හිප් හොප් විලාසිතාව
Jump to navigation
Jump to search
හිප් හොප් විලාසිතා යනු අප්‍රිකානු ඇමරිකානු හා ලතින් තරුණයන් සමඟ නිව්යෝර්ක් සිටි හි දී ආරම්භ වන ලද වෙනස් ඇඳුම් විලාසිතා වර්ගයකි. එය පසුව ලොස් ඇන්ජලීස්, චිකාගෝ, පිලඩෙල්පියා, පීටර්ස්බර්ග්, නැගෙනහිර බොක්ක (සැන්ෆ්රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය) හා ඩර්ටි සවුත් හි හිප් හොප් දර්ශන මඟින් බලපෑමට ලක් වුණි. දැනට ලොව පුරා දක්නට ඇති මුළු විලාසිතාව සඳහා එක් එක් නඟරය විවිධ අවයව දායක කරන ලදී. හිප් හොප් විලාසිතා මඟින් සාමාන්‍යයෙන් හිප් හොප් සංස්කෘතියේ හැඟීම් හා ආකාරය පෙන්නුම් කරයි. හිප්හොප් විලාසිතාව මෙහි ඉතිහාසය අතරතුර දී සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර වර්තමානය වන විට එය ලෝකය පුරා හා සියළු ජාතීන් සඳහා වූ ජනප්‍රිය විලාසිතාවල වැදගත් අංගයක් බවට පත්ව ඇත.