1000

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 9 වන සියවස10 වන සියවස11 වන සියවස
දශක: 970ගණන්  980ගණන්  990ගණන්  – 1000ගණන් –  1010ගණන්  1020ගණන්  1030ගණන්
වසර: 997 998 99910001001 1002 1003

1000 වසර (M) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය. එය, 10වන සියවසෙහි අවසන් වසර මෙන්ම දෙසැම්බර් 31 දින අවසන්වූ ඩයනීසියානු යුගයෙහි 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් වසර වූ මුත්, 1000ගණන් දශකයෙහි පළමු වසර විය.

පුරාණ ලෝක ඉතිහාසයේ මධ්‍යතන යුග ලෙසින් හැඳින්වෙන යුගයට මෙම වසර අයත් වෙයි; යුරෝපයේදී එය, සමහර විට සහ සම්මතානුකූලව සැලකෙන්නේ මුල් මධ්‍යතන යුග සහ ඉහළ මධ්‍යතන යුග අතර මායිම් දිනය ලෙසින්ය.

ඒ වන විට, මුස්ලිම් ලෝකය පැවතියේ එහි ""ස්වර්ණමය යුගයෙහිය ".

චීනය ඒ වන විට සොං යුගයෙහි තුල පැවති අතර, ජපානය පැවතියේ එහි "සම්භාව්‍ය" හෙයියන් යුගයෙහිය.

රාෂ්ට්‍රකූඨ රාජ වංශය, පාල අධිරාජ්‍යය (කාම්බෝජ පාල රාජ වංශය; මහීපාල), චෝල රාජ වංශය (පළමුවන රාජ රාජ චෝල), යාදාව රාජ වංශය, ආදී වශයෙන්, සුළුතර අධිරාජ්‍යයන් ගණනාවකට, ඉන්දියාව බෙදා තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=1000&oldid=288004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි