Models of stress management

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මානසික ආතතිය පාලනය පිළිබදව ආදර්ශයන්[සංස්කරණය]

ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ගොඩ නැගුණු ආකෘතිය[සංස්කරණය]

රිචඩ්ලාසර්ස් සහ සුසෑන් ෆෝක්මන් විසින් 1984 දී යෝජනා කරන ලද අන්දමට මානසික ආතතිය ඇති වන්නේ බාහිර ඇති සම්පත් සහ ඉල්ලුම අතර අසමතුලිතතාවයක් පවතින විටදී හෝ යම්කිසි පුද්ගලයෙකු හට ආවේණික දරාගැනීමේ හැකියාවට වඩා පිටතින් ඇති කරන පීඩනය ඉහළ ගිය අවස්ථාවන්හිදීය. මෙම සංකල්පය මත පදනම්ව මානසික ආතතිය පාලනය පිළිබදව වැඩ සටහන් වර්ධනය වී ඇති අතර මානසික ආතතිය යනු ඒ සදහා හේතු වන දෙයට දක්වන සෘජු ප්‍රතිචාරයක් නොවන අතර එය අදාල ගැටළුව විදදරා ගැනීම සහ ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව මත පදනම්ව ඇති වන්නකි. මේ අනුව මානසික ආතතිය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට හැකියාවක් ඇත.

ඵලදායි මානසික ආතති පාලන වැඩසටහනක් ඇති කිරීම සදහා මුලික වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ආතතිය පාලනය කිරීමට මුලිකවන සාධක හදුනාගැනීම සහ මෙම ඉලක්ක සාධකයන් සදහා ඵලදායි ලෙස ප්‍රතික්‍රියා දැක්විය හැකි ක්‍රමෝපායන් හදුනා ගැනීම අවශ්‍ය වේ. ලාසර්ස් සහ ෆෝක්මන්ගේ විග්‍රහ කිරීමට අනුව මානසික ආතතිය පුද්ගලයෙකු සහ ඔහුගේ බාහිර වටපිටාවේ ඇති වන ගනුදෙනුවක් ලෙසට විග්‍රහ කර ඇත. මෙම ආකෘතිය මගින් ඇති වූ සංකල්පයක් වනු‍ෙය් මානසික ආතතිය යනු ඒ සදහා හේතු වන සාධකයන් කෙතරම් දුරට තක්සේරු කරන්නේ ද යන වග සහ යම්කිසි පුද්ගලයෙකු ගැටළු සහගත අවස්ථාවක් සදහා මුහුණදීම සදහා ඔහු තුළ ඇති සම්පත් කෙතරම් දුරට භාවිතා කරන්නේ ද යන්න මත පදනම් වය. මෙම ආකෘතිය මගින් මානසික ආතතිය සහ ඒ සදහා හේතු වන සාධකය අතර ඇති සම්බන්ධතාවය බිදදමා ඇති අතර එමගින් යෝජිතව ඇත්තේ ඇතිවන්න‍ා වූ ගැ‍ටළුව ධනාත්මකව සහ අභියෝගාත්මක එකක් ලෙස විනා තර්ජනයක් ලෙස බාර නොගෙන තමාට එම ගැටළුව සදහා මුහුණදීමට ප්‍රමාණාත්මක හැකියාවක් ඇති බවට ආත්ම විශ්වාසයක් ඇති නම් මානසික ආතතිය පාලනය කිරීම ගැටළුක් නොවන බවයි. මානසික ආතතියට ලක්වූ පුද්ගලයන් ගැටළු සදහා ප්‍රතික්‍රියා දක්වන ආකාර වෙනස් කිරීමෙන් සහ ඒ සදහා මුහුණදීමට ඔවුන් තුළ ඇති ආත්ම විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලබාදීම මගින් එවන් පුද්ගලයන් හට ඇතිවන මානසික ආතතිය අවම කර ගැනීමට උපකාර කළ හැකිය.


සෞඛ්‍ය සාක්ෂාත් කරණය / සහජ සෞඛ්‍ය ආදර්ශ[සංස්කරණය]

ඉහත කී සංකල්පයන් සොයාගෙන ඇත්තේ මානසික ආතතිය ඒ සදහා හේතු වන යම්කිසි දෙයක් නිසාම අත්‍යවශ්‍යයෙන්ම ඇතිවන්නක් නොවන බව යන සිද්ධාන්තය මත පදනම්වයි. යම්කිසි ගැටළුවක් සදහා පුදුගලයෙකු මුහුණ දෙන ආකාරය සහ එය විදදරා ගැනීමට ඔහු තුළ ඇති හැකියාව පිළිබදව අවධානය යොමු කිරීමට මෙමගින් එම අවස්ථාවේ දී අදාල පුද්ගලයාගේ ඇතිවන සිතුවිලි පිළිබදව අවධානයක් යොමු කෙරේ. මෙහිදී සදහන් වනුයේ පීඩාකාරී බාහිර වටපිටාවන් සදහා පුද්ගලයෙකු දක්වන ප්‍රතිචාර සදහා හේතු වනුයේ එම අවස්ථායව් දී ඔහු හෝ ඇය තුළ ඇති වන සිතුවිලි මාලාව අනුව බවයි. මෙම ආකෘතිය මගින් විග්‍රහ කරන අන්දමට මානසික ආතතිය ඇති වනුයේ පුද්ගලයෙකුට ඇති වන ගැටළු අනාරක්ෂිත බව සහ සෘණාත්මක සංකල්ප යන මානසික පෙරනය තුළින් ගමන් කිරීමෙන් පසුවය. තවද මානසික සුවතාවය ඇති වනුයේ අවට ලෝකය කෙරෙහි නිෂ්චල මනසකින් සහ අභ්‍යන්තර ප්‍රඥාවකින් යුතුව සාමාන්‍ය අවබෝධයක් ඇති අවස්ථාවන්හිදීය.

මෙම ආකෘතිය මගින් විග්‍රහ කරන අන්දමට ආතතියට ලක්වූ පුද්ගලයන් හට අනාරක්ෂිත අවස්ථාවන්හි දී තමාට ඇතිවන සිතුවිලි පිළිබද අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලබාදීමෙන් සහ ධනාත්මක සංකල්පයන් ඇති කර ගැනීමට අවස්ථාව ලබාදීමෙන් ඔවුන්ගේ ආතතිය අඩු කළ හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=Models_of_stress_management&oldid=89466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි