වතසුදු ශාරිකාවා

විකිපීඩියා වෙතින්
(හිස සුදු ශාරිකාවා වෙතින් යළි-යොමු කරන ලදි)
වතසුදු ශාරිකාවා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordate
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Sturnidae
ගණය: Sturnornis (නමුත් පෙළ බලන්න)
ලෙග්, 1879
විශේෂය: S. albofrontatus
ද්වීපද නාමය
Sturnornis albofrontatus
(ලෙයාර්ඩ්, ඊ. එල්., 1854)
පර්යාය නාම(ය)

Sturnus albofrontatus
Sturnia albofrontata

වතසුදු ශාරිකාවා, (Sturnornis albofrontatus) යනුවෙන් හැඳින්වෙන්නේ ශාරිකා කුලයට අයත් පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවආවේණික නේවාසික පක්ෂියෙකි. දිගු කාලයක් පුරා මෙම පක්ෂියා S. senex ලෙස වරදවා වටහාගෙන තිබිණි. එම විශේෂය අනතුරුව රතු-හොටැති ශාරිකාවාගේ කනිෂ්ඨ පර්යාය නාමයක් ලෙස හඳුනා ගැනිණි (මීස් 1997).

මෙම පක්ෂියාගේ වැඩුණු සතුන් සෙන්ටිමීටර 22ක් පමණ දිගැති අතර, සිරුරේ ඉහළ කොටම දීප්තිමත්-කොළ පැහැති අඳුරු අළු වර්ණයක් ගන්නා අතර, පහළ කොටස් සුදු පැහැයට හුරු ය. හිස සිරුරේ පහත කොටස්වලට වඩා ලා පැහැයෙන් යුක්ත ය. ස්ත්‍රී පුරුෂ පක්ෂීන් දෙදෙනාම පෙනුමින් සමාන නමුත්, නැහැඹි පක්ෂීන් අඳුරු පැහැ වන අතර, ඔවුන්ගේ ඉහළ පෙදෙස දුඹුරු පැහැයක් ද, පහළ පෙදෙස් අළු පැහැයක් ද ගනියි.

Sturnus ගණය අතිශයින් පාරවංශික ගණයක් බැවින්, මෙම විශේෂය තවුදරටත් එම ගණය යටතේ රැඳවිය හැකි ද යන්න අවිනිශ්චිත ය. මෑතකාලීන අධ්‍යනවල (ජොන්සන් සහ ෆ්ජෙල්ඩ්සා 2006, සුකොන් ඇතුළු පිරිස 2006) තුළ එය ඇතුළත් නොකෙරුණ ද, එහි බාහිර ස්වරූපය අනුව පෙනීයන්නේ මෙම පක්ෂීන් Sturnus ගණයේ දර්ශීය විශේෂය වන යුරෝපීය ශාරිකාවාට සමීපත්වයක් නොපෙන්වන බවයි. එසේම බොහෝවිට (සහ බොහෝදුරට නිවැරදිව) Acridotheres යටතේ ඇතුළත් කෙරෙන විශේෂ සාමාන්‍යයෙන් මෙම විශේෂ අතරට ඇතුළත් නොකෙරේ. ‍බොහෝ වර්ගීකරණ අධිකාරීත්වයන් විසින් මෙම විශේෂ එයටම අනන්‍ය Sturnornis ගණයට ඇතුළත් කොට ඇත.

සංස්කෘතිය තුළ[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් හිස සුදු ශාරිකාවා, හිස සුදු මයිනා වැනි නම්වලින් ද හඳුන්වයි. මෙම පක්ෂියා ඉංග්‍රීසි බසින් White-faced Starling නම් වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • {{{assessors}}} (2004). Sturnus albofrontatus. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 20 July 2007. Database entry includes brief justification for why this species is Vulnerable.
  • Grimmett, Richard; Inskipp, Carol, Inskipp, Tim & Byers, Clive (1999): Birds of India, Pakistan, Nepal, Bangladesh, Bhutan, Sri Lanka, and the Maldives. Princeton University Press, Princeton, N.J.. ISBN 0-691-04910-6
  • Jønsson, Knud A. & Fjeldså, Jon (2006): A phylogenetic supertree of oscine passerine birds (Aves: Passeri). Zool. Scripta| 35(2): 149–186. (HTML උපුටනය)
  • Mees, G.F. (1997): On the identity of Heterornis senex Bonaparte. Bull. B. O. C. 117(1): 67-68.
  • Zuccon, Dario; Cibois, Alice; Pasquet, Eric & Ericson, Per G.P. (2006): Nuclear and mitochondrial sequence data reveal the major lineages of starlings, mynas and related taxa. Molecular Phylogenetics and Evolution 41(2): 333-344. PMID 16806992 (HTML උපුටනය)
"https://si.wikipedia.org/w/index.php?title=වතසුදු_ශාරිකාවා&oldid=504234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි