ෆ්ලේවියන් අපෝන්සු
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් පිට බිඳුම් පන්දු | |||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: [1], 2006 15 මාර්තු | ||||||||||||||||||||||||||||||||||||||||
ගෝනියමාලිමගේ ජෝන් ඇන්තනී ෆ්ලේවියන් අපෝන්සු (උපත 28 ඔක්තොම්බර් 1952, ශ්‍රී ලංකාවේ, කොළඹදී) යනු, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ, 1996 ලෝක කුසලාන තුලදී නෙදර්ලන්තය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර පහක් ක්‍රීඩා කල, ලන්දේසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
රට විසින් ටෙස්ට් තත්ත්වය හිමි කර ගැනුමට පෙර, අපෝන්සු විසින් එක් වරක් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, ඒ අවස්ථාවේදී කමිල් නාඩුවට එරෙහිව ගෝපාලන් කුසලාන සඳහා 1974–75 දී, ක්‍රීඩා කර ඇත. 1982–83 දී දකුණු අප්‍රිකාවේ සංචාරය කල ඇරෝසා ශ්‍රී ලංකා පිල සමග සහභාගිත්වය නිසා ඔහු වෙත ශ්‍රී ලංකාව තුල ජීවිත කාලයටම ක්‍රිකට් තහනමක් පැනවිණි. ශ්‍රී ලාංකික දේශීය ක්‍රිකට් සඳහා, සෙබස්ටියනයිට්ස් කණ්ඩායම වෙනුවෙන් උස්-මට්ටමේ තරග නවයක් තුල ක්‍රීඩා කල අපෝන්සු, නෙදර්ලන්තය වෙත සංක්‍රමණය වෙමින්, ඔවුන් සඳහා 1990 සහ 1994 අයිසීසී කුසලාන තරගාවලියන්හිදී ක්‍රීඩා කලේය.
ආශ්‍රිත
[සංස්කරණය]- ක්‍රික්ඉන්ෆෝ පේජ් ඔන් ෆ්ලේවියන් අපෝන්සු සංරක්ෂණය කළ පිටපත 2006-04-07 at the Wayback Machine