හෙන්දිරික්කා මල්
Jump to navigation
Jump to search
කුඩා පඳුරු වශයෙන් වැවෙන හෙන්දිරික්කා වර්ණ අනුව ප්‍රභේද කිහිපයකට බෙදේ. මෙම මල් වර්ගය බහුලව දම්, සුදු, තැඹිලි හා කහ පැහැයන්ගෙන් දක්නට ඇත. එසේම එකම මලෙහි වර්ණ එකකට වඩා වැඩි ගණනක් ඇති ප්‍රභේද ද නැතුවා නොවේ.
සේපාලිකා මල් මෙන් ම සවසට පිපෙන මේ මල් වර්ගය ඉර පායාගෙන එන විට පර වී යයි. ඉතා තද සුගන්ධයකින් යුක්ත මෙම මල් වර්ගය ඇට වලින් බෝවීම සිදු කරයි.
Mirabilis jalapa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මල බොහෝ රටවල ව්‍යවහාර කරන්නේ [Four'o Clock Flower][1] යනුවෙනි. එයට හේතුව මෙය සවස හතරට පමණ පිපී පසුවදා උදේ වන විට පරවන හෙයිනි. හොඳින් වැඩුණු ගසක මුල බොහෝ සෙයින් බර වන අතර ඉන්දියාවේ කිලෝ 40ක් පමණ බර මුල් ද හමු වී ඇතැයි වාර්තා වී ඇත.