Rheumatologist

විකිපීඩියා වෙතින්

රක්තවේදීන්[සංස්කරණය]

රක්තවේදියෙකු යනු රක්ත වේදය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විද්‍යාව සහ අස්ථි චිකිත්සාව සදහා විශේෂ උපාධි සහිත වෛද්‍ය වරයෙකි. මෙම ක්ෂේත්‍රයෙහි පුහුණුව ලබාගැනීම සදහා උපාදි ශිෂ්‍යයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයෙහි වසර 4 ක පුහුණුවක් ද ඉන්පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඊට අමතරව වසර 2 ක් හෝ 3 ක් පශ්චාත් උපාධි පුහුණුවක් ද අවශ්‍යවේ. රක්ත වේදයෙහි පශ්චාත් උපාධි අපේක්ෂකයන් හට විශේෂ පුහුණුව ලබාගත යුතු කාලසීමාව විවිධ රටවල් වල අවශ්‍යතාවය අනුව වෙනස්වේ. රක්ත වේදියෙකු යනු හන්දිපත් , පේශී හා අස්ථි වල රෝග නිර්ණය පිළිබදව හා ප්‍රතිකාර ක්‍රම පිළිබදව අතිරේක පශ්චාත් උපාධි පුහුණුවක් ලද වෛද්‍ය වරයෙකි. ඇතැම් රක්තවේදීන් විසින් ආබාධිත තත්ත්වයට පත් කරන සහ ඇතැම් විට මාරාන්තික හන්දිපත් රෝග සදහා වඩා හොද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම හා සම්බන්ධව පරීක්ෂණ පවත්වති. ප්‍රතිකාර ක්‍රම පදනම් වී ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ මතය. රක්ත වේදය තුළ දැනට භාවිතා වන ක්‍රමෝපායන් බෙහෝ විට සාක්ෂි මත පදනම්ව ඇත.

රක්තවේදීන් විසින් හන්දිපත් ප්‍රදාහය, ඇතැම් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, මස්පිඩු සහ අස්ථීවල රෝග සහ ඔස්ටියෝපොරෝසිස් යන රෝග සදහා ප්‍රතිකාර කරයි.මේවායෙහි හටගන්නා රෝග තත්ත්වයන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. ඒවායින් සමහරක් නම් රුමටෝයිට් හන්දි ප්‍රදාහය, ඔස්ටියෝ ආතරයිටීස්, රක්තවාතය, ලූපස්, කොන්ද කැක්කුම, ඔස්ටියෝපොරෝසිස්, ෆයිබ් රෝමයැල්ජියා සහ ඛණ්ඩරාවල ආසාදනයන්ය. මේවායින් සමහරක් දරුණු රෝග තත්ත්වයන් වන අතර රෝග නිර්ණය හ‍ා ප්‍රතිකාර ක්‍රම අපහසුය. මෙහිදී සන්දාරක පද්ධතිය හා සම්බන්ධ මෘදු පටක වල රෝග තත්ත්වයන්ටද ක්‍රීඩාව හා සම්බන්ධ මෘදු පටකවල රෝග තත්ත්වයන්ටද භෞත චිකිත්සක ක්‍රමද ආබාදිත පුද්ගලයන් හට පුණුරුත්තාපන ක්‍රමවේදයන්ද භාවිතා වේ. මෙහිදී අදාල රෝගියා දැනුවත් කිරීමේ වැඩ සටහන්ද වෘත්තීමය චිකිත්සාවද එකසේ වැදගත් කමක් ගනී.

ලොවපුරා රක්තවේදීන් නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධානයන් බොහෝමයක් ඇත. American College of Rheumatology (ACR) , European League Against Rheumatism (EULAR) , Asia Pacific League of Associations for Rheumatology (APLAR) , International League of Associations for Rheumatology (ILAR) යනු මෙම ක්ෂේත්‍රයෙහි ඇති ජාත්‍යන්තර සංවිධාන කිහිපයකි. තවද, එක් එක් ජාතීන් නියෝජනය වන අන්දමට රක්ත වේදීන් ඉහත කී සංවිධානයන් නියෝජනය කරති. ඔවුන් ජාත්‍යන්තරව රක්තවේදය පිළිබද නව දැනුම ව්‍යාප්ත කිරීමට ඇප කැපවී සිටී.

ආසන්න වශයෙන් රක්ත වේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් 480 ක් එක්සත් ජනපදය තුළ ‍ෙස්වය කරති. මෙම ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම කෙරෙහි ඇති ඉල්ලුම සහ දිනෙන් දින සීඝ්‍රව වැඩිවන වයස් ගත ජනගහනයෙහි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සදහා සියලුම රටවල්වල රක්තවේදීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=Rheumatologist&oldid=363077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි