ෆ්ලෑෂ් (Flash) සජීවීකරණ නිර්මාණ බෙදා හැරීම

විකිපීඩියා වෙතින්

ෆ්ලෑෂ් භාවිතයෙන් සජීවීකරණ නිර්මාණ සිදු කිරීම සාම්ප්‍රදායික සජීවීකරණ ක්‍රමවේදවලට සාපේක්ෂව වඩාත් පහසු සහ ලාභදායී විය හැකි නමුත් මෙම මෘදුකාංගය භාවිතයෙන් කිසියම් ව්‍යාපෘතියක් නිර්මාණය කිරීම සඳහා වැය කළ යුතු කාලය මුදල් ප්‍රමාණය සහ අවශ්‍ය වන කුසලතා තෝරා ගන්නා ලද අන්තර්ගතය සහ එහි විලාසිතාව අනුව තීරණය වේ. අන්තර්ජාලය හරහා බෙදා හැරීම රූපවාහිනී විකාශයට සාපේක්ෂව වඩාත් ලාභදායී සහ පහසු ක්‍රමවේදයක් වන අතර Newgrounds සහ UGOplayer වැනි වෙබ් අඩවි නොමිලේ මෙම නිර්මාණ සඳහා ඉඩකඩ සලසා දෙනු ලැබේ. බොහෝ ෆ්ලෑෂ් සජීවීකරණ නිර්මාණ තනි හා ඇතැම්විට නවක නිර්මාණකරුවන් විසින් නිෂ්පාදනය කරන ඒවා වන නමුත් මෘදුකාංගය භාවිතයෙන් ඉතා හොඳ මට්ටමේ නිර්මාණයක් සිදු කිරීමට යම් තාක්ෂණික දැනුමක් තිබීම අවශ්‍ය වේ. පළමුව අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරුණු බොහෝ ‍ෆ්ලෑෂ් සජීවීකරණ නිර්මාණ රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමට තරම් ජනප්‍රිය වූ අතර මෙසේ ‍‍ෆ්ලෑෂ් නිර්මාණ විකාශ කිරීම සඳහා MTV සහ G4TV යන චැනල විශේෂිත වේ.