හිලරි ක්ලින්ටන්

විකිපීඩියා වෙතින්
නිව්යොර්ක් හි කණිෂ්ඨ සෙනෙට් සභික
වැඩ භාර ගන්නා ලද්දේ 2001” ජනවාරි 3, ෂක් ෂූමාර් සමග
පූර්වයෙන් තනතුර දැරුවෙ‘ ඩැනියෙල් පැට‍්‍රික් මෝයිනිහාන්
එක්සත් ජනපදයේ පළමු කාන්තාව
රාජකාරි කාලය 1993 ජනවාරි 20- 2001 ජනවාරි 20
ජනාධිපති බිල් ක්ලින්ටන්
පූර්වයෙන් තනතුර දැරුවෙ‘ බාබරා බුෂ්
පසු තනතුර දැරුයේ ලෝරා බුෂ්
උපත 1947 ඔක්තෝබර් 26” චිකාගෝ” ඉලිනොයිස්
ජාතිය ඇමෙරිකානු
දේශපාලන පක්ෂය ඪිමොක‍්‍රටික්
පුරුෂයා බිල් ක්ලින්ටන්
දරුවන් චෙල්සියා ක්ලින්ටන්
පදිංචි ස්ථානය ඡුප්පාක්ආ” නිව‘ යෝර්ක්
පාසැල වෙල්ලස්ලි පාසැල,යාලේ නීති විද්‍යාලය
වෘත්තීය නීතිඥ, මහජන නිලධාරි
ආගම ක‍්‍රිස්තියන්: ( එක්සත් මෙතෝදිස්ත පල්ලිය)
වෙබ‘ අඩවිය සෙනෙට‘ සභික හිලරි රොඩ‘හැම‘ ක්ලින්ටන්

හිලරි ඩයේන් රොඩම් ක්ලින්ටන් (උපත ඔක්තොම්බර් 26, 1947) යනු ඇමරිකානු දේශපාලනඥයෙක් වන අතර එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා තෝරාගැනුමට පැවැත්වෙන 2016 මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙහි අපේක්ෂකයාද වෙයි. 2009 වසරෙහි සිට 2013 වසර දක්වා එක්සත් ජනපදයෙහි 67වන රාජ්‍ය ලේකම්වරයා වශයෙන්ද, 2001 වසරෙහි සිට 2009 වසර දක්වා නිව්යෝර්ක් නියෝජනය කරමින් එක්සත් ජනපද කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරයා ලෙසින්ද, 1993 වසරෙහි සිට 2001 වසර දක්වා බිල් ක්ලින්ටන්ගේ ජනාධිපති ධූර කාලයෙහිදී එක්සත් ජනපදයෙහි ජනාධිපති ආර්යාව ලෙසින්ද සහ , 1979 වසරෙහි සිට 1981 වසර දක්වා සහ 1983 වසරෙහි සිට 1992 වසර දක්වා ඔහුගේ ආණ්ඩුකාර ධූර කාලයෙහිදී ආකැන්සාස් හී පළමු ආර්යාව ලෙසින්ද ඇය සේවය කර ඇත.

චිකාගෝ නගරයෙහි උපත ලදුව නගරාසන්න පාක් රිජ් සුළු නගරයෙහි ඇතිදැඩිවූ ක්ලින්ටන්, වෙලෙස්ලි විදුහලෙහි අධ්‍යාපනය ලැබ 1969 වසරෙහිදී එයින් උපාධිය ලැබූ අතර, යේල් නීති ශාස්ත්‍රාලය වෙතින් 1973 වසරෙහිදී ජේ.ඩී. උපාධිය ලැබීය. කොංග්‍රස් මණ්ඩලීය නීති අනුශාසන මණ්ඩලයෙහි සේවය කල ඇය, 1975 වසරෙහිදී බිල් ක්ලින්ටන් හා විවාහ වී ආකැන්සාස් වෙත පදිංචියට ගියාය.


උසස් අධ්‍යාපනය[සංස්කරණය]

1965 වර්ෂයේදී රොඩ්හැම් වෙලෙස්ලි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළු වූ අතර ඇය දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය තත්වයට පත්වූයේ එහිදිය. එහිදී පළමු වසර තුල ඇය වෙලෙස්ලිහි යංග් රිපබ්ලිකන්ස් ඔර්ගනයිසේෂන් හි සභාපතිනිය ලෙස කටයුතු කළාය. ඔවුන් සමග ඇය ජෝන් ලින්ඩ්සේ සහ එඩ්වර්ඩ් බෲක්ගේ ඡන්ද ව්‍යාපාරවලට උදව් කළාය. පසුව ඇය මෙම තත්වයෙන් බැහැර වූයේ වියට්නාම් යුද්ධය සහ අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇයගේ ආකල්ප වෙනස් වූ බැවිනි. මේ කාල තුළදී ඇය තරුණ කටයුතු අමාත්‍යවරයාට ලියූ ලිපියක ඇය ගැනම සඳහන් කළේ "සාම්ප්‍රදායික සිතක් සහ නිදහස් මතධාරී හදවතක්" ඇති තැනැත්තියක වශයෙනි. 1960 වර්ෂ වල පැවති දේශපාලන ක්‍රමයට එරෙහි වෙමින් රැඩිකල් ක්‍රියා මාර්ගයක් තුල කිසියම් වෙනසක් අපේක්ෂාවෙන් ඇය කටයුතු කළාය. කණිෂ්ඨයෙකු ලෙස ඇයගේ පළමු වර්ෂය තුල ඇය ඩිමොක්‍රටික් පාක්ෂික ඉයුජින් මැකාර්තිගේ යුධ විරෝධී ජනාධිපති චන්ද ව්‍යාපාරයේ උදව්කාරියක් බවට පත් වූවාය. කණිෂ්ඨ මාටින් ලූතර් කිං ඝාතනයෙන් පසු රොඩ්හැම් දින දෙකක ශිෂ්‍ය වැඩ වර්ජනයක් සංවිධානය කළ අතර, වැඩිපුර සංඛ්‍යාවක් කලු ශිෂ්‍යයින් බඳවා ගැනීමට සහ බලයක් ඇති කර ගැනීමට වෙස්ලි විදුහලේ කලු ශිෂ්‍යයින් සමග එක් වී කටයුතු කළාය. 1968 වර්ෂයේ මුල දී ඇය වෙල්ස්ලි කොලෙජ් ගවර්න්මන්ට් ඇසෝසියේෂන් හි සභාපති තනතුරට තේරී පත් වී 1969 මුල් භාගය දක්වා එම තනතුර හෙබවූවාය. වෙනත් අධ්‍යාපන පීඨවලට පොදු කාරණයක් වූ ශිෂ්‍ය අරගල වෙල්ස්ලි විද්‍යාලයේ ඇති නොවීමට වග බලා ගත්තාය. ඇය කෙදිනක හෝ එක්සත් ජනපදයෙහි පළමු කාන්තා ජනාධිපති වන්නේය යනුවෙන් ඇයගේ විදුහලේ සමකාලීන ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු විශ්වාස කර තිබුනි. එමෙන්ම ඇයට වෙනස් වන දේශපාලන දර්ශනයන් හොඳින් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබින. මහාචාර්ය ඇලන් සෙච්ටර් (Alan Schechter) විසින් ඇය, වෙලෙස්ලි ඉන් වොෂින්ටන් (Wellesley in Washington) නම් ගිම්හාන වැඩ සටහනටද සහභාගි වූවාය. මධ්‍යස්ථ මතධාරී නිව් යෝර්ක් රිපබ්ලිකන් නියෝජිත චාර්ල්ස් ගුඩෙල් විසින්, ආණ්ඩුකාර නෙල්සල් රොකෆෙලර් ගේ රිපබ්ලිකන් පක්ෂයේ චන්ද ව්‍යාපාරවලට රොඩ්හැම් කැඳවනු ලැබුවාය. මියාමිවල පැවැත්වූ 1968 රිපබ්ලිකන් ජාතික සංගමයට ඇය කැඳවන ලදී. කෙසේ වෙත් රොකෆෙලර් ඉස්මතු කිරීමට නික්සන් කටයුතු කළේ කෙසේද යන කරුණ සම්බන්දයෙන් ඇය පුදුමයට පත් වූවාය. ඇය තමන්ගේ යහපත තකා රිපබ්ලිකන් පක්ෂය හැර ගියාය.

අවසාන වසර සඳහා වෙල්ස්ලි වෙත පැමිණීමෙන් අනතුරුව ඇය මහාචාර්ය ෂෙච්ටර්ගේ මග පෙන්වීම මත රැඩිකල්වාදී ප්‍රජා සංවිධානයක සාවුල් අලින්සිගේ උපක්‍රම යන විෂයය යටතේ ඇයගේ ජේෂ්ඨ නිබන්ධනය ලිව්වාය. (මෙය අවුරුදු ගණනකට පසු ඇය ප්‍රථම කාන්තාව බවට පත් වී සිටියදී ධවල මන්දිර ඉල්ලීමක් මත ඉවත් කළ අතර බොහෝ විමර්ශනවලට භාජනය විය.) 1969දී ඇය බී.ඒ. උපාධියට වරම් ලැබුවාය. ඇයගේ සමකාලීන ශිෂ්‍යයන්ගේ බලවත් පෙරැත්තය මත, වෙල්ස්ලි විද්‍යාල ඉතිහාසය තුළ උපාධි ප්‍රධානෝත්සවයකදී පළමු දේශනය කළ පළමු ශිෂ්‍යාව වූවාය. ඇයගේ කථාවට නැගුණු ප්‍රීති ඝෝෂාව විනාඩි 7 ක් පුරා පැවතියේය. මෙම අවස්ථාවට කලින් කථා කළ සෙනෙට් මන්ත්‍රී එඩ්වර්ඩ් බෲක් ගේ දේශනය ඇයගේ විවේචනයට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැන විස්තර සහිත ලිපියක් ලයිෆ් සඟරාවේ පල විය. ඇය කුප්සිනෙට් ගේ නැෂනල් සින්ඩිකේට් රූපවාහිනී සංවාදයේ ද පෙනී සිටි අතර, ඉලිනොයිස් හා නිව් එංග්ලන්ඩ් පුවත්පත් වලද ඇය ගැන ප්‍රවෘත්ති පල විය. එම ගිම්හාන ඍතුවේ ඇලස්කාව ප්‍රදේශයේ මවුන්ට් මැකින්ලි ජාතික වනෝද්‍යානයේ පිඟන් පිරිසිදු කරන්නියක ලෙසද වල්දේස් (Valdez) හි මාලු ටින් කිරීමේ නිෂ්පාදන ආයතනයක මාලු ශුද්ධ කිරීමේද නිරත වූවාය. (මෙහි ඇති අපිරිසිදුතාවය ගැන ඇයගේ පැමිණිල්ලෙන් පසු එක් රැයකින් එම ආයතනය වසා දමන ලදී)

නීති විද්‍යාලය[සංස්කරණය]

රොඩ්හැම් යේල් නීති විද්‍යාලයට ඇතුලු වුවාය. එහිදී ඇය "යේල් රිවීව් ඔ‍ෆ් ලෝ ඇන්ඩ් සෝෂල් ඇක්ෂන්" සඟරාවේ කර්තෘ මණ්ඩලයෙහි සේවය කළාය. ඇයගේ දෙවැනි වසරේදි ඇය යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානයේ සේවය කළාය. එහිදී පූර්ව ළමා අවධියේ මොළ‍ෙය් වර්ධනය ගැන නව පරීක්ෂණ කරමින්, උත්පාද කාර්යයන් පිළිබඳ අධ්‍යයන සහකාර පර්යේෂිකාවක ලෙසද වැඩ කරමින්ද 'Beyond the Best Interests of the Child (1973)' නම් කෘතියට දායක වුවාය. ඇය යේල් නිව්හෙවන් රෝහලේ ළමා අපචාර පිළිබඳ නඩු වෙනුවෙන් පෙනී සිටී අතර දුප්පතුන් සඳහා නීති ආධාර නොමිළයේ සැපයීමට නිව්හෙවන් නීති සේවාවේද ස්වේච්ඡාවෙන් කටයුතු කළාය. 1970 ග්‍රීෂ්ම සෘතුවේදී ඇයට මේරියන් - රයිට් එඩෙල්මන්ගේ වොෂින්ටන් පර්යේෂණ ව්‍යාපෘතියේ සේවය කිරීමට අවසර ලැබුනි. මෙහිදී ඇය සංක්‍රමණික කම්කරු ශ්‍රමය පිළිබඳ සෙනෙට් මන්ත්‍රී වෝල්ටර් මොන්ඩේල්ගේ උප කමිටුවේ සේවයටද පත් කරන ලද අතර සංක්‍රමණික කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්න, සනීපාරක්ෂාව, සෞඛ්‍ය කටයුතු හා අධ්‍යාපනය පිළිබඳව විමර්ශණයන් කළාය.

1971 වසන්ත කාලයේ අගදී ඇය තවත් යේල් සරසවියේ නීති ශිෂ්‍යයෙකු වූ ක්ලින්ටන් මුණ ගැසෙන්නේය. එම වසරේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇය කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඩ්හි Treuhaft, Walker සහ Burnstein නීති ආයතනයට අනුයුක්ත වූවාය. මෙම ආයතනය, ව්‍යවස්ථාමය අයිතිවාසිකම්, පුරවැසි නිදහස සහ රැඩිකල් කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ ආයතනයකි. (එහි සාමාජිකයින් හතර දෙනාගෙන් දෙදෙනෙකු දැනට හෝ ඊට පෙර කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ වූහ.) රොඩ්හැම් එහිදී කටයුතු කළේ ළමා ආරක්ෂාව හා වෙනත් නඩු සම්බන්ධයෙනි. ක්ලින්ටන් කලින් සැලසුම් කර තිබුනු ගිම්හාන සැලසුම අවලංගු කර ඇය සමග කැලිෆෝර්නියාවේ ගත කිරීම සඳහා ඒ කාලය යොදා ගත්තේය. නැවත ඔවුන් නීති විද්‍යාලයට පැමිණෙන අවස්ථාව වන විට එම දෙදෙනා එකට ජීවත් වෙමින් සිටියහ. ඊළඟ ගිම්හානයේ රොඩහැම් සහ ක්ලින්ටන් 1972 ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් මැක්ගවර්න්ගේ චන්ද ව්‍යාපාර වලට ටෙක්සාස් හිදී මැදිහත් වී උදව් කළද එය අසාර්ථක එකක් විය. ඇය 1973 වර්ෂයේදී යේල් සරසවියෙන් ජූරිස් ඩොක්ටර් උපාධිය ලබා ගත්තාය. උපාධිය ලැබීමෙන් පසු ක්ලින්ටන් ප්‍රථම වරට ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය ප්‍රතික්ෂේප විය. ඇය තවත් වසරක් ළමයින් හා ඖෂධ පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු කිරීම ඇරඹුවාය. ඇයගේ "නීතිය යටතේ ළමයි" නම් ප්‍රථම ශාස්ත්‍රීය ලේඛණය හාර්වර්ඩ් එඩියුකේෂනල් රිවීව් සඟාවේ 1973 අවසානයේ පළ විය. මෙම ලේඛණයෙන් ළමයින්ගේ අයිතීන් ව්‍යාපාරය ගැන සාකච්ඡා කෙරුනේය. එහි විස්තර වන්නේ 'ළමා පුරවැසියන් දුබල පුද්ගලයින් ලෙසිනි. එමෙන්ම උත්පත්තියේ සිට නීතිමය වයස් සීමාවට එන තෙක් ඔවුන් සමානය, අදක්ෂයින් ලෙස නොසැළකිය යුතුය' යනුවෙනි. කරුණු කෙසේ වෙතත්, සාක්ෂි තිබෙන විට හෝ නැතහොත් නඩුවේ පදනම මත උසාවිය විසින් මෙම යෝග්‍යතාවය පිළිගත යුතුය යනුවෙනි. මෙම ලිපිය නීති ක්ෂේත්‍රය තුල බොහෝ විට උපුටා දක්වනු ලැබේ.


විවාහය සහ පවුල් ජීවිතය, නීතිඥ වෘත්තිය සහ ආකැන්සාස්හී පළමු කාන්තාව[සංස්කරණය]

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ සිට ආකැන්සාස් වෙත[සංස්කරණය]

සිය පස්චාත් උපාධි අධ්‍යයන කාලය තුළදී රොඩ්හැම් මැසචුසට්ස්, ක්‍රේම්බ්‍රිජ් හි අළුතෙන් නිර්මාණය කළ එඩ්ල්මන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ මාණ්ඩලික නීතිඥවරයා ලෙස කටයුතු කළේ ය. තවද ඇය ළමුන් සඳහා වන කානගී කවුන්සිලයේ උපදේශකයෙකු ලෙස ක්‍රියාකළේය. 1974 වර්ෂයේදී ඇය ජනාධිපති වරයා ඉවත් කිරීම පිළිබඳ වොෂින්ටන් DC හි පර්යේෂණ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකළ අතර එහිදි ඇය වෝටර්ගේට් අර්බුදය පිළිබඳ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කොමිසමට උපදෙස් ලබාදීම සිදුකරන ලදී. ප්‍රධාන නීති උපදේශක ජොන් ඩෝ සහ ජ්‍යේෂ්ඨ සාමාජික බර්නාඩ් නස්බම්ගේ මගපෙන්වීම යටතේ ජනාධිපති වරයා ඉවත් කිරීමෙන් ක්‍රියාවලිය පිළිබඳ ඓතිහාසික කරුණු ඇසුරෙන් සහ එහි සම්මතයන් පිළිබඳ රොඩ්හැම් විසින් පර්යේෂණ සිදු කරන ලදී. මෙම කොමිසමෙහි ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස 1974 වසරේදී ජනාධිපති රිචඩ් නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ සිද්ධිදාමය අවසන් වන විට දීප්තිමත් දේශපාලනික අනාගතයක් සහිත කාන්තාවක් ලෙස රොඩ්හැම් සැලකුණි. ඩිමොක්ක්‍රෝටික් පක්ෂයේ සංවිධායක සහ නීති උපදේශක බෙට්සි රයිට් ඊට පෙර වසරේදී රොඩ්හැම්ගේ වෘත්තීය ජීවිතයට මග පෙන්වීම සඳහා ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා පැමිණියේය. රයිඩ්ගේ අදහස වුයේ අනාගත සෙනෙට් සබිකයෙකු හෝ ජනාධිපති වරයෙකු වීමේ හැකියාව රොඩ්හැම් හට පවතින බවයි. මේ අතර ක්ලිටන් කිහිප වරක් ම ඔහු හා විවාහ වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි අතර ඒ සෑම විටම ඇය එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් කොලෝම්බියා ප්‍රාන්තයේ නීති වේදි විභාගය අසමත් වීමෙන් සහ ආකන්සාස්හි එම විභාගය සමත්වීමෙන් අනතුරුව රොඩ්හම් සුවිශේෂී තීරණයකට එළඹුණි. පසු කාලීනව ඇය මේ පිළිබඳ කළ ප්‍රකාශයක පරිවර්ථනය පහත පරිදි වේ. “මගේ හිස වෙනුවට මගේ හදවත පවසන දෙයට එකඟ වීමට මම තීරණය කළෙමි” ඒ අනුව ඇය බින් ක්ලිටන් මෙන්ම ආකන්සාස් ප්‍රාන්තයට ගමන් කළ අතර ඒත් සමගම ඇය වඩාත් ඉහළ වෘත්තීය අවස්ථා තිබු වොෂින්ටනය අතහැර දැමීය. මේ කාලය වන විට ක්ලින්ටන් නීති වේදය උගන්වන අතරම සිය ප්‍රාන්තය වෙනුවෙන් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තරඟ කිරීමටද ඉදිරිපත් වී සිටියේය. 1974 අගොස්තු මාසයේදී රොඩ්හම් ආකන්සාස්හි පේට්විලේ ප්‍ර‍දේශයේ පදිංචි වු අතර ආකන්සාස් සරසවියේ නීති විද්‍යාලයේ ඒ වන විට සිටි කාන්තා සාමාජිකාවන් දෙදෙ‍නාගෙන් එක් අයෙකු බවටද පත්විය. බිල් ක්ලිටන් සිය අධ්‍යාපනය ලබා ගත්තේද මෙම විශ්ව විද්‍යාලයෙනි. මේ වන විටත් රොඩ්හැම් හට විවාහය පිළිබද සැකයක් වූ අතර විවාහයත් සමග ඇගේ අනන්‍යතාව නැතිවී යනු ඇති බවටත් ඇගේ ජයග්‍රහණ සඳහා ප්‍රශංසාවන් තවකෙකුට හිමිවනු ඇති බවටත් ඇය තුළ බියක් පැවතුනි.

ආකැන්සාස්හී මුල් වසර කිහිපය[සංස්කරණය]

1975 වසරේ ග්‍රීස්ම සෘතුවෙහි හිලරි රොඩ්හැම් සහ බිල් ක්ලිටන් එක්ව ෆේට්විලේ ප්‍රදේශයෙන් නිවසක් මිලයට ගත් අතර හිලරි, බිල් ක්ලින්ටන් හා විවාහ වීමට කැමැත්ත පල කළේය. ඔවුන්ගේ විවාහය 1975 ඔක්තෝබර් 11 වන දින ඔවුන්ගේම නිවසේ පැවැත්වුණි. මෙය මේතෝදිස්ත උත්සවයක් විය. විවාහයෙන් අනතුරුවද හිලරි රොඩ්හැම් සිය නාමය වෙනස් කිරීමට අකමැති වු අතර ඇගේ මෙම තීරණය ඇගේ මවගේ සහ ක්ලින්ටන් ගේ මවගේ නොසතුටට හේතු විය. මෙම තීරණය පිළිබද පසු කාලීනව ඇය හේතු දැක්වුයේ එමගින් ඇගේ සහ ඇගේ සැමියාගේ වෘත්තීය ජීවිත එකිනෙක වෙන්කර තබා ගැනීමට සහ ගැටළු පැන නැගීම වැළැක්වීමට එමගින් ඇය අදහස් කළ බව පවසමිනි. 1974 වර්ෂයේදී බිල් ක්ලින්ටන් මැතිවරණයෙන් පරාජයට පත් වු නමුත් 1976 නොවැම්බර් මාසයේදී ආකන්සාස් හි නීති පතිවරයා වශයෙන් හෙතෙම පත්විය. එත් සමගම මෙම යුවලට ප්‍රාන්තයේ අගනුවර වු ලිටිල් රොක් හි වාසයට යාමට සිදු විය. 1977 පෙබරවාරි මාසයේදී රොඩ් හම් ගෞරවයට පාත්‍රවි ඇති රෝස් නීති ආයතනය හා සම්බන්ධ විය. මෙම ආයතනය ආකන්සාස් හි දේශපාලනික සහ ආර්ථික පැතිකඩ වලට විශාල බලපෑමක් කිරීමට සමත් ආයතනයක් විය. රොඩ්හැම්ගේ විශේෂිත ක්ෂේත්‍රය වුයේ පේටන් බලපත්‍ර උල්ලංගනය සහ බුද්ධිමය දේපල පිළිබඳ නීති ක්ෂේත්‍රයයි. මේ අතරම ඇය ගාස්තු රහිතව ළමුන් වෙනුවෙන් නීතිමය ආධාර කිරීමට ඉදිරිපත් වීය. කෙසේ නමුත් ඇය උසාවිය තුළ සෘජුව නඩු වෙනුවෙන් කථා කිරීම සිදු කළේ කලාතුරකින්ය.

රොඩ්හැම් ළමුන් සම්බන්ධ නීති හා පවුල් ප්‍රතිපත්ති පිළිබඳ ඇය තුළ වු උනන්දුව දිගින් දිගටම පවත්වා ගෙන ගිය අතර මේ බව 1977 වසරේ දී ඇය පලකල Children’s Policies : Abandonment and Neglect නම් ලිපිය සහ 1979 වසරේදී ඇය විසින් පල කල Children’s Rights : A Legal Perspective නම් ලිපිය මගින් පැහැදිලි වේ. මේ අතරින් 1979 පළවු ලිපි ඔස්සේ ඇය ළමුන්ගේ නීතිමය හැකියාවන් ඔවුනගේ වයස සහ අනෙකුත් කරුණු මත රදා පවතින බවත් ඇතැම් සෞඛ්‍යමය අයිතිවාසිකම් පිළිබඳ නඩු සඳහා අධිකරණමය මැදිහත් වීමක් සිදු විය යුතු බවටත් එය තුළ වු මතය ප්‍රකාශ විය. පසු කාලීනව ඇමෙරිකානු නීති වේදී සංගමයේ නිළධාරියෙක් ප්‍රකාශ කළේ ඇගේ අදහස් වැදගත් වුයේ ඒවා විප්ලව කාරී නව අදහස් වු නිසා නොව ඒවා ආරම්භක අවදියේ පැවති යමක් වඩාත් හොදින් නිර්මාණය කිරීමට දායක වු නිසා බවයි. පසුකාලීනව ඉතිහාසඥ ගැරිවියොස් ඇය හැඳින්වුයේ පසු ගිය දශක දෙක තුළ ජීවිත් වු වඩාත් වැදගත් ක්‍රියාකාරීන්ගෙන් අයෙකු ලෙසයි. කෙසේ නමුත් කන්සවේටිවු පාක්ෂිකයින්ගේ අදහස වුයේ ඇගේ මතවාද නිසා දෙමාපියන්ට සිය දරුවන් මත වු සාම්ප්‍රදායික බලතල අහිමි වන බවයි. එබැවින් දෙමාපියන්ට එරෙහිව අනර්ථක නඩු පැවරීමේ හැකියාවක් දරුවන්ට හිමි වන බව ඔවුන් පැවසීය. මේ නිසා ඇගේ මත වාද අයාලයේ ගිය නීති විචාරක වාදයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විසින් හඳුන්වන ලදී.

1977 වසරේ ළමුන් සහ පවුල් සඳහා වු ආකන්සාස් නීති වේදීන්ගේ සංගමය පිහිටු වීමට රොඩ්හැම් දායක විය. මෙය ළමා ආරක්ෂක අරමුදල හා සම්බන්ධ වු ප්‍රාන්ත මට්ටමේ ආයතනයක් විය. එම වර්ෂ‍යේම වඩාත් පසු කාලීනව එවකට ජනාධිපති ජිමී කාටර් (1976 වසරේදී රොඩ්හැම් විසින් මෙහු සඳහා ඉන්දියානා ප්‍රාන්තයේ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.) ඇය නීති සේවා අයතනයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කල අතර 1978 වසරේ පටන් 1981 වසරේ අවසානය දක්වා ඇය මෙම ධූරය හෙබවීය. 1978 මැද භාගයේ පටන් 1980 මැද භාගය දක්වා ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස ක්‍රියා කල අතර එම ධූරයට පත් වු ප්‍රථම කාන්තාවද විය. ඇය සභාපති ධූරය දැරූ කාලය තුළදී ආයතනය සඳහා වෙන්කළ ප්‍රතිපාදන ඩොලර් මිලියන 90 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර පසු කාලීනව මෙම ප්‍රතිපාදන කපා හැරීමට සහ ආයතනයේ ස්වභාවය වෙනස් කිරීමට ජනාධිපති රොනල්ඩ් රේගන් දැරූ උත්සාහයක් ව්‍යර්ත කිරීමටද ඇය සමත්විය.

1978 වසරේ නොවැම්බර් මාසයේදී සිය සැමියා ආකන්සාස්හි පාලකයා බවට පත් වීමත් සමග 1979 ජනාවරි මාසයේදී රොඩ්හැම් ආකන්සාස්හි පළමු පුරවැසි කාන්තාව බවට පත්විය. මෙතැන්සිට වසර 12 ක් ඇය මෙම පදවිය හෙබවීය (1979 – 1981, 1983 – 1992). එම වසරේදීම ක්ලින්ටන් විසින් ඇයව ග්‍රාමීය සෞඛ්‍ය උපදේශක කමිටුවේ සභාපති වරයා ලෙස පත්කල අතර ආකන්සාස්හි වඩාත් දුප්පත්ම ප්‍රදේශ වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා‍ප්‍රාන්ත අරමුදල් ලබාගැනීමට ඇය සමත් විය. වෛද්‍ය ගාස්තු වලට බලපෑමක් නොවන පරිදි මෙසේ අරමුදල් ලබාගැනීමට ඇය සමත්වීම සුවිශේෂී‍වේ.

1979 වසරේදී රෝස් නීති ආයතනයෙහි පුර්ණ සාමාජිකත්වය ලද ප්‍රථම කාන්තාව බවට රොඩ්හැම් පත්විය. 1978 වසරේ පටන් ධවල මන්දිරයේ වාසයට යන තෙක්ම රොඩ්හැම්ගේ මාසික වැටුප ඇගේ සැමියාගේ වැටුපට වඩා ඉහළ විය. 1978 සහ 1979 වසර වලදී සිය ආදායම ඉහළ නංවා ගැනීමට උත්සාහ දරණ අතරතුර අනාගතය සඳහා‍සකස් කල ගවයින් සම්බන්ධ කොන්ත්‍රාත් විකිණීම මගින් රොඩ්හැම් විශාල ලාභයක් උපයා ගැනීමට සමත්විය. ඩොලර් 1000 ක ආරම්භක ආයෝජනයකින් ආරම්භ කර මාස 10 ක් තුළ ඩොලර් 100000 කට ආසන්න ආදායමක් ඉපයීමට ඇය සමත් විය. මීට සමකාලීනව ක්ලින්ටන් යුවල ජිම් සහ සුසාන් මැක්ඩෝගල් සමග එක්ව දේපල වෙළදාම් සමාගමක් වු Whitewater Development Corporation ආයතනයේ ආයෝජනය කළ නමුත් එය අසාර්ථක විය. 1980 පෙබරවාරි 27 වන දින රොඩ්හැම් සිය එකම දරුවා වු චෙල්සි දියණිය මෙලොවට බිහිකළාය. 1980 නොවැම්බර් මාසයේදී නැවත සිය ධූරයට පත්වීම සඳහා තරඟකළ බිල් ක්ලින්ටන් මැතිවරණයෙන් පරාජයට පත් විය.

බිල් ක්ලින්ටන්ගේ 1992 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය[සංස්කරණය]

1992 වර්ෂයේ ඩිමොක්ර්ටික් පක්ෂයෙන් ජනාධිපතිවරනය සඳහා තරඟ වැදුණු අවස්ථාවේ ප්‍රථම වතාවට හිලරි ක්ලින්ටන් කෙරෙහි ජාතියේ අවධානය දැඩි ලෙස යොමු විය. නිව් හැම්ප්ෂයර් මූලික (තරඟ) වලට කලින් ටැබ්ලොයිඩ් ප්‍රකාශන මගින්, බිල් ක්ලින්ටන්ට ඔහුගේ විවාහයට පෙර ජෙනිෆර් ෆ්ලවර්ස් නම් ගායිකාවක් සමග අනියම් සම්බන්ධයක් තිබුණු බව හෙළි කරන ලදී. මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ක්ලින්ටන් යුවල '60 මිනිට්ස්' නම් රූපවාහිනී වැඩ සටහන ඉදිරියේ පෙනී සිටියහ. එහිදී බිල් ක්ලින්ටන් එම චෝදනාව බැහැර කළ නමුත් එම කරුණ ඔවුන්ගේ විවාහ ජීවිතයට කිසියම් වේදනාවක් එක් කළ බව ප්‍රකාශ කළේය. දෙදෙනා එසේ පෙනී සිටීමද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතුවලට මහත් රුකුලක් විය. මෙසේ ප්‍රචාරක කටයුතු කර ගෙන යන අතරතුරේදී ටැමි වයිනෙට් සහ විවාහ ජීවිතය ගැන ඇගේ මතයද, ආහාර පිසිමින්, තේ බොමින් නිවසේම නැවතී සිටින කාන්තාවන් ගැනද හිලරි ක්ලින්ටන් සඳහන් කළාය. ඇගේ මතයට අනුව මෙම තත්වය නොසළකා හැරීම්ය. තමන්ගේ බිරිඳට අනාගතයේදී පැවරෙන වැදගත් වැඩ කොටස ගැන සඳහන් කරමින් බිල් ක්ලින්ටන් කීවේ තමන් තෝරා ගතහොත් එය එක් මිළට භාණ්‍‍ඩ දෙකක් ලැබුනා හා සමානය නැතහොත් එකක් ගත් විට එකක් නොමිලේ ලැබෙන්නේය යනුවෙන් සඳහන් කරමිනි. 1992 අගෝස්තුවේදී අමෙරිකන් ස්පෙක්ටේටර්හි පළ වූ ඩැනියල් වොටන්බර්ග් ගේ (The Lady Mcbeth of little Rock) නම් ලිපියෙන් ආරම්භ වුනු හිලරි ක්ලින්ටන්ගේම අතීත සංකල්පිත යහපත් තොරතුරු පැරණි මතධාරීන්ගේ විවේචනයට ලක් විය.

එක්සත් ජනපදයේ රාජ්‍ය නායක ආර්යාව[සංස්කරණය]

රාජ්‍ය නායක ආර්යාව වශයෙන් භූමිකාව[සංස්කරණය]

1993 ජනවාරි මස බිල් ක්ලින්ටන් ජනාධිපති නතතුරේ වැඩ භාර ගත් විට හිලරි රොඩ්හැම් ක්ලින්ටන් එක්සත් ජනපදයේ පළමු කාන්තාව බවට පත් වූවාය. ඇය පශ්චාත් උපාධියක් ලැබූ පළමු වැනි පළමු කාන්තාවද (First Lady), ධවල මන්දිරයට පැමිණෙන විටත් වෘත්තීයමය ජීවිතයක් ගත කළ තැනැත්තියක්ද වූවාය. එසේම ධවල මන්දිරයේ බටහිර කොටසේ කාර්යාලයක් පවත්වා ගෙන යාමට වරම් ලැබූ පළමු තැනැත්තියද වූවාය. සාමාන්යායෙන් ජනාධිපති බිරිඳගේ කටයුතු තිබෙන්නේ ධවල මන්දිරයේ නැගෙනහිර පැත්තේය. එලිනොර් රූස්වෙල්ට් ජනාධිපති ආර්යාව හැරුණු විට අමෙරිකානු ඉතිහාසය තුළ වඩාත්ම බලගතු ජනාධිපති බිරිඳ ලෙස සැළකුනේ ඇයයි.

2006 මැතිවරණ ව්‍යාපාරය[සංස්කරණය]

2004 නොවැම්බර් මාසයේ දී ක්ලින්ටන් ප්‍රකාශ කළේ, ඇය සෙනෙට් සභාවට දෙවන වරටත් ඉදිරිපත් වන බවයි. රිපබ්ලිකන්නාම යෝජනාවල කලින් සිටි ප්‍රමුඛයා වූ “වේජ්ට්වෙස්ටර්” හි දිස්ත්‍රික් නීතිවේදී “Jeaninne Pirro” තරඟයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඡන්ද ව්‍යාපාර කටයුතු මාස ගණනක සිට අඩාල වී තිබිය. ක්ලින්ටන් ඩිමොක්‍රටික් අපේක්ෂත්වය පහසුවෙන් ලබා ගනනේ යුධ විරෝධී ක්‍රියාකාරිකයකු වූ “ජොනතන් ටසිනි” පරදවමිනි. ඇයට මැතිවරණයේ දී හමු වූ විරුද්ධවාදීන් අතර රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ”යෝන්කර්ස්” නගරාධිපතිවරයකු වන “ජෝන් ස්පෙන්සර්” ප්‍රමුඛ තරඟකරුවෙකි. එහෙත් 2007 නොවැම්බර් 7 වනදා පැවති ඡන්ද සටනින් ක්ලින්ටන් ජයගත්තේ ස්පෙන්සර් වඩා විශාල ඡන්ද ප්‍රමාණයකට හිමිකම් කියවිණි. ඇය ඡන්ද 67%ක් ද, ස්පෙන්සර් 31%ක් ද ලබා ගැනීමට සමත් විය. අන් කිසිම අපේක්ෂකයකු මෙම ඡන්ද ව්‍යාපාරයට වියදම් නොකළ ආකාරයට ක්ලින්ටන් ඩොලර් මිලියන 36ක් වියදම් කළාය. සමහර ඩිමොක්‍රික් සාමාජිකයන් ප්‍රකාශ කළ අන්දමට ඇය අති විශාල වියදමක් මෙවැනි ඡන්දයකට වැය කිරීම අනුවණ ක්‍රියාවක් බවයි. ඇයගේ උදව්කරුවන් සඳහන් කළේ ක්ලින්ටන් 2008 ජනාධිපතිවරණ සටනටවත් අවශ්‍ය මුදල් ඉතිරි කර නොගනිමින් වැය කර ඇති බවයි. එසේම පසුගිය මාසවලදී ඇය සතු සෙනෙට් අරමුදලින් ඩොලර් මිලියන 10ක් ද ලබා ගෙන ඇත.

දෙවන වාරය[සංස්කරණය]

සෙනෙට් සහිත ක්ලින්ටන් නාවික මෙහෙයුම් ප්‍රධානී ලෙස සන්නාහ සන්නද්ධ සේවාවන් සඳහා වන සෙනෙට් කමිටුව සමඟ නාවික අද්මිරාල් “මයික්මුලන්” ගෙන් කරුණු විමසීම.


2007 දී ඉරාක යුද්ධයට සෙබළුන් ගෙන යාමට විරුද්ධ වූ ක්ලින්ටන් පෙබරවාරි මස තුළ දී එයට එරෙහිව සෙනෙට් විරෝධත්වයක් එල්ල කිරීමට සමත් වූවාය. 2007 මාර්තු මස තුළදී ජනාධිපති බුෂ් තම හමුදාවන් ඉරාකයෙන් ගෙන්වා ගැනීමට පක්ෂව ක්ලින්ටන් පෙනී සිටියාය. එහෙත් 2007 මැයි මාසයේ දී සාමදානව යුධ කටයුතු සිදු කිරීමේ පණතක් ඉදිරිපත් වුණු අතර එමඟින් ක්ලින්ටන් ක්‍රියා කළ ද බුෂ් එම පණත 80-14 ඡන්ද ප්‍රමානයකින් සම්මත කරගත් පසු එම පණතට අත්සන් තැබීය. 2007 සැප්තැම්බරයේ ජෙනරාල් ඩේවිඩ් පෙට්රූස් විසින් ඉදිරිපත් කළ “ඉරාකයේ වත්මන් තත්වය” දැක්වෙන වාර්තාව පිළිබඳව ක්ලින්ටන් කියා සිටියේ එය විශ්වාස කළ නොහැකි බවයි.

2007 මාර්තු මස තුළ සිදු වූ මතබේදාත්මක සිදුවීමක් වූ එක්සත් ජනපද නීතිවේදීන් අස් කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ක්ලින්ටන් නීතිඥ ජනරාල් ඇල්බටෝගොස්සාලේස්හට අස්වවන ලෙසට ප්‍රකාශ කළාය. 2007 මැයි මාසයන් හිදී දේශසීමා රැකගැනීම හා සංක්‍රමණ නීති පිළිබඳව 2007 වසරට අදාල පණතට ක්ලින්ටන් සහාය දැක්වුව ද එය සම්මත නොවීය.

"https://si.wikipedia.org/w/index.php?title=හිලරි_ක්ලින්ටන්&oldid=560739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි