Jump to content

‍තෙත් බිම

විකිපීඩියා වෙතින්
තෙත් බිම්

තෙත් බිමක් යනු අධික තෙතමනයකින් යුත් පස් සහිත ප්‍රදේශයකි. වගුරු බිම, හැල , ගොහුරු බිම වැනි විවිධ නම් වලින් තෙත් බිම හඳුන්වයි. භෞතික භූ විද්‍යාත්මක වශයෙන් නිර්වචනය කළහොත් තෙත්බිමක් යනු භෞතික පරිසර පද්ධති හා ජලජ පරිසර පද්ධතියේ අතරමැදි ආකාරයක් වන අතර එම පරිසර පද්ධති දෙකෙන්ම වෙනස් ලක්ෂණ සමාන වූවත් එම පද්ධති දෙකම මත රඳා පවතින ප්‍රදේශයකි. කෙටියෙන් දැක්වුවහොත් තෙත්බිමක් යනු සංක්‍රමණ කලාපයකි. තෙත්බිම වල බොහෝ විට ජෛව විවිධත්වය බහුල වන අතර ඒක දේශීක ශාක හෝ සතුන්ද බහුල වේ. ඇමරිකා එක්සත් ජනපද, එක්සත් රාජධානිය වැනි ස්ථාන ගණනාවක තෙත්බිම් සංරක්ෂණයට උත්සහ ගන්නා අතර ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්ම වල අන්තර්ගත වේ. ඇමරිකාවේ එක්සත් ජනපද හමුදාවේ ඉන්ජිනේරු බලකාය හා ඇ.ඒ.ජ. පරිසර සංරක්ෂණ ආයතනය එක්ව තෙත්බිමකට ලබාදී ඇති නිර්වචනය වන්නේ නිරන්තරයෙන් ජලයට යටවන හෝ සංතෘප්ත වන, ජලජ පසක රඳා පැවතිය හැකි ලෙස පටක පත්‍ර වෘක්ෂලතාදියෙන් සමන්විත ප්‍රදේශයකි. වගුරුබිම්, මඩවගුරු,හැල හා ගොහුරු තෙත්බිම ගණයට අයත් වේ.


තෙත්බිමක් විවිධ ජල විද්‍යාත්මක තත්වයන් යටතේ පවතින අතර සමහර අවස්ථා වලදී, ජලයෙන් සංතෘප්ත වූ පස් ද පවතී. මෙහි ප්‍රතිඵළයක් ලෙස නිදහස් ඔක්සිජන් අඩු හෝ රහිත ජලජ පසක් ඇතිවේ. එමනිසා එය ඔක්සිහරිත පරිසරයක් ලෙස හැඳින්වේ.


වෘක්ෂලතා - ශාක (ආර්ද්‍ර ශාක හෝ තෙත්බිම් ශාක)

[සංස්කරණය]

ඔක්සිජන් රහිත පරිසරයට හැඩගැසිය නොහැකි ශාක (උස්බිම් ශාක) වලට මෙම පරිසරයේ ජීවත් විය නොහැකිය. එහි පසේ ඇති ඌන තත්ව වලට අනුවර්තනය වූ ශාක පමණක් තෙත් බිම් වල පවතී. Cattals , පන්,රළුතණ, ඇරොහෙඩ්, ඕලූ,Btueflag, හා නිශ්චල ජලය මත පාවෙන වල් පැළෑටි වර්ගද තෙත්බිම් වල වැඩෙන ශාක වර්ග වේ. රතු ටේපල්, රීදි ටේබල් එහා විල්ට් වැනි ගස් වර්ග තෙත් පරිසරයට හැඩගැසීම සඳහා මිටි කඳන් හා කයිරු මුල්ද ඇතිකරගෙන තිබේ. සයිප්‍රස් වැනි ශාක වර්ග අපවිත්‍ර මඩ පස් රඳා පැවතීමට හැකිවන පරිදි විශාලව පැතිරුනු මූල පද්ධතියක් දරයි. ඇතැම් ශාක විශේෂවල වායු හුවමාරුව සඳහා ‍පොළොවෙන් ඉහළට එසවුනු මුල් වර්ග වර්ධනය වී ඇත. සුදු දේවදාර, සුදු පයින් වැනි ගස් වර්ගද වගුරු බිම් වල පවතී. තුරු වියනට යටින් කුඩාවට පැතුරුණු අල්ඩර්, මින්ටර් බෙරි හා ස්වීට් ගොල් වැනි පඳුරු වර්ගද දැකිය හැකිය. කඩොලාන යනුවෙන් හඳුන්වන්නේ වෙරළාශ්‍රිත තෙත්බිම් (සමුද්‍ර හෝ මෝය පරිසරය) වල හට ගන්නා ශාක විශේෂයෙකි. ලුණු මිශ්‍රිත තෙත්බිම්වල වැඩීමට කඩොලාන ශාක අනුවර්තනය වී තිබේ. එම ශාක තෙත්බිම් ආහාරදාමයේ පදනම සපයයි. එසේම තෙත්බිම් පරිසරයේ නිෂ්පාදකයා ලෙස ක්‍රියාකරයි. කඩොලාන සහිත තෙත්බිම් වලට සල්ෆර් එක්කිරීම් නිසා එහි ජලය වඩාත් ආම්ලික වේ. එමගින් ජලයේ කැබලි වූ ආහාර ද්‍රව්‍ය සාමාන්‍ය තත්තවයට වඩා වේගයෙන් ජෛවහායනයට(ක්ෂුද්‍ර ජීවීන් නිසා විනාශයට පත්වීම) පත්වන අතර එමඟින් තෙත්බිම් පරිසර පද්ධතියේ ක්ෂුද්‍ර ජීවින්ට ‍වැඩි ආහාර ප්‍රමාණයක් ලැබේ.


ජල විද්‍යාව - සාමාන්‍යයෙන් තෙත්බිමක් ජල විද්‍යත්මක ස්වරූපය වන්නේ වර්ධනය වන සමයේදී එහි පාංශු පෘෂ්ඨය සදාකාලිව හෝ කලින් කලට ජලයෙන් සම්පුර්ණයෙන්ම හෝ සංතෘප්තව පවතින ප්‍රදේශයකි. ජලය පැවතීම හෝ නොපැවතීම තෙත්බිමක් හඳුනාගැනීමට ඇත්තවශයෙන්ම හොඳම ක්‍රමය නොවේ. එයට හේතුව ජල ප්‍රමාණයන් වෙනස්වීම වර්ෂාපතන රටා, හිමි දියවීම, වියළි සෘතු, දිගු නියං සමය හා උදම් රටා මත රදා පැවතීමයි. සමහර අවස්ථාවලදී සැලකිය යුතු ලෙස ජලමට්ටම වෙනස් වීමෙන් සමහර කාල වලදී ජලාශයක් ලෙස පවතින තෙත්බිම් අනෙක් කාල වලදී වියළි බිමක් ලෙස පැවතිය හැක. තෙත් බිමක ජලය සපයන මුලාශ්‍ර 03 ක් ඇත. ඒනම් ,

  • තෙත්බිම තුළට වැටෙන වර්ෂාපතනය
  • තෙත්බිම් තුළට සහ පිටතට සංසරණය වන භූගත ජලය
  • අවට පවතින දිය බෙත්ම හා ආශ්‍රති ජලාශ (විල, ගංඟා, සාගර වැනි) මගින් ගලා එන ජලය

තෙත් බිම් පවතින ස්ථානය මත ලැබෙන ජල මුලාශ්‍රය තීරණය වේ.

භූ ලක්ෂණය

[සංස්කරණය]

තෙත්බිම් සාමාන්‍යයෙන් පවතින්නේ නිම්න ස්ථාන, මිටියාවත් හා පැතළි බිම් වැනි අවට පරිසරයට වඩා උසින් අඩු භූලක්ෂණ සහිත ස්ථාන වලය. තෙත්බිමට ගලා එන ජල ප්‍රමාණය හා එය රඳා පවතින කාලය අනුව තෙත්බිමේ හැඩය හා ප්‍රමාණය නීර්නය කිරීමේදී භූලක්ෂණ වැදගත් කාර්යයක් ඉටු කරයි.


සටහන්

[සංස්කරණය]
Wetland
"https://si.wikipedia.org/w/index.php?title=‍තෙත්_බිම&oldid=566066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි