MeToo ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
නිව්යෝක්හි පැවති විරෝධතානවක්. 2018

#MeToo (මමත් ලක්වුණා/මටත් වුණා) යනු කාන්තාවන් විසින් තමන් මුහුණදුන් ලිංගික අතවර, ලිංගික හිංසන ආදිය එළිදරව් කරමින් සහ චූදිත පුද්ගලයන් ව ප්‍රසිද්ධියේ සමාජයට හා මාධ්‍යයට එළිදරව් කරමින් ලිංගික අතවරය සහ ස්ත්‍රීදූෂණ සංස්කෘතිය (rape culture) පිළිබඳ සමාජයේ අවධානය යොමුකරවීමේ මහජන ව්‍යාපාරය යි. Me Too යන යෙදුම මේ අරමුණ පිණිස මුල්වරට සමාජ මාධ්‍ය තුළ භාවිතා කරන ලද්දේ ලිංගික අතවරයට එරෙහි ක්‍රියාකාරිණියක සහ අත්විඳියක (surviver) වන තරානා බර්ක් විසින් 2006 වසරේ දී Myspace සමාජ ජාලය තුළ ය.[1][2][3] ඉන්පසු 2017 වැනි සමයක #MeToo හෑෂ්ටැගය උක්ත සමාජ ගැටලුවට හිමි නිසි අවධානය ලබාගැනීම පිණිස අතිව්‍යාප්තිකාරී (viral) ලෙස භාවිතා වීම ඇරඹුණි.

මී ටූ ව්‍යාපාරය මගින් ලිංගික හිංසනයන්ට ලක් වූ පුද්ගලයන්ට සහකම්පනය දැක්වීම, ඔවුන් සමග ඒකාත්මිකවීම (solidarity) තුළින් සහ කෙතරම් දැවැන්ත පිරිසක් සේවාස්ථානයන් තුළ දී ලිංගික හිංසනයන්ට සහ අතවරයන්ට ලක්වන්නේද යන්න සාධක සහිත ව පෙන්වාදීම තුළින් ඔවුන් (විශේෂයෙන් ම තරුණ කාන්තාවන් සහ කලු ජාතික කාන්තාවන් වැනි අවවරප්‍රසාදිත පාර්ශ්වයන්) ව බලගන්වන ලදී. [4][5]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. Strause, Jackie (August 20, 2018). "Tarana Burke Responds to Asia Argento Report: "There Is No Model Survivor"". The Hollywood Reporter. සම්ප්‍රවේශය October 12, 2018.
  2. "From Politics to Policy: Turning the Corner on Sexual Harassment – Center for American Progress". Center for American Progress. January 31, 2018. සම්ප්‍රවේශය April 14, 2018.
  3. Zacharek, Stephanie; Eliana Dockterman; Haley Sweetland Edwards (18 December 2017). "TIME Person of the Year 2018: The Silence Breakers". Time. සම්ප්‍රවේශය April 14, 2018.
  4. Ohlheiser, Abby (October 16, 2017). "#MeToo made the scale of sexual abuse go viral. But is it asking too much of survivors?". The Washington Post. January 5, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 4, 2018.
  5. Smartt, Nicole. "Sexual Harassment in the Workplace in A #MeToo World". Forbes. January 16, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 16, 2018.

මේවා ද බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=MeToo_ව්‍යාපාරය&oldid=623838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි