ඩුබායි
නගරයේ පිහිටීම | |
රට | එක්සත් අරාබි රාජධානිය |
රාජධානිය | ඩුබායි |
සංස්ථාපිත | 9 ජූනි මාසය,1833 |
එක්සත් රාජධානියේ සිට නිදහස ලැබුවේ | 2 දෙසැම්බර් 1971 |
රාජ්‍යය | ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව |
නායකයා | මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම් |
වර්ගඵලය | 4,114 වර්ග කිලෝමීටර් (1,588.4 වර්ග සැතපුම්) |
ජනගහණය (2009) | |
එමිර් රාජ්‍යය | 2,262,000 |
ඝනත්වය | 408.18/වර්ග කිලෝමීටර් (1,057/වර්ග සැතපුම්) |
Metro | 3,410,737 |
වේලා කලාපය | UAE (UTC+4) |
වෙබ් අඩවිය | ඩුබායි එමිර්, ඩුබායි රාජධානි |
ඩුබායි (ඉංග්‍රීසි උච්චාරණය: /duːˈbaɪ/ doo-BYE; අරාබි: دبيّ dubayy) යනු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇති එමිරේට හතෙන් එකකි. එය අරාබි අර්ධද්වීපයේ අරාබි බොක්කට දකුණට වන්නට පිහිටා ඇත.විශාලතම ජනගහනය ජිවත් වන්නේ ඩුබායි හි වන අතර එය අබුඩාබි වලට පසුව භුමි ප්‍රදේශ ප්‍රමාණය අනුව දෙවන විශාලතම එමිරේටයයි. රටෙහි ෆෙඩරල් ජාතික කවුන්සිලයෙහිදී ජාතික වැදගත්කමක් ඇති කාරණා වලදී නිෂේධ බලය භාවිත කල හැක්කේ බුබායි හා අබුඩාබි යන ඒමිරේට් දෙකට පමණි.
ඩුබායි පිළිබඳව මුල්ම ලිඛිත සඳහන 1095 දී හමුවන වන අතර, ඩුබායි නගරය නමැති මුල්ම ජනාවාසය පිළිබඳව 1799 සිට දැනුවත්ව ඇත. ඩුබායි උපචාරනුකූලව පිහිටුවීම 19වන සියවස මුල් භාගයේදී සිදු කරන ලද්දේ බානි යස් හි අල් අබු ෆලාසා වරිගය විසින් වන අතර, 1892 දී එක්සත් රාජධානිය විසින් ඩුබායි හි ආරක්ෂාව පිළිබඳ වගකීම භාර ගන්නා විටදීද ඩුබායි නගරය එම වරිගයේ පාලනය යටතේ පැවතිණි. එහි භූගෝලීය පිහිටීම හේතුවෙන් එය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු අතර 20 වන සියවස ආරම්භය වන විට එය වැදගත් වරායක් බවට පත්ව තිබුණි. නව මුදල් ඒකකයක් පිහිටවූවීම සඳහා, අළුතෙන් නිදහස ලැබූ රටක් වූ කාටාර් හා 1966 දී නගරය එක්වූ අතර, එම වසරෙහිදීම තෙල් සොයා ගන්නා ලදි. තෙල් ආර්ථිකය විසින් විදේශීය සේවකයන්ගේ මහත් විසල් ආගමනයකට මග පාදමින්, නගරය 300% ක විහිදුමකට ලක් කරමින් හා තෙල් පිළිබඳ විදේශීය ලැදිකම් කැටුව ඒමට සමත් විය. නවීන ඩුබායි එමිරේටය නිර්මාණය කරන ලද්දේ 1971 දී එක්සත් රාජධානිය ප්‍රදේශය හැර දා යෑමෙන් පසුවය. මෙම අවස්ථාවෙහිදී, ඩුබායි, අබුඩාබි සහ අනෙකුත් එමිරේට පහක් එක්ව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිහිටුවන ලදී. ජෙබෙල් අලි අවට, 1979 දී නිදහස් වෙළෙඳ කලාපයක් පිහිටුවන ලද අතර, විදේශීය සමාගම් වලට සීමා බන්ධන රහිතව ශ්‍රමිකයන් ආනයනයද මූල ධනය අපනයනයද සඳහා අවකාශ සැලසීය. 1990 දී සිදුවූ ගල්ෆ් යුද්ධය නිසා නගරය කෙරෙහි සෘණ මූල්‍ය බලපෑමක් ඇතිවූයේ, තැන්පතුකරුවන් විසින් ඔවුන්ගේ මුදල් ආපසු ගත් අතර වෙළෙඳුන් ඔවුන්ගේ වෙළෙඳාම අත් හැර යෑමද නිසා වන අතර, ඉක්බිතිව දේශපාලන වාතාවරනය වෙනසකට ලක් වීම හේතුවෙන් නගරය ප්‍රකෘති තත්ත්වයට පත්ව සඵල දියුණුවට ලක් විය.
ඩුබායි හි ප්‍රධානතම ආර්ථික සාධකය තෙල් කර්මාන්තය වුවත් වර්තමානයෙහි එහි ප්‍රධාන ආදායම් මාර්ග ලෙස සංචාරක කර්මාන්තය, ස්වභාව සෞන්දර්යය සහ වාණිජ සේවා ප්රමුඛ තැනක් ගනි. ඩුබායි වෙළෙඳපොළ ප්‍රධාන පසුබැමකට ලක්වීමේ අත්දැකීම් ලැබුවේ 2008 හා 2009 වසර වලදි සිදුවුයේ ලෝක ආර්ථිකය කඩා වැටීමත් සමගිනි. එය 20% කින් නිවැරැදි කර ගැනිමට 2011 දි අපේක්ෂා කරයි.