හෝතෝන් බලපෑම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හෝතෝන් බලපෑම (Hawthorne Effect) යනු, වැඩ කිරීමේ තත්වයන්ගේ බලපෑමෙන් තොරව, සේවකයන් දෙසට කළමනාකරුවන්ගේ විශේෂ අවධානය යොමු වන්නේ නම් එලදයීතාවය සැලකිය යුතු ලෙස වෙනස් වන බවයි. (When special attention is given to workers by management, productivity is likely to change regardless of actual changes in working conditions)

කළමනාකරණයේදී මානව සම්බන්ධතා ප්‍රවේශය සහ සංවිධාන චර්යාව සඳහා මුලික පදනම ලැබුනේ හෝතෝන් පර්යේෂණ මගිනි. සුප්‍රසිද්ධ ඇමෙරිකානු වෙස්ටර්න් ඉලෙක්ට්‍රිකල් සමාගමේ හෝතෝන් කර්මාන්ත ශාලාවේදී මෙම පර්යේෂණ සිදුකොට තිබේ. මේ සඳහා දායකත්වය දක්වා ඇත්තේ එල්ටන් මායෝ නමැති මහාචාර්යවරයෙකි. ඔහු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශකයෙකි.

හෝතෝන් පර්යේෂණ

හෝතෝන් පර්යේෂණයන් අධියර කිහිපයක් ලෙස වසර ගණනාවක් ම සිදු කර ඇත

  1. විදුලි ආලෝකය ආශ්‍රිත පර්යේෂණය - Illumination Study
  2. එකලස් කාමර පරීක්ෂාව - Relay Room Test
  3. විශාල සම්මුඛ පරීක්ෂණ ක්‍රමය - Mass Interview Method
  4. බැංකු කාමර පරීක්ෂාව - Bank Wiring Room Test

විදුලි ආලෝකය ආශ්‍රිත පර්යේෂණය

1924 දී මෙම පරීක්ෂණය සිදුකරන ලදී. සේවකයින් සේවය කරන කාමර තුල විදුලි ආලෝකය වෙනස්කර එමගින් සේවකයින්ගේ එලදායීතාවය සඳහා වන බලපෑම පරීක්ෂා කරන ලදී. ආලෝකය අඩුකළ අවස්ථාවේදී ද ආලෝකය වැඩි කල අවස්ථාවේදී ද යන දෙආකාරයේදී ම එලදායීතාවය ඉහල යන ලදී. මේ අනුව නිගමනය කරන ලද්දේ එලදායීතාවය සඳහා ආලෝකයට අමතරව වෙනත් දෙයක් ඇති බවයි.

එකලස් කාමර පරීක්ෂාව

1928 සිට 1930 දක්වා කල පරාසය තුල මෙම පරීක්ෂණය සිදු කරන ලද අතර මෙහිදී, සේවකින් කණ්ඩායම් වශයෙන් ගෙන කාමරවලට දමා එම කාමරවල තත්වයන් (work conditions) වෙනස්කර එලදයීතාවය පරීක්ෂා කරන ලදී. මම පර්යේෂණ ප්‍රතිඑල ද ගැටළු සහගත විය. සුපරීක්ෂකයන්, වැටුප්, සහ වැඩ තත්වයන් වැඩිකළ පසු එලදයීතාවය ඉහල ගිය අතර වරෙක පහත වැටුණි. මෙම අවස්ථාවේදී, නිසි තීරණයකට පැමිණිය නොහැකි නිසා මෙම පර්යේෂණය තවදුරටත් සිදු කිරීම සඳහා එල්ටන් මායෝ ඇතුළු කණ්ඩායම සඳහා ආරාධනා කරන ලදී.

විශාල සම්මුඛ පරීක්ෂණ ක්‍රමය

විශාල සම්මුඛ පරීක්ෂණ ක්‍රමය 1928 සිට 1930 දක්වා කාලය තුල දීම එල්ටන් මායෝ ඇතුළු පිරිස විසන් සිදු කරන ලදී. සේවකයන්ගේ ආකල්ප (attitude) පිලිබඳ අවබෝධයක් ගැනීම සඳහා සියලුම සේවකයන් සමග සාකච්චා පවත්වන ලදී.

බැංකු කාමර පරීක්ෂාව

1932 දී මෙම අධ්‍යනය සිදු කරන ලදී. මෙහිදී පර්යේෂණ කණ්ඩායම විසින් සේවකයන් වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී. මෙහිදී නිරීක්ෂණය කළහැකි කරුණක් වුයේ , සේවකයන් එකට වැඩ කරන අතර අවිධිමත් සම්බන්ධතා ඇති කරගන්නා බවයි. එය එලදයීතාවය කෙරෙහි බලපෑම් කළහැකි බව ඔවුන් අවබෝධ කරගත්හ.

මේ අනුව, 1933 දී , මයෝ ඇතුළු පිරිස විසින් හෝතෝන් බලපෑම සොයා ගන්නා ලදී.

වැඩ කිරීමේ තත්වයන්ගේ බලපෑමෙන් තොරව, සේවකයන් දෙසට කළමනාකරුවන්ගේ විශේෂ අවධානය යොමු වන්නේ නම් එලදයීතාවය සැලකිය යුතු ලෙස වෙනස්වේ.

බාහිර සබැඳි[සංස්කරණය]

The Hawthorne Effect - Mayo Studies in Employee Motivation

"http://si.wikipedia.org/w/index.php?title=හෝතෝන්_බලපෑම&oldid=251073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි