ෆ්ලෑෂ් සජීවීකරණය (Flash Animation)

විකිපීඩියා වෙතින්
ෆ්ලෑෂ් MX හි සරලතම සජීවිකරණයක් වන්නේ චල පෙදෙස හරහා කොටුවක් ගමන් කරවීමයි. මෙය මුලික කාර්යයක් ද වේ.

ෆ්ලෑෂ් සජීවිකරණයක් හෝ ෆ්ලෑෂ් කාටුන් ලෙස හඳුන්වනු ලබන්නේ, ඇඩොබ් ෆ්ලැෂ් සජීවිකරණ (Adobe Flash Animation) මෘදුකාංගය මඟින් නිර්මාණය කරන සජීවිකරන චිත්‍රපටයකටයි. එය වැඩිපුර නිර්මාණය වන්නේ "Swf" ගොනු ආකාරයටයි. එවැනි චිත්‍රපට Swf ආකාරය ඇති වෙනත් මෘදුකාංග මඟින් ද නිර්මාණය කළ හැක. මෙම මෘදුකාංගයට ඊටම අදාල වූ ක්‍රම හා කළාවක් ඇත. සාමාන්‍යයෙන් එය සරළ හා ඔපවත් ‍නොවූ ලෙස පිළිගනු ලැබේ. ඒ කෙසේ වුවත් දුසිම් ගණන් වලින් ඇති ෆ්ලෑෂ් ටෙලි වෘතාන්ත හා ටෙලි වාණිජමය දැන්විම් මඟින් පිළිඹිඹු වනුයේ මෙහි යහපැවැත්ම හා පුනර්ජීවනයයි.


90 දශකයේ අවසාන භාගයේ බොහෝ ෆ්ලෑෂ් නිර්මාණ කෙටි හා කුඩා ධාරිතාවලින් යුක්ත විය. ඊට හේතු වුයේ අන්තර්ජාල කළාප පළල 56 kbit/s තරම් කුඩා වූ නිසාවෙනි. මෙය ගැටලුවක් නොකර කරගත් නිර්මාණකරුවෝ උසස් කෙටි නිර්මාණ 1mb ට අඩුවෙන් ඉදිරිපත් කරන ලදි. එවැනි නිර්මාණයක් වන ද ‍ගොඩ්ඩෑමෑන්, ජෝර්ජ් ලික්නර් ප්‍රෝගෑම් (The Goddaman George Liqnor Program) 1999 දී නිකුත් වුනේ 628kb තරම් වූ කුඩා ධාරිතාවකිනි.


නියමාකාරයෙන් නිර්මාණය නොවූ ෆ්ලෑෂ් සජිවිකරණවල ලක්ෂණ වන්නේ අමුතු අමුතු චලන, ස්වංක්‍රීය චරිත චලන හා බලාපොරොත්තු නොවන ආකාරයේ මුහුණතෙහි වෙනස්වීම් ආදිය වේ. බිතුසිතුවම, Raster – based චිත්‍ර හා වීඩියෝ ෆ්ලෑෂ් මඟින් නිර්මාණය කළ හැකි වුවත් බොහෝ නිර්මාණ දෛශික මත (Vector – based) මත පදනම්ව නිර්මාණය වන නිසා පිරිසිදු චිත්‍ර සටහන්ලැබේ.


සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් භාවිතා කරන බො‍හෝ අය දැකගත හැක්කේ අන්තර්ජාලයේ ය. ඒවා අන්තර්ජාල කාටුන්, අන්තර්ජාලය හා අඛන්ඩව සබැඳි කාටුන් (Online cartoons), හෝ ජාල කාටුන් චිත්‍රපට (Web toons)ලෙස හඳුන්වයි. මෙවැනි දේවල් භාවිතා කරන්නාට ද හැසිරවිය හැකි අතර මාලාවක් ලෙස පවතින අවස්ථාද ඇත. අන්තර්ජාල විකට චිත්‍රයක්, ෆ්ලෑෂ් සජිවිකරණයකින් වෙනස් වන්නේ ඒවා විකට තීරයක් (comic –strip) ඔස්සේ නිර්මාණය වී අන්තර්ජාලය ඔස්සේ බෙදා හරින නිසාය.

වෘත්තීය මට්ටමේ චිත්‍රාගාර තුළ ෆ්ලෑෂ් සජීවීකරණ[සංස්කරණය]

ලොව වටා බොහොමයක් ප්‍රධාන සජීවීකරණ චිත්‍රාගාර තුළ ෆ්ලෑෂ් සජීවීකරණ නිෂ්පාදන සැලකිය යුතු මට්ටමේ ජනප්‍රියත්වයක් අත්කර ගෙන ඇත. එයට හේතුවන්නේ සජීවීකරණ නිර්මාණකරුවන් විසින් පසුව නැවත භාවිතය සඳහා විශාල වස්තු (චරිත, සිද්ධි , චලන වැනි ) ප්‍රමාණයක් සකස් කිරීම සඳහා මෘදුකාංගයේ වූ හැකියාවේ වාසිය ලබා ගැනීමය. ෆ්ලෑෂ් ගොණු වෙක්ටර් ගොණු ආකෘතියෙහි වන නිසා ඒවා රූප තත්වයේ කිසිදු බාල වීමකින් තොරව සජීවීකරණ 35 mm සේයාපට සඳහා යැවීම‍ට භාවිතා කළ හැක‍. මෙම අංගය ෆිල් නිබලින්ක් ඇතුළුව ලොව පුරා ස්වාධීන සජීවීකරණ නිර්මාණකරුවන් කිහිප දෙනෙකු විසින් භාවිතා කර ඇත‍. ෆිල් නිබලින්ක්ස් යනු මිනිත්තු 77 වන Romeo and Juliet : sealed with a kiss යන චිත්‍රප‍ටයේ නිර්මාතෘවරයාය. ඩිස්නිලන්තයේ 50 වන මැජික් වසර සඳහා වූ ඩොනල්ඩ් ඩක් (Donald duck) සමග ස්ටීව් මාර්ටින් චරිත නිරූපණය කරන චිත්‍රපටියේ ඩොනල්ඩ් ඩක්ගේ අතින් අඳින ලද සජීවීකරණය පිරිසිදුකර වර්ණ ගන්වනු ලැබුයේ ෆ්ලෑෂ් මගිනි.



සටහන්[සංස්කරණය]

Flash animation