ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය

විකිපීඩියා වෙතින්
Golden Globe Award
68වෙනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය
සම්මාන ලබාදෙන්නේBest in film and television
ප්‍රථම සම්මාන උළෙල1944
අන්තර්ජාල ලිපිනයhttp://www.hfpa.org/

ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇමරිකාවේදී පිරිනමනු ලබන්නේ සිනමා සහ රූපවාහිනී නිර්මාණ සඳහාය. මෙය සෑම වසරකම සංවිධානය කරනු ලබයි. මෙය 1944 සිට හොලිවුඩ් ෆොරින් ප්‍රෙස් සංවිධානය මඟින් සංවිධානය කරනු ලබයි. සෑම වසරකම ඔස්කා සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන පිරිනමන කාලයේදීම පිරිනමනු ලබන ප්‍රධාන සම්මානයක් ලෙස මෙය සැලකේ.

සෑම වසරකදීම වඩාත් ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන් අතරින් තුන්වන ස්ථානය දිනාගැනීමට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සමත් වී ඇත. එය දෙවැනි වනුයේ ඔස්කා සහ ග්‍රැමීස් යන වැඩසටහන් වලට පමණි. සිනමා චිත්‍රාගාර බොහොමයක් මෙම සම්මාන උළෙලේ සංවිධායකයන් හට වඩා වැඩි අනුග්‍රහයක් දක්වනු ලබන අතර, ඔවුන්ගේ දැන්වීම් වල සම්මාන ලබන්නන්ගේ නිර්දේශිත නාමයන් සහ සම්මාන පිළිබඳව සඳහන් කරනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ග්ලෝබ් උළෙලට සමගාමීව බ්‍රිතාන්‍යය තුළ පැවැත්වෙන සමාන තත්වයකින් යුතු සම්මාන උළෙල වනුයේ BAFTA යන්නයි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පිරිනමනු ලබන්නේ වසරක මුල භාගයේදීය. පුවත්පත් කලාවේදීන් 86 දෙනෙකුගේ ජන්දයෙන් සම්මාන ලබන්නන් තීරණය කරනු ලබයි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පිරිනැමීම සඳහා වසරක් ලෙස නිර්දේශ කරනුයේ ඔක්තෝම්බර් 1 වනදා සිට වසරකි. නමුත් මෙය ඇකඩමි සම්මාන සඳහා නම් ජනවාරි 1 වනදා සිට වසරකි.

ඔස්කා, ග්‍රැමීස් සහ එමීස් සම්මාන උළෙල මෙන් නොව ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල නිශ්චිත වූ පිරිසක් විසින් ඉදිරිපත් නොකරන වර්ගයේ හොලිවුඩයේ පවතින ප්‍රධාන සම්මාන උළෙල දෙකින් එකකි. ‍අ‍‍නෙක වනු‍යේ Screen Actors Guild සම්මාන උළෙලයි. ගෝල්ඩන් ග්ලෝබ් හි සෑම වසරකම එම අවස්ථාව උළෙලේ ආරම්භයේදීම විස්තර කරනු ලබන ඉදිරිපත් කරන්නකු සිටී. මෙරිල් ස්රීප් (Meryl Streep) සහ ජැක් නිකොල්සන් යන අය හය බැගින් සම්මාන ලබාගනිමින් දැනට වැඩිම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලැබුවන් බවට පත්ව ඇත. ජැක් ලෙර්මන් (Jack Lerman) වැඩියෙන්ම නිර්දේශිත නාමයන් අතරට එක්වු තැනැත්තායි. ඔහු 22 වාරයක් නිර්දේශ වී ඇත. දෙවැනියා වනුයේ මෙරිල් ස්ට්‍රිප්ය. ඔහු නිර්දේශ වී ඇත්තේ 21 වරකි.

සටහන්[සංස්කරණය]

Golden_Globe_Award