‍සෝල්

විකිපීඩියා වෙතින්
     නගරයේ පිහිටීම
රට දකුණු කොරියාව
කලාප සෝල් ජාතික අගනගර ප්‍රදේශය
දිස්ත්‍රික්කය 25
රාජ්‍යය සෝල් රාජධානිය
නගරාධිපති ඕ සෙ-හෝන්
වර්ගඵලය 605.25 වර්ග කිලෝමීටර් (233.7 වර්ග සැතපුම්)
     ජනගහණය (2009)
මුළු එකතුව 10,208,302
ඝනත්වය 17,288/වර්ග කිලෝමීටර් (44,775.7/වර්ග සැතපුම්)
Metro 24.5 මිලියන
වෙබ් අඩවිය seoul.go.kr

සෝල් යනු කොරියානු රාජ්‍යයේ අග නගරය හා ප්‍රධානතම නගරය වේ. එහි ජනගහනය මිලියන 10 ඉක්මවන අතර ලෝකයේ ඇති විශාලතම නගරයක් වේ. සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙට ඉන්චියෝන් නගරය හා මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය. ඒ වාගේම මෙය ලොව දෙවනියට විශාලතම නගරය ද වේ. දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. සෝල් නුවරින් 1/4 කට ආසන්න පෙදෙසක් රටේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි.

කොරියා මහද්විපයේ මධ්‍යයට වන්නට හැන් නදිය අසබඩ සෝල් නුවර පිහිටා ඇත. මෙය බු.ව 18 දි මේක්ජි තක කොරියාවේ රාජධානි 3 න් 1 ක් විය. වර්තමානයේ එය ගිනිකොන දිග සෝල් නුවර නම් වේ. පසුව කොරියානු අධිරාජ්‍යයෙකු වන ජෝසන් අධිරාජ්‍යයාගේ පාලන සමයේ කොරියාවේ අග නගරය බවට සෝල් නුවර පත්විය. කොරියානු ඉතිහාසයට අනුව සහශ්‍රයකටත් වඩා පැරණි චැන්ඩියෝකගන්, න්වාසියොන් බල කොටුව, ජොන්ග්මියා සිද්ධස්ථානය හා ජේසන් අධිරාජ්‍යයාගේ සොහොන ලෝක උරුමයන් සුරැකිමේ සංවිධානය මඟින් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස නම් කරනු ලැබ ඇත.

සටහන්[සංස්කරණය]

Seoul
"https://si.wikipedia.org/w/index.php?title=‍සෝල්&oldid=478951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි