හින්දු ආගම අනුව කර්මය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හින්දු ආගමේ කර්ම සංකල්පය හේතුඵල වාදය පෙන්වන්නකි. මේ අනුව වර්තමානයේ යහපත්, සඵල ප්‍රතිඵල ලැබෙන්නේ ඉහත දී කරන ලද යහපත් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙසම වර්තමානයේ අනිශ්ඨ ප්‍රතිචාර වලට භාජනය වන්නේ ඉහත දී කරන ලද අනිශ්ඨ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම ක්‍රියාවලිය පුද්ගලයකුගේ සංසාර ගමන පුරාම ක්‍රියාත්මක වේ. මෙම ආත්ම පුනර්භව සංකල්පය හෝ පෙර කර්‍මවල වර්තමාන ප්‍රතික්‍රියා පිළිබඳ අදහස් ඝෘග්වේදයේ සඳහන් නොවේ. ක්‍රි.පූ. 800 – 200 කාලය තුළ ආරම්භ වූ කර්‍ම සංකල්පය හින්දු ආගමේ සම්භාව්‍ය යුගය ලෙස සැළකෙන ක්‍රි.පූ. 200 සිට ක්‍රි.ව. 1100 පමණ කාලය තුළ ඉතා පුළුල් ලෙස විකාශනය වී ඇති බව පෙනේ.

එ‍ක්සෙල් මයිකල් පවසන අන්දමට මෙම ආගමික අදහස් ලේඛන ගත කොට ඉදිරිපත් වී ඇත්තේ පසු කාල‍යකදීය. යම් යම් සිද්ධි ඒ ආකාරයෙන් සිදුවන්නේ ඇයි ද යන්න පැහැදිලි කිරිම මේ සංකල්ප පිළිබඳව විස්තර කෙරෙන එක් විග්‍රහයක් පමණි.

මුල් කාලයේ උපනිශද් ඉගැන්වීම්වල ආත්ම පුනර්භවය පිළිබඳව විවිධ මත එකිනෙකට නොගැලපෙන අනුමාන වශයෙන් ඉදිරිපත් කර ඇති පැහැදිලි කිරිම් දක්නට ලැබේ. මෙම අදහස් නීතිය පිළිබඳව ලියවී ඇති ග්‍රන්ථවල විවිධාකාරයෙන් ඉදිරිපත් වී ඇත. නැවත නැවත ඉපදීම පිළිබඳ අදහසක් නොමැතිව සිදුවන මෙම සංසාර ගමන නවතා විමුක්තිය ලැබීමට ඇති කැමැත්ත මිනිසුන් තුළ ඇතිවන සැටිත් අපට දැනගන්නට ලැබෙන්නේ මෙම ග්‍රන්ථ වලින් පමණි. එකිනෙකාගේ වර්තමාන පැවැත්ම පෙරකර්මවල ප්‍රතික්‍රියාවක් බව සමාජ ගත කරවිම ද මෙම ග්‍රන්ථ තුලින් දක්නට ලැබේ. මෙම කර්ම සංකල්පය තුළින් දේව යුක්තිවාදය පිළිබඳ අදහස් ඉදිරිපත් ‍වේ. සෑම අතින්ම මෙම ධර්‍ම දෙක එකිනෙකට ගැලපෙන බවත් මෙයින් අදහස් නොවේ. ජීවිතයේ ඉරණම පිළිබඳ මේ ධර්‍ම දෙක ඒවාට ආවේණිකවම විග්‍රහ කරන විධි බොහෝමයක් තිබෙන බවද සඳහන් කළ යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_ආගම_අනුව_කර්මය&oldid=384406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි