හික්කඩුවේ සුමංගල තෙරණුවෝ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (2023 නොවැම්බර්) |
දිවියේ තොරතුරු
[සංස්කරණය]දොන් නිකුලස් අබේවීර ගුණවර්ධන නම් පුත් රුවන උපත ලද්දෙ 1827 ජනවාරි 20 වන දින හික්කඩුවේ හෙට්ටිගොඩ නම් ගම් පියසේදී ය. ඒ දොන් ජොහානිස් අබේවිර ගුණවර්ධන මැතිතුමාගෙ හා දණ්ඩන්ගොඩ ගමගෙ ක්‍රිස්තිනා හාමිනේ මැතිනියගෙත් පස් වැනි දරුවා ලෙසටයි.
දහතුන්වන (13) වියෙදි නිකුලස් දරුවා හික්කඩුවේ ශ්‍රී සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය. ක්‍රි.ව. 1848දී මල්වතු විහාරස්ථ උපොසථගාරයෙදී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්විය.
මෙම අවධියෙදී බටහිර සංස්කෘතියටත් කිතුදහමටත් සමාජයෙහි උසස් පිලිගැනීමක් හිමිව තිබු අතර සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් හිමිව තිබුණේ දෙවන මට්ටමෙ පිලිගැනුමකි. මේ අනුව බෞද්ධාගම හා සිංහල සංස්කෘතිය පිලිබදව අදහස් දක්වන්නට ඉදිරිපත් වුවෝ විරල වූහ. එහෙත් සුමංගල හිමියෝ ධර්ම දේශනා පවත්වමින් ඊට එරෙහි බලයක් ගොඩ නගන්නට කැපවූහ. දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත වු විද්‍යෝදය පිරිවෙන ආරම්බ කිරිම උන්නාන්සේගේ ප්‍රධනාත්වයෙන් සිදු වු දෙයකි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වු පිරිවෙන්හි අධයන කටයුතු වල යෙදිම සදහා දෙස් විදෙස් ශිෂය්‍යන් වැල නොකැඩි ගලා ආයේ ඉන් ලද මහඟු අධය්‍යාපනය නිසාමය. 1886 දී කොළඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරීමේ පුරොගාමි මෙහෙවරට උන්වහන්සෙගෙන් ලද දායකත්වය සුලුපටු නොවේ. එමෙන්ම උන්වහන්සේ බෞද්ධ පුනුරුදයේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.
මෙ අතර අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු හා මහා බෝධි සමාගමෙහි ප්‍රකාශනයක් වූ "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගේ ලේඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.
මෙ සියලු කටයුතු කෙරෙහි මුල්වූ උන්වහන්සේගේ පරමාර්ථය වුයෙ ශ්‍රි ලංකාවේ අනාගත දියුණුව උදෙසා බෞද්ධ අධ්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක කරලීම ය. ත්‍රිපිටක වාගිශිවර්චාර්යත්වයෙන් පිදුම් ලද හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමියන් වහන්සේ විසින් විශාල සේවයක් සිදු කර අවුරුදු 84 ක් ආයු වළඳා 1911 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.