඉඩ හරින ලෙස උමර් (රලි)ට පවසා හාෂිව් දෙසට හැරී “කියවන්න” යනුවෙන් පැවසීය. එවිට උමර් (රලි) තුමා හාෂීම් වා ඉදිරියේ කියවූ ආකාරයටම සුරා ෆුර්කාන් කියවන ලදී. යනුවෙන් පැවසීය. එය එසේ පහළ වූ බව නබිතුමා පැවසීය. එවිට නබි තුමා එය පාරායනය කරන ලෙස මට පැවසූ නිසා මම ද පාරායනය කළෙමි. එය ද මෙසේ පහළ වූ බව නබිතුමා පවසා සිටි අතර ශුද්ධ වූ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර 7 ක් ඇති බවත් එයින් තමන්ට පහසු ඕනෑම ආකාරයකට පාරායන කිරීම සුදුසු බවත් පැවසීය.පහළොස් වැනි ශතවර්ෂයේ විසූ සුප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙකු වූ සුයුති ලියා ඇති තොරතුරු අනුව ඉහත සඳහන් හදීසය වෙනස් වූ ආකාර 40 ක් ඇති බව ගවේෂණය කර ඇත.ඔහු පවසන්නේ තමන් නිගමනය කර ඇති ආකාරයට මෙම හදීසය සමහර අවස්ථාවල තේරුම් ගැනීම අපහසු බවය.

බොහෝ අයගේ අදහස වන්නේ වෙනස් ආකාරවලට පාරායනය කිරීමේ දී ගැටලු සහගත අවස්ථා මතු වන බවය. අබු අබ්දුර්රහ්මාන් අල් සුලාමි සඳහන් කරන්නේ අබුබක්කර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි) සහ සෛයිද් ඉබ්නු සාබිත් ඇතුළු නබිතුමා සමඟ මක්කාමෙන් මදීනාවට ගිය සංක්‍රමණිකයන් සහ මදීනාවාසීන් පාරායනය කළ ආකාර සමානය. මෙම පාරායනා ක්‍රමය කිරාත් අල් අම්මාන් ලෙස හැඳින්වෙයි. නබිතුමා කාල ක්‍රියා කළ අවුරුද්දේ ජබ්රීල් (අලෛ) දෙවරක් පාරායනා කර පෙන්වූ පරිදි එය පරායනය කෙරේ. සෛද් ඉබ්නු සාබිත් (රලි) තුමා ද පාරායනය කළේ අර්ධාහි ආකිරා නම් වු එම පරායන ක්‍රමයටමය. ඔහුගේ අවසානය දක්වාම මිනිසුන්ට පාරායනය කර පෙන්වූයේ ද මෙම ක්‍රමයටමය. ඉබ්නු සීරීන් පවසන්නේ අද ජනතාව අල් කුරානය පාරායනය කරන්නේ ද එදා ජිබ්රීල් (අලෛ) තුමා, මුහම්මද් නබි (සල්) තුමාගේ අවසාන අවුරුද්දේ පාරායනය කර පෙන්වූ ආකාරයටමය. ජාවද් අහමද් ගාමදී උපුටා දක්වන්නේ අල් කුරානය පාරායනය කළ හැකි ආකාර ඇත්තේ එකක් වන අතර එය කිරාත් හෆ්ස් නොහොත් ව්‍යවහාර භාෂාවෙන් කිරාත් අල් - අම්මාහ් නම්වේ. එදා මුහම්මද් නබි තුමාට අල් කුරානය පහළ වූණේ නබි තුමාගේ ගෝත්‍රය වන කුරෛෂ් ගෝත්‍රයටම ආවේණික වූ භාෂාවෙනි. කෙසේ වෙතත් හෆ්ස් හෙවත් කිරාත් අල් අම්මාහ් ලෙස හැඳින්වෙන ක්‍රමයට පාරායනය කිරීමේ දී ඉරාක් හී කුෆා වැසියන් පාරායනය කරන ක්‍රමය නබි තුමා ජීවත් වූ නගරයේ වැසියන් වන මදීනා වාසීන් පාරායනය කළ ක්‍රමයට වඩා මඳක් ගැටලු සහගත බව හඳුනාගෙන ඇත. මදීනා වැසියන් පාරායනය කරන්නේ “නාෆී” ක්‍රමයට බවත් එය අනුගමනය කිරීමක් බවත් මාලික් ඉම්ම් තුමා පවසා ඇත.

තවද කුරෛෂ්වරු අරාබි භාෂාව භාවිතා කරන විලාසය අනුව හම්ස් යන අක්ෂරය භාවිතා කරන ආකාරයට වඩා අඩුවෙන් හිජාස් ප්‍රාන්තයේ අරාබිවරු යොදා ගන්නා නිසා “නාෆි” ක්‍රමයට පාරායනා කිරීමට මඟ පාදා ඇත. “හෆ්ස්” ක්‍රමයට පාරායනා කිරීමේ දී හම්ස් යන අක්ෂරය අනෙකුත් සලකුණුවලට වඩා වැඩි බලපෑමක් කර ඇත. කෙසේ වෙතත් හිජාස්, හුදෛයිල්, මක්කා, මදීනාවල ජීවත් වන වැසියන් හම්ස් අක්ෂරය නිතරම භාවිතා කරන්නේ නැත. ඉෂා ඉබ්නු උමර් පවසන පරිදි තමීම් නැමැත්තා හම්ස් උපයෝගී කරගෙන පාරායනය කළ අතර, හිජාස් වැසියන් විසින් එය සාහිත්‍ය ප්‍රබන්ධනය වැනි අවස්ථාවලදී පමණක් උපයෝගී කර ගෙන ඇත. සමස්ථයක් වශයෙන් ගත් කළ හම්ස් උපයෝගී කර ගනු ලැබ හජ්ද් ප්‍රාන්ත වැසියන්ගේ ප්‍රබන්ධවල කුෆා වාසීන්ගේ භාෂා ක්‍රමය හා පාරායනය කරන ක්‍රමය ගැබ්වී ඇති අතර මදීනා වැසියන්ගේ ප්‍රබන්ධවල හිජාස් ප්‍රාන්ථ වැසියන් හා කුරෛෂ්වරු ඔවුන්ගේ පාරායන කරන ක්‍රමය වන “නාෆී” ක්‍රමයට අනුකූල වන පරිදි “හම්ස්” යොදා ගැනීමට වග බලාගෙන ඇත. කෙසේ වෙතත් අරාබි භාෂාව ගැන මනා නිපුණත්වයක් ඇති විද්වතුන්ගේ ඒකමතික තීරණය වන්නේ අල් කුර්ආන් පාරායනය කිරිමේ දී යොදා ගත හැකි පාරායනය ක්‍රමය එකක් අනෙකට වඩා උසස් නොවන අතර ඒ සඳහා යෙදා ගැනීමට ඇති ක්‍රම හතෙන් එකක් යොදා ගෙන පාරායනය කිරීම සලාතයේ දී සුදුසු බවයි.බොහෝ විට ගැටලු සහගත තත්ත්වයන් යටතේ පාරායනය කළ අල් කුර් ආන් පිටපත උස්මාන් (රලි) තුමාගේ පිටපත සැසඳීමේ දී එම ක්‍රමය නීතියක් ලෙස සලාතයේ දී පාරායනා කිරීමට උපයෝගී කරගත හැකි නමුත් එය කුර්ආන් අර්ථ විවරණය සඳහා සුදුසු නොවුණත් යම් කිසා ආයතනයක් හෙවත් වාක්‍යයක් පැහැදිලි කිරීමට තර්කානුකූලව යොදා ගත හැකිය.

කුර්ආන් ලේඛනගත කිරීම හා මුද්‍රණය කිරීම[සංස්කරණය]

කුරානයේ පිටුවක්('Umar-i Aqta') ඉරානය, ඇෆ්ගනිස්ථානය, ටිමුරිට් රාජධානි සමයේදී.

ඉරාන් (දැන් ඇෆ්ගනිස්ථානය) ජාතික උමර් අක්තා ලියූ අල් - කුර්ආන් පිටුවක් Opaque - දිය සායම්, තීන්ත හා රත්‍රන් ආලේප කර ඇති මුක්කතා මුද්‍රණයකි. 170 x 109cm (66 15/16 x 42 15/16in) ලෝකයේ බහුලව භාවිතා කරන්නේ ශුද්ධ වූ අල් කුරානයේ මුද්‍රිත පිටපත්ය. ශුද්ධ වූ අල්-කුරානයේ පරිවර්තන විශාල සංඛ්‍යාවක් ලොව පුරා මුද්‍රණය කර ඇත. ලොකු පොඩි, සරසා නැති, සරසා ඇත, වියදම් අධික හෝ අඩු වියදම් වශයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇත. ද්වි භාෂාවන්ගෙන් යුක්ත වූ එනම් එක් පැත්තක අරාබි භාෂාවෙන් ද අනෙක් පැත්තෙන් එහි තේරුම සහිත එම රටවල්වල බොහෝ දුරට නිතරම භාවිතා වන හුරු පුරුදු භාෂාවකින් ද වේ. අල්කුරානය නොයෙක් ප්‍රමාණයෙන් යුත් කෘති ලෙස එළි දක්වා ඇත. බොහෝමයක් සාමාන්‍ය පොතක ප්‍රමාණයෙන් යුක්ත වන අතර ප්‍රදර්ශනය සඳහා යොදා ගත හැකි විශාල ප්‍රමාණයෙන් ද ත්‍යාග හැටියට ලබා දීමට තරම් වූ කුඩා ප්‍රමාණයෙන් ද ඇත.

මුලින්ම ශුද්ධ වූ අල් කුර් ආනය මුද්‍රණය කළේ කැටයම් කරන ලද ලී පුවරුවල එක පිටුවක එක පුවරුවක් ලෙස යොදාගෙනය. දහවන සියවසේ සිට දින යොදන ලද පුවරු විශාල ප්‍රමාණයක පිටු මුද්‍රණය කර ඇත. අඩු වියදමින් යුත් මුද්‍රණ තොගයක් ලිතොග්‍රැෆි නම් මුද්‍රණ ක්‍රමයකට එලි දක්වා ඇත. එමෙන්ම අල් කුරානය නැවත නැවත අතින් නිමවන ලද අලංකාර අක්ෂර කලා සහිතව ද මුද්‍රණය කර ඇත. 1573/1538 වකවානුවල වැනීසියේ මුද්‍රණය කර භාවිතා වූ පැරණිම අල් කුරාන් පිටපත් ඉතාමත් ශීඝ්‍රයෙන් අලෙවි කර ඇත. එය උස්මාන් පාලකයාගේ පාලන කාලයේ සකස් කර රට රටවල්වලට බෙදා හරින ලද පිටපතකින් උපුටා ගෙන ඇත. 1787 දී රුසියානු ජාතික කැතරින් අල් කුරාන් පිටපත් මුද්‍රණය කිරිම සඳහා තමන් විසින් වියදම් දරනු ලැබ ඇත. මෙය අනුගමනය කර 1828 දී කාසාන්වලද 1833 දී පර්සියාවේ ද 1877 දී ඉස්තාන්බුල්වල ද මුද්‍රණය කර ඇත. පරිගණකය උපයෝගී කර ගෙන වුවද මුළු අල් කුරානයේම ඇති මූලික අදහස් සියල්ලම කැටි කොට එලි දැක්වීම ඉතාමත්ම අපහසු කාර්යයකි. අන්තර්ජාලයේ වැදගත් කෘති අංශයේ කුරාන් පිටපත් මුද්‍රිතව හා තාවකාලික එකතුවක් ලෙස නොමිළයේ සපයා ඇත.

පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන බොහෝ නිර්මාණකරුවන් පරිගණක අක්ෂරයන් අල් කුරාන් අක්ෂරවලට අදාළව සැකසීමට ඉදිරිපත් වී උනන්දුවෙන් කටයුතු කරති. අල් කුරානය තොග වශයෙන් මුද්‍රණය වීමට පෙර මෙය අත් පිටපත් ලෙස හා අක්ෂර කලාවන් ලෙස හුවමාරු විය. අතීතයේ පටන් මුස්ලිම්වරුන්ගේ ප්‍රතිපත්තිය හා පිළිගැනීම වන්නේ අල් කුරානයේ තොරතුරු ඇසුරින් රූප නිර්මාණය කිරීම, එය රංගනයක් වශයෙන් එළි දැක්වීම, හෝ එහි අදහසට අංශු මාත්‍රයක් හෝ පටහැනි වන ආකාරයට කටයුතු කිරීම බරපතල වරදක් වන බවයි. එදා පටන්ම මුස්ලිම්වරු ශුද්ධ වූ අල් කුරානය තම ජීවිතයටත් වඩා උසස් කොට සලකා ආදරයෙන් ආරක්ෂා කරති. අරාබි අක්ෂර විවිධ අක්ෂර කලා අනුව හැඩකර ඉදිරිපත් කර ඇති අතර සමහර වාක්‍ය සංකීර්ණ හා අලංකාර ලෙස නිමවා ඇත. අරාබි අක්ෂර කලාව චීන අක්ෂර කලාව හා සමානවම ඉහළින්ම පසසා ඇති කලාවකි. මුස්ලිම්වරු ද අල් කුරානයේ අක්ෂර වර්ණ තීන්ත රත්‍රන් තහඩුවල අරබෙක්ස් ක්‍රමයට සකස් කරන ලද පුවරු මේ සමඟ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.

අල් කුර් - ආනයේ විවේචන[සංස්කරණය]

යුද්ධය හා සාමය යන මාතෘකා සම්බන්ධයෙන් ශුද්ධ වු අල් කුර් - ආනය දක්වන මග පෙන්වී ම පිළිබඳ ව මෑත කාලීනව මතු වූ සාකච්ඡා හා විවාද බොහෝමය. යම් විචාරකයන් පෙන්වාදෙන්නේ අල් -කුර් ආනයේ සඳහන් වන සමහර පදයයන්ගේ ඓතිහාසික සහ සාහිත්‍යමය ප්‍රකරණයන් සැලකු විට, මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළත් එතුමාගේ වියෝවෙන් පසුවත්, මිත්‍යාදෘෂ්ඨිකයන්ට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට අනුමැතිය ලබාදෙන බවයි. මෙම විවේචනයන්ට ප්‍රතිචාර වශයෙන් සමහර මුස්ලිම්වරුනගේ තර්කය වන්නේ, අල් කුර් - ආනයේ සමස්ථයක් වශයෙන් ගත් කළ එහි ප්‍රකරණයෙන් බාහිරව ඉහත සඳහන් ආකාරයේ පද්‍යයන්ගේ අර්ථය බාහිරව ඉහත සඳහන් ආකාරයේ පද්‍යයන්ගෙන් අර්ථය සලකා ඇති බවයි. තවද, එම පද්‍යයන් අල් කුර් - ආනයේ ප්‍රකරණයෙන් සැලකු විට අල් කුර් - ආනය ආත්මාරක්ෂාව සඳහා හැරෙන්නට අන් සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම තහනම් කරන බව පැහැදිලිවම දැකගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඇතැම් විවේචකයන් ශුද්ධ වු අල් කුර් - ආනයේ දිව්‍යමය මුලාරම්භය පිළිබඳ මුස්ලිම්වරුන් දරන විශ්වාසය ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ මෙම තර්කයට පදනම් වී ඇත්තේ අල්කුර් - ආනයේ යම් යම් පාඨ වල ගැටළු සහ සදාචාරාත්මක ගැටළු පවතින බවට ඔවුන් දක්වන අදහසයි.

අල්-කුරානය - සංස්කෘතිය[සංස්කරණය]

බොහෝ මුස්ලිම්වරු අල්-කුරානයේ කඩදාසි පිටපත් සඳහාද මහත් භක්තියක් දක්වයි. ඔවුන් අල්-කුරානය කියවීමට පෙර සිරිතක් ලෙස ධෝවනයක යෙදේ. ඉරී, පිටු ගැලවී ගොස් අබලන් තත්වයේ පවතින පිටපත් වුවත් අපද්‍රව්‍ය ලෙස ඉවත නොදමා ගඟක් දිගේ ගලා බැසීමට හෝ කිසියම් ස්ථානයක සුරක්ෂිතව තැබීමට හෝ කිසියම් ඈත ප්‍රදේශයක වළ දැමීමට හෝ සළස්වයි. බොහෝ මුස්ලිම්වරු අල්-කුරානයේ කොටසක් වත් එහි ප්‍රකෘති අරාබි භාෂාවෙන් කටපාඩම් කර තබා ගනියි. මෙය සාමාන්‍යයෙන් යාඥා ඉටු කිරීම සඳහා භාවිතා වේ. සම්පුර්ණ අල්-කුරානයම කට පාඩමින් දත් තැනැත්තාට හැෆිස් යන පදවියට උරුමකම් කිව හැක.

56:77-79 සූ‍රාවෙහි සම්ප්‍රදායානුකූල සහ පදගතාර්ථ විවරණයට අනුව අල්-කුරානය හඳුන්වා ඇත්තේ මෙසේය. “මෙය අති ගෞරවනීය, මනාව සුරක්ෂිත කළ පුස්තකයක්මය. පිවිතුරු වූවන් හැරෙන්නට අන් අය මෙය ස්පර්ශ කිරීම කළ යුතු නොවේ.” බොහෝ මුස්ලිම් පින්වතුන් සිතන ආකාරයට අල්-කුරානයේ හෝ මුස්තාෆයේ පිටපතක් ස්පර්ශ කිරීමට ප්‍රථමයෙන් මුස්ලිම්වරු වුබ්: වලින් ධෝවනය කළ යුතුය. මෙම මතය තවත් විද්වත් පිරිසක් මඟින් විවාදයට ලක් කර ඇත. ඔවුන් පවසන අන්දමට අරාබි භාෂාමය රීතීන් අනුව ඉහත සඳහන් වැකිය සෘජු කරුණක් ප්‍රකාශ නොකරයි. එම නිසා පදගතාර්ථ පරිවර්තනය "මෙය අති උතුම් වූ අල්-කුරානම ය, මනාව සැඟවුණු පවිත්‍ර වුවෝ හැර අන් අය මෙය ස්පර්ශ නොකරයි" (පරිවර්තනය .....) මෙම පරිවර්තනයට අනුව වුබ්: ධෝවනය ඉටු කිරීම අත්‍යාවශ්‍ය නොවන බව හැඟ වේ.

ශුද්ධ වු අල්-කුරානය කෙළෙසීම යන්නෙන් අදහස් වන්නේ එය අවමානයට ලක් කිරීමෙන් හෝ ඉරා දැමීමෙන් නිග්‍රහ කිරීමයි. මුස්ලිම්වරු සැමවිටම මෙම පුස්තකයට නමස්කාර පුර්වකව සැලකිය යුතුය. එය ප්‍රතිචක්‍රීකරණය කරීම හෝ අබලන් වු පසු ඉවත දැමීම තහනම් කොට ඇත. අල්-කුරානයේ ලේඛනගත කොට ඇති වදන් සඳහා ගෞරවය දැක්වීමත් ඉස්ලාම් ධර්මයේ වැදගත් අංගයකි. උවමානවෙන්ම අල්-කුරානයට නිග්‍රහ කිරීම දේව අපහාසයට කරුණක් බව බොහෝ මුස්ලිම්වරු විශ්වාස කරති.


අල් කුර්-ආනය - වෙනත් ‍ශාස්ත්‍රීය ග්‍රන්ථයන් සමඟ ඇති සම්බන්ධතාවය[සංස්කරණය]

නූතන බයිබලයේ ආභාසය

Diatessaron, Protoevangelium of James, Infancy Gospel of Thomas, Gospel of Pseudo-Matthew සහ Arabic Infancy Gospel යන ග්‍රන්ථ, අල් කුර් - ආනය නිර්මාණය කිරීමේදී ප්‍රභව ලෙස සලකා ඇති බවට මතයන් පවතියි. විශේෂයෙන්ම ක්‍රිස්තියානි අනුශාසන ඒකීය ලේඛනයක් බවට අල් කුර් - ආනයේ සඳහන් වන දුර්මතයට හේතුවක් විය හැක්කේ Diatessaron ග්‍රන්ථයයි. මෙම විවේචනය මුස්ලිම් විද්වතුහු දැඩි ලෙස හෙලා දකිති. ඔවුන් පෙන්වා දෙන අන්දමට අල් කුර්-ආනය යනු අන්තර් නිවේෂණයකින් තොර වු දෙවියන්වහන්සේගේ දිව්‍යමය වදන් වන අතර, සමානකම් පවතින්නේ එකී භවය නිසාය.

අරාබි ලේඛන කලාව

අල් කුර් - ආනය බිහි වීමත් හා ඉස්ලාම් ධර්මයේ පුබුදුවත් සමඟම, අරාබි අක්ෂර හෝඩිය ඉතා විචිත්‍ර වුත්, සංකිර්ණ වුත් කලාවක් බවට සංවර්ධනය විය. යංස්ටවුන් ප්‍රාන්ත සරසවියේ ඉස්ලාමිය අධ්‍යනයන් පිළිබඳ මහාචාර්යවරයෙකු වන මුස්තන්සිර් මිර් සහ විකාගෝ සරසවියේ පෙරදිග භාෂා සහ ශිෂ්ටාචාර පිළිබඳ මහාචාර්ය වදාද් ඛාදි පෙන්වා දෙන ආකාරයට, මුහම්මද් නබි (සල්) තුමා එතුමාගේ නබිත්වය දැරූ වකවානුව වන විට අරාබි භාෂාව භාෂාවක් වශයෙන් මෙන්ම සාහිත්‍යමය සම්ප්‍රදායක් වශයෙන් සංවර්ධනය වී තිබුණ ද, එය එහි උපරිම අභිනව හැකියාව කරා ලඟා වීම සහ අරාබි සාහිත්‍යය එහි සංකිර්ණ බවෙහි සහ විචිත්‍රවත් බවෙහි හිනිපෙත්තට ළං වීම සිදුවුයේ ඉස්ලාම් ධර්මයේ පිබිදීමත් සමඟයි. අල් කුර් - ආනය යනු සම්භාව්‍ය සහ පශ්චාත් සම්භාව්‍ය අරාබි සාහිත්‍යයේ දැකිය හැකි විශිෂ්ටතම බලපෑම බව, අල් කුර් - ආනයේ සැලකිය යුතු ආභාසයක් පෙන්නුම් කරන්නේ අරාබි සාහිත්‍යයේ එන ව්‍යවහාරයන් සහ තේමාවන්ය. අරාබි සාහිත්‍යයේ එන සුවිශේෂ දිවුරුම්, උපමා, මෝස්තර අංග සහ සංකේත වලද අල් කුර් - ආනයේ ආභාසය දැකගත හැක. ව්‍යවහාරයන් ගැන සැලකීමේදී අල් කුර්-ආනයේ සඳහන් වන වචන, රූඩි, අභිනයන්, විශේෂයෙන් සකසා ඇති වැකි ආදිය සියලුම සාහිත්‍ය ප්‍රභේදවල පාහේ දැකගත හැකි බැවින් ඒ පිළිබඳ නිසි වාර්තා සම්පාදනය කිරීමට අපහසුය. අල් කුර් - ආනය, එහි එන පණිවිඩ ප්‍රකාශ කිරීම සඳහා සම්පුර්ණයෙන්ම නැවුම් වු භාෂාමය සංග්‍රහයක් නිර්මාණය කළා පමණක් නොවේ, එය පුර්ව ඉස්ලාමීය වචන වලට නව අර්ථයන් ලබා දීමෙන් අරාබි භාෂාව සහ සාහිත්‍යය පෝෂණය කර ඇත.

කුර්ආන් - අනෙකුත් ආගම් අතර සම්බන්ධය[සංස්කරණය]

පැරණි ගිවිසුම - බයිබලය

ශුද්ධ වූ අල්කුර්ආනය අනෙකුත් පහළ වූ ආගම් (පැරණි ගිවිසුම, බයිබලය) සමග ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි කරයි. අනෙකුත් ලොව පහළ වූ ආගම්වල අඩංගු කරුණුවල ඇති සමාන බව හා එහි සම්භවය අනුව සනාථ කරන්නේ මේ පුස්තකයන් සියල්ලම නැමදීමට සුදුසු එකම දෙවියන් වහන්සේගෙන් පහළ වී ඇති බවය.

ශුද්ධ වූ අල් කුර්ආනය පුන පුනා පවසන කතන්දර, පුද්ගලයන්ගේ තොරතුරු, හා සිද්ධීන් සලකා බැලීමේදී ඒවා පැරණි ගිවිසුමේ හා බයිබලයේ ඇති තොරතුරුවලට බොහෝදුරට සමාන වන අතර එහි සාහිත්‍යමය අගය ඉහළින් පවතී. එම්බා මුහම්මද් !) සත්‍යයෙන් යුත් (මෙම) පුස්තකය (අල් කුර්ආන්) හයට පෙර තිබූ පුස්තකය මුඔට පහළ කළේය. (මෙයට) පෙර (මුසාට) “ තෞරාත්ද” (ඊසාට) “ඉන්ජීල්” ද මිනිසුන්ට යහමග පෙන්වමින් කටයුතු කළේය. “ අසත්‍යයෙන් සත්‍ය වෙන් කිරීම” සිදුකළේය. අල්කුර්ආන් (3:3)එහෙත් එහි තොරතුරු හැදෑරීමේදී අල්කුර්ආන් සහ අනෙකුත් ග්‍රන්ථවල තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එහි බොහෝ වෙනස්කම් දැකිය හැකිය. ආදම් නබි තුමාගෙන් පටන් එනෝක්, නුන්, හේබර්, ෂෙලාන්, ආබුහට්,ලුත්, ඉස්මිඉල්, ඉස්හාක් , යඃකූබ්, යුසුන් , ජොබ්, ජෙත් රෝ, දාවුද්, සුලෙයිමාන්, එලීජා, එලීෂා, ජෝනා ,හාරුන්, මුසා ,එස්රා, ස්කරියියා, ඊසා.... නබිතුමා දක්වා නබිවරුන්ගේ නම් දේව වක්තෘන් වශයෙන් අල් - කුර්ආනයේද සඳහන් වන අතර ඒ ගැන (Prophets of Islam) නම් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.

මුස්ලිම්වරු විසින් විශ්වාස කරන්නේ පොදුවේ ඇති අනාවරනයන් මඟින් කුර්ආනයේ සහ අනෙකුත් පහළ වූ දේව ග්‍රන්ථවල ප්‍රචාරය කිරීම සිදු කරනු ලබන බවයි.එය පැරණි ගිවිසුමේ සහ බයිබලයේ සඳහන් ඒ ඒ නබිවරුන්ම පහළ වූ සුභ ආරංචි තහවුරු කරයි.

එමෙන්ම කලින් පහළ වූ ආගම් ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස ඒවා පිළිගැනීමට නොහැකි තත්ත්වයක පැවතීමත් ඒවා කළින් කළ වෙනස්කම්වලට භාජනය කිරීමත් නිසාය යන්න මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි.තවද දෙවියන්ගේ නීතියට අමතරව මිනිසුන්ගේ අදහස් එයට එක්කර ඇති නිසාය. නමුත් ශුද්ධ කුරානය මෙම කරුණු සියල්ලෙහිම සම්පිණ්ඩනයක් ලෙස අවසන් වරට පහළ වූ අංග සම්පූර්ණ ජීවන සැළැස්මකි.

යුදෙව්වරුන් හා කිතුණුවන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය නම් පුරාණ බයිබලයේ සඳහන් හා කැනීම්වලින් සොයාගන්නා ලද තොරතුරුවලින් තහවුරුවන මළ මුහුදේ සම්භවය ගැන සඳහන් වන තොරතුරු සහ ශුද්ධ වූ අල්කුරානයේත් පරණ ගිවිසුමේ හා බයිබලයේත් ඒවායේ පරිවර්තනය වූ ග්‍රීක සිද්ධාන්ත වලද අඩංගු කරුණු සංසන්දනයේදී පැහැදිලි වන්නේ මෙම සිදුවීම් ඓතිහාසික වශයෙන් සත්‍ය සිදුවීම් බවයි. නමුත් එය වෙනස් වූ ග්‍රන්ථයක් ද වේ

සටහන්[සංස්කරණය]

Origin and development of the Quran
"http://si.wikipedia.org/w/index.php?title=කුරානය&oldid=276939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි