ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN)

විකිපීඩියා වෙතින්
(Local area network වෙතින් යළි-යොමු කරන ලදි)
Distributed processing

තත් පෙදෙසි ජාලයක් යනු සාපේක්ෂව කුඩා අවකාශයක් හරහා පැතිරෙමින් පරිශිලකයන් කුඩා සංඛ්‍යාවකට සේවය සැළසීමට නිර්මාණය වූ ජාලයකි. අදාළ ජාලය භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව සළකා බලමින් එය සම-සම ජාලයක් ලෙස හෝ අනුග්‍රහ-සේවාදායක ක්‍රමයක් ලෙස හෝ නිර්මාණය කිරීමට තීරණය කළ හැකිය. සම-සම ජාලයක් යනු එක් එක් අනුග්‍රාහකයා ජාලයේ ඇති අනෙකුත් කාර්යස්ථාන සමඟ සිය සම්පත් බෙදා හදා ගන්නා අවස්ථාවකි. මේ සඳහා උදාහරණ ලෙස සම්පත් පරිහරණය අවම කුඩා කාර්යාල ජාලයක් හා ගෘහස්ථ ජාලයක් ගෙන හැර දැක්විය හැකිය. අනුග්‍රහ සේවා දායක ජාලයක් යනු සෑම අනුග්‍රාහකයෙකු‍ම සේවාදායකයාට සබැදි වී සිටින අතරදිම එකිනෙකා අතර ද සබැදිය පවත්වා ගන්නා අවස්ථාවකි. අනුග්‍රාහක සේවා දායක ජාලයන් විවිධාකාර ශක්‍යතාවයන්ගෙන් යුත් සේවාදායක භාවිතා කරනු ලබයි. මේවා ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්විය හැකියි. මින් එක් කාර්යයකට සීමා වූ සේවාදායකය එක් අවස්ථාවකදි ඊට පවරන ලද එක් කාර්යයක් පමණක් ඉටු කරයි. මේ සඳහා උදාහරණ ලෙස ගොනු සේවාදායකය, මුද්‍රක සේවාදායකය ආදිය ගෙන හැර දැක්විය හැකි අතර අනෙක් කාණ්ඩයේ සේවාදායකයන්ටත් ගොනු සේවාදායක, මුද්‍රක ‍සේවාදායකයන් ආදි‍යේ ශක්‍යතාවයටත් වඩා වැඩි ශක්‍යතාවකින් යුත් කටයුතු සඳහා උදාහරණයක් ලෙස ගණනය කිරීම් සිදු කළ හැකිය. එම ප්‍රතිඵල මඟින් අනුග්‍රහකයින් අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීම. (වෙබ්/ අන්තර්ජාල සේවාදායකය) ආදී කටයුතුද සිදු කළ හැකිය.


මෙම පරිගණක අන්තර්ජාලය හරහා සබැඳි කර ඇති අතර ඒවා කෙලින්ම (එක් පරිගණයක් සමඟ තවකෙක්) හෝ බහු සබැඳියන්ට ඉඩ සළසන ජාල මධ්‍යස්ථානයක් හරහා හෝ එකිනෙකට සම්බන්ධ කළ හැකිය.


ඉතිහාසයට අනුකූලව තත් පෙදෙස් ජාලයන්, පුළුල් පෙදෙස් ජාලයන්ට වඩා ඉහළ වේග තත්වයන්ගෙන් ක්‍රියා කර පෙන්වා ඇත. නමුත් ප්‍රකාශ සම්ප්‍රේෂණ පද්ධති මඟින් තනා ඇති Metro Ethornet ලෙස පෙනෙන පුළුල් පෙදෙස් ජාලයන් නිර්මාණයේදී මෙම වේග බාධකයයෙන්ගෙන් සැළකිය යුතු බලපෑමක් නොමැති තරම්ය.


සටහන්[සංස්කරණය]

Computer networking Local area network LAN