ජොන් වොයිට්
ජොන් වොයිට් | |
---|---|
![]() Jon Voight in 2006 | |
උපත | ජොනතන් වින්සෙන්ට් වොයිට් දෙසැම්බර් 29, 1938 |
රැකියාව | නලුවෙකි |
සක්‍රීය වසර | 1963–වර්තමාන |
කලත්‍රයා(යන්) | ලෝරි පීටර්ස්(1962-1967) මාර්ශලින් බර්ට්රන්ඩ්(1971-1978) |
ජොනතන් "ජොන්" වින්සෙන්ට් වොයිට් (දෙසැම්බර් 29, 1938 උපත ලද.) ශාස්ත්‍රීය සම්මාන ලාභි නළුවෙකි. 1969 දි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගත් "මිඩ්නයිට් කෞ බෝයි" හි රඟපෑ ඔහු තම ප්‍රථම ශාස්ත්‍රීය සම්මානය සඳහා නම යෝජනා වු අතර,කැපී පෙනෙන්නට ද පටන් ගත්තේ ය. "ඩිලිවරන්ස්"(1972) හා හොඳම නළුවාට හිමි ශාස්ත්‍රීය සම්මානයක් දිනු "කමින් හෝම්(1978) වැනි චිත්‍රපට වල රඟපාමින් ඔහු තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්තේය. 2001 දි ඔහුගේ කවි නිර්මාණ වු "හවර්ඩ් කොසෙල්' හා "අලි" යන කෘති සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා පමණක් නොව ඔස්කාර් සම්මාන සඳහාද යෝජනා විය. ඔහු "විලේන් ජොනස් හොජස්"ලෙස "සෙවන්ත් සීසන් ඔෆ් 24" හි රඟපෑවේය. ඔහු ජේමෙස් හෙවන් හා ඇන්ජෙලිනා ජෝලිගේ පියා වන අතර ගායක චිප් ටේලර්ගේ හා භූ විද්වතෙක් වන බැරි වොයිට් ගේ සහෝදරයාය.
පෙර ජීවිතය[සංස්කරණය]
යොන්කර්ස්, නිව්යෝක් හි උපත ලද වොයිට්ගේ මව බාබරා (7 ජනවාරි 1910) වන අතර පියා ජර්මන්-ඇමෙරිකානු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන එල්මර් වොයිට් ය (29 ඔක්තොබර් 1909-ජූනි1973). ඔහුගේ මවගේ දෙමාපියන්, ජර්මන් ජාතිකයන් වුහ. පියාගේ දෙමාපියන් "ස්ලොවෙකියාවෙ" "කොසිස්” නගරයේ සිට සංක්‍රමණය විය. ඔහු හැදුනේ කතෝලික පසුබිමකය. නිව්යෝර්ක් හි "ආර්චිබිෂොප් ස්ටෙපිනැක් හයි ස්කූල්” හි ඉගෙනුම ලැබු ඔහු, "ද සෝන්ග් ඔෆ් නෝර්වේ" නාට්‍යයේ" කවුන්ට් පෙපි ලෙ ලූප්" නම් විකට චරිතය රඟපෑවේය. ඔහුට රඟපෑම සඳහා උනන්දුව ඇති වුයේ ඉන් පසුවය. 1956 දි ඔහු වොෂිංන්ටන් වල පිහිටි "ද කැතොලික් යුනිවෙර්සිටි" හි කලා අංශයෙන් උපාධියක් ලැබුවේය.1960 දි තම පශ්චාත් උපාධිය නිම කළේය. එහිදි ඔහු විසින් පැසිපන්දු පිට්ටනියේ මැද සිටින "කාර්දිනල්" වරයෙකු නිර්මාණය කරමින් තම කලාත්ම හැකියාව විදහා දැක්වුයේ ය. එම කොටස අද "ප්‍රිස්බයිලා" විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Jon Voight bio". The New York Times online. Retrieved June 10, 2009. Cite has empty unknown parameter:
|coauthors=
(help)