Nadee Wijesinghe

විකිපීඩියා වෙතින්
Nadee Wijesinghe
නදී විජේසිංහ
උපත21 සැප්තැම්බර් 1982 (1982-09-21) (වයස 41)
ජාතිකත්වයSri Lankan
රැකියාවArtist
සක්‍රීය වසර2010-present
උස5 ft 4 in (163 cm)

නදී විජේසිංහ (English: Nadee Wijesinghe) යනු ශ්‍රී ලාංකික කලාකාරිනියකි. ඇය ජනප්‍රිය ගීත රචනා කිහිපයක්ම සිදුකර ඇත. ඇය විසින් රචිත වඩාත් ජනප්‍රිය ගීත අතර නෙලූ අදිකාරී විසින් ගායන කරන ලද හිදින්නට හිතුවත් ලගින්[1] ගීතය සහ ප්‍රියනාත් රත්නායක විසින් ගායනා කරන ලද ආදරෙයි මං[2] ගීත මෙන්ම ඇය විසින් රචනා කරන ලද ගීත රැසක් බොහෝ ගායක ගායිකාවන් විසින් ගායනා කර ඇත. එමෙන්ම ඇය ගායිකාවක් ඉගිල යන්න හිතෙනවා නම් ගීතය ඇය විසින් ගායනා කරන ලද ප්‍රථම ගීතයයි. ඇය ගායනා කරන ලද යුග ගීත අතර ඉදුවර නෙත් සහ සුරංගනා කතා යන ගීත ද්විත්වය ඇතුලත් වේ. ඇය ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ එළිමහන් ප්‍රසංග නිවේදිකාවක් ද වුවාය.

සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී ගරු නදී විජේසිංහ මැතිණියට දේශමාන්‍ය[3] ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිතයින් අතින් වර්ෂ 2020 පෙබරවාරි මස 25 වන දින කොළබ දී පිරිනමන ලදී. කලාව පෝෂණය කිරීම උදෙසා ඇයට මේ වන විට සම්මාන සහ සහතිකපත් රැසක් ලැබී ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හිදින්නට හිතුවත් ලගින් [1]
  2. ආදරෙයි මං [2]
  3. දේශමාන්‍ය
"https://si.wikipedia.org/w/index.php?title=Nadee_Wijesinghe&oldid=474298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි