ෆොරෙස්ට් විට්ටේක්‍ර්

විකිපීඩියා වෙතින්
ෆොරෙස්ට් විට්ටේක්‍ර්
Forest Whitaker, March 2007
උපත
Forest Steven Whitaker

ජූලි 15, 1961 (1961-07-15) (වයස 62)
රැකියාවනළුවෙකි, අධ්යක්ෂකවරයෙකි, නිෂ්පාදකවරයෙකි
සක්‍රීය වසර1982–present
කලත්‍රයා(යන්)කේශා නෑශ් (1996–present)

ෆොරෙස්ට් විට්ටේක්‍ර් (උපත: ජූලි 15, 1961)ඇමෙරිකානු ජාතික නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, නිෂ්පාදකවරයෙකි. භාර ගන්නා චරිත සඳහා ඉමහත් කැපවීමක් හා අධ්‍යයනයක් කොට රංඟනයේ යෙදෙන පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධයි. 2006 නිපදවු “The Last King of Scotland” චිත්‍රපටියේ ඉඩී ඇමින් චරිතයට ඇකඩමි සම්මානය හිමි විය. ඔහු ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මානය හා හොඳම නළුවාට හිමි බැෆ්ටා සම්මානය දිනා ඇත. හොඳම නළුවා සඳහා වු ඇකඩමි සම්මානයෙන් පුද ලද අප්‍රිකානු සම්භවයක් ඇති හතරවෙනි පුද්ගලයා වන්නේ ය. අනෙක් ශිල්පීන් වන්නේ සිඩ්නි පොයිටියර්, ඩෙන්සෙල් වොෂිංටන් සහ ජැමී ෆොක්ස් ය.

විට්ටේක්‍ර් උපත ලැබුවේ ලෝන්ග් වීව් ටෙක්සාස් දීය. ඔහු කුඩා කලම ඔවුන් ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වූයේ ජාතිවාදී අරගල නිසාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නියෝජිතයකු වූ අතර මව ලෝරා ෆ්‍රන්සිස් ගුරුවරියක් වූවා ය. ඇය තම දරුවන් හදා වඩා ගන්නා අතරම උපාධි දෙකක හිමිකාරියක් වූවාය. ඔහුට කෙන්, ඩෙමොන් ලෙස සහෝදරයන් දෙදෙනෙකු ද ඩෙබෝරහ් නමින් සහෝදරියක් ද විය.

පාසැල් කාලය තුළදී ඔහු ෆූට්බොල් කණ්ඩායමේ සාමාජිකයකු විය. ඒ අතරම ඔහු ගායනා කටයුතු වලට ද සහභාගී විය. ඉන් පසුව ඔහු California State Polytechnic University, Pomona ඇතුල් වූ නමුත් ක්‍රීඩා කිරීමේදී සිදුවු අනතුරක් නිසා ඔහු University of Southern California (USC) ට ඇතුලත් වී තම කුසලතා වැඩි දියුණු කර ගත්තේය. ඔහු 1982 දී උපාධිධාරියකු ලෙස ඉන් පිට විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෆොරෙස්ට්_විට්ටේක්‍ර්&oldid=586729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි