විකිපීඩියා:තෝරාගත් සේයාරුව/ජුනි 2010

විකිපීඩියා වෙතින්

ජුනි 2010[සංස්කරණය]

ශ්‍රී ලංකා දිවියා

කොටියා යන අන්වර්ථ නාමයෙන් හඳූන්වනු ලඛන ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya), ශ්‍රී ලංකාවට ආවේණික සත්වයෙක් වන අතර ලොව වෙසෙන දිවි උප විශේෂයකට අයත්වේ. සාමාන්‍ය ව්‍යවභාරයේ කොටියා නමීන් භැඳින්වුවද නිවෑරදි භාවිතය දිවියා වේ.

ශ්‍රී ලංකා දිවියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුනත්, නවතම පර්යේශනයකින් සොයාගත් තොරතූරු වලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමිය තුළ ලොව විශාලතම දිවි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය දිවියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටචල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක.