එක්සත් ජනපද ජනාධිපතිවරණය, 1968
|
|---|
|
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 60.8%[1] |
|---|
|
|
 ජනාධිපතිවරණ ප්‍රතිඵල සිතියම. රතු නිරූපණය කරන්නේ නික්සන්/ඇග්නිව් දිනූ ප්‍රාන්ත වන අතර, නිල් නිරූපණය කරන්නේ හම්ප්‍රි/මස්කි දිනූ ප්‍රාන්ත වෙති. තැඹිලි නිරූපණය කරන්නේ වොලස්/ලමේ දිනූ ප්‍රාන්ත මෙන්ම නික්සන්/ඇග්නිව් වෙනුවට වොලස්/ලමේ වෙත ඡන්දය ප්‍රකාශ කළ උතුරු කැරොලයිනා වෙතින් වූ අවිශ්වාසී වරකයෙක්ගේ ගේ ඡන්දයද වෙයි. සංඛ්‍යා වෙතින් නිරූපණය වන්නේ එක් එක් ප්‍රාන්තය වෙත වෙන් කර තිබූ පර්ෂද ඡන්ද වෙති. |
|
1968 වසරෙහි එක්සත් ජනපද ජනාධිපතිවරණය යනු, 1968, නොවැම්බර් 5 දින දී පැවැත්වුනු, 46වන සිව්-වාර්ෂික ජනාධිපතිවරණය වෙයි. රිපබ්ලිකානු නාමිකයාවූ, හිටපු උප-ජනාධිපති රිචඩ් නික්සන් විසින්, ඩිමොක්‍රටික් නාමිකයාවූ, ධූරාන්දර උප-ජනාධිපති හර්බට් හම්ප්‍රි පරාජය කොට මැතිවරණය ජය ගති. කැරලි කෝලහාල සහ අපරාධ වලින් පෙලී තිබුණු දේශයෙහි නගරයන්හී නීතිය සහ සාමය යළි පිහිටුවීමේ පොරොන්දුව සහිතව නික්සන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේය.