43 කණ්ඩායම

විකිපීඩියා වෙතින්

මෙම කණ්ඩායම 1943 දී පිහිටුවන ලද සිත්තරුන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඡායාරූප ශිල්පී සහ විචාරක ලයනල් වෙන්ඩ්ට්ගේ නායකත්වයෙන් මෙම කණ්ඩායම පිහිටුවන ලද බව කියවේ. ලංකාවේ කලා සංගමයෙන් ඉවත් වූ චිත්‍ර ශිල්පීන් නව දෙනෙකු ප්‍රධාන සාමාජිකයන් ලෙස මෙයට එක් වී ඇත. අකාරාදී පිළිවෙලට සදහන් කළොත් ඔවුහු මෙසේ වෙති. 1.ජෙෆ්රි බෙලිං , 2.ජෝර්ජ් ක්ලැසන් , 3.ඕබ්‍රි කොලෙට්, 4.ජස්ටින් දාරානියගල , 5.රිචර්ඩ් ගේබ්‍රියෙල්, 6.ජෝර්ජ් කීට් , 7.අයිවන් පීරිස් , 5.හැරී පියරිස් සහ 6.එල්.ටී.පී. මංජු ශ්‍රී භික්ෂුව වේ.

"https://si.wikipedia.org/w/index.php?title=43_කණ්ඩායම&oldid=454547" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි