ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට

විකිපීඩියා වෙතින්

ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොට යනු ලෝක-ව්‍යාප්ත හා ඉතාමත් බහුල ලෙසින් භාවිත වන පොදු කාර්ය ඉස්කුරුප්පු පොටයි.[1] 1947දී ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය පිහිටුවාගත් විට සම්මුතියකට එළඹුනු පළමු ජාත්‍යන්තර ප්‍රමිතීන් අතුරින් එකකි මෙය.[උපහරණ ඇවැසිය]

මූලික පැතිකඩ[සංස්කරණය]

සමස්ත ISO මෙට්‍රික් ඉස්කුරුප්පු පොටවල්හී මූලික පැතිකඩ

ISO පොදු-කාර්ය මෙට්‍රික් ‍පොටවල් ("M" වර්ගයේ පොටවල්) වල සැලසුම් මූලධර්ම අර්ථදක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතිය ISO 68-1 තුලය.[2] එක් එක් පොට ලක්ෂණනය වන්නේ එහි ප්‍රධාන විෂ්කම්භය D සහ එහි අන්තරාලය P වෙතිනි. ISO මෙට්‍රික් පොටවල් සමන්විත වන්නේ සමමිතික V-හැඩැති පොටකිනි. පොට අක්ෂය සමන්විත තලයෙහි, V හී ඇළපත් එකිනෙකට 60° කෝණයක් සහිත වෙති. V-හැඩයෙහි උස H හී බාහිරතම 1/8 සහ අභ්‍යන්තරම 1/4 පැතිකඩෙන් කපාහැරීම සිදු කොට ඇත.

උස H සහ අන්තරාලය P අතර සම්බන්ධතාවය පහත සමීකරණයෙන් සොයාගත හැක:[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ISO/TC/ 1 බිස්නස් ප්ලෑන්, 2007-03-05, 1.3 අනුවාදය. ටේබල් 3: ද මාකට් ෂෙයාර් ඔෆ් ඊච් ස්ක්‍රෑ ත්‍රෙඩ්, පි. 7.
  2. ISO 68-1:1998 ISO ජෙනරල් පර්පස් ස්ක්‍රෑ ත්‍රෙඩ්ස් – ඩේසික් ප්‍රොෆයිල් – තොටස 1: මෙට්‍රික් ස්ක්‍රෑ ත්‍රෙඩ්ස්. ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය.
  3. Oberg et al. 2000.

පුස්තක නාමාවලිය[සංස්කරණය]

  • ඔබර්ජ්, එරික්; ජෝන්ස්, ෆ්‍රැන්ක්ලින් ඩී.; හෝර්ටන්, හොල්බ්‍රෑක් එල්.; රයිෆල්, හෙන්රි එච්. (2000), මෙෂිනරීස් හෑන්ඩ්බුක් (26වන ed.), නිව්යෝර්ක්: ඉන්ඩස්ට්‍රියල් ප්‍රෙස් සමාගම, ISBN 0-8311-2635-3.

බාහිර සබැඳි[සංස්කරණය]