WT:Articles for creation/රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය

විකිපීඩියා වෙතින්
  • ආරම්භය - 1951 සැප්තැම්බර් 21
  • ආරම්භක පුරෝගාමියා - එස්.එච්.ඒ.සේනානායක මහතා
  • ලියාපදිංචි කේතය - 3වන මාතර
  • පාසල - රාහුල විද්‍යාලය මාතර
  • බාලදක්ෂ නායක - විදුහල්පති සුදත් සමරවික්‍රම මහතා
  • බාලදක්ෂ ආචාර්ය - සදුන් හේවාපතිරණ මහතා හා අචල යාපා මහතා
  • බාලදක්ෂයින් සංඛ්‍යාව -+400
  • බිහිකල ජනාධිපති බාලදක්ෂයින් - +230
  • වාර්ශික ව්‍යාපෘති - සිංහයන්ගේ පිඹිදීම සමස්ථ ලංකා ගවේෂණ තරගාවලිය , බාලදක්ෂ කදවුර , පදක්කම් ප්‍රධානය , පාගමන් , ගිනිමැල සංදර්ශන
  • මෙහෙයවීම - සමූහ කවුන්සිලය





ඉතිහාසය


වර්ෂ 1923 මැයි මස පළමු වන දින එෆ්.ගෝර්ඩන් පියර්ස් මහතාගේත් ටී.ඩී.ඩබ්. රාජපක්ෂ නෙතොරිස් රාලහාමිගේත්,සී.ඒ.ඕදිරිස් ද සිල්වා මහතාගේත් සී.ඒ.ආරියතිලක මහතාගේත් මූලිකත්වයෙන් පරාක්‍රම විද්‍යාලය ලෙස ඇරඹි මාතර රාහුල විද්‍යාලය වර්තමානය වන විට ලක්දිව ප්‍රමුඛතම බෞද්ධ පාසලක් බවට පත් වී ඇත්තේ වසර 98 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් දරමිණි.

එසේ ආරම්භ වූ රාහුල වංශ කතාවේ නැවුම් පිටුවක් සනිටුවන් කරමින් වර්ෂ 1907 දී ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය රාහුල විද්‍යාලය,තුළ ආරමිභ කිරීමේ නියත විවරණ ලබනුයේ වර්ෂ 1928  දී එවකට විද්‍යාලයීය ගරු  විදුහල්පති වරයා වූ G.විලියම් ද සිල්වා මහතාගේ කාලපරිච්ජේදය තුළදීය.නමුත් එම අවධියේ රාහුල විද්‍යාලය තුළ ආරම්භ කළ බාලදක්ෂ සංගමය පසුබෑමකට ලක්වූ අතර පසුව ජයග්‍රාහී පියවරක් තබමින් වර්ෂ 1951 සැප්තැම්බර් මස 21 වන දින එවකට විද්‍යාලීය ගරු විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ D.J.කුමාරගේ මහතාගේ සේවා කාලය තුලදී එවකට විද්‍යාලයීය ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ  S.H.A.සේනානායක මහතාගේ මූලිකත්වයෙන් යුතුව  බාලදක්ෂයන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව තුන්වන මාතර රාහුල බාලදක්ෂ සමූහය ලෙස රාහුල බාලදක්ෂ සමූහයට නැවතත් පණපොවන ලදි.

1953 වසරේ මාතර දිස්ත්‍රික් බාලදක්ෂ ඉතිහාසයේ නැවුම් වූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාතර දිස්ත්‍රික් ප්‍රථම රැජින බාලදක්ෂ කණ්ඩායම බිහි කිරීමට ද එම වසරේදීම රාහුල බාලදක්ෂ ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් අරඹමින් රාහුල විද්‍යාලය තුළම  මානවක බාලදක්ෂ ව්‍යාපාරයත් පෝතක බාලදක්ෂ ව්‍යාපාරයත් ආරම්භ කළ තුන්වන මාතර බාලදක්ෂ සමූහය වර්ෂ 1956 දී  ගාල්ලේ පැවැති බාලදක්ෂ කබෝරියේදි දක්ෂතම බාලදක්ෂ කණ්ඩායමට හිමි පළිහ ද දිනා ගැනීමට සමත් විය.

1957 වසරේ ලෝක බාලදක්ෂ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් එංගලන්තය පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහාද රාහුල විද්‍යාලයීය  බාලදක්ෂ  සමූහයත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට රාහුල බාලදක්ෂයෙක් සුදුසුකම් ලැබීය.

එමෙන්ම රාහුල බාලදක්ෂ  ඉතිහාසයේ තවත් ස්වර්ණමය පිටුවක් පෙරළමින් වර්ෂ 1963 දී බාලදක්ෂ ඉපයීමේ සතිය තුළ දිවයිනේවැඩිම මුදලක් ඉපයූ සමූහය බවට පත්වෙමින් ඇන්ඩෘකැල්කොට් රජතමය කුසලානය දිනාගත් තුන්වන මාතර බලදක්ෂ සමූහය වර්ෂ 1965 දී මාතර දී පැවැත්වූ දක්ෂිණ ලංකා කබෝරියහි දක්ෂතම බාලදක්ෂ කණ්ඩායමට හිමි පළිහද දිනා ගැනීමට හැකි විය .

වර්ෂය 1980 සිට වර්ෂ 2005 දක්වා රාහුල විද්‍යාලයීය  බාලදක්ෂ ආචාර්යවරයා ලෙස රාජා මුත්තුක්කාර මහතා පත්වීමත් සමග තුන්වන  මාතර රාහුල  විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ ස්වර්ණමය  යුගය ආරම්භ විය.

රාහුල බලදක්ෂ ඉතිහාසයේ තවත් ස්වර්ණමය සටහනක් තබමින් වර්ෂ 1990 දී  ලංකා G. නිශාන්ත ද සිල්වා මහතා විසින් රාහුල විද්‍යාලයීය  තුන්වන මාතර බාලදක්ෂ සමූහයේ  නිල ලාංඡනය නිර්මාණය කරන ලදි.1991 වසරේ රාහුල බාලදක්ෂ  සමූහයේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් බාලදක්ෂයින් 3000 කගේ පමණ සහභාගිත්වයෙන් රූබී ජුබිලි කදවුර රාහුල විද්‍යාලයීය පරිශ්‍රයේ දී   පැවත්විණි.

තවද 1992  දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 41 ක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැලියක් ද ,1993දී රාහුල බාලදක්ෂ සමූහයට වසර 42ක් සපිරිම නිමිත්තෙන් දිස්ත්‍රික් බාලදක්ෂ රැළියක්ද පවත්වමින් දිස්ත්‍රික්කය පුරා  රහල් අභිමානය පැතිරවීමට රාහුල  බාලදක්ෂ සමූහය සමත්විය .

1995 දී ලක්දිව වැඩිම ජනාධිපති බාලදක්ෂ පිරිසක් වසරකදී දැයට දායාද කළ බාලදක්ෂ සමූහයන් අතරින් 3  වන ස්ථානයට පත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය තම ශක්තිය සමස්ත ලංකාවට පතළ කිරීමට සමත් විය .

එම වසරේදී ම පාකිස්තානයේ පැවති  සාර්ක් ජම්බෝරිය  නියෝජනය කරමින් සහභාගි වූ බාලදක්ෂයින් පිරිසද නියෝජනය කිරීමේ භාග්‍ය රාහුල බාලදක්ෂයින් දිනා ගත්තේය.2000 වර්ශයේදී රාහුල බාලදක්ෂ සමූහයට වසර 48ක් සපිරීම  නිමිති කරගනිමින් බාලදක්ෂයින් 300 කගෙන් පමණ යුත් බාලදක්ෂ දිනයක් සංවිධානය කිරීම ද රාහුල බාලදක්ෂ ගමනේ සුවිශේෂී පියවරකි.

2002 වසරේ ජපානයේ පැවති නිපෝන් ජම්බෝරියටද එම වසරේදීම බ්‍රිතාන්‍යයේ  පැවති ලෝක බාලදක්ෂ ජම්බෝරියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට රාහුල බාලදක්ෂයන්ට හැකි විය.

2003 වසරේදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට 52 වසරක් පිරීම නිමිත්තෙන් ද බාලදක්ෂ දිනයක් සංවිධානය කරනු ලැබූවේ විද්‍යාලයීය බාලදක්ෂ සමූහය තම ගමනේ තවත් සුවිශේෂී සටහනක් තබමිනි.

2003 වසරේ දී රාජන්ස් ජින් බාලදක්ෂ ජම්බෝරියේ හොඳම බාලදක්ෂ කණ්ඩායම බවට පත් වූ රාහුල විද්‍යාලයීය බාලදක්ෂ  සමූහය රාහුල බාලදක්ෂ ඉතිහාසයේ නැවුම් පරිච්ඡේදයක් අරඹමින් 2004 වසරේ දී රාහුල විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංසදය පිහිට වූ අතරම 2004 වසරේ ඉන්දියාවේ පැවැත් වූ අන්තර්ජාතික ධීර වැඩසටහනට ද 2007 වසරේ එංගලන්තයේ පැවැත්වූ 21වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය  ද ශ්‍රී ලඔකාවේ පැවති ගුවන් බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාහුල විද්‍යාලයීය  බාලදක්ෂයන් ලෝකයටම තම පාසල් නාමය රැගෙන යන ලදී 2008 වසරේ දී වසරේ දී සමස්ත ලංකාවට ගෞරවයක් එක් කරමින් ද රාහුල විද්‍යාලීය බාලදක්ෂ පුරාණයේ ද නැවුම් සටහනක් තබමින් ද රාහුල විද්‍යාලයීය බාදක්ෂයින් සිවු දෙනකු එවරස්ට් මූල කදවුර සාර්ථකව තරණය කිරීමට ද සමත් වූයේ තුන්වන මාතර රාහුල බාලදක්ෂ නාමය ඉහලට ඔසවා තබමිනි.

2008 වසරේ  දිස්ත්‍රික් බාලදක්ෂ පුහුණු වැඩසටහනක් පවත්වමින් රහල් නාමය තවත් කල එළි නැංවීමට රාහුල විද්‍යාලයීය බාලදක්ෂයින් සමත්කම් දැක්වීය.2011 වසරේ ආරම්භ කළ සිංහයන්ගේ පිබිදීම ජාතික මට්ටමේ ගවේෂණ තරගාවලිය මේ වන තෙක් වසර නවයක් පුරාවට ම අඛණ්ඩව පවත්වමින් රාහුල බාලදක්ෂ සමූහයේ ධෛර්ය ශක්තිය හා හැකියාව ලොවටම විදහා පානුයේ රහල් මාතාවද ගෞරවයක් එක්කරමිනි.

2017 වසරේ පිලිපීනයේ පැවති පිලිපීන ජාතික ජම්බෝරියට ද, 2018 වසරේ දකුණු කොරියාවේ පැවති  ජාත්‍යන්තර කාණ්ඩ නායක ජම්බෝරියට ද සහභාගී වීමටද අවස්තාවක් හිමිකරගත් රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය 2018 වසරේදීම නැවත වරක් වසරේ වැඩිම ජනාධිපති බාලදක්ෂයින්  බිහි කරනු ලබනු ලබන පාසල් අතරින් තෙවන ස්ථානයට ද පත් විය. 2019 වසර්වෙදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවන් කරමින් රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයතුල සිගිති බාලදක්ෂ අංශය ආරම්භ විය 2019 වසරේදීම බංගලාදේශයේ  පැවැති බංග්ලාදේශ ජාතික ජම්බෝරියට ද එම වසරේදීම ඇමෙරිකාවේ පැවති  24 වන ලෝක  බාලදක්ෂ

ජම්බෝරියට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රහල් බාලදක්ෂ  නාමය අන්තර්ජාතික තලය දක්වා රැගෙන ගිය අතර 2020වසරේ ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු අන්තර්ජාල ජම්බෝරියටද සහභාගී වීමේ අවස්ථාව රාහුල බාලදක්ෂයින් හට හිමිවිය.

රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ඉතිහාසයහි තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2021වසරේදී රාහුල විද්‍යාලයීය බාලදක්ෂ ධජය නිර්මාණය වූ අතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නිල ලාංජනයක්ද එලිදක්වන ලදී.තවද අභිනව බාලදක්ෂ ගෘහයටද මුල්ගල් තැබුන මෙම වසරේදීම ලංකාවේ පළමු සමස්ථ ලංකා මාර්ගගත බාලදක්ෂ තරගාවලිය වූ inqu Expedition '21 තරගාවලියද සංවිධානය කල රාහුල බාලදක්ෂ සමූහය විද්‍යාලයීය බාලදක්ෂයින්හට මාර්ගගත අන්දමින් බාලදක්ෂ අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේද නැවුම් අත්දැකීමක් ලබාදෙමිනි. 2021 වසරේ රාහුල විද්‍යාලයීය 70 වන් සංවත්සරය කොවිඩ් වසන්ගතය හමුවේ උවද pulse of night නම් සංගීතමය වැඩසටහනක් පැවැත්වමින්ද තම ශක්තිය විදහාපාන ලදී.

මේ වන විට රැජින බාලදක්ෂයින් ජනාධිපති බාලදක්ෂයන් හා රන්තරු ලාභී පෝතක බාලදක්ෂයින්  500 කට අධික පිරිසක් ජාතියට දායාද කිරීමට සමත් වූ රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය වර්තමානය වන විට  සිගිති පෝතක හා බාලදක්ෂ යන අංශයන්හි බාලදක්ෂයින්  700 කටත් අධික ප්‍රමාණයකින් සමන්විතය.

දිවයින පුරා විවිධ බාලදක්ෂ සමූහයන් මඟින් සංවිධානය කරනු ලබන ගවේෂණ තරඟාවලියන්හි මෙන්ම විවිධ තරගාවලින්හි ජයග්‍රහණයද අඛණ්ඩව හිමිකරගත් තුන්වන මාතර බාලදක්ෂ සමූහය,රහල් නාමය ඔප්නංවනුයේ ඉමහත් වූ අභිමානි.

රාහුල විද්‍යාලයීය වත්මන් නියමු ගරු විදුහල්පති සුදත් සමරවික්‍රම ගුරු පියාණන්ගේ අනුශාසනා යටතේ සඳුන් හේවාපතිරණ ගුරුපියාණන්ගේ හා අචල යාපා ගුරුපියාණන්ගේ අධීක්ෂණය යටතේ විද්‍යාලයීය සමූහ කවුන්සිලයේ උනන්දුව, කැපවීම හා නොමද උත්සාහය යටතේ ආදි බාලදක්ෂ සංසදයේ ද සහයෝගය ඇතිව විද්‍යාලයීය බාලදක්ෂ අංශයේ කටයුතු ද රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ගරු විදුහල්පතිනි පත්මනී ගනේවත්ත මැතිනියගේ අනුශාසනා යටතේ k.t.m.සම්පත් ගුරුපියාණන්ගේ මූලිකත්වයෙන් සුජානි උදේශිකා ගුරුමෑනියන්ගේ සහයෝගයෙන් ඇතිව පෝතක බාලදක්ෂ කටයුතුද දේවිකා මිහිරානි ගුරුමෑනියන්ගේ මූලිකත්වයෙන් චන්දිමා තිලකරත්න ගුරුමෑනියන්ගේත් සහයෝගය ඇතිව සිගිති බාලදක්ෂ කටයුතු ද දිසා බාලදක්ෂ කොමසාරිස් V.G.ඉන්දික ප්‍රසන්න මහතාගේ දිස්ත්‍රික් නායකත්වයෙන් වර්ථමානයේ බාලදක්ෂ සමූහය ද ක්‍රියාත්මක අතර තවත් වසර ගණනාවක් වැජඹෙන අධිෂ්ඨානයෙන් යුතුව  ජය ඝෝෂා මධ්‍යයේ ඉදිරියට පිය නගන 3 වන මාතර රාහුල විද්‍යාලයීය බාලදක්ෂ සමූහය 2021 වසරේ තම 70 වන සංවත්සරය සමරන ලද්දේ ඉමහත් වූ අභිමානයෙනි.