‘නර්ගීස්’ සුළි කුණාටුව

විකිපීඩියා වෙතින්

‘නර්ගීස්’ සුළි කුණාටුව නර්ගීස් සුළි කුණාටුව ඉතා බිහිසුණු නිවර්තන සුළි කුණාටුව 2008 මැයි 02 දින මියන්මාරය [බුරුමය] හරහා හමා ගියේය. එය මහා මාරන්තික ඛේදවාචකයක් වූයේ 23,335 ට පමණ මාරකයක් වූ නිසාවෙනි. තවද, අතුරුදන් වී ඇති වී සංඛ්‍යාව දැනට 37,019 වන අතර ගණනය කර ඇති ලෙස‍ට අවසානයේ මෙහි එකතුව 100 000 කට ආසන්න විය හැකි බවට මත ඉදිරිපත් කර ඇත. උතුරු ඉන්දියානු සාගර කලාපයේ මෙතෙක් සිදු වූ මාරාන්තික සුළි කුණාටුව අතුරින් ‘නර්ගීස්’ කුණාටුව දෙවැනි වී ඇත්තේ ‘නිනා’ කුනාටුවට පමණි. එහෙත් නම් නොකළ කුණාටුද ඇතුළත් වූ පසු ‘නර්ගීස්’ සුළි කුණාටුව 8 වන තැනට පත්වේ. නමුත් මියන්මාරයට බල පෑ සුළි කුණාටු අතුරින් එය 2006 දී හටගත් ‘මාලා’ සුළි කුණාටුවට පමණක් දෙවැනි වේ. 2008 වසරේ උතුරු ඉන්දියානු මුහුදු සුළි කුණාටු කාලසීමාවේදී සිදු වූ මෙම ‘නර්ගීස්’ සුළි කුණාටුව එකී කාලය තුළ උතුරු ඉන්දීය මුහුදු කලාපයේ නම් කළ පළමු සුළි කුණාටුවයි. එය වර්ධනය වීම ඇරඹී ඇත්තේ අප්රේුල් 27 වන දින බෙංගාල බොක්කේ මධ්යණම ප්රරදේශය ආශ්රීනතවයි. පසුව එය වයඹ දෙසට ගමන් කරනවාත් සමගම ක්ෂණිකව ඉතා බිහිසුණූ කුණාටුවකට පරිවර්තනය විය. අප්රේකල් 29 වන විට තිබූ වියළි වායු තත්වය ‘නර්ගීස්’ සුළි කුණාටුව අඩපන කළද නැගෙනහිර දෙසට ගමන් ඇරඹීමත් සමග ක්ෂණිකව එය ඉතා තීව්රි වූ අතර පැයට කිලෝමීටර් 165 ක වේගයකින් ගමන් කළේ මැයි 02 වන දිනය. නමුත් එහි වේගය පැයට කිලෝමීටර් 215 පමණ වන බවට සුළි කුණාටු අවධානම් ඇඟවීමේ ඒකාබද්ධ මධ්ය ස්ථ‍ානය ගණනය කොට ඇත. මියන්මාරයට ආසන්න ‘අයියර්වාඩ්’ නම් වෙරළ සීමාවට ළඟා වෙද්දී සුළි කුණාටුව වඩ වඩාත් තීව්රා වූ අතර ‘රැන්ගූන්’ නගරය දෙසින් හමා ගිය පසු සුළි කුණාටුව දුර්වල වෙමින් මියන්මාර් හා තායිලන්ත දේශ සීමා ආසන්නයට වත්ම එය සම්පූර්ණයෙන්ම පහව ගියේය. සුළි කුණාටුව හඳුන්වන ‘නර්ගීස්’ යන නාමය උර්දු නමක් වන අතර එහි අර්ථය ‘ඩැෆොඩිල්’ මල යන්නයි. ඉතා දරුනු නර්ගීස් කුණාටුව - ඉතා දරුනු මට්ටමට වැටෙන සුළි කුණාටු 4ක් ඇති විය. (SSHS)

2008-04-27 වනදා ඇති වූ අතර 2008-05-03 වන දින පහව ගියේය. ඉහළම සුළං වේගයන් 165 km/h [විනාඩි 03 යි] , 215 km/h [විනාඩි 01 යි] පහළම පීඩන තත්වයන් 962 hPa ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය යන රටවලට ද බලපාන ලදී.


http://en.wikipedia.org/wiki/Cyclone_Nargis