ෆැමගුස්ටා දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 35°20′N 33°52′E / 35.333°N 33.867°E / 35.333; 33.867

ෆැමගුස්ටා දිස්ත්‍රික්කය පෙන්වන සයිප්‍රසයේ සිතියමක්

ෆැමගුස්ටා දිස්ත්‍රික්කය යනු සයිප්‍රසයේ දිස්ත්‍රික්ක හයෙන් එකකි. එහි ප්‍රධාන නගරය වන ෆැමගුස්ටා දිවයිනේ වඩාත් වැදගත්ම වරාය වේ. ෆැමගුස්ටා නගරය වර්ථමානයේ උතුරු සයිප්‍රස තුර්කි ජනරජය යටතේ පාලනය වන අතර උතුරු සයිප්‍රසයේ ගැස්මේනියා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.

දිවයිනේ කොටසක් පාලනය කරන සයිප්‍රස ජනරජයෙන් දිස්ත්‍රික්කයේ පරිපාලනය ගිලිහී යන ලදි. දිවයිනේ මෙමෙ කොටසේ ජනගහනය(2001) 37,738 පමණ වේ.[1]සැකිල්ල:Update-inline

1974 ආක්‍රමණයෙන් පසු දිස්ත්‍රික්කයෙන් වැඩි ප්‍රමාණයක් තුර්කි පාලනය යටතේ පවතී. එතැන් සිට කාපාස් පෙන්සුලාද ඇතුළුව උතුරු නැගෙන්හිර කොටස ඉස්කෙලෙ දිස්ත්‍රික්කය ලෙස වෙනම පරිපාලනය වේ. එහෙත් එය සයිප්‍රස් ජනරජය විසින් හෝ එක්සත් ජාතීන් විසින් පිළි නොගනී.

ෆැමගුස්ටා බොක්කේ දකුණු කෙළවරේ පිහිටා ඇති කාපෝ ග්‍රේකෝ (ඉතාලියානු; ග්‍රීක්: Κάβο Γκρέκο "ග්‍රීක තුඩුව") ලෙසද හඳුන්වන ග්‍රෙකෝ තුඩුව, දිස්ත්‍රික්කයේ ගිණිකොන දිග කොටසේ ඇත. එහි ඇති සොබා සෞන්දර්ය නිසා නිරන්තර සංචාරක ආකර්ෂණයට ලක්වේ. එය ආරක්ෂාකළ ස්වභාවික උද්‍යානයකි. ප්‍රාදේශීය විශ්වාසයන්ට අනුව අයියා නාපා මුහුදු රාක්ෂයාගේ නිවස ලෙස සැලකෙන මෙම තුඩුවේ ඇති දඹයකට නගින අයෙකුට සයුරේ විස්මිත දසුනක් නැරඹිය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සයිප්‍රස ජනරජයේ සංඛ්‍යාන සේවය (MS Excel), 2001 ජනගහන සංගනනය

බාහිර සබැඳි[සංස්කරණය]