ෆින්එයාර්

විකිපීඩියා වෙතින්
ෆින්එයාර්
IATA
AY
ICAO
FIN
Callsign
FINNAIR
ආරම්භය 1 නොවැම්බර් 1923 (Aero O/Y ලෙස)[1]
මධ්‍යස්ථාන හෙල්සින්කි ගුවන්තොටුපල
Frequent-flyer program Finnair Plus
Airport lounge Finnair Lounge
ගුවන්සේවා සන්ධාන එකලොවක්
යානා ප්‍රමාණය 71 (incl. නොඩික් ප්‍රාදේශීය ගුවන්සේවාව) [2]
ගමනාන්ත 88
ආදර්ෂ පාඨය Designed for you (ඔබ වෙනුවෙන් සැලසුම් කර ඇත)
මව් සමාගම Finnair Group[3]
මූලස්ථානය වන්ටා, ෆින්ලන්තය[4]
ප්‍රධාන පුද්ගලයින් Pekka Vauramo, President & CEO[5]
වෙබ් අඩවිය finnair.com

ෆින්එයාර් (පින්ලන්ත: Finnair Oyj, ස්වීඩන: Finnair Abp)[6] යනු ෆින්ලන්තයේ ධජයදාරී මෙන්ම විශාලතම ගුවන්සේවාවයි. එහි මූලස්ථානය වන්ටා හි පිහිටා ඇති අතර ප්‍රධාන තොටුපළ හෙල්සින්කි-වන්ටා ගුවන්තොතොටුපළ යි. ෆින්එයාර් සහ එහි දුහිතෘ සමාගම්, ෆින්ලන්තයේ දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන්වල ආධිපත්‍යය දරයි. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන්නේ 55.8% ක කොටස් හිමිකාරිත්වයක් දරණ ෆින්ලන්ත රජය යි. මෙම ගුවන්සේවාව මගින් 2014 දී ගුවන් මගීන් මිලියන 9.6ක්, යුරෝපා රටවල් 60ක සහ ආසියානු රටවල් 13ක ගමනාන්ත කරා කැඳවාගෙන යන ලදී. 2014 මාර්තු මාසය වනවිට එහි 5473 ක පිරිසක් සේවය කරන ලදි.

ෆින්එයාර්, අඛණ්ඩව පැවතීගෙන එන, ලොව පැරණිම ගුවන් සේවා අතර පස්වන ස්ථානය හිමිකර ගනී. 1963 සිට මාරාන්තික හෝ දරුණු පාඩු ගෙනදුන් අනතුරු සිදු වී නොමැති අතර ෆින්එයාර් ලෝකයේ සුරක්ෂිතම ගුවන් ලැයිස්තුවේ නිරතුරුවම වේ (2014 දී #3 ).

ආශ්‍රිත[සංස්කරණය]

  1. oup_14_1.html Finnair. Finnairgroup.com. Retrieved on 2010-11-03.
  2. http://www.ch-aviation.com/portal/airline/AY#al_profile_tab_fleet
  3. Finnair
  4. "Airline Membership". IATA.
  5. "Finnair appoints Pekka Vauramo as CEO". Newsclient.omxgroup.com. සම්ප්‍රවේශය 2013-07-04.
  6. "Articles of Association." Finnair. Retrieved on 18 February 2011. "Section 1 The name of the Company is Finnair Oyj, and its domicile is Helsinki. The name of the Company in Swedish is Finnair Abp and in English Finnair PIc."
"https://si.wikipedia.org/w/index.php?title=ෆින්එයාර්&oldid=353337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි