ගියෝර්ග් වොන් ට්‍රැප්

විකිපීඩියා වෙතින්
(.ගියෝර්ග් වොන් ට්‍රැප් වෙතින් යළි-යොමු කරන ලදි)

සමහරවිට වැරදි සහගත ආකාරයට බැරන් (ෆ්‍රයිහර්) වොන් ට්‍රැප් ලෙසින් හැඳින්වෙන, කෝර්වෙට් කපිතාන් ගියෝර්ග් ජොහැන්නස් රිටර්[1] (නයිට්) වොන් ට්‍රැප් (4 අප්‍රේල් 1880 – 30 මැයි 1947) යනු, ඔස්ට්‍රියා-හංගේරියානු නාවික හමුදා නිලධාරියෙකි.[2][3] පළමුවන ලෝක යුද්ධයෙහිදී දැක්වුනු ඔහුගේ නාවික වික්‍රමයන් නිසා ඔහු වෙත විවිධ පදක්කම් ප්‍රදානය කෙරුණු අතර ඒ අතර ගෞරවාන්විත මරියා තෙරේසාගේ හමුදා පදක්කම විය. ඔහුගේ ආඥාපතිත්වය යටතේ, SM U-5 SM U-14 යන සබ්මැරිනයන් විසින් මිත්‍ර හමුදා නැව් 13 ක් ගිල්වන ලද අතර ඒවායේ මුළු බර 45,669 දළ ලේඛනගත නැව් භාරය (GRT) පමණ විය.

ඔස්ට්‍රියා-හංගරියෙහි පරාජය සහ ඉක්බිතිව වූ එහි බිඳවැටීමෙන් පසුව, ට්‍රැප් යළි ඔහුගේ පවුල වෙත පැමිණි නමුත්, 1922 වසරෙහිදී ස්කාර්ලට් උණ වැළඳීම නිසා ඔහුගේ පළමු බිරිඳ ඔහුට අහිමි විය. වසර පහකින් පසුව, ට්‍රැප් විසින් ඔහුගේ දරුවන්ගේ ගුරුවරිය වූ මරියා ඔගස්ටා කුට්චේරා විවාහ කර ගත් අතර, අසාර්ථකවූ බැංකු ගණුදෙනුවක් නිසා පවුලේ ධනය සම්පූර්ණයෙන් අහිමි වීමෙන් පසුව ජීවනෝපායයක් වශයෙන් විවිධ අංගයන් හි නියැලීමට ඇය විසින් දරුවන්ව පුහුණු කරන ලදි. අන්ෂ්ලුස් සිද්ධියෙන් පසුව නාසිවරුන්ගේ අධික අභිචෝදනයට පවුල නතුවූයේ, නාසි දෘෂ්ටියට ඔහුගේ විරුද්ධත්වය නිසා ජර්මානු නාවික හමුදාවෙහි සේවය කිරීම ට්‍රැප් විසින් ප්‍රතික්ෂේප කිරීම හා සමගය. අත්අඩංගුවට පත්වීම සිදුවේ යැයි බිය නිසා, ඔහුගේ පවුල සමගින් ට්‍රැප් ඉතාලිය වෙත පැන ගිය අතර එයින් පසු එක්සත් ජනපදය වෙත සංත්‍රමණයවී, 1947 වසරෙහිදී වූ ඔහුගේ මරණය දක්වාම එහි ගොවිපොළක් අරඹා ඉතිරි ජීවිත කාලය ගත කළේය. ඔහුගේ පවුලේ කතාන්තරය විසින් ද සවුන්ඩ් ඔෆ් මියුසික් (1959) නම් සංගීතමය වේදිකා නාට්‍යයට සහ 1965 චිත්‍රපටයට පෙළඹවීම් ඇති කෙරිණි.[3]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

ගියෝර්ග් ජොහැන්නස් රිටර් වොන් ට්‍රැප් (4 අප්‍රේල් 1880 – 30 මැයි 1947), එකල ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයෙහි කිරීටයට අයත් භූමිප්‍රදේශයක්වූ, ඩල්මේෂියාවෙහි සාරා හී (වර්තමානයෙහි සාදර්, ක්‍රොයේෂියාව) උපත ලැබීය. නාවික නිලධාරියෙකුවූ ඔහුගේ පියා, ෆ්‍රෙගටන්කපිටෑන් ඔගස්ට් ට්‍රැප්, 1876 වසරෙහිදී ඔස්ට්‍රියානු වංශාධිපත්වය වෙත උසස් කරනු ලැබූ අතර, එය නිසා ඔහුට සහ ඔහුගෙන් පැවතෙන්නන්ට, පුතුන් සඳහා "රිටර් වොන් ට්‍රැප්" යන්නද දුවණියන් සඳහා "වොන් ට්‍රැප්" යන්නද භාවිතා කිරීමට අයිතිවාසිකම් ලැබිණි. [4] (රිටර් වරයෙක් (නයිට්) යනු වංශාධිපතිත්වය ලබා දෙන පාරම්පරික පදවිනාමයක් වන අතර පාරම්පරික නයිට් තනතුරක් ලබාදෙතත් වංශාධිපතිත්වය ලබා නොදෙන බ්‍රිතාන්‍ය බැරන් තනතුරට දළ වශයෙන් සමතුල්‍ය වෙයි.[5] ඔස්ට්‍රියානු පදවි ක්‍රමය පරිදී රිටර් යන්නෙහි අනුප්‍රාප්තිය වන්නේ පහළතම වංශාධිපතිත්ව අනුස්ථිතිය වන, ඒඩ්ලා (වංශාධිපතියා) යන්නට ඉහළින් වන අතර, ෆ්‍රයිහර් (බැරන්වරයා), ග්‍රාෆ් (සිටුවරයා), සහ "ෆර්ස්ට්," (කුමරුවා) යන්නන්ට පහළ වෙයි - හර්සෝග්, හෝ ආදිපාදවරයා, යන්න රාජකීය පවුලේ පුංඥාතීන්ට වෙන් කර ඇත).

ගියා්ර්ග්ගේ මව හෙඩ්විග් වෙප්ලර් වූවාය. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය, ඔස්ට්‍රියානු චිත්‍රශීල්පි හේඩි වොන් ට්‍රැප් වූ අතර, ඔහුගේ සෙහොයුරා වැර්නර් 1915 වසරෙහිදී මිය ගියේ පළමුවන ලෝක යුද්ධයෙහිදීය.[6]

ඔගස්ට් රිටර් වොන් ට්‍රැප් 1884 දී මිය යන විට, ගියෝර්ග් වසර සතරක් වියැති විය.[6]

නාවික අභිවෘත්තිය[සංස්කරණය]

1894 වසරෙහිදී, වයස දහහතරක් වත්ම, තරුණ ට්‍රැප් පියාගේ අඩි පාරෙහි යමින් අධිරාජ්‍යමය සහ රාජකීය ඔස්ට්‍රියා-හංගේරියානු නාවික හමුදාවට එක් වූයේ, ෆියුමේ (වර්තමානයෙහි රියෙකා) හී නාවික ඇකඩමියට බැඳීමෙනි.[6] වසර සතරකින් පසුව ඔහු උපාධිය ලත් අතර, තවත් වසර දෙකක් පුරා, ඕස්ට්‍රේලියාව ඇතුළු පුහුණුව පවත්වාගෙන යන සංචාරයන් තුල නියැලිණි. නිවෙස බලා සංචාරයෙහිදී ඔහු විසින් ශුද්ධවූ දේශයෙහි සංචාරයක යෙදී සිටියදී හමුවූ ප්‍රැන්සිස්කානු තාපසතුමෙකු විසින් ඔහු බැලීමට රිසි සියළු බයිබලීය ස්ථාන වෙත සංචාරයක ඔහු රැගෙන යන ලදි. රැගෙන ආ අනෙකුත් දේවල් අතර, ජෝර්දාන් නදියෙන් ජලය බෝතල් සතක් ට්‍රැප් විසින් රැගෙන ආ අතර, ඔහුගේ පළමු දරුවන් සත්දෙන බව්තිස්ම කිරීම සඳහා ඒවා භාවිතා කළේය.[6] 1900 වසරෙහිදී එස්එම්එස්  කයිසර්ලිච් උන්ඩ් කුනිග්ලිච් මරියා තෙරෙයිසා නම් සන්නාහ සන්නද්ධ යුද්ධ නැව වෙත ඔහු අනුයුක්ත කරන ලද අතර බොක්සර් කැරැල්ල අතරතුර ඔහුගේ කාර්ය සාධනය වෙනුවෙන් පදක්කම් පිළිගන්වන ලදි. 1902 වසරෙහිදී ඔහු අවසන් නිලධාරි විභාගය සමත් වුණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. පුද්ගලික නම් අරභයා: රිටර් යනු පදවියක් වන අතර, දළ වශයෙන් පරිවර්තනය වන්නේ ශ්‍රීමත් ( නයිට්වරයෙකු දක්වන) ලෙසින් වන අතර, පළමු නමක් හෝ මැද නමක් හෝ නොවේ. එහි සමතුල්‍ය ස්ත්‍රී ආකාරයක් නොමැත.
  2. "ට්‍රැප් ෆැමිලි ප්‍රොෆයිල්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 9 ජනවාරි 2011. පවුලෙහි වඩාත් පසිඳු සාමාජිකයා වූ මරියා ඔගස්ටා කුට්චේරා (උ. ජන. 26, 1905, වියනා—ම. මාර්තු 28, 1987, මොරිස්විල්, වර්මෝන්ට්, එ.ජ.), විසින් ද ස්ටෝරි ඔෆ් ද ට්‍රැප් ෆැමිලි සිංගර්ස් (1949) ලියන ලදි. අනාථයෙකු ලෙසින් සහ සල්ස්බර්ග් හී බෙනඩික්ටියානු කන්‍යාරාමයක ආධුනිකයෙක් ලෙසින් ඇයගේ අත්දැකීම් මෙහිදී ඇය විසින් යළි සිහිකර ඇත. කණවැන්දුම් පුරුෂයෙකු වූ පළමු ලෝක යුද්ධයෙහි සබ්මැරයින් ආඥාපතිවරයෙකු වූ ෆ්‍රයිහර් (බැරන්) ගියෝර්ග් වොන් ට්‍රැප්ගේ දරුවන් සත්දෙනාගේ සහ බැරන්වරයාගේද සිත් දිනා ගැනීමට, පාලිකාවක ලෙසින් ඇය සමත්ව ඇත. 1927 වසරෙහිදී ට්‍රැප් හා ඇය විවාහ වූ අතර, ඔවුහූ දරුවන් තිදෙනෙකු ලැබූහ. දිගටම ඔවුන්ගේ සංගීත අධ්‍යක්ෂකවරයාවූ පූජ්‍ය ෆ්‍රන්ස් වස්නර් ගේ නාථකත්වය යටතේ 1930 ගණන් වල මැද භාගයෙහිදී පවුල විසින් ජර්මානු සහ වන්දනාමය සංගීත ගායනා සිදුකිරීම ඇරඹූහ. 1937 වසරෙහිදී වෘත්තීය ගීත ගායනා කණ්ඩායමක්වූ ද ට්‍රැප් ෆැමිල් ක්වයර් ලෙසින් ඔවුහූ ඔවුන්ගේ පළමු යුරෝපියානු සංචාරය සිදු කලහ. වස්නර් පූජාප්‍රසාදිවහන්සේ සමගින්ම, නාසි-පාලනයට යටත්ව තිබූ ඔස්ට්‍රියාව වෙතින් පවුල 1938 වසරෙහිදී ඉතාලිය (ඔහුට ඉතාලියානු පුරවැසිභාවය හිමිව තිබුණි) වෙත පැන ගොස් පසුව එක්සත් ජනපදය වෙත සංක්‍රමණය විය.
  3. 3.0 3.1 "ට්‍රිබියුට් ටු බැරන් වොන් ට්‍රැප් ජොයින්ඩ් ඉයි කන්ට්‍රි හී ෆ්ලෙඩ්". නිව්යෝර්ක් ටයිම්ස්. 14 ජූලි 1997. http://www.nytimes.com/1997/07/14/us/tribute-to-baron-von-trapp-joined-by-country-he-fled.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජනවාරි 2011. "අද පැවති උත්සව කෙළවර වූයේ උදෑසන දිව්‍ය පූජා මෙහෙයකින් වන අතර, ෆ්‍රන්ස් ෂුබර්ට්ගේ ඩොයිච මැස වාදනය වන විට සීරුවෙන් සිටි කැඩෙට්වරු, ද සවුන්ඩ් ඔෆ් මියුසික් (1965) චිත්‍රපටයෙහි ක්‍රිස්ටෆර් ප්ලමර් සහ ජුලී ඇන්ඩෲස් විසින් නිරූපණය කෙරුණු වොන් ට්‍රැප් බැරන්වරයා හා බැරන්වරියගේ සොහාන් මත මල් වඩමක් තැන්පත් කළහ. ... දැනට ජීවත්වන දරුවන් වූයේ එක්සත් ජනපදයෙහි ජීවත් වන ඉලියොනෝර කැම්බල් සහ, රෝස්මරී, මරියා එෆ්., වර්නර්, ජොහැන්නස් සහ, අගාත වොන් ට්‍රැප් වූහ." 
  4. "වොන් ට්‍රප්". HumphrysFamilyTree.com. සම්ප්‍රවේශය 25 මැයි 2016. බැරන් ඔගස්ට් වොන් ට්‍රැප්, හෝ ඔගස්ට් රිටර් වොන් ට්‍රැප් - රිටර් " යන්නෙන් අදහස් වන්නේ "ශ්‍රීමත්" හෝ "නයිට්වරයා" යනු වන අතර, "වොන්" යන්නෙන් අදහස් වනුයේ "බැරන්" යනුවෙන් බොහෝවිට ඔහුට දෙනු ලබන පාරම්පරික පදවි නාමයට ඉංග්‍රීසි සමතුල්‍යය වන වංශාධිපතිත්වයක් වුවද , නිවරද්‍යය සමතුල්‍යය වන්නේ "ශ්‍රීමත් ඔගස්ට් වොන් ට්‍රැප්, බැරන්වරයා යනුවෙනි",.... ඔගස්ට් ට්‍රැප්, බඩ් හොම්බර්ග්, ජර්මනිය, උ. 1836 ම.1884....හට සිටි දරුවන්...(ඇතුළුව) බැරන් ගියෝර්ග් වොන් ට්‍රැප් හෝ, ගියෝර්ග් රිටර් වොන් ට්‍රැප් - උ.1880 සාදර්, ක්‍රොයේෂියා...
  5. එක්සත් රාජධානියේ නෛතික රදළ පදවි ක්‍රමය
  6. 6.0 6.1 6.2 6.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; salute නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

සිතියම් පිහිටුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගියෝර්ග්_වොන්_ට්‍රැප්&oldid=388928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි