ගංගොඩවිල සෝම හිමි
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. |
ගංගොඩවිල සෝම හිමි | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | අමරපුර නිකාය ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ |
Alma mater |
|
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | සිංහල |
උපත | 24 අප්‍රේල් 1948 ගංගොඩවිල, ශ්‍රී ලංකාව |
මරණය | 12 December 2003 සාන්ත පීටර්ස්බර්ග්, රුසියාව | (වයස 55)
Senior posting | |
පදවියන් | බෞද්ධ විහාරාධිපති වික්ටෝරියා (ඕස්ට්‍රේලියාව) |
ගංගොඩවිල සෝම හිමි (24 අප්‍රේල් 1948 - 12 දෙසැම්බර් 2003) ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන් ග්‍රාමය වන ගංගොඩවිල නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින් බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.
සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.
සෝමහිමිගේ චරිතය
පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයට අවට ප්‍රදේශයක පිහිටි අර්ධ නගරයක් වන ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකාරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංඝයානන් වහන්සෙලාගේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිළිබඳව ලියවුණු පාඨ ග්‍රන්ථයන් අධ්‍යයනය කරන ලද අතර බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳව සොයා බැලීමට මෙන්ම නොයෙකුත් සොයා ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්විය. තරුණ පරම්පරාවේ ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය.මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු "තරුණ සවිය" නැමැති සංවිධානය සදහන් කළ හැකිය. හුදකලා ප්‍රදේශයන් තෝරා ගනිමින් භාවනාවේ නිරතවුනු සෝම තෙරුණුවෝ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය උන්වහන්සේ භාවනාව පිළිබඳව වැදගත් කරුණු එක් කර "බුද්ධාස්ථුප" නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී.
වික්ටෝරියාව සමග පැවති සම්බන්ධතා මත ආරාධනාවක් අනුව 1986 දී ධර්ම දේශනාවක් සඳහා එහි වැඩම කළ උන්වහන්සේ මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීමෙන් අනතුර 1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම සදහා පදනම දමන ලදී. අවසාන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වුයේ බෞද්ධාගමේ අගයන් පිළිබඳ මිනිස් සිත් තුළට කා වැද්දීමයි. එපමණක් නොව ගංගොඩවිල සෝම හිමියෝ දහස් ගණන් රටවල් වල සංචාරය කරමින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂාපද පහ සාමාන්‍ය සරල දිවි පෙවතකට අදාළ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මය පැතිර වීමට කටයුතු කළහ. එමෙන්ම දහස් ගණන් ක්‍රිස්තියානි ජනයා උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ අතර මෙසේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ප්‍රධාන හේතුව වුයේ උන්වහන්සේ විසින් යොදා ගත් සරල අදහස් දැක්වීමේ ක්‍රියා පටිපාටියයි.මෙය ධර්ම දේශනා සාර්ථක විමට ඉතා වැදගත් කරුණක් වූ අතර බොහෝ අවස්ථා වල උන්වහන්සේගේ ධර්ම ශාවක පිරිස වුයේ තරුණ තරුණියන්ය.
වික්ටෝරියා බෞද්ධ විහාරය
මෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ගංගොඩවිල සෝම හිමි" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
වර්ෂ 1993 දී වික්ටෝරියා බෞද්ධ විහාරය නමින් නොබෙල් පාර්ක් හිදී නව විහාරයක් පිහිටුවන ලද අතර ධර්මය ප්‍රචලිත කිරීමේ අදිටනින් පිහිටුවන ලද මෙම විහාරය ලාංකීය ජනතාව සඳහා පමණක් නොව වෙනත් ජාතින් අතරද ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින් ඇති කරන ලදී.වර්තමානයේදී මෙම ආයතනය තුළ සියළුම ආගම්වල ජනයා ඉතා සාර්ථක ලෙස තම කටයුතු කරගෙන යනු ලබන අතර මුල්කාලයේ මෙම විහාර භූමිය විශාල එකක් නොවු බැවින් සියළු කාර්යයන් නිසියාකාරයෙන් කර ගෙන යාමට අපහසු විය.එම නිසා සෝම හිමියන් විසින් අක්කර 5(20,000 වර්ග මීටර්)ක ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක් නැවත මිලදී ගන්නා ලද අතර නව භූමියේ ගස් 800 පමණ වගා කරන ලදී.මෙම භූමිය මිලදී ගැනීම නිසා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමට හැකි විය. සෝම හිමියන් ශ්‍රි වජිරානන්ද ධර්මායතනයේ ශිෂ්‍ය නායකයකු ලෙස මෙන්ම ධර්ම දේශකයකු ලෙස ධර්මායතනය සමග ඉතා සමීපව කටයුතු කරන ලදී. පූජ්‍ය මඩිහෙ පඤ්ඥාසීහ මහනායක තෙරුන් හා පූජ්‍ය අම්පිටියේ රාහුල තෙරුන් යන භික්ෂු දෙනම උන්වහන්සෙගේ ගුරුවරුන් වූහ.මෙම ගුරුහාමුදුරුවන් දෙනම සදහා සිතේ පැවති ආදරය හා භක්තිය දෙවෙනි වුයේ බුදුන්වහන්සේ සදහා පමණි. සෝම හිමියෝ ගිහි කල ග්‍රීන්ලන්ඩ් විද්‍යාලයේද පසුව ඉසිපතන විද්‍යාලයේද අධ්‍යාපනය හදරනු ලැබූ අතර මෙකල උන්වහන්සේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වූහ. රිච්මන්ඩ් බෞද්ධ විහාරයෙන් ලැබුණු ආරාධනාවක් අනුව 1986 දී පූජ්‍ය සෝම හිමි ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවට වැඩම කරන ලද අතර උන්වහන්සේ මාස තුනක පමණ කාලයක් එහි වැඩ වාසය කරනු ලැබූහ. ඕස්ට්‍රේලියාවේ මහායාන ධර්මය ප්‍රචලිත වී තිබු බැවින් නිවරදි ථෙරවාදී බුදු දහම නිවරදි ආකාරයෙන් ප්‍රචලිත කළ යුතු යැයි සිතු උන්වහන්සේ එම කාර්යය දියත් කිරීම සදහා නැවතත් 1989 දී ඕස්ට්‍රේලියාව බලා වැඩම වූහ.මෙහිදී උන්වහන්සේ විසින් පළමු සිංහල විහාරය මෙල්බන් නගරයේ රිජෙස්ට් විදියේ, ස්ප්රිහන්ගුවෙල් වල "මෙල්බන් ශ්‍රී ලංකා විහාරය" නමින් පිහිටුවා ඇත .1993 දී උන්වහන්සේ විසින් මෙල්බන් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් ගොස් නොබෙල් පාර්ක් හි 21,රීච් මාවත හි වික්ටෝරියා බෞද්ධ විහාරය සාදන ලදී.පසු කාලීනව මෙම විහාරය ශාක්‍යමුනි විහාරය නමින් හැදින් විය. සෝම හිමියන් දුර දක්නා නුවණකින් හා නිවැරදි දැක්මකින් යුක්තව බෞද්ධ දර්ශනයට මග එළි පෙහෙළි කිරීම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටු වීම සඳහා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය නමින් ඕස්ට්‍රේලියාවේ බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය පිහිටුවීමේන් බෞද්ධ ආගම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රායෝගිකව හැදැරීමට කැමති පුද්ගලයන් සදහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීමද අරමුණක් වීය.
වසර හතකට පසු 1996 වර්ෂයේදී නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ උන් වහන්සේ ටික කලක් ලංකාවේ වැඩ වාසය කිරීමේ අරමුණින් පසු විය.පියාගේ හදිසි ආබාධය සහ අධ්‍යාත්මික දියුණුව වැඩි කර ගනු පිණිසත් ලංකාවේ ටික කලක් වැඩ වාසය කිරීමට අදහස් කර ගෙන සිටියද පියාගේ ආබාධය දරුණු අතට හැරීම නිසා උන්වහන්සේට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කිරීමට සිදු විය. එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර පිටතින් පැමිණි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශය කරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය. උන්වහන්සේ දුෂ්කර ප්‍රදේශවලට විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විපතට පත් වු ප්‍රදේශවල ජනයාට උපකාර කිරීම සදහා එම ප්‍රදේශ වලට වැඩම කිරීම උන්වහන්සේගෙන් සිදුවූ සමාජ සත්කාරයකි.
කෙටි කාලයක් සදහා නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනයා ඉන් මුදවා ගැනීම සදහා එහි ආධාර එක් රැස් කිරීම පිණිස සංවිධානයක් ආරම්භ කරනු ලැබීය.ඉන් නොනැවතුන සෝම හිමි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට එම විපතට පත් ජනයා හා දුෂ්කර ප්‍රදේශ වල ජනයා සමග ළඟින් ඇසුරු කිරීමට හා විවිධ වු උපකාර කිරීමට කටයුතු සංවිධානය කළහ.
ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කළ සෝම තෙරුන්ට දක්නට ලැබුණේ මත් උවදුර සීඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකි. මත් උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක.
එපමණක් නොව පන්සල් භූමිය තුළ කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක.
එමෙන්ම සෝම හිමි සිංහල පාසලක් ආරම්භ කිරීම සදහා මුල් වී කටයුතු කළ අතර වර්තමානයේ සිසුන් 200ක් පමණ එම පාසලේ අධ්‍යාපනය හදාරනු ලබති.
අපවත් වීම
මහරගම වජිරාරාමයේ වැඩ විසූ ගංගොඩවිල සෝම හිමියෝ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී වයස අවුරුදු 56 දී අපවත් වූහ. උන්වහන්සේ රුසියානු රජය විසින් පිරිනමන ගෞරව ආචාර්ය උපාධියක් පිළිගැනීමට රුසියාවට වැඩම කළහ. හෘදයාබාධයකින් පසු ඔහුව ශාන්ත පීටර්ස්බර්ග් හි රෝහලකට ගෙන යන ලදී. ඔහු හදිසි ශල්‍යකර්ම දෙකකට භාජනය විය.
ඔහුගේ මරණයේ තත්වයන් සැකයක් ඇති කළේය. ඇතැමුන් ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂවලට චෝදනා කළ අතර තවත් සමහරු නැවත උපන් කිතුනුවන්ට චෝදනා කළහ. මෙම ඛේදවාචකය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.[1][2]
මූලාශ්‍ර
- ^ "Sri Lanka: Sri Lankan president warns against anti-Christian violence".
- ^ "Asian Tribune". 12 නොවැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 නොවැම්බර් 2017.