Sri Lanka Standards Institution

විකිපීඩියා වෙතින්

හැඳින්වීම[සංස්කරණය]

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනය වේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් එම පනත අවලංගු කොට ආදේශ කරන තෙක් ආයතනය ක්‍රියාත්මක වූයේ ලංකා ප්‍රමිති කාර්යාංශය යන නාමය යටතේය. දැනට ආයතනය විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත පනත ප්‍රකාරව අමාත්‍යවරයා විසින් පත් කරන ලද උපදේශක සභාවක් මගින් පාලනය වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වීම හේතුවෙන් ශ්‍රී ලං ප්‍ර ආ, ජිනීවාහි මූලස්ථානය පිහිටි ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයෙහි (ISO) සාමාජිකයෙකු වේ. ජාප්‍රස (ISO) හි සාමාජිකයන් ලෙස, ජාතික ප්‍රමිති ආයතන තම ජාතික ප්‍රමිති වල පිටපත් අන්‍යොන්‍ය පදනමින් හුවමාරු කරගන්නා අතර ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි සහ ප්‍රමිති හා බැඳුණු ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික මට්ටමින් ප්‍රජාවට තොරතුරු ප්‍රචාරණය කිරීමේ වගකීම උසුලයි.

දැක්ම[සංස්කරණය]

ආර්ථිකයෙහි සියළුම අංශවල ප්‍රමිතිකරණය හා තත්ත්ව වැඩි දියුණුව මගින් ජන ජීවිතයෙහි ගුණාත්මක බව වර්ධනය කිරීමට නායකත්වය සපයන්නා වූ රටේ ප්‍රමුඛ ජාතික ආයතනය බවට පත් වීම. ආයතනය, ස්වයං අභිප්‍රේරණ සංවිධාන සංස්කෘතියක් සහිතව, එහි සේවයෙහි ප්‍රතිලාභ ලබන්නන්ගේ මෙන්ම එහි සේවකයන්ගේද අභිලාෂයන් ඉටු කරන්නා වූ විශිෂ්ටත්වයේ ආදර්ශයක් වනු ඇත


මෙහෙවර[සංස්කරණය]

  • ඵලදායිතාව වර්ධනය කිරීම හා සම්පත් උපයෝජනය උපරිම කිරීම
  • අභ්‍යන්තර හා බාහිර වෙළඳාමට පහසුකම් සැපයීම
  • සමාජ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම.
  • නිෂ්පාදන හා සේවාවන්හි ජාත්‍යන්තර තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම හා
  • ආයතනයේ සේවකයන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන අතරම පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභ සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආර්ථිකයේ සියළු අංශවල ප්‍රමිතිකරණය, මිනුම්, තත්ව සහතික කිරීම හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ හා ඒ සඳහා පහසුකම් සැලසීමේ වගකීම දැරීම.

උපක්‍රම[සංස්කරණය]

  • ජාතික ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන ජාතික ප්‍රමිතීන් සකස් කිරීම.
  • ආර්ථිකයේ හා සමාජ ක්‍රියාකාරකම් වල සියළු ක්ෂේත්‍රයන්හි ජාතික ප්‍රමිතීන් භාවිතය හා යෙදවීම ප්‍රවර්ධනය කිරීම.
  • ආර්ථිකයේ සියළු අංශවල තත්ත්ව සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම
  • වලංගු මිනුම් පිළිවෙත් ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීම
  • පාරිභෝගික අධ්‍යාපනය හා පාරිභෝගික ආරක්ෂාව සැපයීම
  • ප්‍රමිතිකරණයෙහි හා තත්ත්ව කළමනාකරණයෙහි සංකල්ප, පිළිවෙත් හා ශිල්පීය ක්‍රම පිළිබඳව කාර්මික සහ සේවා අංශවල පිරස් දැනුවත් කිරීම හා පුහුණු කිරීම
  • පරීක්ෂණ පහසුකම් සැපයීම හා ජාතික පරීක්ෂණ හැකියා වර්ධනය කිරීම
  • ප්‍රමිති, තාක්ෂණික රෙගුලාසි හා අදාළ ප්‍රකාශන පිළිබඳව ප්‍රලේඛන හා තොරතුරු සේවාවන් සැපයීම
  • ජාතික වශයෙන් ලාභදායී තත්ත්වයන් සුරක්ෂිත කිරීම පිණිස ජාත්‍යන්තර හා කලාපීය  ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම්වලට සහභාගි වීම
  • ආයතනය හා එහි සම්පත් අඛණ්ඩව සංවර්ධනය කිරීම හා උත්ශ්‍රේණිගත කිරීම

මූලාශ්‍රය- https://slsi.lk/

"https://si.wikipedia.org/w/index.php?title=Sri_Lanka_Standards_Institution&oldid=544203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි