"1812 යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: pnb:1812 دی لڑائی
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: sh:Britansko-američki rat 1812.
46 පේළිය: 46 පේළිය:
[[ro:Războiul din 1812]]
[[ro:Războiul din 1812]]
[[ru:Англо-американская война]]
[[ru:Англо-американская война]]
[[sh:Britansko-američki rat 1812.]]
[[simple:War of 1812]]
[[simple:War of 1812]]
[[sk:Britsko-americká vojna]]
[[sk:Britsko-americká vojna]]

02:52, 14 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

1812 යුද්ධය යනු එක්සත් ජනපදයෙහි සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි බලකායන් අතර සටන් වැදුනු හමුදාමය ගැටුමකි. 1812 දී එක්සත් ජනපදය යුද්ධ ප්‍රකාශ කලේ කරුණු කිහිපයක් පදනම් කර ගෙන වන අතර, මේවා අතර ප්‍රංශය හා සමග පැවති බ්‍රිතාන්‍යයේ යුද්ධය නිසා ඇතිවී තිබුණු වෙළෙඳ අවහිරතා, රාජකීය නාවික හමුදාව වෙත ඇමරිකානු නැවියන් බලයෙන් බඳවා ගැනීම, ඇමරිකානු ව්‍යාප්තියට එරෙහිව නැගී සිටිනු වස් ඇමරිකානු ඉන්දියානු ගෝත්‍රයන්ට ලබා දුන් බ්‍රිතාන්‍ය සහයෝගය, මහ මුහුදේදී අත් විඳි අපකීර්තිය නිසා ජාතික අභිමානයට ඇතිවුනු අපමානයට එරෙහි දැඩී කෝපය සහ, සමහරවිටෙක කැනඩාව ඈඳාගැනීම සඳහා තුබූ ඇමරිකානු අභිප්‍රාය යන කරුණු තිබිණි. [1] 1814 වන තුරු යුරෝපයේ යුද්ධ වල පැටලී සිටිම නිසාවෙන්, බ්‍රිතාන්‍යයන් පළමුවෙන් අනුගමනය කලේ ආරක්ෂාකාරී උපායමාර්ගයක් වන අතර, ඉහළ සහ පහළ කැනඩාවෙහි පළාත් වෙත එල්ලවූ බහුවිධ ඇමරිකානු ආක්‍රමණයන් පළවා හැරීම ඔවුන් විසින් සිදු කෙරිණි. කෙසේවතුදු, ඊරි විල ප්‍රදේශයෙහි පාලනය නතු කරගැනීමටද, බටහිර ඔන්ටේරියෝහී යම් කොටස් අල්ලා ගැනීමට සහ, ඉන්දියානු රාජ්‍ය සන්ධානයක් සඳහා සහ බ්‍රිතාන්‍ය අනුග්‍රහය යටතේ මධ්‍ය-බටහිරෙහි නිදහස් ඉන්දියානු රාජ්‍යයක් පිහිටුවීම වෙත තිබූ අපේක්ෂාවන් සිඳලීමටද 1813 දී ඇමරිකානුවෝ සමත් වූහ. නිරිත දිග එක්සත් ජනපදයෙහිදී 1814 දී සිදුවූ හෝර්ස්ෂූ බෙන්ඩ් සටනෙහිදී, ජනරාල් ඇන්ඩෲ ජැක්සන් විසින් මොලපු ජනයාගේ හමුදාමය බලය බිඳ හෙලීමට සමත් විය. 1814දී සිදුවූ නැපෝලියන්ගේ පරාජය හා සමගම අප්‍රේල් 6 වන දිනදී, බ්‍රිතාන්‍යයන් විසින් වඩාත් කලහකාරී උපායමාර්ගයක් වෙත පිවිසෙමින්, විශාල ආක්‍රමණ හමුදා තුනක් පිටත් කර එවීය. 1814 අගෝස්තු මසදී බ්ලේඩන්ස්බර්ග් සටනනෙහිදී බ්‍රිතාන්‍යයන් ලද ජයග්‍රහණ නිසා වොෂිංටන්, ඩී.සී අල්ලා ගැනීමටද එය ගිණිතැබීමටද ඔවුනට හැකි විය. 1814 සැප්තැම්බර් සහ 1815 ජනවාරි හිදී ලද ජයග්‍රහණ ඔස්සේ නිවියෝර්ක්, බෝල්ටිමෝර් සහ නිව් ඕරිලියන්ස් වෙත එල්ලවූ බ්‍රිතාන්‍ය ආක්‍රමණ පලවාහැරීමට ඇමරිකානුවන්ට හැකි විය.


අධෝසටහන්

උපන්‍යාස

  1. Stagg 1983, පිටු අංකය: 4.
"https://si.wikipedia.org/w/index.php?title=1812_යුද්ධය&oldid=245155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි