Jump to content

ගුවනේදී ගුවනට විදින මිසයිල

විකිපීඩියා වෙතින්
එජගුහ F-22 යානයක් විසින් AIM-120 AMRAAM මිසයිලයක් ගුවනට විදිමින්
ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ් ගුවන් හමුදා පර්යන්තයට අයත් එජගුහ 90වන සටන් යුද්ධයානා සමූහයේ F-15E යානා දෙකක්, පුහුණුවීම් මෙහෙයුමකදී AIM-7M යුගලයක් ගුවන්ගත කරමින්.
ලුෆ්ට්වාෆා (ජර්මානු ගුවන් හමුදාව) සතු ගුවනේදී ගුවනට විදින නවීන IRIS-T මිසයිලයක්.
යුරෝෆයිටර් ටයිෆූන් යානයෙහි සවිකර ඇති රාජකීය ගුවන් හමුදාව සතු AIM-132 ASRAAM මිසයිලයක්.

ගුවනේදී ගුවනට විදින මිසයිල (ගුගුමි) ඉංග්‍රීසි: air-to-air missile (AAM) යනු, වෙනත් ගුවන්යානයක් විනාශකිරීමේ අරමුණින් යම් ගුවන්යානයක් විසින් විදිනු ලබන නියෙමු මිසයිලයකි. සාමාන්‍යයෙන් ඝන ඉන්ධනයෙන් පිරි වුවද සමහරක් විට ද්‍රව ඉන්ධනයෙන් පිරි විය හැකි රොකට් මෝටර එකක් හෝ කිහිපයක් විසින් ගුගුමි යන් සාමාන්‍යයෙන් බල ගන්වනු ලැබේ.

සැලසුම්

[සංස්කරණය]

අහසෙන් අහසට යවන මිසයිල සාමාන්‍යයෙන් දිගු තුනී සිලින්ඩර වේ. ඒවායේ හරස්කඩ කුඩා වේ. එමනිසා ඒවා ගමන් ගන්නා අධික වේගවලදී ඇති වන බාධා අවම වේ.

එහි ඉදිරිපස ඇත්තේ සොයා යන්නායි. (Seeker) එය රේඩාර් පද්ධතියක්, රේඩාර් හෝමරයක් හෝ අධෝරක්ත අණාවරකයක් විය හැකිය. ඊට පිටුපසින් ඇත්තේ මිසයිලය පාලනය කරන ගුවන් තාක්ෂණික ශිල්ප ක්‍රමයි. සාමාන්‍යයෙන් ඊට පසුව මිසයිලය මධ්‍යයේ ඇත්තේ ලෝහ‍යකින් වට වී ඇති පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් කිහිපයකි. පිපි‍රීමේ දී එම ලෝහ කුඩා කැබලි බවට පත්වේ.

මිසයිලයේ පසු කොටසේ ප්‍රචාලක පද්ධතිය අඩංගු වේ. එය සාමාන්‍යයෙන් යම් වර්ගයක රොකට්ටුවකි. ද්වී තෙරපුම් ඝන ඉන්ධන රොකට්ටු බහුල නමුත් සමහරක් දිගු දුර මිසයිල ඔවුන්ගේ පරාසය වැඩි කර ගැනීමට ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා ද්‍රව ඉන්ධන මෝටර භාවිතා කරනු ලබයි. සමහරක් ඝන ඉන්ධන මිසයිල මෙම තාක්ෂණයට අභියෝග කරන්නේ දෙවන රොකට් මෝටරයක් සමඟය. MBDA Meteor වැනි සමහරක් දියුණු වෙමින් පවතින මිසයිල ගමන් කරන අතරතුර එය තුළට වාතය ලබා ගනිමින් (Ramjet එකක් යොදා ගෙන, ජෙට් එන්ජිමකට සමානව) ගමනේ යෙදේ. එමඟින් ඔවුන්ගේ පරාසය වැඩි වේ.

නූතන මිසයිල අඩු දුම් මෝටර භාවිතා කරයි. මුල් කාලීන මිසයිල ඝන දුම් වලිගයක් නිර්මාණය කරන අතර එය ඉලක්කගත වී ඇති ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට පහසුවෙන් නිරීක්ෂණය වන අතර එමඟින් ඔවුන්ට ප්‍රහාරයෙන් ඉවත් වීමට හා එය මගහැරිය යුත්තේ කෙසේද යන්න නිර්ණය කිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]