“යුදමය වාතාවරණයකදීත් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් වැලදීමේ ප්‍රවණතාව ඉතාම අවම මට්ටමක”

විකිපීඩියා වෙතින්

ආසියානු කලාපයේ දීර්ඝ කාලීන යුධමය වාතාවරණයක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාවේඒඩ්ස් රෝගය වැලදීමේ ප්‍රවණතාව තවමත් ඉතාම අවම මට්ටමක පවතී. මෙසේ දීර්ඝ කාලීන යුදමය වතාවරණයක් පවතින ඕනෑම රටක සමස්තයක් වශයෙන් ගත් විට ඒඩ්ස් රෝගකාරකය පැතිර යාමේ වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරනු ලැබේ. එයට හේතු සාධකය වනුයේ යම් රටක යුදමය අවස්ථාවකදී අදාල ගැටුම් පවතින ප්‍රදේශයන්හී ජනතාව සරණාගතයින් ලෙස විවිධ සරණාගත කදවුරුවල රැදී සිටීමට සිදුවීමෙනි. එය බොහෝ විට රෝග කාරක ව්‍යාප්තවීමට බලපානු ලබන ප්‍රධානතම මෙන්ම ප්‍රබලතම හේතුවකි. මේ අනුව සලකන විට ශ්‍රී ලංකාවට ආසන්නම අසල්වැසි රට වන ඉන්දියාවට යුධමය වාතාවරණය තුල සංක්‍රමණය වන සරණාගතයින් හේතුවෙන් ඉන්දියාව තුල වැඩි වශයෙන් HIV වෛරසය ව්‍යාප්තියක් සිදුවන බව ඒඩ්ස් රෝගය පැතිරීම වැලැක්වීමේ විශේෂ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පවසයි.

ඒඩ්ස් රෝගය පැතිරීම වැලක්වීමේ විශේෂ ඒකකයේ තොරතුරු හා දත්ත අනුව ශ්‍රී ලංකාවේ දී පලමුවෙන්ම HIV ආසාදිතයෙකු සොයාගෙන ඇත්තේ 1987 වසරේදීය. ඒ මීට අවුරුදු 20කට ඉහතදීය. දැනට මෙරට ඒඩ්ස් ආසාදිතයන්ගේ ප්‍රමාණය 5000ක් වන අතර එය සමස්ථ ජනගහණයෙන් සියයට 0.1ක් වැනි ඉතාමත් පහල අගයක පවතී. ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගෙන් හා විදෙස් රටවල සිටින ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණීමේ දී රෝගය මෙරට ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වීමක් සිදුවේ. නමුත් දීර්ඝකාලීන වශයෙන් යුධ ගැටුම් පැවති කාම්බෝජය සහ වියටිනාමය ආදී රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඉතාමත් අවම මට්ටමක පවතින බව ඒඩ්ස් රෝගය පැතිරීම වැළැක්වීමේ විශේෂ ඒකකයට ලැබී ඇති දත්ත අනුව වාර්තා වේ. යුධමය තත්ත්වයක් ඇති රටක ගැටුම් පවතින ප්‍රදේශවල සාමාන්‍යායෙන් රෝගය ව්‍යාප්ත වීම ඉතාම ඉහළ අගයක පවතී. එයට හේතු වනුයේ යුධමය අවස්ථාවක පුද්ගල හෝ කුටුම්භ අතින් ආර්ථික තත්ත්වය කඩා වැටීමක් සිදුවීමය. ඒ හේතුවෙන් ආර්ථික වාසි අත්පත් කර ගැනීම සදහා යුද ගැටුම් පවතින පුදේශවල කාන්තාවන් ගණිකා වෘත්තියේ නියැලීම සිදු කෙරේ. බොහෝ විට මෙම ගණිකා වෘත්තිය සුදි වනුයේ යුද පිටියේ සිටින හමුදා සෙබළුන් සමගින්ය. මෙම ප්‍රදේශයන්හී වඩා ක්‍රමවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීම රෝග ව්‍යාප්තිය ඉතා ඉහළ යෑමට බලපානු ලබන පුබල සාධකයකි.

විදෙස් රැකියා සහ අධ්‍යාපන කටයුතු සදහා විදෙස් ගතවන හා විදේශයන්හී සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් ඇතැම් අයගෙන් HIV රෝගකාරකය බෝවීමක් සිදු විය හැකිය. ළමා අපයෝජනද මෙම තත්ත්වය සදහා බලපෑම් සිදු කරනු ලබයි. ඇතැම් බටහිර රටවල්වල මත්ද්‍රව්‍ය එන්නත් කිරීම සදහා යොදා ගන්නා එන්නත් කටු මගින් රෝගය සීග්‍ර ලෙසින් ව්‍යාප්ත වීමක් බටහිර රටවල දක්නට ලැබේ. නමුත් මෙම තත්ත්වය දැනට ශ්‍රී ලංකාවේ නොමැත.

ඒඩ්ස් රෝගය පැතිරීම වැලැක්වීමේ විශේෂ ඒකකයට ලැබී ඇති දත්ත අනුව 2007 මැයි වන විට HIV ආසාදිතයන් 872ක් හදුනාගෙන තිබේ. ඉන් සියයට 85දෙනෙකුට සමලිංගික නොවන ඇසුරෙන්ද, සියයට 11ක ප්‍රමාණයක් සමලිංගික ඇසුරෙන්ද, සියයට 01ක ප්‍රතිශතයක් රුධිරය මගින්ද (රුධිරය ලබා දීම මගින්) HIV ආසාදනය වී ඇත. සමස්ථයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ මුළු HIV ආසාදිතයන්ගෙන් සියයට 59ක් පිරිමින් වන අතර ඉතිරි සියයට 41ක ප්‍රමාණය ගැහැණු වේ. ඒ අනුව පිරිමින්ගෙන් ඒඩ්ස් රෝගය ස්ත්‍රියට වැළදීමේ අනුපාතය 1.4:1 ක අගයක් ගනී. 1987 සිට 1991 වසර දක්වා HIV ආසාදනයට ගොදුරු වූ ගැහැණු සංඛ්‍යාව සියයට 21ක් වන අතර 1992 සිට 1996 දක්වා සියයට 34ක් ලෙසත් 1997 සිට 2001 දක්වා සියයට 43ත් 2002 වසරේ සිට 2004 දක්වා එය සියයට 47 දක්වා වැඩි වීමක් සිදුව ඇත. එමෙන්ම වයස් පරතරය අනුව HIV ආසාදනය වැළදීමේ පුවනතාවය වයස අවුරුදු 0 – 14 දක්වා සියයට 03ත්, වයස අවුරුදු 15-49 දක්වා සියයට 08ක් ලෙසත් වයස අවුරුදු 50ට වැඩි HIV ආසාදනය වූ ප්‍රතිශතය සියයට 89ක අගයක පවතී. වයස් පරතරය අනුව ස්ත්‍රි පුරුෂ රෝග ව්‍යාප්තිය සිදු වනුයේ වයස අවුරුදු 0-9ත් අතර ස්ත්‍රී 04කුත් පුරුෂ 10කුත්, වයස අවුරුදු 10-19ත් අතර ස්ත්‍රී 01කුත් පුරුෂ 02කුත්, අවුරුදු 20ත් 29ත් අතර කාලය තුල ස්ත්‍රී 54කුත් පුරුෂ 59කුත්, වයස 30-39දී ස්ත්‍රී 108කුත් පුරුෂ 136 දෙනෙක්ද 40ත් 49 අතර වයස් වලදී ස්ත්‍රී 53කුත් පුරුෂ 95කුත් වයස අවුරුදු 50ට වැඩි අවස්ථාවේදී ස්ත්‍රී 13කුත් පුරුෂ 32කුත් වයස් පරතරය අනුව HIV ආසාදනයට ගොදුරු වී ඇත.

2007 මැයි මාසය වන විට HIV ආසාදිතයන් 872ක් සොයා ගෙන තිබුණු අතර එයින් 220 දෙනෙකුට ඒඩ්ස් රෝගය වැළදී තිබුණි. 2007 ඔක්තෝම්බර් මාසය වන විට රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162කි. 2007 වසරේ පලමු මාස 03 අවසානයේ දී HIV ආසාදිතයන් 24දෙනෙකු සොයාගෙන ඇති අතර රෝගීන් 112 සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොමිලේ සායන පවත්වා අවශ්‍ය ප්‍රතිකාර සහ දැණුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

අනිකුත් යුදමය වාතාවරණයක් ඇති රටවල් හා සැසදීමේ දී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අවම මට්ටමක පවත්වා ගැනීමට ප්‍රදාන වශයෙන් ඉවහල් වූ කරුනු කිහිපයක් පෙන්නුම් කල හැකිය. අනියම් ලිංගික සම්බන්ධතා අවම මට්ටමක පැවතීම, ඉතාමත් ඉහල ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් තිබීම, සමාජ රෝග පැතිරීම වැළැක්වීමේ විශේෂ ඒකකයක් පිහිටු වීම, ශ්‍රී ලංකාව තුල සමාජ රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ශ්‍රී ලංකාවේ ස්ත්‍රිය සදහා උසස් සමාජ පිළිගැනීමක් හා ගෞරවයක් හිමිවීම ආදී හේතූන් මත HIV ආසාදනය වීම හෝ ඒඩ්ස් රෝගය පැතිර යාම අවම මට්ටමක පැවතීමට පුබල බලපෑමක් එල්ලකරනු ලබයි.

දත්ත ලබා ගැනීම - ඒඩ්ස් රෝගය පැතිරීම වැලැක්වීමේ විශේෂ ඒකකය ලිපිය සම්පාදනය - චානක ඉනෝජ්/ක්‍රිස්ටීන් හෙට්ටිආරච්චි 2008. 01. 29