PI3K/AKT/mTOR සඥා පථය

විකිපීඩියා වෙතින්

PI3K/AKT/mTOR සඥා පථය සෛලීය-පෙර-සැකසුම් මරණය (programmed cell death; PCD) සහ එනිසාම පිලිකා වලදීද වැදගත් වන අන්තහ්-සෛලීය සඥා පථයකි.සෛල වර්ධනය සම්බන්දයෙන්ද ප්‍රෝටීන් සංශ්ලේෂනයේදීද ප්‍රධාන කාර්යභාරයක් මෙම සඥා පථය ඉටු කරයි. මෙම සංඥා පතය සක්‍රිය කිරීම සම්බන්දයෙන් මූලික භූමිකාවක් හිමිව ඇත්තේ IGFI වර්ධක හෝමෝනයටය. ඩ්‍රොසෆිලා මෙලනොගැස්ටර් (Drosophila melanogaster) හෙවත් පලතුරු මැස්සා යොදාගෙන කරන ලද ජාන පර්යේශණ මෙම සංඥා පථයේ පසු-පෙල කියාකාරී අණු හඳුනා ගැනීමේදී විශාල වශයෙන් උපකාරී වී තිබේ. AKT හෙවත් ප්‍රෝටීන් කයිනේස් බී (protein kinase B) මේ සංඥා පථයේ සුවිශේෂී අනුවකි. AKT 1, AKT 2 , Akt 3 යනුවෙන් සමජාත ප්‍රෝටීන 3ක් මැමේලියාවන්ගේ දැකිය හැකිය. AKT අධි ප්‍රකාශනයට (over expressed) පත් කල මීයන්ගේ වර්ධනය සහ ප්‍රමාණය සාමාන්‍ය මීයන්ට වඩා සුවිශේෂී ලෙස වැඩිය. අනෙක් අතට AKT ජානය මැඬ පැවැත්වූ හෝ නිහඬ කල මීයන් අව වර්ධිත ලක්ෂණ පෙන්වයි. AKTජාන ප්‍රකාශනයේ සුවිශේෂී වැඩිවීමක් පිලිකාවල දැකිය හැකි අතර පිලිකා සෛල පාලනයකින් තොරව වර්ධනයට AKT ගේ දායකත්වයක් ඇති බව විශ්වාස කෙරේ. සංඥා පථයේ මුලික ගලායාම IGFI/PI3K/AKT/TSC1-TSC2/RHEB/mTORC1 ලෙස හඳුනාගෙන තිබේ. mTOR (mammalian target of rapamycin) ප්‍රෝටීන සංකීර්ණය කොටස් දෙකකට බෙදෙයි. mTORC1 යනුවෙන් හඳුන්වන රැප්ටර් (raptor) නැමැති ප්‍රෝටීනය අඩංගු mTORC1 සංකීර්ණය පමණි මෙම සංඥා පතයෙන් සක්‍රිය කරනු ලබන්නේ. mTORC1 ක්‍රියාකාරීත්වය රැපාමයිසින් (rapamycin) නැමැති ප්‍රතිශක්ති-ප්‍රතිචාර මර්ධනය කරන ඖෂධයකින් නිෂේධනය කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=PI3K/AKT/mTOR_සඥා_පථය&oldid=472329" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි