Jump to content

ඇන්ජලීනා ජොලී

විකිපීඩියා වෙතින්
(Angelina Jolie වෙතින් යළි-යොමු කරන ලදි)
Angelina Jolie
Photograph of Angelina Jolie
ජොලී ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි ලෝක සමුළුවකදී, 2014 ජුනි
Born
ඇන්ජලිනා ජොලී වොයිට්

ජුනි 4, 1975 (1975-06-04) (වයස 50)
ලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා, U.S.
Citizenship
  • එක්සත් ජනපදය
  • කාම්බෝජය
Occupationsනිළිය, චිත්‍රපට නිෂ්පාදක, මානව ක්‍රියාකාරිනියක
Years active1982; 1991–වර්තමානය
Spouses
Children6
Parents
Relatives

ඇන්ජලීනා ජොලී පිට් (Angelina Jolie Pitt ) (/ˈl/ joh-LEE; විවාහට පෙර Voight; 1975 ජූනි 04 )[1] ඇමරිකානු ජාතික නිළියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක්, සහ මානව හිතවාදිනියකි.  ඇයට ඇකඩමි සම්මානයක් නළු නිළි සංසද සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනක් හිමි වී ඇති අතර හොලිවුඩ් හි සිටින වැඩිම මිලක් අය කරන නිළිය ලෙස ද නම් කෙරී ඇත ජොලී දැරියක්ව සිටිය දී සිය පියා වන ජොන් වෝට් (Jon Voight) සමග "ලුකින් ටු  ෙගට් අවුට් " ( Lookin' to Get Out (1982)) චිත්‍රපට න්  මුල් වරට සිනමාවට පිවිසියා ය . ඇයගේ වෘත්තීය සිනමා ජීවිතය නියම වශයෙන් ඇරඹුණේ 1993 දී තිරගත වූ සයිබෝර්ග් නම් අඩු පිරිවැය සිනමා නිෂ්පාදනයෙන් සහ එයට පසු ඇය ප්‍රථම වරට චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟ පෑ 1995 තිරගත වූ හැකර්ස් නම් සිනමා පටයෙනි ඇය විචාරක පැසසුම් ලත් ජෝර්ජ් වොලස් (1997) සහ ජියා (1998) නම් කේබල් රැපවාහිනී මගින් විකාශනය වූ ජීවන චරිත චිත්‍රපටයන්හි රඟ පෑ අතර ගර්ල් ඉනටරප්ටඩ් (1999) නාට්‍යෙය් ඇගේ රඟපෑම වෙනුවෙන් හොඳම සහාය නිළියට පිදෙන ඇකඩමි සම්මානය හිමි කර ගත්තා ය .

ලාරා ක්රොෆ්ට් වීඩියෝ ක්‍රීඩාවෙහි ලාරා ක්‍රොෆ්ට් චරිතය සහ සහ ටොම්බ් රේඩර් (2001) ඇය හොලිවුඩ් හි මුල් පෙළේ නිළියක් බවට පත් කළේ ය. මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් (2005) වෝන්ටඩ් (2008) සහ සෝල්ට් (2010) තුළින් ඇය සාර්ථක වෘත්තීය නිළියක් ලෙස ඉදිරියට පැමිණි අතර “අ මයිටි හාර්ට්“ (2007) සහ “චැලෙන්ජින්“ (2008) නාට්‍යද්වයෙහි ඇගේ රඟපෑම වෙනුවෙන් ඇය ලත් පැසසුම් ඇය හොඳම නිළිය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා නාම යෝජනා කරනු ලබන්නට හේතු විය


2010 දී පමණ ඇය ඇගේ වෘත්තීය ජීවිතය චිත්‍රපට අධ්‍යක්ෂණය තිර රචනය සහ නිෂ්පාදනය යන අංශ කරා ද යොමු කළා ය ඉන් ද ලෑන්ඩ් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් හනි (2011) සහ අන්බ්‍රෝකන් (2014) යන යුද නාට්‍යයන්ගෙන් ඇරඹී මේ අංශයෙන් ඇයට විශාලතම වාණිජ සාර්ථකත්වය අත් කර දුන්නේ මෙලෆිෂන්ට් (2014) නමැති විනෝද චිත්‍රපටයයි

  1. ^ "Angelina Jolie Biography: Director, Film Actress (1975–)". Biography.com (FYI / A&E Networks). August 25, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 11, 2015.
"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ජලීනා_ජොලී&oldid=722603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි