Jump to content

බුලත්

විකිපීඩියා වෙතින්
Betel
A Piper betle leaf
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiospermae
(ශ්‍රේණිගත නොකළ): Magnoliidae
ගෝත්‍රය: Piperales
කුලය: Piperaceae
ගණය: 'Piper'
විශේෂය: ''P. betle''
ද්වීපද නාමය
Piper betle

බුලත් වැලක් වන අතර ගම්මිරිස් සහ කොවා ඇතුළත් වන පයිපෙරසී ( Piperaceae)පවුලට අයත්වේ.බුලත් කොළ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල සමහර ආසියානු සංක්‍රමණිකයන් විසින්ය.බුලත් විටක් ලෙස භාවිතා කරනු ලබන අතර ඒ සඳහා පුවක්, දුන්කොළ මෙන්ම හුණුද භාවිතා කරයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව බුලත් කොළ පිරිනමනු ලබන්නේ ගෞරවය සහ සුබ ආරම්භය යන්න හැගවීම සඳහාය.

මංගල උත්සවවලදී, වැඩිහිටියන්ට ආචාර කිරීම, අලුත් අවුරුද්ද සැමරීම සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට සහ ජ්‍යෝතිෂ්‍ය වේදීන්ට ගෙවීම් කිරීම වැනි අවස්ථා වලදී පිරිනමනු ලබයි.බුලත් ආරම්භ වූයේ දකුණු හා ගිනිකොනදිග ආසියාවේ ය.

නිරුක්තිය

[සංස්කරණය]

බුලත් යන්න (දෙමළ / මලයාලම්) වෙටිලා යන වචනයෙන් උපුටා ගන්නා ලද අතර ඒ සඳහා පෘතුගීසි බලපෑමක්ද තිබේ.

ලෝකයේ බුලත් කොළ සහ පුවක් පරිභෝජනය.


බුලත් කොළ වැඩි වශයෙන් දකුණු හා ගිනිකොනදිග ආසියාවේ, පාකිස්තානයේ[1] සිට පැපුවා නිව්ගිනියාව දක්වා වගා කෙරේ.

භාවිතය සහ සංස්කෘතික වැදගත්කම

[සංස්කරණය]

බුලත් කොළ වල මූලික භාවිතය වන්නේ රසය එකතු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන පුවක් හෝ දුම්කොළ සමඟ එතීමෙනි.භාවිතවන කොටස් ගතහොත් සම්පූර්ණවැල, කොළ, මුල් සහ පුෂ්ප මංජරිය යනාදියවේ.[2]ඖෂධයක් ලෙස භාවිතවන කොටස් ගතහොත් කොළ, කොළ යුෂ සහ කොළ තෙල් යනාදියවේ.[3]

ඓතිහාසික නියෝජනයන්
බුලත් බෑගය, නිව් ගිනියාව, දහනව වන සියවස.
බුලත් බෑගය, නිව් ගිනියාව, දහනව වන සියවස. 
විලියම් ඇලෙක්සැන්ඩර්, චීන බුලත් අළෙවිකරුවෙක්, 1793-1794, මුද්‍රණ හා චිත්‍ර සටහන් ජාතික කලාභවන, වොෂිංටන්.
විලියම් ඇලෙක්සැන්ඩර්, චීන බුලත් අළෙවිකරුවෙක්, 1793-1794, මුද්‍රණ හා චිත්‍ර සටහන් ජාතික කලාභවන, වොෂිංටන්. 

සෞඛ්‍යමය බලපෑම්

[සංස්කරණය]

ආර්ථිකමය වශයෙන් වැදගත්කම

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Betel-leaf farming in coastal area". Dawn. 13 May 2002. සම්ප්‍රවේශය 26 December 2019.
  2. ^ Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN 9555900434.[permanent dead link]
  3. ^ Arambewela, Lakshmi; Alagiyawanna, Sachintha. Sri Lankan Medicinal plant Monograph and Analysis:Piper betle (PDF). National Science Foundation. p. 3. ISBN 9555900434.[permanent dead link]

භාහිර සබැඳි

[සංස්කරණය]
  • Piper betle හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=බුලත්&oldid=603816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි