2013 ෆොන්ටෙරා ප්‍රත්‍යානයනය

විකිපීඩියා වෙතින්

2013 දී කිරිපට්ටි නිෂ්පාදිත තනන ෆොන්ටෙරා සමාගම විසින් විකුණන ලබන නිෂ්පාදිත විෂයයෙහි, පුළුල්-පරිමාණයේ ප්‍රත්‍යානයනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුණේ, සුරක්ෂිතභාවය පිරික්සන පරික්ෂණ වලදී බොතුලිනියාව-ඇතිකරන බැක්ටීරියා සොයාගැනීමත් හා සමගය. අපවිත්‍රකරණයවූ ක්ෂීර මස්තු නිෂ්පාදිත, ළදරු කිරිපිටි සහ ක්‍රීඩක පානයන් නිෂ්පාදනය කරන තුන්වන පාර්ශවයන්ට විකුණා තිබුණි. රටවල් හතක් හා සම්බන්ධිතව, දළ වශයෙන් ටොන් 1,000 ක පමණ පාරිභෝගික නිෂ්පාදිත, ප්‍රත්‍යානයනයට ලක් වුවද, රෝගීවු පාරිභෝගිකයෝ වාර්තා නොවුණි. ඇය විසින් ආනයනය කරනු ලබන කිරි පිටි අතුරින් බොහොමයක් නවසීලන්තය වෙතින් ගෙන්වන චීනය, නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මෙම මිශ්‍රණ සංඝටකය ගෙන්වීම කෙරෙහි, තාවකාලික තහනමක් පැනවූවාය.

පසුබිම[සංස්කරණය]

නවසීලන්තය පදනම් කර ගෙන ඇති, ෆොන්ටෙරා යනු ලෝකයේ සතරවන විශාලතම කිරිපට්ටි නිෂ්පාදිත නිමවන්නා වන අතර, NZ$ 20 බිලියන (US$15.7 බිලියන) පමණකට කිට්ටු පිරිවැටුමකට හිමිකම් කියයි. නවසීලන්තයේ ආර්ථිකය, එහි කිරිපට්ටි නිෂ්පාදන කර්මාන්තය වෙතින් දැඩි වශයෙන් යැපෙන අතර, ටොන් මිලියන 15 ක වාර්ෂික කිරිපට්ටි නිෂ්පාදිතයෙන් 95%ක් අපනයනය කෙරෙයි. ආරක්ෂණ තත්ත්වයන් පවත්වාගෙන යෑම පිළිබඳ, නවසීලන්තයේ අනර්ඝතම ඉතිහාසය නිසාවෙන්, එහි කිරිපට්ටි නිෂ්පාදිතයන් සඳහා අධිමිලක් ගෙවීමට පාරිභෝගිකයෝ සැදී පැහැදී සිටිති. [1] චීන නිෂ්පාදකයන්, ෆොන්ටෙරා නිෂ්පාදන සඳහා ප්‍රධාන පාරිභෝගයෙක් වූයේ, දහස් ගණනක් ජනයා මෙලමයින් හේතුවෙන් රෝගීවූ 2008 චීන කිරි අර්බුදය නිසාවෙන්, දේශීය නිෂ්පාදනයන්හි ආරක්ෂණ තත්ත්වය පිළිබඳව එහි රටවැසියන් සැලකිලිමත්ව සිටීම නිසාය. [2]

බොතුලිනියාව යනු, ක්ලොස්ට්‍රීඩියම් බොචුලීනම් බැක්ටීරියාව මගින් ඇති කරලන, විරල රෝගයකි. [2] බැක්ටීරියා කුඩා සංඛ්‍යාවක් විසින් දරුණු විෂභාවයක් ඇතිකරමින් වැඩිහිටියන්ගේ ශ්වසන සහ මාංශපේශිමය ගැටළු දක්වා ව්‍යාප්ත කළ හැක. [2][3] ළදරුවන් අතරදී, මෙම විෂ විසින් ආහාර මාර්ග පද්ධතිය වෙත බලපෑම් එල්ල කළ හැක.[3]

ප්‍රත්‍යානයනය[සංස්කරණය]

ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය විසින් 2013 අගෝස්තු 3 දිනදී, ෆොන්ටෙරා විසින් විකිණෙන නිෂ්පාදිත ප්‍රත්‍යානයනයන් පිළිබඳව ප්‍රකාශයක් සිදු කෙරිණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; AP නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 ජෙරී මුලානි (අගෝස්තු 3, 2013). "බොචුපිස්ම් ත්‍රෙට් ෆවුන්ඩ් ඉන් ඉන්ෆන්ට් ෆෝර්මියුලා ඉන්ග්‍රීඩියන්ට්ස්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2013/08/04/business/global/large-dairy-supplier-warns-of-botulism-threat.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 4, 2013. 
  3. 3.0 3.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bans නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි