STEMUP අධ්‍යාපනික පදනම

විකිපීඩියා වෙතින්
STEMUP Educational Foundation
STEMUP අධ්‍යාපනික පදනම
STEMUp Logo
STEMUP Educational Foundation Logo
සංස්ථාපනයදෙසැම්බර් 26, 2016; වසර 7 කට පෙර (2016-12-26)
ප්‍රාරම්භකයාප්‍රභාත් මාන්නප්පෙරුම (Prabhath Mannapperuma)
වර්ගයNon-profit organization
මූලස්ථානයKelaniya, Sri Lanka
Prabhath Mannapperuma, Indika Aruna Dalugama, Shameera Prajapriya, Pradeep Kavinda Kotuwegedara
Volunteers
1200
වෙබ් අඩවියhttp://stemup.lk


STEMUp අධ්‍යාපනික පදනම (ඉංග්‍රීසි: STEMUP Educational Foundation) යනු ශ්‍රී ලංකාවේ පිහිටි ලාභ නොලබන සංවිධානයකි. මෙම පදනම ආරම්භ කරනු ලැබුවේ සිසුන්ට ගුණාත්මක STEM අධ්‍යාපනය ලබා දීමෙන් රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ දැක්මෙනි. එහි ලියාපදිංචි ස්වේච්ඡා සේවකයන් 1000 කට අධික සංඛ්‍යාවක් සමඟින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවය තුළින් විශ්ව විද්‍යාල සිසුන් තම ප්‍රජාවන් තුළ සමාජ පරිවර්තනයේ නියෝජිතයන් වීමට පෙළඹවීම, බලගැන්වීම සහ බලමුලු ගැන්වීමට ඔවුහු උත්සාහ කරති. එය මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා පදනමක් මත ය. එයට දේශපාලන, ආගමික හෝ වාර්ගික බැඳීම් හෝ පක්ෂග්‍රාහී බවක් නැත.

ඉතිහාසය[සංස්කරණය]

STEMUp අධ්‍යාපනික පදනම යනු 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාගත කර 2016 ජනවාරි මාසයේදී පිහිටුවන ලද ලාභ නොලබන ආයතනයකි. ස්වෙච්චා සේවකයන් හතර දෙනෙකු සමඟ 2016 වසරේදී ආරම්භ කල මෙම පදනම සමඟ මේ වන විට ස්වෙච්චා සේවකයන් 1000 කට වැඩි පිරිසක් කටයුතු කරමින් සිටියි.

වැඩසටහන්[සංස්කරණය]

මයික්‍රෝබිට් සමුහය (Micro:bit Sri Lanka User Group)[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ නාගරික සිසුන්ට IoT අධ්‍යාපනය හඳුන්වා දීමට ආරම්භ කෙරුණු වැඩසටහනකි.[1] [2][3][4][4]

CoderDojo ශ්‍රී ලංකා (CoderDojo Sri Lanka)[සංස්කරණය]

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සිසුන්ට නොමිලේ පරිගණක කේතනය ආධි නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට ආරම්භ කල ව්‍යාපෘතියකි. දැනට ලංකාව පුරා තිබෙන නැණසල වැනි තොරතුරු තාක්ෂණය උගන්වන ආයතන, පොදු පුස්තකාල සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන පරිශ්‍ර තුල සති අන්තයේදී මෙම වැඩසටහන් පැවැත්වේ. [5][6][7]

පොඩ්ඩන්ට Machine Learning (ML for Kids)[සංස්කරණය]

සිසුන්ට කුඩාකල සිටම Machine Learning සහ AI දැනුම ලබා දීම සඳහා ආරම්භ කල ව්‍යාපෘතියකි. [8][9]

යොමුව[සංස්කරණය]

  1. Hussain, Mazin. "Coding the future: The mission of Micro:bit SLUG".
  2. "The Micro:bit Foundation is a global non-profit organisation making invention with technology fun for everyone!". microbit.org.
  3. https://cbr.lk/technology/hackbit-2018-first-national-hackathon-tackle-microbit Hack:Bit 2018
  4. 4.0 4.1 "Micro:bit Sri Lanka User Group".
  5. https://coderdojo.com/2019/11/19/train-the-trainer-how-stemup-is-training-volunteers-to-deliver-coderdojo-clubs-in-sri-lanka
  6. https://www.readme.lk/coderjo-sri-lanka-2019/
  7. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=207391
  8. http://www.ft.lk/education/MillenniumIT-ESP-partners-STEMUp-to-introduce-machine-learning-AI-capacity-building-movement/10515-689353
  9. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=213698
"https://si.wikipedia.org/w/index.php?title=STEMUP_අධ්‍යාපනික_පදනම&oldid=454425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි