1906 සිට 1914 දක්වා කාලය තුල චිත්‍රපට ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ගොනුව:Natur3.gif
ප්‍රතිලෝම කෝණ යුගලයකින් ඉදිරිපත් කරන POV දර්ශණය වන “මිනිසුන් සිටින නැව සහ ඔවුන් දකින දේ” (People on the ship, and what they see) ඇතුලත් back to nature (1910).

චිත්‍රපට ඉතිහාසය තුළ තවත් වැදගත් සංවර්ධනයක් වන්නේ දර්ශණ ඛණ්ඩයේ ලක්ෂණයයි. (point of view shot) මෙම ක්‍රමය තුලින් භාවිත කොට තිබුණේ චිත්‍රප‍ටියේදී සිටින පුද්ගලයෙකු දුරදක්නයකින් හෝ සිදුරකින් බලන දර්ශණයක් පෙන්වීම සඳහා සහ චිත්‍රපට රාමුව තුල කථා රවුම් ආවරණයක් හෝ චිත්‍රපටියේ හැගුම් දනවන සිදුවීමක් මෙමඟින් ඇගවීම සඳහාය. ඇත්ත වශයෙන්ම දර්ශන ඛණ්ඩ ලක්ෂණය (point of view shot) යනු කිසියම් පුද්ගලයෙකු කිසියම් දෙයක් කෙරෙහි බලාගෙන ඉන්නා දර්ශනයක් කිසිම ආවරණයකින් තොරව ඔවුන් සිටින ස්ථානයෙන්ම ගැනීමයි. 1910දී තිරගත වූ විටග්‍රැප්ගේ “back to nature” යන චිත්‍රපටයේ අපට දැකගත හැකි වගට, පහල සිට ගන්නා ලද මිනිසුන් නැවත ගරාදි වැටේ සිට බිම බලන දර්ශනයක් සහ ජීවිත ආරක්ෂක බෝට්ටු‍ෙව් සිට මිනිසුන් අවට බලන දර්ශනයක් එම මිනිසුන් සිටින ස්ථානයේ සිට පටිගත කොට ඇත.

කොහොම නමුත් විටාග්‍රෑප් චිත්‍රපට නිෂ්පාදනයෙන් මෙම ක්‍රමය භාවිතා කිරීම සඳහා ටිකක් කලබල විය. POV (point of view) දර්ශනයක් සත්‍ය ලෙසට හඳුන්වා දී ඇත්තේ පහදන ලද අභ්‍යන්තර මාතෘකාවකිනි. උදාහරණයක් වශයෙන් ලැරී ට්‍රිම්බල් (larry trimble) ගේ 1910 දි නිම කරන ලද චිත්‍රපටියක් වන Jane and the wife හි ඇතුලත් “උසාවිය ඉදිරිපිට නිවසේදී ඔවුන් මොනවද දැක්කේ” යන කොටසින් පැහැදිලි වේ. නමුත් මාස කිහිපයකට පසු ට්‍රිම්බල් නිෂ්පාදනය කල “Jean Rescues” යන තවත් ජනප්‍රිය කථා මාලාවක් වන Bord Collie සිටින ප්‍රබන්ධ වික්‍රමාන්විතයක් මෙම කථාව මඟින් POV දර්ශන පැහැදිලි කිරීමෙන්‍ තොරව යෝග්‍ය ලෙස හඳුන්වා දී ඇත. මෙයින් පසු චිත්‍රපටියක හැගීම් දනවන සුදු වීමක් නොවන POV දර්ශන තරමක් නිතර නිතර විටාග්‍රෑප් (Vitagraph) ගේ චිත්‍රපටි වල පෙන්නුම් කරන්න පටන් ගන්නා ලදී. තවද මෙම ක්‍රමයට තවත් ඇමෙරිකානු චිත්‍රපටි නිෂ්පාදනය කරන සමාගම්ද ආරම්භ කරන ලදී. කොහොම නමුත් යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකයන් මෙන් D.W. ග්‍රිෆිත් (D.W. Griffith) පමණක් මෙය නාට්‍යයේ අස්වාභාවික තත්වයන් රංග ශාලාවේ සිටින ප්‍රේක්ෂක පිරිසට පෙන්වීම සඳහා පමණක් භාවිතා කරන ලදී.